ශම්මිගේ යාළුවෝ

Thursday, September 13, 2012

ගමනට මාරු කිරීම 1,2,3,4 ගමනේ යා...............



                      කමක් නෑ මොන දේ වුනත්, ඒත් මට දුක කවුරුත් මා තේරුම් ගන්නෙ නැති එකට.හරියටම කිව්වොත් තේරුම් ගන්න දේකුත් නෑ.ඒත් මේ තරමටම හිත රිද්දන්න තරම් දෙයක් මම කරලා නැ,ආදරේ කරා.පොඩි දරුවෙක්ට වගේ.බලාගත්තා,පරිස්සම් කරා,හැමදේම.සමහර දේවල් වලට එපා කියලා පස්සෙ මමත් උදව් කරා,පොඩි එකානෙ මගෙ වැරදි කරනවා තමයි කියලා.ඒත් මේ තරම් ආදරෙන් තියාගත්තටත් පස්සෙ, නිදහසක් නෑ,මෝඩකමක් කරගත්තෙ කියලා කියන්න තරම් මම මොකක්ද කරේ..ඔයා දග වැඩ කරනකොට සැර කරලා පස්සෙ ආයෙ ළගට ගත්තෙ මගෙ හුරතලේනෙ කියලා..ඉස්සෙල්ලම එළියට එක්කන් ගිය දවසෙ දැකලා ආස වෙච්ච දේ කොහොම හරි අරන් දෙන්න ඕන කියලා හිතාගෙනම ඉදලා.ඒකත් අරන් දුන්නා.වෙන දේකට නෙවෙයි ආදරේ නිසා..මම කිව්වා මම ආසයි කියලා ඒකට..ඒත් මට මොකටද,ඔයාට ගත්තෙ.මල්ලි නංගි උනත් මොනවට හරි ආසයි කියලා දන්නවනමි අතේ තියන අන්තිම සතෙත් ඒකට දීලා ඒකත් අරගෙන පයින්ම හරි යන කෙනෙක් මම,ස්කෝලෙ යද්දි වුනත් යාළුවෙක් ඇවිත් බඩගිනි කිව්වම මගේ බත් එක එයාට දීලා කාගෙන් හරි බත් කටක් කාලා බඩගින්නෙම ගෙදර ආපු වෙලාවල් තමයි වැඩිපුරම තිබුණෙ.ඒකයි මගේ පුංචි එකා ආසයි කිය කිය කියවපු එක මතක තියන් ඉදලා කෝම හරි ඒක උස්සගෙන ආවේ. 
         


         මම නරක නෑ.එකම දේ ටිකක් දගයි,තනියමනෙ හැදුනෙ ඒකයි,මම කොළඹ තමයි. ඉතින් මොකද? මමත් ආවේ අම්මාගාව මාස ගාණක්ම ඉදලා,අම්මා කුක්කු තමයි මමත් බිව්වෙ.මොන්ටිසෝරියෙන්මයි පටන් ගත්තෙ. කොළඹ ඉන්නෙ අමුතු සත්තු ජාතියක් නෙවෙයි, වදපු අම්මාවත් විකුණන් කන,කෙල්ලෙක්ට කොල්ලෙක්ට පාරේ බැහැල යන්න දෙන්නෙ නැති කකුල් හතරෙ බුරන සත්තුන්ටත් වඩා නරක මිනිස්සු කොහෙත් ඉන්නවා.කොළඹ උපන්න කියලා හැම කෙල්ලම තමන්ගෙ හස්බන්ඩ්ට විතරක් පෙන්නන්න ඕන එව්වා හැම එකාටම පේන විදියට ඇදුම් අදින්නෙ නෑ..එහෙම ඇවිල්ලා ලොකු ලොකු තාත්තලගෙ පොඩි පොඩි ඇදුම් අදින දුවලා වෙන්න ඇති.හැමෝටම කියලා තමන්ගෙ ජීවත් වෙලා ඉන්න දෙමවිපියන්ට පිං අනුමෝදන් කරගන්න කැමති කැමති අය එහෙම ඇති.මම මේක කිව්වෙ හැම කතාවකදිම අන්තිමට කියන්නෙ කොළඹ කතාව නිසා.මගේ තාත්තා ගාල්ලෙ,අම්මා කුරුණෑගල..එයාලා මෙහෙ ඇවිත් නතර වුනු නිසා තමයි මම කොළඹ වුනේ..

                     

                කවදාවත් නැතුව ජීවිතේ එක තැනක නතර වෙලා වගේ දැනෙනවා.මෙතනින් එහාට යන්න බෑ වගේ හිතෙනවා,කලින් සැරේ නම් මටත් විස්වාසයක් තිබ්බෙ නෑ,අතර මගදි යයි කියලා හිත කිව්වා,ඒත් මේ පාර??? දැකපු හීනෙකවත් එහෙම දෙයක් තිබුණෙ නෑ.ප්‍රශ්ණ වුනා ඇත්ත.ඒත් ඒවා විසදුනා නොහිතපු තරමින් හොද විදියට.මේ හැමදේටමත් පස්සෙ අපරාදෙ පරණ විදියට ඉන්න තිබ්බා,නිදහසක් නැති වුනා,ලොකු මෝඩකමක් කරගත්තෙ වගේ දේවල් කිව්වම..මටම වුනත් තේරෙන්නෙ නෑ කියන කතාවේ අගක් මුලක්.මොන දේ වුනත් ශම්මි කියලා කියන්නෙ ප්‍රශ්ණවලට බය වෙන කෙනෙක්ට නෙවෙයි, මැරෙන්න හරි මරාගෙන මැරෙන්න හරි ඉස්සරහටම යන්න වෙනවා,මනුස්ස පරාණයක් කියන්නෙ අපිට ආවට ගියාට ලැබෙන දෙයක් නෙවෙයි,මේ මනුස්ස ජීවතේ ඇතුළෙ මගෙ අම්මටයි තාත්තටයි පස්සෙ මම දැකපු එකම හොදම කෙනා ඔයා.මනුස්සකම් තියන,ලස්සන පෙනුමක් තියනවා කියලා නම් පස්සෙ තමයි දැක්කෙ,ඒත් පිරිසිදු ගතිගුණ තිබ්බා,ඒක තමයි මනුසයො වෙච්චි පළියට ගොඩාක් අය ළග නැත්තෙම.මම ගාවත් තියනවද මන්දා,ගතිගුණ නම් මගෙ කොච්චර හොද උනත් මට තරහා යනවනෙ, අනික ඔයා කියනවා වගේ ඇණට් එකක්නෙ,අන්තිමට නිදහසත් නැති වුනාළු මම නිසා.හැබැයි ඔයා මේ දොරින් පිටවෙලා ගියෙ මගෙ හිනාව පවා අරගෙන,රංඩු කරනවා කියලා කිව්වට රංඩු කරලා නෑනෙ අපි,ඉදලා හිටලා වලියක් යනවා,ඒත් මම අනිතිමට ඉතින් අහලා පහළ ඉන්න ගෑල්ලමෙක්ට ගිනි තියනවා කියලා තමයි වලිය ඉවර වෙන්නෙ.එච්චරයිනෙ..


                
         ප්‍රශ්ණයක් වුනාම එතන නතර වෙන්න බෑ,ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්නයි ඕන,ඔයාවත් මමවත් පොඩි නෑ,20ක් කියන්නෙ 1/3 ඕනම නම් 60 ජීවත් වෙයි.ඇත්තම කියන්න මම ආස නෑ මගේ ජීවිතේ කවදම හරි ඉස්සරහට ගිහිල්ලා ආපහු හැරිලා බලද්දි පසුතැවෙන දේවල් වලට,ඒකයි ඇඹරි ඇඹරි ඉන්නෙ නැතුව අහල පහළ තියන පුරුෂ නෙවෙයි ගැහැණු ධෛර්ය අරන් කතා කරේ,කතා කරා වගේම හරි ගියා,සතුටුවෙන්න..කිසි දෙයක් නොලැබිලා ගියෙ නෑ..අපිට අපි ඉන්නවා,අද හෙය මැරෙන්නෙ නෑ..ඉගෙන ගන්න පුළුවන් කාලයක් ඉගෙන ගන්න ඕන,ඊට පස්සෙ ස්ථීර දෙයක් හදාගන්න ඕන තමන්ටම කියලා, මම මං වෙනුවෙනුයි, ඔයා ඔයා වෙනුවෙනුයි, කෙල්ලෙක් වුනු පළියට කාගෙන්වත් යැපෙන්න ඕන නෑ,මං මටම කියලා දෙයක් හදාගත්තොත් ඔයාට,මගෙ ඔයාගෙ දෙමව්පියන්ට, ළමයින්ට වුනත් එයාලා ආස දෙයක් අරන් දෙන්න මට පුළුවන්කම තියනවා ආයේ කාගෙන්වත් ඉල්ල ඉල්ල ඉන්න ඕන නෑ,ගෙදර අඩුපාඩුවක් තියනම් ඒවා ගෙනත් දාන්න පුළුවන්,

                   වැටෙනවා වැටෙනවා ඉවරයක්ම නෑ,ඒත් නැගිටලා ඉස්සරහට යනවද,පස්සට යනවද,නැත්තන් එතන ඉදන් දෙපැත්ත බල බල ඉන්නවද තියන එක තියෛන්නෙ අපේ අතේ, පොඩි කාලෙත් වැටුණා කියලවත් ආයෙ වැටෙන්න බෑ රිදෙනවා කියලවත් අපි හිටගන්න උත්සහ නොකර හිටියෙ නෑ, එහෙම හිටියනම් තාමත් අපි බඩගානවා,දණගානවා,ඒකයි මෙච්චර දවසක් පුන පුනා කිව්වෙ,ගිය දේ ගියා, වෙන කරන්න දෙයක්ම නැති නිසා කියන්නෙ,අතීතෙ බිමින් තියන්න නැත්තන් අනාගතේට බර වැඩි වෙයි,මෙතනින් ඉස්සරහට යමු පෙර වැරදි වෙන්න නොදී..මොඩයෝ නෙවෙයි අපි,ගිනි පෙනෙළ්ලෙන් බැට කෑව මිනිහාට කණා මැදිරි එළියත් මහ ලොකු දෙයක්ද? මෙතනින් ඉස්සරහට යං වස්තුවෙ පෙර ගොංකම් ඇත්තැරලා..අවුරුදු 13ක් ස්කෝලෙ ගිහිල්ලා දැන් මේ නමට පිටිපස්සෙන් අකුරු ටිකක් දාගන්න ට්‍රයි කරන බුද්ධමත් (අර ඔයා කිව්වා වගේ)වහු පැටික්කියක් වශයෙන් මට කියන්න තියෙන්නෙ එහෙමයි... නෙහ් මචං.. 


       මාරු පා ගහන්න බෑ, ආපසු හැරෙන්න බෑ,දිශා මාරු බෑ,ඝණය ගැන පස්සෙ හිතමු,දැනට වමට දකුණට ආචාර කරන් පෙරට ගිහින් කවද හරි නැවතෙන තැනකින් නැවතිලා උත්තමාචාරයක් ගහමු, මේ ටිකේම ස්ලෝව් මාච් නෙහ්.. එහෙම ගියොත් උත්තමාචාර අවි ගන්නෙ කෝමද?? ගමනට මාරු කරමු..

1

2

3

4

ගමනේ......යා...


 




 I salute my hero ;)



(Shut up,I kill you, don't leave me) 



අවසාන වශයෙන් මින් ඉදිරියට කිසිදු ගොං වැඩක් නොකරන බවට මුළු මහත් බ්ලොග් ජනතාව ඉදිරියේ දිව්රා පොරොන්දු වෙමි

8 comments:

  1. අනේ ඇයි දෙය්යනේ මට මේක තේරෙන්නැත්තේ?????
    දෙපාරක්ම කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. මටම නොතේරෙනකොට ඔයාට කොහොද තේරෙන්නද යාළු..

      Delete
    2. මටත් තේරෙන්නේ නෑ අෆ්ෆා.. :(

      Delete
    3. මට තේරෙන්නෙත් නෑ අෆ්ෆා..මේ ශම්මි බ්ලොග් ලියන්නෙ පිස්සුවෙන්ද මන්දා..පන්නලා දාන්න ඕනි.. හයියූ..

      Delete
  2. මම කැමතිම කැමතියි මේ පෝසට් එකට නංගෝ..ලියල තියන විදිහත් නියමයි..පාවෙනවා වගේ..හී හී :)

    රැග් සීසන් එකේ තමා ඇයි දෙවියනේ මම කොළඹ උනේ කියල මට නම් කියවුනේ.. :)
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තැන්කූ අක්කෝ.. හැබැයි ඉතින් අනේ මන්දා මමත් පෝස්ට් එක කියවන්න ඕන වගේ.. මටත් තේරෙන්නේ නඍනේ මොනවා ලියලද කියලා.. ඇත්තටම කොළඹ වුන එකට නම් දුක් වෙනවා :(

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?