ඔබට කරදරයක්නම් මම
කරදර නොකිරීමට වගබලා ගන්නෙමි
දැකීමට උවමනා නමුත්..
නොඉල්ලා සිටින්නම් දැකීමට අවශ්‍ය බව..
ඔබ අකමැති නම් මා දැකීමට..
ටිකක් සැර ගැඹුරු කටහඩ ඇසීමට ආස නමුත්...
නොපවසා ඒ බව...
මා සතු ඔබ ගැයූ ගීතය අසන්නම්....
ඒ දුක මගහරවන්නට...
නුඹ අකමැති දේ මම නොකරන නමුත්..
නුඹ මට අකමැති බව දැන දැනත් ..
නුඹව හැරයාමට හෝ..
මා හැරදා නුඹට යන්නට කියන්නට තරම් මා හට ශක්තියක් නොමැත...
මොකද...
දැනටමත් ඔබ මගේ හදගැස්ම වී ඇති නිසාය...
ඇත්තටම මම ඔබට කැමති..
රාවණා රජු නමින් දිව්රමි..
මා රැගෙන විත් ඇති අවසන් හුස්ම බිංදුව තෙක්ම ආදරය කරමි ඔබට..
මෙතෙක් මට හමුවූ සුන්දරම පුද්ගලයා වූ ඔබට...
කෙසේ නම් යන්න දෙන්නද මා හැරදමා...
මගෙ සුදු මැණික...
මගෙ ළගින්ම තියාගන්නවා මිසක...
මේ දවස්වල් සීතල නිසා එක එක සිතිවිලි පහළ වෙනවනෙ..මේකත් එහෙම එකක් තමයි ඈ..
මෙන්න මේකත් අහලම යන්නකෝ...
නිකන් යන එකේ මේ ටිකත් බලලම යන්න ඉතින් වෙලාවක් තියනවනම්... ;)
නොසන්සුන් හිත
අවිනිශ්ච්ත බලාපොරොත්තුව
රිදවීම
ඔබ වෙනුවෙන් නැගෙන කදුළැලි
අනේ මන්ද මෙවුව බැලුවම මාවත් මෙවුව වෙනෝ... කීමට දෙයක් නැත - at හිතට ආ සිතුවිල්ල හිරකරන් ..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හෑ.... මාවත් නිකන් මෙවුවා උනා... සැක්.. එහෙනම් පණූ අක්කෝ.. මට පුද්ගලිකව රහසිගතව අර හිරකරන් ගියා කිව්ව සිතිවිල්ල කියන්න ඈ..
Deleteමේ දවස්වල ශම්මියට අමුතු අමුතු අදහස් පහල වෙනවනේ...කෙල්ලට මොකද මේ වේගෙන එන්නේ ....
ReplyDeleteහිහි...එහෙම නෑ අක්කෝ... සීතල කාලෙට ටිකක් මොලේ අවුල් වෙනෝනෙ ඉතින්... :D
Deleteමේකට වග කියන්න ඕනෙ අර අරූ තමා...
ReplyDeleteමම අහවල් එකක් කරන්නද යකෝ :/
Deleteබිම්සර - යා යා... නැතුව ඉතින්..
Deleteඇනෝ - මම වහාම ක්‍රියාත්මකවන පරිදි ඇනෝ ක්මෙන්ට් කැන්සල් කරනවා.. :/
ඔහොම යං :D
ReplyDeleteහිහි..යං යං....
Deleteසැබැ වෙනසක පෙරනිමිති දිස්වෙනවා...අපිත් සුබ පතන්න එක්වෙන්නම්.
ReplyDeleteහෑ... හිකිස්... ස්තූතියි ..........!!
Deleteසුදු මණික ලඟින්ම තියාගන්නට ලැබේවා !
ReplyDeleteආව්ව්ව්ව් ගොඩාරියක් ටැන්කූ ඔයාට..
Deleteකවි ඇලජික්.. ඒ වුණාට ඔයාගෙ කවිටික නම් තේරුණා.. සරලයි වටිනවා.. මේ අර පූස් පැටියා ගාෆීල්ඩ් ද?
ReplyDeleteනෑ අනේ.... එයාව මම ගූගල් බාප්පාගෙන් ඉල්ල ගත්තෙ සුට්ටකට... අහ්හ්... කවි ටික තේරුනා නම් එච්චරයි...ස්තූතියි සහෝ...!!
Deleteමෙයාටත් පුදුම දේවල් නේ හිතෙන්නේ. හික්ස් :)
ReplyDeleteමේක කවියක්ද ගීයක් ද ? නිසදැසක් ද ?
හිහි...අලේ මල්ලල්ලෑ ඔව්වා... ඔන්න ඔහෙ කියවන්න අයියණ්ඩියේ... :D
Deleteඑකෙන්ම එල
ReplyDeleteආව්ව්ව්ව්.....ටැන්කූ.....!!
Deleteජය!!
එළ ආ..
ReplyDeleteමට ඔහොම අදහස් පහල වෙන්නේ නෑනේ. :(
අහ්හ්හ්... ම්ම්... ඒකට මොකෝ අනේ කරන්නෙ.. :(
Deleteඔ සැබැ වෙනසක් වාගෙ මොකො එක පාරටම වැස්ස නිසා මොලෙ අනිත් පැත්ත ගැහුවද ^_^ කෙසෙ උනත් නියමයි ඇ ඔබට ජය!!
ReplyDeleteයා යා...එහෙම වෙලා.. කාලගුණේ වෙනස් වෙද්දි මොලේ අවුල් වෙනෝනෙ ඉතින්.. :D
Deleteටැන්කූ ......!!!
සාදිරිසාව හෙලා දකිමි :D
ReplyDelete:O :O හෑ... මුනා කියන්නද මන්දා.. පව් මගෙ අහිංසකයා... එක්කෝ එහෙමත් නැද්ද මන්දා.. ^_^
Deleteසුදු මැණික කිවුවම මට කෙනෙක් මතක් උනා. :) එයා මටත් එහෙම කියනවානේ හ්ම්ම්...
ReplyDeleteඅහ්හ්..... ඒකනේ... සුදු මැණිකලා ඔක්කම ඇවිත් මේ පැත්තෙ.. :)
Deleteසු
ReplyDeleteපි
රි
ය
... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මෙන්න රජා කාලෙකට පස්සෙ.. :D :D දැකීමත් සතුටක්.. හිහි ටැන්කූ ලජෝ.....
Deleteදැන් ටිකකට කලින් ඔයා කියුවේ ඇත්ත ෂම්මි
ReplyDeleteම්ම්ම්... ස්තූතියි ඔයාට.. ඔව්.. ඇත්තටම හිතුනු දෙයක් ලියලා දැම්මා..හිහි..
Delete