Tuesday, November 27, 2012

තමන් තමන්මවීම සහ තමන්ගෙ පාලනය තමන් අතට ගැනීම




ලස්සන ඇතුළෙ ලස්සන දකින්න ලස්සන ඇස් දෙකක් තියෙන්න ඕන නෑ.. එකම දේ ලස්සන දැක්මක් තියෙන්න ඕන..පටු නොවන වගේම පුළුල් වුනත්
දෙයක් දිහා හදවතින් බලන්න පුළුවන්කම තියෙන්න ඕන.. ඔන්න පෝස්ට් එක පටන් ගත්තා.. හැබැයි තාම මගේ මීටරේට වැටුනෙ නෑ මම මේ මොකක් ඔලුවෙ තියාගෙන කියවනවද කියලා.. කොහොම හරි.. ඔන්න මට ෂුවර් පෝස්ට් රාජයා දිග වෙනවා අද නම්..

         මුලින්ම පටන් ගමුකෝ අපෙන්ම,අපි,අපි නැත්තම් කියමුකෝ මම කියලා(තමන්) තමන් කොයි වගේ කෙනෙක්ද?මොන දේවල් වලටද ආස? මොනවගේ හැගීම්ද තියෙන්නෙ?තමන් ගැන වැඩ්යෙන්ම දන්නෙ තමන්..කොහොමත් ඒකනේ ඇත්ත.. හරි.. අපි කෙනෙක්ව අදුර ගන්න කලින් අපි අපිවම අදුරගෙන ඉන්න ඕන..හරි මතක් වුනා.. මගේ යාළුවෙක් මගෙන් අහපු මොකක් හරි ප්‍රශ්නයක් ගැන තමයි මේ කියවන්න හදන්නෙ..අපි මුළින්ම තේරුම් ගන්න ඕන තමන් කොයි වගේ කෙනෙක්ද කියන ඒක..දැන් ඔයාලා කියයි ශම්මි මේ මැන්ටල් කතා කියන්න එපා,ඔයා හිතන්නෙ මේ අවුරුදු 15,20ක ජීවිතේ අපි නිකන් ගෙවලා දැම්මද,අපිව තේරුම් ගන්නෙ නැතුව කියලා..ඔව්..ඔයා හරියටම හරි..ඔයා තේරුම් ගත්තෙ නෑ ඔයා කවුද කියලා..මොකද ඔයා ඔයා ගැන හරියට තේරුම් ගත්තා නම් ඔයා අවුරුදු 20ක් වෙද්දි ඔයාගෙ ජීවිතේ ඉතුරු මුළු කාලෙම ප්ලෑන් කරලා ඉවරයි..දැන් ඔයා කියයි ඔව් මං එහෙම තමයි කියලා..ඒත් මම කියනවා නෑ ඒක එහෙම නෙවෙයි, ඔයා ප්ලෑන් කරා නම් ඔයාගෙ ප්ලෑන්,ඔයා මේ කාලෙදි ගන්න තීරණ,ඔයා කරන දේවල්,ඔයාගෙ සාමාන්‍ය වැඩ කටයුතු..ඔය කියන එව්වා ඔයා සැරින් සැරේට වෙනස් කරන්නෙ නෑ..


                 ඔයාට කරන්න පුළුවන් එකම දේ බැක්අප් ප්ලෑන් එකක් තියා ගන්න එක විතරයි..ඒ කියන්නෙ ඔයාට අවුරුදු 23 වෙද්දි ඔයාගෙ ඩිග්රී එක කරගන්න හමුබවුනේ නැත්තම් ඔයා ඒ කාලෙදි ජොඩ් එකක් කරනවා, නැත්තම් ඔයාට පරිගණකය පැත්තෙන් යන්න බෑ කියලා හිතෙනවා නම් ඔයා ටුවරිසම් පැත්තෙන් යනවා..ඔය වගේ.. කෙටියෙන්ම කිව්වොත් ඔයාට එක දෙයක් කරගන්න ලැබුනෙ නැත්තම් ඒක අතැරලා අනිත් එකට යනවා වගේ..මේක ඔයාගෙ ජීවිතේ ඔයයි ඒක පිළිබද තීරණ ගන්න ඕන.මම කියන්නෙ අම්මා තාත්තා කියන එක අහන්න එපා කියලා නෙවෙයි...ඔයා ගන්න තීරණ වල වගකීම තියෙන්නෙ ඔයාට..එතකොට ඔයා කොහොම හරි ඔයාගෙ ඉලක්කයට යන්න බලනවා..දෙමව්පියො තීරණය කරන දේවල් ඔයාලාත් මුලින්ම කැමැත්තෙන් කරනවා..පස්සෙ වැරදුනොත් කියනවා අම්මලා නිසා තමයි මෙහෙම වුනේ..මට ඕන දේට ඉඩ දුන්නෙ නෑනේ..අම්මපා මගෙ ළමයෙක් වුනා නම් මිරිකනවා බෙල්ල, ඇයි ඔයා අනිත් අයට වැරද්ද දෙන්නෙ..තමන්ට තමන් ගැන තීරණයක් ගන්න බැරි නම් මෙච්චර කල් ජීවත් වුන එකත් අපරාදේ..ඔය වගේ..ඔයාගෙ හැගීම්..ඔයා මොන දේට මොන විදියටද මූන දෙන්නෙ.. ඔය වගේ දේවල්..ඔව්වත් එහෙමයි.. 



           ඔයාට දෙයක් කොයිතරම් දුරට ගැලපෙනවද නැද්ද, රස්සාව,අධ්‍යාපනේ දැන් හරි..කරන ඩිග්රි එක හරි මොක හරිත් දැන් කරගත්තා නෙ.. දැන් බැදීම්.. ඇති කරගන්න දෙයක්,බැදීමක්..ඒක තාවකාලික එකක් නොවී ජීවිත කාලෙටම තියාගන්න..ළගින්ම.. ඔයාට විතරක්ම සීමා වෙච්ච කෙනෙක්..ඔයාගෙ විතරක්ම කියලා කියන්න පුළුවන් කෙනෙක්..ලෝබ නැතුව කට පුරා මගේ කියලා කියන්න පුළුවන් කෙනෙක්..මගදි දාලා යන්න නෙවෙයි..අතරමග නතර කරන්න නෙවෙයි..දැන් ඔයාලා කියයි ඉතින් ශම්මි ගැලපෙන්නෙ නැත්තම් වෙන්වෙන එක හොදයි මුලදිම කියලා.. පිස්සුනේ.. ගැලපෙන්නෙ නැත්තම් මොන කෙහෙල් ගෙඩියටද ආදරේ කරේ..


        අහන්න..යාළුවෙන්න ලේසි..ඒත් ආදරේ කරන්න අමාරුයි.. මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා කියන්න පුළුවන්.. ඒත් මේ මගේ ආදරවන්තිය කියන්න අමාරුයි..ඒකට එහෙමත් කෙනෙක් වෙන්න ඕන.. ඇයි ඒ..?? දැන් එහෙම හිතයි..ඔව් ඒක එහෙම තමයි..මොකද ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරා,මැසේජ් කරා..කතාව ඉවරයි..දෙයක් කියද්දි වුනත් බ්‍රේරේක් ගහ ගහ කියන්න ඖන.. ඒත් ආදරවන්තියට එහෙම නෑ..එයා ඔයාගෙ ආදරේ දිනාගත්තු හිත ඇතුලෙ ජීවත් වෙන චරිතයක්..එයා ෆෝන් එකට එන මැසේජ් එකකවත්,චැට් කන්ෆරන්ස් එකකවත් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි.. ගෑල්ලමෙක් වුනාම.. අම්මා වගේ බලාගන්න පුළුවන් වෙන්න ඕන..අක්කා වගේ පරිස්සම් කරන්න ඕන..නංගි වගේ කරන හැමදේටම සපෝර්ට් කරන්න පුළුවන් වෙන්න ඕන..යාළුවෙක් වගේ රහස් බෙදා ගන්න පුළුවන් වෙන්න ඕන..ආදරවන්තියක් වගේ සැහැල්ලුවෙන් ඉන්න චරිතයක් වෙන්න ඕන..බිරිදක් වගේ ජීවිතේම බෙදාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන..දුවෙක් වගේ ඕන එපා කම් හොයලා බලන කෙනෙක් වෙන්න ඖන..ඔය හැම චරිතෙම එක රෑපයක්,එක පුද්ගලයෙක් ඇතුලෙ තියනවා නම් එයා ඔයාට ගැලපෙනවා..එහෙනම් ඇයි නවත්තන්නෙ.. ඔයා එහෙම නවත්තනවා නම් ඒක ඉතින් අනිවාර්යයෙන්ම චිට් එකක් දීලා හරි,වැරදි නම්බර් එකක් නිසා හරි ඇති වෙච්ච බැදීමක් වෙන්න ඕන..සොරි... ඒකට බැදීමක් කියන්න බෑ..ඒක නිකන් යාළුකමට එහා ගිය තවත් එක යාළුකමක් විතරයි..



              දැන් අහයි මේ දේවල් කරන්නෙ කොහොමද කියලා..ඇයි බැරි?? මෙච්චර කල් ජිල් ගැහුවද.. :/ බැරි නෑ..මුලින් තමන් තමන්ම වෙන්න.. හරියටම කිව්වොත් ඔයාගෙ පාලනේ ඔයා අතට ගන්න.. ඒ කියන්නෙ මෙහෙමයි..ඔයයි,ඔයාගෙ හිතයි,ඔයාගෙ මනසයි තුන්දෙනාගෙම කැමත්ත එකක් වෙන්න ඕන..කොතනකදිවත් එක්කෙනෙක්ට මුල්තැන දෙන්න එපා..එහෙම වුනොත් වැඩ වරදිනවා..තුන්දෙනාටම හිතන්න වෙලාව දෙන්න..ඊට පස්සෙ තුන්දෙනාම එකම තීරණයකට එන්න.. එතකොට තමයි ඔයාගෙ පාලනය ඔයාගෙ අතට එන්නෙ..නැත්තන් ඔයාගෙ හිත වෙනම නටනවා..එයා ඉල්ලන දේ මනස එපා කියනවා.. ඒ අතරට මැදිවෙලා ඔයා නියන් කරදරේ වැටෙනවා...


           බය වෙන්න එපා..පුරුදු වෙන්න...පැනලා යන්න එපා..මූණ දෙන්න.. ජීවත් වෙන්න එපා..ජීවිතේ විදින්න.. බලන්න දෙයක් දිහා..ඒකෙ තියන ලස්සන විතරක්..හොද දේ විතරක්.. අනවශ්‍ය දේවල් වලට කාලෙ වැය කරන වෙලාවෙ හිතන්න මුළින්ම තමන් ගැන.. ඊට පස්සෙ තමන්ගෙ වටපිටාවෙ තියන දේවල් ගැන.. තමන්ට හරි දේ,වැරදි දේ,ගැලපෙන දේ නොගැලපෙන දේ ගැන... හිතන්න එපා හෙටක් ගැන..ඒත් ප්ලෑන් කරලා තියන්න.. හීනයක් දකින්න..සමහර විට සැබෑ ලෝකෙන් නොලැබෙන සතුටක්,සැහැල්ලුවක් ඒ හීනෙන් ලැබෙනවා..ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙන්න... දැන් මෝඩ ප්‍රශ්න අහන්න එපා හීන කැඩෙනවානෙ කියලා.. නෑ හීන කැඩෙන්නෙ නෑ..එහෙම වෙන්නෙ කොහොමද..ඒවා දකින්නෙ හදවතින්නෙ..හීන කැඩෙනවා කියලා කියන්නෙ එහෙනම් ඔයාගෙ හිත අවුල් වෙලා.. හොද දෙයක් හිතන්න,හොද දෙයක් ප්‍රාර්ථනා කරන්න..හොද දෙයක් කරන්න..ඔයාටත් හොද දෙයක්ම ලැබෙයි..!! ජය!!


25 comments:

  1. TL;DR පොස්ටුව නිසාම කියෙව්වේ නැත , ඊටත් ලියල දේවල් අඩංගු දෑ අවුල්ය..

    ReplyDelete
    Replies
    1. ක්මෙන්ටුව අවුල්ය... කරුණාකර යළිත් පහදා දෙන්න..

      Delete
  2. තේරුණා... හොඳට තේරුණා... ඒත්... මං මෙවුව තේරුම් ගන්න යන්නේ නෑ..
    ජය වේවා !!!
    සිනා බො වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මල හත්තිලව්වයි... ඒ මොකෝ ඒ...ඔයත් පණු අක්කියා පෞද්ගලිකව කරුණු පහදා දෙන්න..

      Delete
  3. පිස්සුනේ, ගැලපෙන්නෙ නැතිනම් මොන කෙහෙල්ගෙඩියටද ආදරේ කලේ..

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ... පිස්සුනේ..

      Delete
  4. මේව කියවන්න අපි තාම පොඩි වැඩී වගේ... යථා කාලෙදි ආයි කියවලා තව කොමෙන්ටු පාරක් දාන්නං...

    ReplyDelete
    Replies
    1. හප්පුච්චියේ...හාකෝ හාකෝ....දැන්ම කියව්වත් කමක් නෑ..අවශ්‍ය දේ අරන්..අනවශ්‍ය දේ බැහැර කරන්න...

      Delete
  5. අම්මට සිරි කීවලු ..එලටම තේරැණා..ඒත් ගැලපෙන් නැත්නම් මොන එහෙකටද ආදරේ කරේ කියලා මට නම් එයාගෙනුයි අහන්න වේනනේ...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!! හැහ්...අහන්ට.. මම එපා කියන්නෙ නෑ.. ඇසිය යුතු දේ ඇසිය යුත්තාගෙන් ඇසිය යුතුය්.. හිහි... ස්තූතියි ඔබටත් ජය!!

      Delete
  6. ගැලපෙන්නෙ නැථ්තම් ඇයි ආදරේ පටන් ගත්තේ....හි හි හි කියෙව්වමත් හිනා ගියා ශම්මියො...මතක නේද මට වෙච්ච දේ....

    ReplyDelete
    Replies
    1. යා යා... ඒ වගේ තමයි... හිහි...

      Delete
  7. ම්ම්ම් තේරුනා තේරුම් ගන්න ට්‍රයි කරමින්.... :)

    ReplyDelete
    Replies
    1. හිහි.... ට්‍රයි කොරාම ඉගිල්ලෙන්න පුළුවන් කියනවානේ....

      Delete
  8. ගොඩක් දේවල් ශම්මි සරලව කියලා තියෙනවා. මම හොඳට වෙලාව අරන් තේටුමත් එක්ක කියෝ ගත්තා. නියම පෝස්ටුවක් !!!
    මේ වගේ වෙන පෝස්ට් නැද්ද ශම්මි නංගි ?

    ReplyDelete
  9. Replies
    1. හිමින්සීරුවේ එක එක කියවන්නම්...

      Delete
    2. හරි අයියණෟඩියේ...!!

      Delete
  10. පෙම්වතියක් ...

    හොඳම යහළුවෙක්
    අම්මෙක්
    ආදරණිය බිරිඳක්
    හෙදියක්
    සහෝදරියක්
    තවත් විටෙක අධිකරණයක්ද විය යුතුයි...

    කෙන්ක්ව තේරුම් ගන්නවාට වඩා පහසුයි.. අදාළ කෙනාගේ පුරුදු ගැන සලකලා.ඒ අනුව හැඩ ගැසීම.. හැඩ ගැසීම කියන දේ හොඳින්ම කරන්න පුළුවන් ගැහැනුන්ටය.. පිරිමි අපි අසරණයට... අපිට හැඩ ගැසීමක් නොමැත..හැඩ ගැසෙන්නට බැරි කමක්ද නැත.. නමුදු,,එයිට වඩා වැඩ ඒමට..ඇත... (පවුලේ බර උස්සන්නේ කියා කියමනක් ඇත,, නමුදු..ඔය කියම මම සිංදු ඉදිරියේ කියන්නට ගොස්.. අම්බානෙට පජ උනෙමි..ආයේ කවදාවත් කියන්නේ නැත.. කෙල්ලෝ මේකට හොඳ පිළිතුරක් සොයාගෙන ඇත )

    හොඳම දේ.. හැඩගැසිමයි.. ඔබ ඔහුට අනුව හැඩ ගැසෙනවානන්... ඔහුද ඔබට අනුව හැඩ ගැසේවි...


    භාෂා රටාව ගැන නොතකන්න. ;-)

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයා උනත් හරියටම කියලා තියනවා..ඒකග වෙමි අවිවාදයෙන්ම.. හරියටම හරි..ඔයාලට හැඩගැසෙන්න අමාරු නිසා.. අපි හැඩ ගැහෙනවා..ඊටත් වඩා ඒක කළ යුතු දෙයක්.. බිරිදක් නම් විටක දුවක් මෙන් කීකරු විය යුතුයි.. ඔයාලා අපිට ඕන විදියට හැඩගැහෙන්නෙ නෑ වගේම තමයි.. අපි කියන දේ අහන්නෙත් නෑ..ඒ නිසා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. තේරුම් අරන් ඒක හින්දා කියන දෙයක් අහගෙන ඉන්න එක වඩාත් හොදයි..

      ඉහත පරිදි..අධිකරණයක් විය යුතුයි..ඒත් ප්‍රශ්ණ ඇසීම වැඩියම නොකල යුතුය්..සමහර වෙලාවට අපි ප්‍රශ්නයක් අහලත් උත්තර දෙන්නෙ නැත්තම් ආයේ ආයේ ඒ දේ අහන එක හොද නෑ.. කියන්න ඕන දෙයක් නම් කියනවා.. ඒත් නිතිඥවරියක් වගේ විය යුතුයි කිව්වොත් නිවැරදි වේවි තවත්..හේතුව.. ඔයාලව නිවැරදි කරනවා වගේම..පහදලා දෙනවා දෙයක් පහදා ගන්න අමාරු තැනකදි..

      ඔහු මට අනුව හැඩගැසෙනවාට පෞද්ගලිකව මම අකමැති..හේතුව මම ඔහුට අනුව හැඩගැසීම බොහෝ දුරට කර ඇති නිසා වගේම ඔහුගේ ජීවන රටාවට මම කැමතිවීම..

      Delete
  11. ටිකක් ගැඹුරු පෝස්ට් එකක්.මාත් අර පනුච්චි වගේ තෙරුනත් නොතේරුනා වගේ ඉන්නවා.අනික ගෑල්ලමයි ගැන මම හරියට කියන්න දන්නෙත් නැහැ ආශ්‍රයක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. හප්පටසිලි... එහෙමෙයි... නොතේරුනා වගේ ඉන්නද යන්නෙ.. ගැඹුරු පෝස්ට් එකක්?? :ඔ :ඔ ඇත්තද??..

      Delete
  12. අප්පෙ මෙ පාර ථිකක් දරුනුවට ලියපු කතාවක් වාගෙ මං හිතන්නෙ මෙක ලියන්න ඇත්තෙ රතු කටිට පැනපු වෙලවක වෙන්නැති ;) ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. :O ම්ම්ම් හිහි... ඒහෙමදත් මන්දා.. ;) දරුණු උනත් කතාව ඇත්ත නෙහ්?? තැන්කූ ඔයාට...!!! 

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?