Monday, December 31, 2012
පුළුවන්නම් මගේ මතකේ නුඹේ හිතේ ලියාගන්න
Posted by
Shammi
at
| 1:44 AM
Labels:
ආදරණීය සාදිරිස්ට,
එක එක ජාතියෙ කවි නිසැදෙස්,
ලියන්නම හිතුනු ඒවා
Wednesday, December 26, 2012
දඟකාර හිත් පොඩිය මඟ බලන් නුඹ එන්න
වැසිදාක කළුවර අහස දිහා
බලන්,හයියෙන්ම මහ සද්දෙට වහිනකොට,විදුලි කොටද්දි බය වුනාම,ගොරවන සද්දෙට බය
උනාම..
On
11:06 AM
|
32
comments
Friday, December 21, 2012
රී මික්ස් පෝස්ට් එකක්
අපිට නම් ඔය ලෝක විනාස අදාල නෑ,ඕනි දෙයක් හැමෝටම අසිරිමත් ලෝක විනාශයක් වේවා!!
මිහිදන් කරන්නට සිතයි
මා සන්තකයේ ඇති සැමදෙයක්ම
On
1:30 PM
|
52
comments
Saturday, December 15, 2012
ලෝක විනාසෙට යද්දි අරන් යන එව්වා
හැමෝම ලෝක විනාසෙ ගැන කතා කරන නිසා මමත් කතා කරන්න හිතුවා.. :D දැන් ඕක වෙනවද? නැද්ද? අනේ මට මුකෝ වුනත් නැතත්.
On
10:55 PM
|
48
comments
Thursday, December 13, 2012
Tuesday, December 11, 2012
Monday, December 10, 2012
ආයෙත් ආවා ... තෑගිත් අරගෙන..
කාලෙකට පස්සෙ ආයෙමත් ආවා.. කට්ටියටම නත්තලට මගෙන් පුංචි තෑග්ගක් දෙන්න යන්නෙ..දකින්න ඇතිනෙ ශම්මියගෙ බ්ලොග් එකේ ඔයාලට තෑග්ගකුත් දීලා,නත්තල් ගහකුත් හදලා තියන හැටි..ඊතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ එකක් බ්ලොග් එකට දාගන්න..වැඩිය කියන්න ඕන නෑ..මේක බලලම ඉන්නකෝ.
On
3:29 PM
|
24
comments
Sunday, December 2, 2012
හිතෙන දේ කියන්න?..
හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළියට කියන්න බෑ වගේම තමයි..හැමදේම කියාගන්නත් බෑ.. දාහක් දේවල් හිත ඇතුලෙ ගොඩ ගහන් හිටියට වැඩක් නෑ කියන් බැරිනම්..
On
1:13 AM
|
26
comments
Friday, November 30, 2012
Tuesday, November 27, 2012
තමන් තමන්මවීම සහ තමන්ගෙ පාලනය තමන් අතට ගැනීම
ලස්සන ඇතුළෙ ලස්සන දකින්න ලස්සන ඇස් දෙකක්
තියෙන්න ඕන නෑ.. එකම දේ ලස්සන දැක්මක් තියෙන්න ඕන..පටු නොවන වගේම පුළුල් වුනත්
On
11:17 PM
|
25
comments
Sunday, November 25, 2012
Thursday, November 22, 2012
රාවණා රජු විසු පෞරාණික ස්ථාන සොයා ගිය ගමනක්!
හේ හේ...මුලින්ම පණුච්චි අක්කට ස්තූති කරන්න ඕන.. මගේ කවර් එක හදලා දුන්නට... ආ හරි.. කලින් මම පෝස්ට් එකේදි කිව්වනේ බණ්ඩාරවෙල ගිය වෙලාවෙ රිසර්ච් එකක් කරා කියලා.. අන්න ඒක ගැන වෙනමම බෝස්ඒ එකක් දාන්නම් කිව්වනේ..ඔන්න ඒක තමයි මේ කියන්න යන්නෙ.. හරි..කියවලා බලලා ඔයාලත් යන්න බලන්නකෝ..වැඩිය මම කියවන්නෙ නෑ..අද කෝමත් පෝස්ට් එක ටිකක් දිග වෙයි හැබැයි.. හරියටම විස්තර ටික දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා..
On
11:00 PM
|
25
comments
Tuesday, November 20, 2012
බණ්ඩාරවෙල ගියෙමි..
ජීවිතේ පළමුවෙනි වතාවට (කියන්න ලැජ්ජයි)
ශම්මියා බණ්ඩාරවෙල ගියා ඔන්න.ම්ම්..කෝමත් මම කදු වලට,මීදුමට,සීතලට වගේම පින්නට
එහෙම හෙන ආසයි..ඉතින් මුළින් දැනගත්තු විදියට ගියා බණ්ඩාරවෙල.. ආආ තව ඉතින් මම
රිසර්ච් වැඩ එහෙම කොරනවනේ රාවණා රජතුමා ගැන.ඌව
On
4:49 PM
|
33
comments
Friday, November 16, 2012
ලියමනක් ලියමි ඔබ වෙනුවෙන්!!
(සම්පූර්ණයෙන්ම මනංකල්පිත කතාවක් පමණක් බව සලකන්න)
ඒක ටිකක් අදුරු දවසක්, දවසම වැස්ස.. වටේට මීදුම වෙනදටත් වඩා ඝණවට තිබුනා..මුළු දවසම වැස්ස නිසාද කොහෙද පාරත් මඩ වෙලා...ඔයා මම එනකන් බලාගෙන හිටියා අපි ඉස්සෙල්ලාම අපේ සම්බන්ධෙ ගැන ගෙදරට කියලා ඔයාලගෙ ගෙදර යන දවස..මම ලේලි කෙනෙක් විදියට..එදා හරිම ලස්සන දවසක් නේද...අවුරුදු ගානක්ම පෙරුම් පුරලා පෙරුම් පුරලා අපේ හීහී....වැඩියෙන්ම මගේ අහිංසක බලාපොරොත්තුවට හැමොගෙම ආශිර්වාදය ලැබුණු දවස..හ්ම්ම්...මේ නිස්කලංක පරිසරයට මට ඔයා එක්ක එකම පවුලක් විදියට එකතු වෙන්න ලැබුණු එක කොච්චර දෙයක්ද..මම හැමදාම ආස කරා ඒකට.. මං ආසම විදියෙ තැනක..මම ආදරේම කෙනත් එක්ක...
ඒක ටිකක් අදුරු දවසක්, දවසම වැස්ස.. වටේට මීදුම වෙනදටත් වඩා ඝණවට තිබුනා..මුළු දවසම වැස්ස නිසාද කොහෙද පාරත් මඩ වෙලා...ඔයා මම එනකන් බලාගෙන හිටියා අපි ඉස්සෙල්ලාම අපේ සම්බන්ධෙ ගැන ගෙදරට කියලා ඔයාලගෙ ගෙදර යන දවස..මම ලේලි කෙනෙක් විදියට..එදා හරිම ලස්සන දවසක් නේද...අවුරුදු ගානක්ම පෙරුම් පුරලා පෙරුම් පුරලා අපේ හීහී....වැඩියෙන්ම මගේ අහිංසක බලාපොරොත්තුවට හැමොගෙම ආශිර්වාදය ලැබුණු දවස..හ්ම්ම්...මේ නිස්කලංක පරිසරයට මට ඔයා එක්ක එකම පවුලක් විදියට එකතු වෙන්න ලැබුණු එක කොච්චර දෙයක්ද..මම හැමදාම ආස කරා ඒකට.. මං ආසම විදියෙ තැනක..මම ආදරේම කෙනත් එක්ක...
On
1:09 PM
|
30
comments
Tuesday, November 13, 2012
Thursday, November 8, 2012
අතිශයින්ම ගෑල්ලමයිට පමණයි
අතිශයින් ගෑල්ලමයිට පමණයි කිව්වෙ පිරිමි ළමයිට පෝස්ට් එක තේරෙන්නෙ නැති නිසා..කියවලා මට අනන් මනන් කියන්න එපා හරිය..
On
1:08 PM
|
45
comments
Friday, November 2, 2012
Tuesday, October 30, 2012
50කුත් වුනා...
:) 50 වෙනි පෝස්ටුව තමයි මේ.. මුලින්ම කියන්න ඕනි මම මෙච්චර පරක්කු වෙන්නෙ නෑ පෝස්ට් දාන්න කවදාවත්..මේ සැරේ පෝස්ට් එක
On
5:54 PM
|
31
comments
Friday, October 19, 2012
Tuesday, October 16, 2012
නොදැක ඉන්න බෑ මට නම් ♥
හැමදාම දැකින්න ඕන නෑ තමයි
ඒත් අඩුම තරමින් මාසයකට සැරයක්වත් දකින්න
ආසයි
බලන් ඉන්න ආසයි ඔය ඇස් දෙක දිහා...
On
3:34 PM
|
34
comments
Saturday, October 13, 2012
ඉරිසියාව.. පැහැදිලි ඉරිසියාව
දොයි මතයි..සැක්..ක්ලාස් යන්න එපැයි..උදේ 3ට
විතර නැගිට්ටුනා මොකෝ මන්දා..නින්ද යන්නෙත් නෑ..වෙනදට නම් එහෙම වුනාම ගිහින්
කාර්ටූන් බලනවා..මෙදා ඔලුව රිදීගෙන ආව නිසා ඒකත් බෑ.. ඒ අස්සෙ මතක් වෙනවා හෙට අර
සාදිරිසා Camp යනවනේ..Cadet Camp..බනීද දන්නෑ..ඉන්න
ඉහළම නිලයේ එක්කෙනෙක්නෙ.(අපි වගේයැ).. දැන්
On
6:07 PM
|
36
comments
Friday, October 12, 2012
හිතුනා නිසා ලිව්වා
මේ ටිකේම ලියන ලියන පෝස්ට් එක මග නතර
කරා..අනේ මන්දා මොන හෙනයක් වැදිලද කියලා... සෙත් කවි කිව්වත් වැඩක් නෑ පෝස්ට්
ලියවෙන්නෙම නෑ..සැක්.. සාදිරිසුත් අද අහනවා එයාට ලියන්න පෝස්ට් එකක් කියන්නලු..එයාට
කිව්ව ඒවා වැඩක් වුනෙත් නෑ..හයියූ..මට මේ පරණ සිද්දි වගයක් මතක් වෙලා දැන්
ලියනවා..දන්නෙ නෑ..ලියාගන්න පුළුවන්වෙයිද කියලවත්..කම්මැලිනෙ අනේ..
On
1:09 AM
|
35
comments
Friday, October 5, 2012
සෙත් කවි කියමුද ?? ;)
ඔන්න එහෙනම් සෙත් කවියකුත් කියන්න
හිතුනා...කොච්චර දුරට සාර්ථකද කියන එක නම් දන්නෙ නෑ..බලන්නකෝ..
සද හිරු තරු පවතිනතුරු බ්ලොග් තව තව ලියවේවා
ලියන එව්වා බලන්නටත් තව කට්ටිය වැඩිවේවා
බලන බලන හැම සැරේම ක්මෙන්ට් ගාන වැඩි වේවා
ෆලෝවර්ස්ලා මීට වඩා තව ටික ටික පැමිණේවා
On
9:27 PM
|
39
comments
Wednesday, October 3, 2012
මං අසම පොත - The Monk Who Sold His Ferrari
හල්ලෝ.....ඉතින්
හව් හව්?? ... කෝමද?පෝස්ට් ලියන්න කම්මැලී අෆ්ෆා... මේ නිකන් පොත් වගයක් බලන ගමන්
හම්බවුනා මං ආසම පොත..ම්ම්ම් මේකෙ ගොඩක් තැන් මම හය්ලයිට් කරලා තියෙන්නෙ..ඒවා මට
මොනව හරි ප්‍රශ්නයක් වුනාම මම බලනවා..උත්තරයක් ගන්න බැරි වුනත් වැටෙන්නෙ නැතුව
ඉන්න පුළුවන් වගේ දැනෙනවා ඒ ටික දැක්කම..මෙන්න ඔයාලත් බලන්නකො..(මම තියන විදියටම
කියනවා ඈ..එඩිට් කොරන්න බෑ..ඒකටත් කම්මැලී) ඒකට යටින් පොඩි එක්පලනේෂන් එකක් වගේ
එකක් දාන්නම්..නැතුතන් ඔයාලා කියයි ඒකත් තේරෙන්නෙ නෑ කියලා.. L වරහන් ඇතුළෙ
තියෙන්නෙ ශම්මි ලියපු එක ඈ..
On
4:46 PM
|
28
comments
Saturday, September 29, 2012
හැක් කරමුද??
සැලකිය යුතුයි ප්‍රථම සහ අවසාන වතාවට මාගේ නිර්මාණයක් නොවන..වෙන කාගේදෝ නිර්මාණයක් පෝස්ට් කරන බැවින්..අයිතිය කවුරුන් සතු වුවත් තරහා නොවේවා කියා ඉල්ලා සිටිමි...
On
11:20 PM
|
20
comments
Thursday, September 27, 2012
I ♥ mY pRograMer
මන් දන්නෑ අනේ ලියන්න දේකුත් නෑ, වැඩ වැඩ වැඩ... දැන් තමයි තේරෙන්නෙ බිසී කියලා කියන්නෙ මොකක්ද කියලා..හයියූ.. හරියටම කිව්වොත් වැඩ කල් දැමීම තමයි වැඩ වැඩි වීමට හේතුව..මීට පස්සෙ නම් එහෙම කරන්නෙම නෑ..ඇත්තමයි අල්ලපු ගෙදර බල්ලා පල්ලා.. සත්තයි...ආආආආ මේන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ.. මේක නම් හැබැයි වේරියබල් දෙකයි..love,miss ... බලන්නකෝ තේරෙනවද කියලා...මමත් ප්‍රෝග්‍රැරමර් කෙනෙක් නෙවෙයි ඈ..සූට්ටක් දන්නවා.. මං මේ සාදිරිසට ලියපු එකක්.. කතා ඇති කියවලම බලන්නකෝ...
On
11:33 PM
|
12
comments
Monday, September 24, 2012
Saturday, September 22, 2012
මෙන්න කවි (හිටවන කවිද මන්දා)

ඉදලා හිටලා වලියක් දෙකක් ගියාට..
මම ආදරෙයි මගෙ
මැණිකෝ ඔයාට..
තද වුනාම සද්ද
බද්ද දැම්මාට..
බැනපු ගමන් මම
වහනවා නේද කට..
On
10:43 AM
|
26
comments
Thursday, September 20, 2012
තරහ අවසර දේවයන් වහන්ස !!
නොසන්සුන්කමින්
පිරුණු, සතුටක් නැති,උත්සාහ කරත් හිනාවෙන්න
බැරි මේ වර්ථමානෙට වඩා, ආදරණීය මතකයන්
ගොඩක් එක්ක හරිම ලස්සනට ගෙවිලා ගියපු ඒ අතීතෙට මං ආසයි.ඒ නිසා තීරණය කරා එතනම
නවතින්න,මතක් කරලා අඩන්න නෙවෙයි එතකොට මට පුළුවන් මතක් කර කර හිනා වෙන්න, ආදරෙන්
සතුටින් හිත පුරවගන්න.එක එක දේවල් මැද්දෙ.නොහිතපු පැත්තකට ජීවිතේ ගලාගෙන
ගියාම,බයක් නොදැනුනාම නෙවෙයි..මමත් මොළේ තියන කෙල්ලෙක්නෙ කියලා මට මතක් වුනා.ඒ
නිසාම හොදට හිතලා බලලා හැමදේටම මූණ දුන්නා..ගොඩක් දේවල් වලින් මම නොහිතපු විදියට
ජය ගන්න මට පුළුවන් වුනා..ඒ මොකද එක දෙයකින්
මම හැමදේම තීරණය කරන්න ගියෙ නෑ..අනිත් දේවල් වලටත් ඉඩ දුන්නා..වෙන්න තියන
දේවල් කොහොමත් වෙනවනේ..ඒවා නවත්තන්න මම මහාබ්‍රහ්මයා නෙවෙයිනේ..ඒ නිසා අකමැත්තෙන්
වුනත් ඕනම දේකට සූදානමින් හිටියා..එකම තරාදියෙන් හැමදේම මනින්න බැරි බව මම දැනන්
හිටියා..
On
3:41 PM
|
22
comments
Wednesday, September 19, 2012
Book Fair ෆන් එක
හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ගියා බලන්න Book Fair. ආවේ 1ට පමණය, 5ත් පහු වන තුරුම පොත්වල ගිලුණෙමි. මාත් එක්ක Book Fair එන එක නම් මෝඩ කමකි. අනිත් එකා උන්නද මළාද මම බලන්නේ නැත.මට මොකද? පොත් වලට යට වුනත්. ගියේ නම් අම්මා සමගය. අම්මා ඔහේ ඇවිදන් යති. මම පොත් තෝරමි. ඒකත් ෂොයි වැඩේය. Book Fair එකේද මාර මාර එව්වා වුණි. සම(හරක්) පිරිමි දරුවෝ ඇවිත් හැප්පෙන්නේ ඇනිත් අතින් සිය වෙන්ඩ බිරින්දෑත් අල්ලාගෙනමයි.මගේ පොඩි එකා(සාදිරිස්) වුනා නම් ප්‍රසිද්දියේම බෙල්ල කමි.අක්කේ මේන් මේ අයියා හැප්පෙනවා දැන් දෙවනි සැරේ කියා කීවේ ඉවසලා බැරිම තැනයි, ඒකත් මරුය..අයියා මොහොතකට ගල් ගැසිණි.අයියාගේ ඇස් කුරුම්බැට්ටි size විය.අක්කා කෑ ගසනවා ඇසිනි..මට මොකද? මම පොත් තෝරමි.
On
11:16 PM
|
23
comments
Tuesday, September 18, 2012
තාක්ෂණයේ දියුණුවත් එක්කම අපේ පිරිහීම හා බැදීම්
දැන් දැන් තාක්ෂණයේ දියුණුව සිදුවන්නේ සීමාවක්
තියාගෙන නොවේ..එය හොදයි ඇත්ත, පරිගණක ජාල කරණය ගැන හදාරන මම කිව්වොත් ඒක හොද නෑ
කියලා ඒක බොරුවක් වෙනවා.ඒත් අපි දැන ගන්න ඕන අන්තර්ජාලය,තාක්ෂණය සහ පරිගණකය
විෂේශයෙන්ම හැමදේම නෙවෙයි කියලා මතක තියාගන්න.(මෙය මට පහළ වූ සිතිවිල්ලක් පමණකි)
හොදට හිතලා බලන්න..අපි ගොඩක් දෙනෙක්ට අපේම කියලා ජීවිතයක් නෑ වගේ නේද? ලැප්ටොප් එක
තියනකම් ඉන්නවා ඒක නැති වුනාම දවසක් හුස්ම ගන්න අමතක වුනා වගේ තමයි.හරියටම
කිව්වොත් දැන් හැමදේම කරන්නෙ ඒකෙන්නෙ..අපි හිතන් ඉන්නෙ ලැප් එකක් තිබ්බම ඒකේ
ඉන්ටර්නෙට් තිබ්බම හැමදේම හරි කියලා..
On
10:36 AM
|
10
comments
Monday, September 17, 2012
කොපි කිරීමක් නොවේ..අනුන්ගේ තනුවකට පදවැල් ඇමිණුවා පමණි
ආව්ස්..මගේ සුට්ටි කාලෙ ලියපු සින්දුවක් හම්බවුණා..මේක මේ අර ජීවිතේ මල් සින්දුවට හදපු එකක් ඈ.. නිකන් දාන්නෙ.. කියවන්නකො..
On
3:29 PM
|
13
comments
Sunday, September 16, 2012
දකින්න බැරි ආදරේ
මගේ ඇස් දෙක ලස්සනයි කියලා
ගොඩක් අය කියනවා..
ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ..
මට ඔයා නිසා කොච්චර අඩන්න වෙලාද කියලා,ඇඩුවද කියලා...
On
12:09 AM
|
11
comments
Saturday, September 15, 2012
This ප්‍රෝග්‍රෑම් will never stop
ප්‍රෝග්‍රෑමින්
එර්ර්ර්... ටිකක් විතර තේරුණාට වැඩියම තේරෙන්නෙ නෑ..ඉස්සර මම දන්න කෙනෙක් ම්ම්
සාදිරිසා ඔන්න එයාට සාමාන්‍යය බාසාවෙන් කිව්වට මෙලෝම දෙයක් තෙරෙන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑමි
කරලම කියන්න ඕන,ඉයූ... කොහොම හරි මේ
පල්ලෙහා ලියලා තියන ප්‍රෝග්‍රෑමි එක වගේ එව්වා ලියලම තමයි මටත් ටිකක් පුළුවන්
වුනේ...බලන්නකෝ තේරෙනවද කියලා.. ඒකත් ජොලි වැඩේ.. හිකිස්..
On
8:53 PM
|
11
comments
Thursday, September 13, 2012
ගමනට මාරු කිරීම 1,2,3,4 ගමනේ යා...............
කමක් නෑ මොන දේ වුනත්,
ඒත් මට දුක කවුරුත් මා තේරුම් ගන්නෙ නැති එකට.හරියටම කිව්වොත් තේරුම් ගන්න දේකුත්
නෑ.ඒත් මේ තරමටම හිත රිද්දන්න තරම් දෙයක් මම කරලා නැ,ආදරේ කරා.පොඩි දරුවෙක්ට
වගේ.බලාගත්තා,පරිස්සම් කරා,හැමදේම.සමහර දේවල් වලට එපා කියලා පස්සෙ මමත් උදව් කරා,පොඩි
එකානෙ මගෙ වැරදි කරනවා තමයි කියලා.ඒත් මේ තරම් ආදරෙන් තියාගත්තටත් පස්සෙ, නිදහසක්
නෑ,මෝඩකමක් කරගත්තෙ කියලා කියන්න තරම් මම මොකක්ද කරේ..ඔයා දග වැඩ කරනකොට සැර කරලා
පස්සෙ ආයෙ ළගට ගත්තෙ මගෙ හුරතලේනෙ කියලා..ඉස්සෙල්ලම එළියට එක්කන් ගිය දවසෙ දැකලා
ආස වෙච්ච දේ කොහොම හරි අරන් දෙන්න ඕන කියලා හිතාගෙනම ඉදලා.ඒකත් අරන් දුන්නා.වෙන
දේකට නෙවෙයි ආදරේ නිසා..මම කිව්වා මම ආසයි කියලා ඒකට..ඒත් මට මොකටද,ඔයාට
ගත්තෙ.මල්ලි නංගි උනත් මොනවට හරි ආසයි කියලා දන්නවනමි අතේ තියන අන්තිම සතෙත් ඒකට
දීලා ඒකත් අරගෙන පයින්ම හරි යන කෙනෙක් මම,ස්කෝලෙ යද්දි වුනත් යාළුවෙක් ඇවිත්
බඩගිනි කිව්වම මගේ බත් එක එයාට දීලා කාගෙන් හරි බත් කටක් කාලා බඩගින්නෙම ගෙදර ආපු
වෙලාවල් තමයි වැඩිපුරම තිබුණෙ.ඒකයි මගේ පුංචි එකා ආසයි කිය කිය කියවපු එක මතක
තියන් ඉදලා කෝම හරි ඒක උස්සගෙන ආවේ.
On
4:08 PM
|
8
comments
Wednesday, September 12, 2012
Tuesday, September 11, 2012
නොසන්සුන් හිත
නොසන්සුන් වූ හිතත් එක්කලා පොරබදින්න වෙර දරනවා.....
කාටවත් නොතේරෙන මගේ හැගුම් මාත් එක්කම හඩා වැටෙනවා....
On
7:50 PM
|
12
comments
මඩ ගැසීමක්(ම) නොවේ...
ප්‍රශ්ණ ගොඩක්
තියනවා,අනේ මන්දා හිතේ මෙලෝ සහනයක් නැතුව ඉන්න වෙලාවක ලියන පෝස්ට් එකක්.කොයි
විදියට කරුණු ගලපගන්න පුළුවන් වෙයිද කියලා දන්නෑ.පස්සෙ ව්‍යාකරණවිධි සහ පද
සම්බන්ධය නිවැරදි කිරීමේ බලාපොරොත්තුව මත ලියනවා..
On
12:25 PM
|
7
comments
Friday, September 7, 2012
ළං වුනෙ අතරමගදි දාලා යන්න නෙවෙයි..
මේක මට ලියන්න හිතුනෙ
මොකද මන්දා.කොහොම වුනත් නිදාගෙන ඉදලා හදිස්සියෙම නැගිටලා පටන් ගත්ත ලියන්න.ඒ මගෙ
හැටිනෙ.මහ රෑ වුනත් මොනවා හරි හිතුනොත් නැගිටලා ලියන එක මගේ පුරුද්දනෙ..
On
10:57 PM
|
15
comments
Wednesday, September 5, 2012
දැකපු නැති අංකල්,මාමේ,මහත්මයාණනි,පියාණනි...
පැමිණුනා නම් සමුගත යුතුමය...කොතරම් කලක් ඔබ අප අතර සිටියාදයි නොදනිමි..ඔබ රෑපය හෝ දැකීමට පින් කර නැත..ඔබ ඇසුරු කර නැත..අදවනතුරුත් ඡායාරූපයක් හෝ දැක නැත...එහෙත් ඔබ ගතිගුණ ඇති,ඔබ වැනිම, ඔබගේ පුතුගේ ඇසුර ලැබීමට ආදරය ලැබීමට තරම්..මා භාග්‍යවන්ත වී ඇත..පියාණනි,
මා ඔබ දැක නැතත් ඔබ පුත් රුවන තුළින් ඔබ කොතරම් උතුම්ගති ඇත්තෙකුදැයි සිතාගත හැකිය..
ඔබ අපෙන් සමුගෙන පුරා වසරක් ගෙවුණි..එහෙත් කිසිදා අප හදවතින් සමුනොගණු ඇත...
On
8:09 PM
|
10
comments
Sunday, September 2, 2012
ශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් - බාගෙට හදවතින්
ශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් දාල අන්තිමේදී මම අයෙමත් බාගෙට හදවතින් කියල කොටසකුත් දැන්ම ,
මොකද ඇත්තටම හදවතට දැනෙන දේ ලියන්න මම හරි දුර්වල නිසා , ඒ නිසා ගොඩක් තියෙන්නේ මගේ දෘෂ්ටි කොනෙන් වගේ එකකින් වෙන්න ඇති පොස්ටුවේ
ඔන්න හරියටම 2012 . 9 . 2 , වෙලාව 11.51 ඒ.ඇම් . කොරන්න නම් යන්නේ බැරිම බැරි වැඩක් ,
කොට ශම්මියා (:*) මාව මරන් කන්න හදනවා දැන් හෙන දවසක ඉදල 25 ද කොහෙද පොස්ටුව මගෙන් ඕනේ කියල . මම ඉතින් මෙච්චර කාලයක් වංචාව දාගෙන හිටිය ඕක අමතක වෙයි කියල . කොහෙද ඉතින් කෙල්ලෙක්ට ඔය වගේ එකක් අමතක වෙන්න නම් අර කියන්න වගේ පුත්තලමේත් බුරුවො ඉදි . :D (එහෙ නේන්නම් ඉන්නේ )
On
11:56 PM
|
17
comments
Sunday, August 12, 2012
පල නොකියා පලා බෙදීමට තිත තියමුද ඈ .....
පල නොකියා පලා බෙදනවට
වැඩිය හොදයි නේද එකසැරේම කිව්වා නම් ආව දිහාටම යන්න කියලා ඔයාට වදයක් නොවී.එහෙනම් එක
සැරේම විදවන්න තිබුනා.සැරින් සැරේ අලුත් වෙවී විදවනවට වෙනවට වැඩිය.මොනවා වුනාද මන්දා,එක සැරේට
හරිම වෙනස් වෙලා ඔයා,කාගෙ ඇසවහද වැදුනෙ අපට.වෙනදට තාත්තා ගාවට වෙලා දවසෙ වෙච්ච හැමදේම
කියවන පුංචි එකෙක් වගේ මම ඔයාට ඇණයක් වෙවී,ඔයාගෙ වැඩ සේරම පාඩු කර කර කියවන හැමදේම සද්ද නැතුව අහන් ඉන්නවා,අනේ මන්දා
මම ඔයා වුනා නම් මට නම් හොදටම තරහ යයි.ඔයා වචනයක්වත් නොකියා ඔහේ අහගෙන ඉන්නවා.ඔයා
හරිම හොදයි(ම්ම්ම් ඔව් හැම අතින්ම තමයි.මටත් වැඩිය[ ඔන්න එහෙම කිව්වා කියලා
උඩින් යන්න ඔට්ටු නෑ,අපේ වහල උස්සන්නත් වෙයි]) ඒ වුනාට ඉදලා හිටලා නම්
තරහා යනවා,එහෙම නොගිහිනුත් බෑ හැබැයි මම කරන මැටි වැඩ වලට....ඒත් මේ ළගකදි ඉදන්
ඔයාට මොනවා වෙලාද මන්දා.කිසි දෙයක් කියන්නෙත් නෑ.හැමවෙලේම තරහින්මයි ඉන්නෙත්(මයි ඔව්න්
ප්රොබ්ලම්සු ලු) ඒ මුනාද? ඔයාගෙ ඔව්න් එව්වා මගෙත් ඔව්න්නෙ.. බිකස් අයි ඇම් යුර් වෙන්ඩ ඔව්නර් ඇට් වන් ඩේ....හිත රිදෙනවනෙ මටත් එහෙම වුනාම.වෙනදට ආපු ගමන් ශම්මි කෝ
කියලා අහන කෙනා,දැන් ශම්මිට ගුඩ් නයිග්ට් කියලවත් කියන්නෙ නෑ.වැඩක් නම් කියන්න
ඔනෙනෙ..මම කරදර නොකර ඉන්නවනෙ..ඔයා වගෙ හොද ළමෙක් විදියට..(ඇත්තටම මං ඔයාට හෙනට කරදර කරනවා නේද?? කොහොම ඉවසන් ඉන්නවද මන්ද)
On
6:48 PM
|
14
comments
Saturday, August 11, 2012
මමත්වය හෙළාදැකීම සහ මොළ සුද්ධ කිරීම (මගේ විදියට)
වෙලාව හරියටම
12.10 මං නිදාගන්න ඇවිත් විනාඩි 45ක් වෙනවා.ඒත් නිදිමතකුත් නෑ,නින්ද යන්නෙත් නෑ.ඒ
ගමන්ම දෙයක් මතක් වුනා.ඒකම පෝස්ට් එකක් කරගෙන මට පුළුවන් විදියට රටට උදව්වක් වෙනවා
කියලා හිතුවා.මගෙ කලින් හොදම යාලුවා වෙලා ඉදලා දැන් මගේ ආදරේ වුනු කෙනා අද හිටියෙ
ගොඩක් හිත් වේදනාවෙන්.ඒකට හේතුව හරියටම දන්නෙ නැතත් කියපු සමහර දේවල් වලින් තේරුනේ
දැන් මේ ජාතිකත්වය සහ ආගම් බේද ඇදගෙන කරන තමන්ගෙ සිතුවිලි අනිත් මිනිස්සුන්ටත් දෙන්න
හදන සමහර ෆේස්බුක් පේජස් කියලා.කොහොම හරි හිත හදන්න කියලා මමත් කිව්වා ඕකට ඔයාටයි
මටයි විතරක් කරන්න දෙයක් නෑනෙ කියලා,හැබැයි එයාගෙ නම් අදහස වුනේ කරන්න මොනවම හරි
දෙයක් ඇති කියලා.ඒක නිසාම මේ පෝස්ට් එක දාන්න හිතුනෙ...
On
2:58 PM
|
4
comments
Tuesday, August 7, 2012
Friday, August 3, 2012
වසන්තයේ සිත සැලුනා අවසාන කොටස
එනම් මිලාන් ව කැනඩායට
රැගෙන යාමට ගත් තීරණය නිසාය.මෙයින් මිලාන්ගේ හිතට විශාල කලකිරීමක් ඇති වුන නමුත්
ඔහු එය දරාගෙන සිටියේ තම මවට සත්‍ය පැවසීමට තිබෙන අකමැත්ත නිසාය.කෙසේ හෝ මිලාන්ගේ
සියලු බලාපොරොත්තු සුන් කරමින් ඔහුට කැනඩාවට යන්න සිදුවිය.එහිදී ඔහුව පරික්ෂාකර
බැලූ වෛද්‍යවරැන් පැවසුවේ ඔහුගේ හිතේ තද කළකිරීමක් ඇති බවය.කලින් කල ගෙවී යත්ම
ඔහුට සිය ජීවිතයේ ඉතුරැ කාලයද ගෙවීමට සිදුවන්නෙ කැනඩාවේ බව නිසලීට දැනගන්නට
ලැබුනි.කෙසේ හෝ මිලාන් නිසලීව අමතක කරේ නැත.ඔහුට හැකි හැම වෙලාවකම නිසලී සමග
දුරකතනයෙන් කතා කරන්නට විය.නමුත් සිත් තැවීම අඩුවක් නොවීය.මෙසේ කාලය ගතවෙද්දී
මිලාන්ගේ දෙමාපියන් ඔහුට විවාහ යෝජනාවක් ගෙන ආවේය.මිලාන් නම් ඇයට කිසිසෙත්ම
කැමැත්තක් දැක්වූයේ නැත.ඒ නිසාම ඒ විවාහයට ඔහු අකමැති වුනි.පසුව ඔහු විසින්ම ගොස්
තම මවට තමන් නිසලි ට ආදරය කරන බවත් ඇයව විවාහ කරගන්නට කැමති බවත් කියා සිටියේය.ඉන්
සති කිහිපයකට පසුව ඔවුන් යළි ශ්‍රී ලංකාව බලා පිටත් විය.ඒ නිසලි ගේ දෙමාපියන් සමග
මේ ගැන කතිකා කර ගැනීමටය.
On
11:43 AM
|
4
comments
Thursday, August 2, 2012
Monday, July 30, 2012
කෙටි පණිවිඩයක් (එස් එම් එස් එකක් නෙවෙයි)
වසන්තයේ සිතසැලුනා කියන
කතාව ඇත්ත කතාවක් කියලා මම කිව්වනෙ (අනේ මගේ යාලුවෙක්ගෙ) ... ඒකෙ අන්තිමට ගොඩක්
දුකයි..... මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ මේ අන්තිම ටික ඇත්ත සිද්ධියම කියනවද ?
නැත්තන් හදලා ලස්සන විදිහකට කියනවද කියලා? මොකද කරන්නෙ???
On
12:35 PM
|
5
comments
Sunday, July 29, 2012
Sunday, July 22, 2012
දෙයියො දුන්න තෑග්ග
මං මේ විහිලුවක් කරනවා
නෙවෙයි.ආදරේ කියන්නෙ ඒකට.ඔයා මං ළග නැති වුනත් කිලෝමීටර් ගාණක්ම ඈතින් හිටියත් ඔයා
එක තත්පරේකටවත් මගේ හිතින් අයින් වෙන්නෙ නෑ.මට ඔයාව ඕන කරන,බලන්න හිතෙන ඕන වෙලාවක
මගෙ ඇස් දෙක වහන පරක්කුවට ඔයා මගෙ ඉස්සරහට එනවා.ඒ මං ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ නිසා.
බැදීමක් කියන්නෙ දුකක්
නෙවෙයි.හැබැයි අපි වැරදි කෙනෙක් එක්ක හරි අපිට නොගැලපෙන කෙනෙක් එක්ක හරි බැදීමක්
ඇති කරගත්තොත් ඒක දුකක් වෙනවා.බැදීමක් කියන එක අනවශ්‍යය පීඩනයක් වෙන්නෙ නෑ.කවද හරි
අපි මැරුණම අඩන්න ඉන්නෙ අපි එක්ක පොඩි හරි බැදීමක් ඇති කරගත්ත මිනිස්සු
විතරයි.කොයි තරම් දේවල් කිව්වත් අපිට ඕනම වේලාවල්වලදි ඔය හැමෝම අපිව දාලා යනවා.අපේ
බැදීම් තමයි ඉතුරු වෙන්නෙ.බැදීම් තමයි මනුස්සයෙකුට, සතෙකුට තමන්ගෙ ජීවිත කාලෙදි
ලැබෙන වටිනම දේ.අපි කාත් එක්ක හරි බැදීමක් ඇති කරගත්තොත් අපිට තව කෙනෙක්ට ජීවිතයක්
දෙන්න පුලුවන්, මේ ලෝකෙ ලස්සන බලන්න, මේ ලෝකෙට එන්න උදව්වක් වෙන්න පුලුවන්.ඒකයි
ඔයයි මමයි දෙන්නම අද මෙතන ඉන්නෙ.බැදීම් කියලා කියන්නෙ අපිට ලැබෙන තෑග්ගක්.
On
5:59 PM
|
6
comments
Tuesday, July 17, 2012
දැකපු නැති ලංකාව
අද මං දැකපු ලස්සන තැනක්
ගැන මේ කියන්න යන්නෙ...පෝස්ට් එකක් විදියට නම් දාන්න ඕන වුනේම නෑ.ඒත් මේ තැන
දැක්කහම මගේ ඇස් දෙකට කදුලු ආවා.වෙන මුකුත් නිසා නෙවෙයි.මං හරි ආසයි ලස්සන ලස්සන
තැන් වලට.ගිහිල්ලා ඉන්න,ඇවිදින්න,දවස් ගාණක්ම ඒ තැන්වල ලස්සන බලන්න.ඒ නිසාමයි තොරතුරැ
තාක්ෂණය විෂයක් විදියට හැදෑරැවත් පස්සෙ ආසාව වෙනස් කරලා ටුවරිසම් මැනේජ්මන්ට් කරන්න
ගත්තෙ..ලෝකෙ කෙසේ වෙතත් රට වටේම යන්න පුලුවන් නිසා
ඉතින් කොහොම හරි අද මං
මේ තැන දැක්කෙ අහම්බෙන්.හරියටම කිව්වොත් මගේ ෆේස්බුක් එකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්
රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.ඒයා ටැග් වෙලා හිටිය පොටෝ එකකින් තමයි මේ තැන
දැක්කෙ...ම්ම්ම්ම් කියන්න කණගාටුයි මම ගැනම මම මේ තැන ගැන අහලා තිබ්බට කොහොද
තියෙන්නෙ,කොයි පළාතෙද, කියන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ..ඒවා කොහොම වුනත් මේ තැන
මෙච්චර ලස්සනයි කියලා නම් හිතුවෙම නෑ...(හිතන්න දැකලා තිබ්බෙත් නෑ)
On
4:43 PM
|
2
comments
Monday, July 16, 2012
විරුදාවලි නාම පුද්ගලයන්
ඇත්තටම මේක මම පොඩි කාලෙ
කියවපු පොතකින් දැක්කෙ.මේක දිහා බලාගෙන ආයෙ මේ ටික මතක් කරන්න හැදුවට භාගෙට
භාගයක්ම මට මතක නෑ.එනිසා ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා මේක බ්ලොග් පෝස්ට් එකක්
විදියට දාන්න හිතුවා.
- අවිහිංසාවේ පියා - මහත්මා ගාන්ධි
- යකඩ ගැහැණිය - බ්‍රිතාන්‍යෙය් හිටපු අගමැතිණි මාග්‍රට් තැචාර්
- මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
- මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
- නක්ෂත්ර විද්‍යාවේ පියා - නිකොලොස් කොපර්නිකස්
- ආසියාවේ රිදී සීනුව - එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක
- නිදහස් අධ්‍යාපනයේ පියා - සී.ඩබ්.ඩබ්.කන්නන්ගර
- කොස් මාමා - ආතර් වී දියෙස්
- බත් දුන් පියා - ඩඩ්ලි සේනානායක
- ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්.ජී.ග්‍රේස්
On
9:55 PM
|
0
comments
Sunday, July 15, 2012
Subscribe to:
Posts (Atom)