ඉදලා හිටලා වලියක් දෙකක් ගියාට..
මම ආදරෙයි මගෙ
මැණිකෝ ඔයාට..
තද වුනාම සද්ද
බද්ද දැම්මාට..
බැනපු ගමන් මම
වහනවා නේද කට..
ටිකක් විතර කෑ
ගහනවා පිස්සු නිසා..
ඒ ගැන නම්
ඉවසීමෙන් ඉන්න ඔයා..
රතු කට්ට නම්
පන්නගන්න එපා බබා..
දන්නවා නේද අඩනවා
මම කෑගගහා..
පෙරුම් පුරලා
පෙරුම් පුරලා දැකගන්නෙ..
මොන එහෙකට
ආවාදයි නොදැනෙන්නේ...
ශේප් එකට
චොකලට් එකක් පෙන්නන්නේ..
බොල නරියෝ මට
තියනවා ගණුදෙනුවක්..
එනකම් මම
ඉන්නේ මේ අහුවෙනකම්..
ඕයි,අඩෝ,යකෝ,මචං,බන්,ඉදහන්..
ඔක්කම අල්ලලා
හොද ගුටියක් දෙන්නම්..
උන්නැහෙ ඔයා
පාත් උනේ කොහෙන්ද..
ලොකේම දැන් මම
ගාවයි තේරෙන්න..
කොහෙන් කොහොම
ආවත් මට ඇයි නේද..
දැන් නම්
ඉතින් මගෙම තමයි දැනගන්න...
හිටිවන උනත් මේවා කවි නේද මෙයා
ReplyDeleteඔයා ලියන ඒවා නම් නියම තමා
නම දැක්කත් ඇතිය අපට වෙන්න හිනා
මෙය අවසන් කරමිය මම ජයම පතා
කවි නම් තමයි අමුතු නිසා හිටවන කීවා
Deleteතැන්කූ අක්කෝ අදහස නම් එළම තමා
නම දැක්කාම මේ තරමට ෆේමස්ද මෙමා
ඔබටත් පතන්නෙම ජයයෙන් ජයම මෙමා
හිටිවන කවි කියන්නේ එව්ව හිටගෙන කියන හින්දා නේද .........ඔයා මේ කවි ලිව්වෙ හිටගෙනද
ReplyDeleteහිටවන කියා කිව්වේ වෙන හේතුවක් නිසා...
Deleteහේතුව වූ එයත් පෝස්ටුවකින් දාන්නම්කෝ මෙයා...
මං කොලොප්පමක් අනේ කොලේ
Deleteමම දන්නෝ අනේ... :)
Deleteඅය්යෝ අක්කෙ දැන් කවිත් කියනවද
ReplyDeleteමමනම් නොදනි කවි ලියන්නට
මොනා උනත් පොස්‍ටුව නම් එලම තමා
කොහොම උනත් ඔයත් වැඩ කාරියක් තමා
මම කවි කීවේ එද ඊයේ නොවෙ මලයා
Deleteපරණ පෝස්ට් කියවලාම නැද්ද ඔයා
දන්නැත්තම් ට්‍රයි කරලා බලනු ඔයා
තැන්කූ වේවා අදහස මට වටින නිසා
කවි පද සොඳට අමුනාලා ඇතිය සංදේ
ReplyDeleteරස වින්දා හිනා කකා මමත් හොඳේ
තව තව ලියමු කවි දම්වැල් රස නාදේ
ජයෙන් ජයම මවෙතින් ඔබ වෙතට පිදේ.
නියමමය නියමයි අක්කගේ ක්මෙන්ටුව
Deleteමුළු හදවතම පිරුණා එය දැක්කාම
ලියමු ලියමු අනිවාර්යෙන් කට්ටියම
ඔබටත් පතමි ජය අක්කෝ හැමදාම..
කොහොමත් ශම්මි ලියනා හැටි පිස්සු හැදේ
ReplyDeleteමම ආසම බ්ලොග්වලිනුත් එකකි අනේ
හුරතල් බසට මම රැවටුන හැටිද අගේ
ජයම පතමි හිරුවා දැන් ශම්මි නගේ :)
ඒක නම් අක්කෙ හොදහැටි හිතටම වැදුනා..
Deleteඔහොම එනවනම් ලියනවා තවත් මෙමා..
හුරතල් තමයි ශම්මියා කොහොමත් අනිවා..
ජයම පතමි අක්කෝ ඔබ හටත් මෙමා !!!
මට නම් බැහැ අෆ්ෆා
ReplyDeleteහිටගෙන කවි කියන්න
ඕනෙම නම් ලෙසටා
කියන්නම් වාද බයිලා
මොනවා උනත් අගයමි උත්සාහය
Deleteබලමු එහෙනම් අහලා වාද බයිලාව
මුන් කෙල්ලො ඔක්කම කවි කියන එකෙ අපිට බයිල ත්මයි බන් අන්තිමට ඉතුරු වෙන්නෙ ::D
Deleteඔයාලා කෝමත් බයිලානේ කියන්නෙ..නිකන් නෙවෙයි..රීමික්ස් බයිලා :පී
Deleteමරු කවි සෙට් එක.. කමෙන්ට්සුත් මරේ මරු..
ReplyDeleteජය වේවා...
හිකිස්...ටැන්කූ ටැන්කූ අක්කෝ!!!
Deleteඅදයි ආවෙ මේ පැත්තේ බලනු ඔයා
ReplyDeleteකවි පද හොදට ගැට ගහලා තිබුන සිරා
පද අමුණන්න පතමි හෙටත් මේ විලසා
ශම්මි අපේ නූතන හිටවන කිවියා
__________ඔන්න මේ බ්ලොගෙත් බුක් මාක් එකක් තියගත්තා. ජය
එළ එළ සහෝ අය්යද මල්ලිද මන්දා...
Deleteආයේත් එන්න මේ පැත්තට නොවරදවා...
ස්තූතියි ක්මෙන්ටුවට ජය වේවා..
ඒකත් ඇත්ත මම වෙමි නව හිටවන කවියා...
ටැන්කූ යාළු....
රෑ දෙගොඩේ මම යනවිට බ්ලොග් අස්සෙ
ReplyDeleteදැක්කා ශම්මි නංගි හීනේ උඩ කවි ලියලා
මොනව කියන්න ද නොදනිමි ඒ බලලා
ජයම පතමි තව ලියපන් කල් ඇරලා!!
දැක්කෙමි දෙයියනේ මුන්ගේ රස කමෙන්ටූ
හිතුනා මටත් දෙන්නට හොදි කප් පරිප්පු
ගත්තා දිරිය මට බෑ හිටිවන කවිය
හිටිවන කවිද නෑ මම කීවේ ඉදගෙනය.
හිතුවා සහෝ මමත් කවි කියන්නට..
Deleteපදවැල් ඇමිණුවා එක පිට එක පිටට..
තාලය වැටෙන්නැති නියමෙට කවි ටිකට..
කස්ටිය ආවා තව කවි කියන්නට..
මොනවා උනත් අගයමි ඔබෙ උත්සහය..
පරිප්පුව හොදයි පානුත් තිබ්බාම..
කවිය හොදයි එළිසමයත් දැම්මාම..
එහෙනම් සහෝ ජය ශ්‍රී ඔබහට හැමදාම..
ade kawi :D , මට නම් කවි බහ ඔන්න ම් ජය වෙව ! ,
ReplyDeleteතව් කවි වමාරත්ව ,
අනෙ කාගෙ හරි අහින්සක කන් දෙකක් නෙද කෙල වෙනෙ දෙයියනෙ
අනේ දෙයියනේ මම මේක කෑ ගගහා කියන්නෙ නෑ,බොහොම අහිංසකව බ්ලොග් පෝස්ට් එකක් දැම්මා පමණයි..
Deleteජය වේවා!!
මමත් ආසයි කවි ලියන්නට
ReplyDeleteඒත් මට බෑ ගැලප ගන්නට
අනේ ඔබ මෙන් ජය ලබන්නට
කියා දෙන්නකෝ කවි ලියන්නට
ලියන්නට කවියක්
ඇත්තේය අදහසක්
ලියන්නට අදහසක්
කමක් නැ නේ මෙහෙම ලිව්වත්
මම ආදරෙයි ශම්මි අක්කිට
මෙයා ලියනවා හරි අගේට
ඉතින් ආසිරි පතමි අක්කිට
මෙවන් කවි ගී තව ලියන්නට
ලියමු මලයෝ පුළුවන් විදියට
Deleteවැරදි ඇතොත් හදාගමු ටික ටික
යන විට ලියාගෙන කවි පද පේළි දෙක තුන
කවියෙක් වේවි යතා කාලයකදී නුඹ
:D