ශම්මිගේ යාළුවෝ

Wednesday, September 5, 2012

දැකපු නැති අංකල්,මාමේ,මහත්මයාණනි,පියාණනි...



පැමිණුනා නම් සමුගත යුතුමය...කොතරම් කලක් ඔබ අප අතර සිටියාදයි නොදනිමි..ඔබ රෑපය හෝ දැකීමට පින් කර නැත..ඔබ ඇසුරු කර නැත..අදවනතුරුත් ඡායාරූපයක් හෝ දැක නැත...එහෙත් ඔබ ගතිගුණ ඇති,ඔබ වැනිම, ඔබගේ පුතුගේ ඇසුර ලැබීමට ආදරය ලැබීමට තරම්..මා භාග්‍යවන්ත වී ඇත..පියාණනි,
මා ඔබ දැක නැතත් ඔබ පුත් රුවන තුළින් ඔබ කොතරම් උතුම්ගති ඇත්තෙකුදැයි සිතාගත හැකිය..
ඔබ අපෙන් සමුගෙන පුරා වසරක් ගෙවුණි..එහෙත් කිසිදා අප හදවතින් සමුනොගණු ඇත...





හැර යන්නටයි පැමිණියේ,
ඔබත්,මමත්, අප සැවොමත්
අඩගැසූවිට විට යා යුතුමයි
සියළුම බැදීම්,ආදරණීයයන් හැරදමා..
අයිතිවාසිකම් කිවිය නොහැක..
හැම දිනම මෙහි රැදුමට
මමත් හෙට දිනයක සමුගැනීමේ බලාපොරොත්තු ඇතිව
කාලය ගත කරමි..
දුකක් නම් වෙය එය..
ආදරණීයයන් හැර යන්නට වෙන නිසා..
නමුත් හැකිය ජීවත් වන්නට..
සදා ඔවුන් සිත් තුළ..
අමරණීය මතක සටහන් ගොන්නක් සමගින්..
සමුගැන්මක් නොව..
තවත් අයෙකුගේ බැදීමකට ආරාධනාවකි එය..
එතෙක්, ඔබට නිවන් සුව.!!




(පෝස්ට් එකේ කාල පරාසය බලන්නෙ නැතුව මම මේක පෝස්ට් කරනවා.මීට කලින් දාපු පොස්ට් එකත් කියවලා යන්න.වෙලාවක් තිබුණොත්..)

10 comments:

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?