ශම්මිගේ යාළුවෝ

Sunday, December 2, 2012

හිතෙන දේ කියන්න?..



හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළියට කියන්න බෑ වගේම තමයි..හැමදේම කියාගන්නත් බෑ.. දාහක් දේවල් හිත ඇතුලෙ ගොඩ ගහන් හිටියට වැඩක් නෑ කියන් බැරිනම්.. 


මොකක්ද??
මොනවා ගැනද මේ කියන්නෙ??

හිතුවා නේද ඔයත් එහෙම..?



                      ඔව් හැගීම් ප්‍රකාශය..එහෙමත් නැත්තම් තව කෙනෙක් ගැන හිතෙන දේ අවංකවම ප්‍රකාශ කිරීම එම පුද්ගලයාටම.. සැහ්..දැන් ඔයාලා බලයි නේ ශම්මියා දැන් මේ මොකාටද එන්න හදන්නෙ කියලා.. මම මේ මට වෙච්ච දෙයක් කියන්න යන්නෙ.. ම්ම්.. කාටවත් කියලා නෑ..(සාදිරිසා දන්නවා)හැබැයි අදටත් මම විදවනවා..හරියටම කිව්වොත් පසුතැවන එකම තැන මගේ මේ අවුරුදු 20ක ජීවිත කාලෙ ඇතුලෙ.. 

             හරි..ඒ දවස ළගයි..මම ස්කූල් යුනිෆෝර්ම් එකෙන්ම ස්කෝලේ ඉස්සරහා අම්මගෙ අතින් ඇදලා දාලා කෑ ගහලා අඩපු.. දෙසැම්බර් 3, 2004 දෙසැම්බර් 3 වෙනිදා..දැනට අවුරුදු 8කට කලින්..මං මගේ අම්මටයි තාත්තටයි පස්සෙ වැඩියෙන්ම ආදරේ පප්පටයි අම්මච්චිටයි..(අම්මගෙ තාත්තයි අම්මයි) ඊට පස්සෙ මල්ලි, දැන් නම් හැබැයි අම්මටයි තාත්තටයි තරමටම අර මැටි අලේට ආදරේයි.. 



          මීට අවුරුදු 9කට කලින් අපේ ස්කෝලේ චෙස් පටන් ගත්තා මම ඒකේ මුල් සාමාජිකයෙක්..එදා ඉදන් අද වෙනකම්ම චෙස් ඇද්දා විතරක් නෙවෙ 2007-2011 වෙනකම්ම අවුරුදු 5ක් පිට පිට චෙස් කැප්ටන් වුනෙත් මම.. හැබැයි කවදාවත් ඒ දේ හිතට සතුටක් ගෙනාවේ නෑ..මම චෙස් පටන් අරන් මාස 4ක් විතර ගිහින් සහභාගි වුනු 2වෙනි තරගෙන්ම මට මෙරීට් සෙටිෆිකේට් එකක් ගන්න පුළුවන් වුනා..ඒකත් අරන් අපි ගියා අම්මච්චි බලන්න..කුරුනෑගල.. අම්මච්චිට ඒක මම පෙන්නුවම එයා කාටත් හොරා මගෙන් පොරොන්දුවක් ගත්තා..ඒ තමයි ඊළග සැරේ එද්දි මෙඩල් එකක් අරන් එන්න කියලා..මම නම් ලේසියෙන් කාටවත් පොරොන්දු දෙන කෙනෙක් නෙවෙයි..මොකද ඒක මට කරගන්න බැරිවුනෙත් මම ලොකු අපහසුතාවෙකට පත් වෙනවා..ඒත පුංචි කාලෙ ඉදන්ම මගෙ හැටියක්..චැලේන්ජ් එකක් වුනත් දිනන්න පුළුවන්නම් විතරයි මම බාරගන්නෙ.. නැත්තම් බෑ කියනවා..නිකන් නෝන්ඩි වෙන්න ඕන නෑනෙ.. හැබැයි එදා මගේ තියන දගකාරකමට හරි මොන එකකට හරි මමත් හා කිව්වා..පස්සෙ තිබ්බ තරග වලින් මට දිනන්න කොයි තරම් චාන්ස් තිබ්බත් මෙඩල් දැක දැකම මම ඒවා මිස් කරා.. වුවමනාවක් වුනේ නෑ මැඩක් එකක් මට..අත්දැකීම් වලින් මගේ නම ඇහුවම මගේ ඔපෝනර් බය වෙන විදියට ඉන්නයි මට ඕන වුනේ.. 


                            එදා තමයි දවස කලින් විභාගෙ ඉවර වෙලා මමයි අපේ නංගි සෙල්ලම් කර කර ඉද්දි ස්කෝලෙන් එක සැරේටම අම්මයි පුංචි මතු වුනා.. ගුවන් හමුදාවෙ සේවය කරපු පුංචිගෙ ඇස් දෙක රතුවෙලා තියනවා මම දැක්ක..නංගි චූටි හින්දා එයාට ඒක ගානක් වුනේ නෑ..කවදාවත් අඩන්නෙ නැති අපේ අම්මත් ටිකක් විතර අවුල් වෙලා වගේ ඉන්නවා කියන එක මගේ හිතට එන්න එච්චර වෙලා ගියේ නෑ..මොන හේතුවක් නිසාද කියන් නම් අදටත් දන්නෙ නෑ හැබැයි පුංචි කාලෙ ඉදන්ම වෙන්න තියන දේවල් කලින් මට පෙන්නුම් කරනවා,අනික දෙයක් වෙද්දි ඒ කොයි දේද,මොන වගේ දෙයක්ද කියලා මට නිකම් ඉවෙන් වගේ තේරෙන ගතියක් තිබ්බා.. අම්මයි පුංචි මාවයි නංගිවයි ස්කෝලෙන් අරන් යද්දි පාර මැද්දෙ හයියෙන් අම්මගෙ අත ගසලා දාලා ඇයි අහුවා මට තාමත් මතකයි..අම්මා උත්තර නොදී තරහෙන්ම මෙන්න මෙහෙට එනවා කියලා මාව ඇද්දම මම මොකක් නිසාද දන්නෙ නෑ ඒක සැරේටම ඇහුවෙ අම්මච්චිට මොනා හරි වෙලාද කියලා.. අම්මා එක සැරේටම කිව්වෙ ඉතින් ඔයා මොනවා කරන්නද කියලා..කකුල් දෙකත් පණ නැති වෙලා පාර මැද්දෙ ඇදන් වැටෙන්න යද්දි අම්මයි පුංචි මාව ත්‍රීවීල් එකකට දාගත්තු හැටි.. ම්ම්.. පස්සෙ මාව තාත්තත් එක්ක බයික් එකේ කුරුණෑගලා යවලා අම්මලා බස් එකේ ගියේ මාව බලාගන්න පුළුවන් එකම කෙනා තාත්තා කියලා අම්මා දන්න නිසා වෙන්න ඇති..කෝමත් පොඩි කාලෙ ඉදන්ම තාත්තට මම හුගක් ළගයි..ඉස්සල්ලා කියලා තියෙන්නෙත් තාත්තා කියලලු..තාත්තා මට එදා රෑ කවන්න හදපු හැටි.. :( ම්ම්.. පස්සෙ හත් දවසේ දානෙ දෙනකනුත් මට උණ... 


       පස්සෙ දවසක් ඊට හරියටම මාසෙකට වගේ පස්සෙ මට එකට මෙඩ්ල් දෙකක්ම ලැබුනා.. ඒකත් ගත්තු ගමන් ඉස්සෙල්ලම අම්මච්චි මතක් වුනත් එයා දැන් නෑ මම ගාව..අම්මච්චිගෙ අන්තිම ඉල්ලීම වුනෙත් ඒක වෙන්න ඇති..ඊට පස්සෙ..ඇත්තටම එදා මම ඇස් දෙකෙන් ඇඩුවටත් වැඩිය හිතින් ගොඩාක් ඇඩුවා..මගේ පුරුද්දක් තමයි කොච්චර අනිත් අයට ආදරේ වුනත් පෙන්නන්න තියන අකමැතිකම..අඩු තරමින් මට පොරොන්දු නොවී ඉන්න තිබ්බා..නැත්තම් ඒක ඉෂ්ඨ කරන්න තිබ්බා.. ඊට පස්සෙ මම බලාපොරොත්තු වුනු විදියටම මගෙ නම කිව්වම අම්මෝ කියලා කෑල්ලක්තු අක්ක අද නම් මම ඉවරයි කියලා මගෙ ඔපෝනර් කියනවා මට ඇහිලා තියනවා ඕන තරම්..පිට පිටම අවුරුදු 5ක් චෙස් කැප්ටන් වුනත්, පස්සෙ මගෙ ස්කෝලෙටම කෝච් කෙනෙක් වුනත් මට ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ.. ඒ හැමවෙලේම හිත කඩාගෙන වැටුන එක විතරයි වුනේ..මම අඩුම තරමින් මම අම්මච්චට ආරෙයි කියලවත් කියලා තිබ්බෙ නෑ... මට ක්‍රියාවෙන්වත් කරන්න බැරිවුනු දේ මම වචනෙකිනවත් කරා නම් කියලා හැමවෙලෙල්ම පසුතැවීමක් හිතට එනවා.. 

   ම්ම් හරි අප්පොච්ච්යේ පෝස්ට් එකේ දිග..මෙයාලා අල්ලන් ගහයිද මන්දා මට.. හෙට දවසට අවුරුදු 8ක් වෙනවා..අනේ මන්දා.. කවදත් මගේ හිත රිද්දන දෙයක් තමයි මේ.. 

                        මම ඕකෙන් ඉගෙන ගත්තා හැබැයි එක දෙයක්..මට හිතට එන ඕන දෙයක් මම කියනවා..අනික මට පුළුවන් උපරිමෙන් අනිත් අය වෙනුවෙන් මම යමක් කරනවා..මගේ අම්මට තාත්තට ,මල්ලිට..යාළුවෙක්ට පවා හිත ඇතුලෙන්ම මම අවංකවම කියනවා මට එයාලා කොයි තරම් වටිනවද කියලා.. මනුස්සයෙක්ට දෙන්න ඕන වටිනාකම දෙන්න ඕන ඒ මනුස්සයා අපි එක්ක ඉද්දි.. නැතුව අපෙන් වෙන්වුනාට පස්සෙ මිනි පෙට්ටිය බදාගෙන ඇඩුවා කියලා ඒ කෙනාට එ්වා ඇහනේනෙ නෑ.. නිකන් අපේ හිතට පසුතැවිල්ලක් එකතු වෙනවා විතරයි.. අනිත් මිනිස්සුන්ට අපි වටිනාකමක් දෙන තරමටි තමයි අපේ ජීවිත වලටත් වටිනාකමක් ලැබෙන්නෙ..ඉපදිලා ඉදලා මැරෙන ටික කාලෙ අනිත් අය ගැනත් ටිකක් හිතනවනම් ඒකත් ලොකු දෙයක් අපේ හිත් වලටම.. ටිකක් හිතලා බලන්න අනිත් අය අපි ගැන හිතන හැටි, අපි ගැන කරදර වෙන හැටි, අපි ගැන හොයලා බලන හැටි, අපිට ආදරේ කරන හැටි,අපිව පරිස්සම් කරන්න හදන හැටි, අපිත් එහෙම කරනවද?? සමහර විට අපි ඒ අය ගැන ඒ තරම් තැකීමක් කරන්නෙ නැති වුනත් ඒ අය අපේ හැම ඕනෑ එපාකමක්ම හොයලා බලන්න තරම් අපිට කොයිතරම් ළෙංගතු ඇතිද කියලා.. 

       මගේ බ්ලොග් එකට ඇවිල්ලා පුංචි ක්මෙන්ට් එකක් දාලා..මං වටේට මම ලියන ඒවා කියවන්න එන ඔයාලා උනත් මට ගොඩක් වටිනවා..ඇත්තටම...ඒක එහෙම නොවුනා නම් කලින් ආසාවට පටන් අරන් දැන් පුරුද්දට වගේ ලියන බ්ලොග් එකෙනුත් වැඩක් නැති වෙනවා..ඔයාලා මාව කියවලා මට වටිනාකමක් දෙනවා වගේම මටත් ඔයාලව වටිනවා..






26 comments:

  1. මාත් හැම වෙලේම කියන්නෙ දෙයක් උනාට පස්සෙ පසුතැවිල වැඩක් නෑ... පුලුවන් කාලෙ ඉන්නකන් හොදට බලාගන්න ඔනෙ..

    කොම්පීතරේ ඇතුලෙ හිල වෙලා ඉදල බඩත් සිදෙනො අප්ප... ;)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒකයි දැන් මමත් පාඩමක් ඉගෙන ගත්තෙ.. ඊට පස්සෙ ඉදන් මම එහෙම නෑ.. ඒ දවසවල තේරෙන්නෙත් නෑනෙ අපිට..දැන් ළමයි වගේ පණ්ඩිත නෑනෙ..හුරතලේට හැදුනා මිසක්..

      Delete
  2. හෑ ශම්මිය මගෙ වයසෙනේ. මම හිතුව අක්කෙක් කියල :O
    අපෙ අත්තම්ම නැතිඋනා ශම්මියො :(
    ඊයෙ භුම දානෙ කලේ. පුදුම දුකයි :( ඒත් එයා ජීවත් වෙලා ඉන්න කාලෙ නම් මම එයා දැනගෙන හිටිය මමම් එයාට කොච්චර ආදරේද කියල. ඒ ගන පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත. ඉවර කරන්න බැරි උනා තාම. අද තමයි මේ නිදහසක් ලැබුණෙ :(

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්...කණගාටුයි යාළු මට..!! අපේ අම්මච්චිත් දැනගෙන හිටියා ඒත්..මටත් යුතුකමක් තිබ්බා එයා ඉල්ලපු දේ ඉෂ්ඨ කරන්න.. :(

      Delete
  3. අස්ථිර ජිවිතේ කිසිම දෙයක මහා බලාපොරොත්තු තියාගන්න බැ ශම්මියෝ.සමහර බලාපොරොත්තු ඉටුවෙනවා සමහර දේවල් පෙනි පෙනි නැතිව යනවා.මේක තමා ජීවිතය.

    //මගේ බ්ලොග් එකට ඇවිල්ලා පුංචි ක්මෙන්ට් එකක් දාලා..මං වටේට මම ලියන ඒවා කියවන්න එන ඔයාලා උනත් මට ගොඩක් වටිනවා..ඇත්තටම...ඒක එහෙම නොවුනා නම් කලින් ආසාවට පටන් අරන් දැන් පුරුද්දට වගේ ලියන බ්ලොග් එකෙනුත් වැඩක් නැති වෙනවා// මේ ගැන මාරයාගේ බ්ලොගේ අපි ඊයේ එළිවෙනකම් වාද කළා. ඒත් මේ කලාවට ආධුනික අපි තාමත් කැමතියි අපේ පැත්තතේ කවුරුන් හෝ එනවට. ශම්මි නම් හැමදාමත් ආවා ගියා . ඒත් මම මේ ලිංකුව දානවා. මොකද ලිංකුව ආධුනිකයන්ට වඩාත් වටින නිසා. බ්ලොග් කලාවට අලුත් කොල්ලනේ කෙල්ලනේ වරෙල්ලා.මං එනවා උඹලගේ පැත්තේ කව්රු නාවත්.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මමත් ඒ බ්ලොග් එක පැත්තට ගිහින් ආවා ඊයේ...මුලින්ම වගේ ගිය නිසා ඔව්වා නම් දැක්කෙ නෑ... //සමහර දේවල් පෙනි පෙනි නැතිව යනවා.// ඇත්ත...

      Delete
  4. අලේ...ශම්මි කෙල්ල චෙස් කැප්ටන් කෙනෙක් කියලා මම දැනගෙන උන්නේ නෑනේ... :D
    අර කිව්වත් වගේ ශම්මියො ලඟ ඉන්න කාලෙ අපි අනිත් අයව බලා ගන්නෙ නැතුව...ආදරේ දෙන්නෙ නැතුව ඉඳලා...නැති උනාට පස්සෙ ඒ ගැන දුක් වෙලා පලක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව්නි...ඒක මම කියලා කාටවත්...ම්ම් ඔව් ඒකනේ අක්කෝ... ළග ඉද්දි කිසිම වටිනාකමක් දෙන්නෙ නැතුව ඉදලා නැති වුනාට පස්සෙ ඒ ගැන දුක් වුනා කියලා වැඩක් නෑනේ..

      Delete
  5. හිතෙන හැම දේම කියන පුරුද්ද නිසා.. මට නං ලෝක ප්‍රශ්න.. :/ යාලුවොන්ගෙන් .. බාගෙට බාගයක්ම නති උනා.. :( එපා වෙනොනේ අෆ්ෆා .. අනික් එක.ඉතින් මමනන හිතෙන දේ කියනවා විතරක් නෙවෙය් කරනවත් එක්කනේ.. :( හේ හේ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ඔය ප්‍රශ්නෙ නම් මටත් තියනවා...මටත් ගොඩක් යාළුවො නැතිවෙලා තියනවා හැබැයි..මම කියපු දේවල් නිසා එයාලා එයාලාගෙ ජීවිත හදාගෙන තියනවා.. පස්සෙ ආයෙමත් කාලෙක ඇවිත් හම්බවෙනවා..

      Delete
  6. වෙන්වීම අත්විදින කෙනාට රිදෙන දකින කෙනාට හිත හදන්න පුළුවං දෙයක් කියල හිතෙන දෙයක්.... ඒ නිසා නැති වුණාට පස්සෙ දුක් වෙන්න එපා කියල මම කියන්නෑ.......

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත...මමත් එකගයි ඔයා එක්ක..

      Delete
  7. මේක කියෙව්වම මටත් මගේ ආච්චිව මතක් වුනා. එයා නැති වුනේ මම උසස් පෙළ කරද්දී. එයා එක්ක තමා මම පොඩි කාලේ වැඩි හරියක් හිටියේ. සෙල්ලනුත් කළා ආච්චි එක්ක. මම හිතන්නනේ අපේ ආච්චි නම් දැනන් හිටිය මම එයාට ආදරේ බව.

    ඔව් ශම්මියෝ අපි සමහර වෙලාවට අපේ හැගීම්, අපි එයාලට කොච්චර ආදරේද, අපිට එයාලව කොච්චර වටිනවද, කියල කියන්න මැලි කමක් දක්වනවා. ඒත් නැති වුනාම දුක් වෙනවා. ඔයා කියන එක හරි. ඉන්න කාලේදී ඕනේ ආදරේ පෙන්නන්න. එතකොට එයාලටත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සමනළි... අපි ගාවින් ඉන්න කාලෙදි වචනෙකින් හරි අපිට එයාගෙ වටිනාකම කියන්න පුළුවන්නම් ඒකත් ඒ කෙනාට ලොකු දෙයක් වෙයි..ආදරේ කරන්න පුළුවන්නම් කියන්න බැරි කමක් නෑනේ නේද.. කෙනෙක්ට එයා ගැන අපිට හිතෙන දේ කියන්න පුළුවන්නම් ඒකත් සෑහෙන්න වටිනවා..

      Delete
  8. "මනුස්සයෙක්ට දෙන්න ඕන වටිනාකම දෙන්න ඕන ඒ මනුස්සයා අපි එක්ක ඉද්දි."
    මේ කතාවනම් ඇත්තම ඇත්ත..
    මගේ නම් ආච්චිලා සීයලා මම පොඩි කාලේදී නැතිවෙලා එක නිසා මට ආච්චිලා සීයලා නැති අඩුව ගොඩක් දැනෙනවා

    පොස්ට් එකේ ඔක්කොම හොදයි හැබයි අර අහිංසක කොල්ලට "මැටි අලේ" කියන එක තමයි පවු වැඩේ :D :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මගෙත් දැන් ඉන්නෙ පප්පා විතරයි(අම්මගෙ තාත්තා).. අම්මච්චි නැති අඩුව හුගක්ම දැනෙනවා මට අදටත්..එයාට ගොඩක් ළග නිසාමද කොහෙද...
      හෑ... මක් කිව්වා.. :O :O :O :O අහිංසක..????? ඔන්න ඉතින් මට ලැප් එක පොළවේ ගහන්න හිතෙනවා දැන්නම්...

      Delete
  9. adamai shammi me paththata awe...
    hoda blog ekak...
    sooii
    hamadama ennam me paththe...
    jaya ....!

    http://katumatige.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔයාව..ස්තූතියි ඔයාට..අහ්හ්..කටු මැටි ගේ..මම යන එන තැනක්නෙ.. මගේ බ්ලොග් ලිස්ට් එකෙත් තියනවා..

      Delete
    2. ela ela...
      piligaththata tnz kiwwa... :D
      elz...
      onna kiwwa wagema adath mama awa...
      :D

      Delete
    3. හිහි....ටැන්කූ යාළු....!!

      Delete
  10. සංවේදී ලිපියක් ශම්මි.ඇත්ත තමයි මැරුණට පස්සේ කෑගගහා අඩලා වැඩක් නැහැ ඉද්දියි ආදරේ පෙන්වන්න ඕන වචනයෙන් ක්‍රියාවෙන් දෙකෙන්ම.එත් ගොඩක් ය ඕක තේරුම් ගන්නේ නැහැ.ඒකනේ නැති වුනාම තමයි වටිනාකම වැඩියි කියලා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා... අපි හැමෝම අපි ගාවින් කෙනෙක් ඉන්නකොට ඒ කෙනා ගැන කිසිම ගානක් නැතුව ඉන්නවා..නැතිවුනාට පස්සෙ අනේ හිටියා නම් කියලා හිතනවා..ළගින් ඉන්න ටික කාලෙදි හරි ඒ ජීවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද ඒක..

      Delete
  11. කෙනෙක් නැති උනාම ඒ කෙනාගේ අගේ වැඩියෙන් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඉන්න කාලෙදි අපි එයා වෙනුවෙන් මුකුත්ම නොකරම පසුතැවිල්ලකුත් දැනෙනවා..

      Delete
  12. මටනම් අපේ අත්තම්මා හොදයි. ආච්චි (ආම්ගේ ආම්) ගැන තියෙන ආදරේ නැතිවුණා එයාගේ වැඩ හින්දා.

    පෝස්ට් එක සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම...මට නම් දෙන්නම හොදයි..ඒත් මම වැඩියෙන් ආදරේ අම්මච්චිට(අම්මගෙ අම්මා) එයා මගේ ළගින්ම හිටියා පොඩි කාලෙ ඉදන්ම...ස්තූතියි අය්යණ්ඩියේ!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?