Saturday, August 11, 2012

මමත්වය හෙළාදැකීම සහ මොළ සුද්ධ කිරීම (මගේ විදියට)


වෙලාව හරියටම 12.10 මං නිදාගන්න ඇවිත් විනාඩි 45ක් වෙනවා.ඒත් නිදිමතකුත් නෑ,නින්ද යන්නෙත් නෑ.ඒ ගමන්ම දෙයක් මතක් වුනා.ඒකම පෝස්ට් එකක් කරගෙන මට පුළුවන් විදියට රටට උදව්වක් වෙනවා කියලා හිතුවා.මගෙ කලින් හොදම යාලුවා වෙලා ඉදලා දැන් මගේ ආදරේ වුනු කෙනා අද හිටියෙ ගොඩක් හිත් වේදනාවෙන්.ඒකට හේතුව හරියටම දන්නෙ නැතත් කියපු සමහර දේවල් වලින් තේරුනේ දැන් මේ ජාතිකත්වය සහ ආගම් බේද ඇදගෙන කරන තමන්ගෙ සිතුවිලි අනිත් මිනිස්සුන්ටත් දෙන්න හදන සමහර ෆේස්බුක් පේජස් කියලා.කොහොම හරි හිත හදන්න කියලා මමත් කිව්වා ඕකට ඔයාටයි මටයි විතරක් කරන්න දෙයක් නෑනෙ කියලා,හැබැයි එයාගෙ නම් අදහස වුනේ කරන්න මොනවම හරි දෙයක් ඇති කියලා.ඒක නිසාම මේ පෝස්ට් එක දාන්න හිතුනෙ...




(පෝස්ට් එක ටිකක් සැර වැඩි වෙයි.තරහින් ඉන්නෙ)

මිනිස්සු කියලා කියන්නෙ සිතුවිලි වලින් පිරිච්ච ජාතියක්,ඒකයි මිනිස්සුන්ට හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙ.හිතලා දෙයක් වටහගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙ.වටහා ගැනීම දුර්වල එහෙම නැත්නම් අවබෝධ ශක්තිය රින මට්ටමක තියන මිනිස්සු තමයි ඔය වගේ දේවල් කරන්නෙ කියලයි මට නම් හිතෙන්නෙ.මම පෞද්ගලිකව ආගම් දෙකක් අදහනවා,ඒ වගේම අනිත් ආගම් වලට ගරු කරනවා.(මම ගැන කියනවා නෙවෙයි ඒත් උදාහරණෙකට ගත්තෙ,ඇත්ත කියන්න ඇඹරි ඇඹරි ඉන්න ඕන නෑනෙ)හේතුව මම මගේ දෙමව්පියන්ට ගරු කරනවා වගේ අනිත් අයගෙ දෙමව්පියන්ට ගරු කරොත් තමයි ඒ අයගෙනුත් මගේ අම්මයි තාත්තයි ඒ ගෞරවේ ලබන්නෙ.මම දෙයක් නොකර,නැත්තන් මම වැරද්දක් කර කර මට අනිත් අයගෙ දේවල් හදන්න බෑ.හරියටම කිව්වොත් මට අපේ රටවත්,මං ඉන්න පළාතවත්,අපේ අල්ලපු ගෙදර අයයවත් හදන්න බෑ.කරන්න පුළුවන් එකම දේ මම හොදට හැදිලා අනිත් අයත් නිතැතින්ම මාව ආදර්ශෙට ගන්න තත්වෙට පත්වෙන එක.එහෙම නැතුව අනිත් අයගෙ ආගම් වලටවත් ජාතියටවත් කෑ ගහන එක නෙවෙයි.හරියටම කිව්වොත් මම වෙන කෙනෙක්ගෙ ජාති,ආගම් ගැන කියන ගමන් මගේ ජාතිය ආගම උසස් කියලා කියන්න ගියොත් එකෙන් වෙන්නෙ මම මගේ ආගම ජාතිය පහත් කරගන්න එක විතරයි.
 (මං මේක මට හිතෙන හැම විදියටම ලියනවා,හේතුව හැම විදියම අය මේක බලන නිසා,)

මගේ අතක් පයක් තුවාල වුනත් ගලන්නෙ රතු ලේ තමයි,අනිත් අයගෙත් එහෙමයි.ඔය කොච්චර සෙල්ලම් දැම්මත් අප හැමෝම පස් වෙන්නෙ එකම පොළවක් යටට,කවුරු මොනවා කිව්වත් එකම දෙයයි සිද්ද වෙන්නෙ,
ඉපදෙනවා
ජීවත්වෙනවා
මැරෙනවා

ඔච්චරනෙ,ආයෙ නිකන් මොකටද මේ එක එක ඒවා ඇදගෙන අපි අපි රණ්ඩු වෙන්නෙ.පුංචි කාලෙ ඉස්කෝලෙද් මොන්ටිසෝරියෙදි බට්ටා පනිනකොට,අල්ලන් සෙල්ලම් කරනකොට අපි කාගෙන්වත් අහන්නෙ නෑනෙ ඔයා සිංහල ද?මුස්ලිම් ද?දෙමළ ද?බර්ගර් ද? කියලා.අපි හැමෝම කෑගැහුවා,දග කරා,හැමදේම එකට නේද වුනේ,




ජාතික ගීය කියද්දි වුනත් ඔය හැම භාසාවෙන්ම අපි එකම පදයක් කියනා නේද? අපි සැම එක මවකගෙ දරුවෝ කියලා... ඒවා මිනිස්සු කීප දෙනෙක්ට අමතක වුනා කියලා අහල පහළ ඉන්න අපිත් එව්වට පොහොර දාන්න ඕනෙද?එහෙම වුනු නිසා තමයි අද මේ ප්‍රශ්ණෙ මේ තරම් දුර ඇදිලා ඇවිත් තියෙන්නෙ..ෆේස්බුක් එකත් දැන් ශෙයාර් මාර්කට් එකක් වගේ.ඕන දෙයක් දැක්කොත් ශෙයාර් කරන්න කියලා තියෙන්නෙ.සමහරු මේ ලැබිච්ච ජීවිතේ නිකාන් මෙහෙම අනිත් මිනිස්සු කොටවන අතරෙ, තවත් තැනක රටට පවුලට දෙයක් කරන්න ඕනෙ කියලා ආසාවෙන් ඉන්න මිනිස්සු අවසන් හුස්ම හෙළනවා,තවත් තැන්වල මේ ලෝකෙ කලු ද සුදු ද කියලවත් දකින්නෙ නැතුව ඉපදෙන්නත් කලින්ම පුංචි ළමයි නැති වෙනවා..ඒ අතරෙ තමයි මේ වගේ එලොවටත් නැති මෙලොවටත් නැති ගෙදරටත් නැති තමන්ටත් නැති අය අනිත් මිනිස්සුන්ගෙ මොළේ අවුල් කරන්නෙ...

අනිත් අය මොනවා කරත් ඒ දේවල් වලට අනුබල නොදී අපි හරියට ඉන්නවනම් එච්චරයි.(හෙට දවසම ක්ලාස් අම්මා තුන්වෙනි සැරේටත් බැන්නා) ඕන් වෙනදා වගේ ශෝර්ට් ඇන්ඩ් ස්වීට් නෑ අද පෝස්ට් එක..මට හිතෙන දේවල් මට පුළුවන් විදියට කිව්වා.බලන අය ක්මෙන්ට් එකකුත් දාලම යනවනම් තමයි වටින්නෙ..මටත් වැරදි හදාගන්න පුළුවන්නෙ... (වෙලාව 1.15)


මේකත් බලන්නකො




උදේ වෙනවා,දවල් වෙනවා,රෑ වෙනවා... ඔච්චර තමයි
ඉතින් ඒ ටික වෙලාවටනෙ මේ දේවල්... 






4 comments:

  1. ඕන ඔය ටික බුදු හාමුදුරුවෝ කිවුවෙත්.එක එක කුමණ්ත්‍රණ ගොඩක් රට ඇතුලේ ක්‍රියාත්මක වන බව අපි කවුරුත් දැන ගන්න ඕනි.

    බුදු හාමුදුරුවෝ දේශනා කල දේට හාත්පසින්මයි අද සමාජය හැසිරෙන්නේ.අද ෆේෂ්බුක් එකෙත් වැඩි වැඩියෙන් ෆොටෝ මාරු වෙනවා ආගම් වලට බැනලා.සිංහලයා හා මුස්ලිමයා කෙටි වීමට උත්සාහයක් තමයි ගන්නේ.

    ඔයා කිවුව දේ යාළු සම්පූර්ණයෙන්ම ඇත්ත.ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා.අන්තිමට මැරෙනවා කියලා තේරුම් ගත්තනම් හොදටම ඇති.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ස්තූතියි අයියෙ ඔයාගෙ ක්මෙන්ට් එකට :) .. හැමෝම එකින් එකාට එක එක දේවල් කියා ගත්තට අපි හැමෝම එකම රටක් ඇතුළෙ ජීවත් වෙන ලංකාව කියන අම්මගෙ දරුවො විතරයි කියන එක අනිත් අය තෙරුම් ගන්නෙ නැති එකයි දුක..

      Delete
  2. ඔයාට මෙ ටික කියද්දි තව ටිකක් අම්තක වෙලා
    "
    .ඔය කොච්චර සෙල්ලම් දැම්මත් අප හැමෝම පස් වෙන්නෙ එකම පොළවක් යටට,කවුරු මොනවා කිව්වත් එකම දෙයයි සිද්ද වෙන්නෙ,"

    අගමික නයකයො හමොම එකක් කියලා නැහැ , කියල ,
    අනිත් කාරනෙ , හික්මිම ඇති වෙන්නෙ අගමක් නිසා කියල .
    එහෙම නෙමෙ කියල ඔයා කියනවා නම් සෙකියුලර් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඔයාටත් පුලුවන් .

    හරය අනුව සලකල බලුවම අපිට පිලිගන්න වෙනව බුදුන් දෙසු දර්මය සත්‍ය කියල . (අර මම කිව challenge එක තවම විවුර්තයි .)

    එහෙනම් සමහරක් වලි කන්නෙ එ බුදුන් දෙසු ද්‍ර්මය අරක්ශ~ කරන්න , එ අනගත ලොකය බෙරගන්න .

    පොස්ට් එක නම් ඉතාම වැදගන්ත් , හැමොම කියවන්න ඔනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා කියපු දේ ඇත්ත.ඒත් මට මෙතනදි ඕන වුනේ නිකාන් එකින් එකා කොටාගන්න අය එකතු කරන්න මිසක් කිසිම ආගමක් ගැන කතා කරන්න නෙවෙයි..මම කියන්න හැදුවෙ තමන්ගෙ ආගම තමන් අදහන ගමන්ම අනිත් ආගම් වලටත් ගරු කරන්න කියන එක..

      කොහොම වුනත් මම නීතියෙන් අන්‍යාගමිකයන්ට තහනම් ආගමික ස්ථාන වලට ඇරෙන්න(යන්න දෙන්නෙ නැති නිසා)අනිත් හැම තැනකටම යන්න පුළුවන් වෙලාවට ගිහින් වැදුම් පිදුම් කරනවා..ඒත් මම හැම වෙලේම හිතන්නෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී ස්වභාවධර්මයට අවනත වෙලා මනුස්සකමින් ජීවත් වෙන විදිය,
      .
      .
      .
      .

      මේ challenge එක මට දිනන්නම වෙනවා..ඒත් මම කැමති නෑ..(කොහොම වුනත් මම ඒක දිනන්න පුළුවන් හැම උත්සහයම ගන්නවා) <3

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?