Friday, October 19, 2012

පිදිය නොහැක බැදීම,වෛර කරන නිසාවෙන් ඔබට


නිදන්නට හිතයි විටක
සියල්ල අතැර දමා..
සදහටම මිහිදන්ව
අඩි අටක් යටට...

නන්නාදුනානා
මගේම වූ ඔබ
හදුනා ගත්තත් පෙර දිනයක...
ආදරය කිරීමට හෝ කැමති වීමට නොහැක ඔබට..
මන්ද,වෛර කරන නිසාවෙන් ඔබහට
අන් කිසිවෙකුටත් කිසිමදාක වෛර නොකළ මම..

පුංචි එකියක් නිසා හිතද පෑරිය නොහැක..
මම වගේම වූ චූටි කෙල්ල...
හුරතල් වෙන්නට හදයි මා සමග...

නංගියේ..නුඹේ බැදීමට මට කිසිම දාක හිතේ ඉඩ දිය නොහැක..
හිතට එකගව කල නොහැකි දෙයකි එය..
වෛර කරමි ඔබට හැමදාම..
සතුට නැතිවුනේ ඔබ නිසාවෙන්ය...

රිදවිය නොහැකි නිසා ඔබ..
රිදවා ගනිමි මම මගේ සිත...
රවටමින් මාවම...
සදන්නට උත්සාහ කරන්නම් ...
මා කෙරෙහි ආදරයෙන් පිරි  ඔබේ  සිත...

විදවමි මම හැමදාම...
නුඹ ආ නිසා මගෙ ලොවට..
හිතෙයි නැති කරගන්නට මා සතු වූ ජීවිතය..
කළකිරී ජීවත්ව නොහැකි නිසා හැමදාමත් මට..

එතෙක් ආශීර්වාද කරන්නම් ඔබට..
හදෙහි උපන් අමුතුම ළෙංගතු කමක් ඇති නිසාවෙන්..
නමුත් පිදිය නොහැකි නුඹ එක්ක ඇති මගේ බැදීම..
ජය ශ්‍රී!!!!!!!!


ප.ලි - අනේ මම දන්නෑ මේක ලිව්වෙ ඇයි කියලා.මට මේක තේරෙන්නෙත් නෑ..  :(  

20 comments:

  1. හ්ම්ම්ම්ම් (කියන්න ඕනේ ඔක්කොම ඔන්න මේ වචනේ ඇතුලේ )
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!
    සුභ උපන්දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම කියන එකේ කොහොමත් ලොකු තේරුමක් තියනවා..අනේ මන්දා.. :)

      Delete
  2. කව්ද බොලේ මේ නංගි?.

    ReplyDelete
    Replies
    1. නිශාන් අය්යා..මටත් හිතාගන්න බැරිව ඉන්නෙ මොකට ලිව්වද? මොකාට ලිව්වද කියලා.. :/

      Delete
  3. Adi maath kalpana kale ai oya mehema ekak livve kiyala

    ReplyDelete
    Replies
    1. කල්පනා කොරන්ට එපා අය්යෝ... මටවත් තේරෙන්නැතුව මම ඉන්නෙ මේ.. :/

      Delete
  4. Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්..

      Delete
  5. මාවත් අන්දොස් වෙලා ගියා

    ReplyDelete
    Replies
    1. වැඩි වෙනසක් නෑ මටත්...

      Delete
  6. Replies
    1. අනේ මන්දා..හයියූ.....

      Delete
  7. මට තේරුණේ නැත... (මටත් ඔහොම කියන්ට වුණානේ)... අර හැක් කරන කතා එහෙම නං මට තේරුණා... ඒත් මේක තේරුණේ නැ... ඉතින් මොකද කරන්නේ ඒකට?
    දැන් අසනීප සුවදෝ????

    ReplyDelete
    Replies
    1. අසනීප නම් දැන් හොදයි... අලේ මටත් තේරෙන්නෙ නෑනේ අනේ... සැක්..ඒ නිසා කමක් නෑ...

      Delete
  8. තෙරුනේනම් නැත. මේ තමයි මේ අඩවියට මම ආව පලවෙනි පාර මේ වගේ අන්දොස් දෙයකින්ද පිළිගන්නේ. අයියෝ සල්ලි. කමක් නැහැ. ඔන්න මමත් දැන් මේ පැත්තේ යන එන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. :( අනේ සමාවෙන්න ඕනි.. මහත්මයා.. මට තේරෙන්නෙත් නැති පෝස්ටුවක් තමයි මේක... ස්තූතියි ආවට..ඒවගේ සාදරයෙන් පිළීගන්නවා...මතක ඇතුව ආයෙමත් එන්න...

      Delete
  9. ඕනම දෙයක් නිකන් ලියවෙන්නේ නැහැ නංගෝ..මොකක්හරි පොඩි කතාවක් තියෙනවාමයි.....

    ReplyDelete
  10. තේරෙන්නේ නෑනේ.. :(

    ReplyDelete
    Replies
    1. සහෝදරයා දුක් නොවන්න..මට තේරෙන්නෙත් නෑ ලිව්වට.. :(

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?