(සම්පූර්ණයෙන්ම මනංකල්පිත කතාවක් පමණක් බව සලකන්න)
ඒක ටිකක් අදුරු දවසක්, දවසම වැස්ස.. වටේට මීදුම වෙනදටත් වඩා ඝණවට තිබුනා..මුළු දවසම වැස්ස නිසාද කොහෙද පාරත් මඩ වෙලා...ඔයා මම එනකන් බලාගෙන හිටියා අපි ඉස්සෙල්ලාම අපේ සම්බන්ධෙ ගැන ගෙදරට කියලා ඔයාලගෙ ගෙදර යන දවස..මම ලේලි කෙනෙක් විදියට..එදා හරිම ලස්සන දවසක් නේද...අවුරුදු ගානක්ම පෙරුම් පුරලා පෙරුම් පුරලා අපේ හීහී....වැඩියෙන්ම මගේ අහිංසක බලාපොරොත්තුවට හැමොගෙම ආශිර්වාදය ලැබුණු දවස..හ්ම්ම්...මේ නිස්කලංක පරිසරයට මට ඔයා එක්ක එකම පවුලක් විදියට එකතු වෙන්න ලැබුණු එක කොච්චර දෙයක්ද..මම හැමදාම ආස කරා ඒකට.. මං ආසම විදියෙ තැනක..මම ආදරේම කෙනත් එක්ක...
ඒක ටිකක් අදුරු දවසක්, දවසම වැස්ස.. වටේට මීදුම වෙනදටත් වඩා ඝණවට තිබුනා..මුළු දවසම වැස්ස නිසාද කොහෙද පාරත් මඩ වෙලා...ඔයා මම එනකන් බලාගෙන හිටියා අපි ඉස්සෙල්ලාම අපේ සම්බන්ධෙ ගැන ගෙදරට කියලා ඔයාලගෙ ගෙදර යන දවස..මම ලේලි කෙනෙක් විදියට..එදා හරිම ලස්සන දවසක් නේද...අවුරුදු ගානක්ම පෙරුම් පුරලා පෙරුම් පුරලා අපේ හීහී....වැඩියෙන්ම මගේ අහිංසක බලාපොරොත්තුවට හැමොගෙම ආශිර්වාදය ලැබුණු දවස..හ්ම්ම්...මේ නිස්කලංක පරිසරයට මට ඔයා එක්ක එකම පවුලක් විදියට එකතු වෙන්න ලැබුණු එක කොච්චර දෙයක්ද..මම හැමදාම ආස කරා ඒකට.. මං ආසම විදියෙ තැනක..මම ආදරේම කෙනත් එක්ක...
ඔයා ගොඩක් වෙලා බලන් ඉන්න ඇති මම එනකන්..පැයක්,දෙකක්, ඔයාට තරහා ගියා...මගේ ෆෝන් එකට කෝල්ස් ගත්තා..කවදාවත් ලේසියෙන් කෝල් කරලා කතා නොකරන ඔයා.. කොල්ස් ගත්තා ගත්තා..ගොඩාක්....ඒත් මම එකකටවත් ආන්ස්වර් කරේ නෑ... ඔයාට තරහා ගියා...ඔයා නිකන් හිටියා..ඔයා මගේ යාළුවන්ගෙ ෆේස්බුක් වලට මැසේජ් දැම්මා..මට කතා කරන්න කියන්න කියලා..දවස් දෙකක්,,මගෙන් ප්‍රතිචාරයක් නෑ..යාළුවොත් රිප්ලයි කරේ නෑ... සතියක් විතර ගෙවිලා ගියා.. ඔයා බැරිම තැන ආවා..අපේ ගෙදර..මාව බලන්න... තරහින් ආවත් මගදි මූන පොඩ්ඩක් හදාගෙන.. තරහා නෑ වගේ ආවේ... එද්දි ගෙදර වහලා..ඔයාට ආයේ තරහා ගියා... ඔයා ආයෙමත් හැරිලා ගියා..දවස් දෙකක් විතර කොළඹ ඉන්න ඇති..ආයේ ඇවිත් යද්දි අපේ ගෙදර ආවා..ඒත් වහලා.. ඔයාගෙ පිටිපස්සෙන් කවුද හිටගෙන ඉන්නවා වගේ දැනිලා ඔයා හැරිලා බැලුවා...ඒ මම .. ඔයාට තරහා ගියා..ආයෙමත්...ඔයා බැන්නා මට..හොදටම...කොච්චර බැන්නත් මම වචනයක්වත් කිව්වෙ නෑ...මම හිමින් හිමින් ඇවිත් තුරුළු වෙන්න හැදුවා...ඔයා හොදටම තරහින් හිටියේ..ඒ නිසාම මාව තල්ලු කරා....
ඒත් එක්කම ඔයාට කෝල් එකක් ආවා..ඔයාලගෙ අම්මාගෙන්..අපේ අම්මයි තාත්තයි ඔයාලගෙ ගෙදර ඇවිත් ඉන්නවා කියලා.. ඔයා ඒක කියන්න මගෙ දිහා බැලුවා..මම නෑ..ඔයා අයේ හැරිලවත් බලන්නෙ නැතුව ගියා..තරහින්ම..පැය 6ක ගමනක්..එක දිගටම.. ගෙදර ගිහාම..කිසි කෙනක්ගෙ කතාවක් නෑ... ඔයාට තවත් තරහයි.. අපේ අම්මා ඔයා අතට පොඩි කඩදාසි කෑල්ලක් දුන්නා...ඒක ලිව්මක්... කාගෙන්ද? මොකක්ද මොකටද කිව්වෙ නෑ.. ඔයත් අතට අරන් දිග ඇරියා කියවන්න කියලා... ඒකෙ මුලින්ම තිබ්බ වචන තුන දැකලා ..ඔයා ලියුම කියවන්නෙ නැතුව අතට ගුලි කරගත්තා මගේම ඔයාට..ආදරෙන්!!..තරහින් කෑ ගහලා..මේ ටිකේ වෙච්ච දේවල් කිව්වා..පස්සෙ අපේ ගෙදර ගියපුවා,මාව එහෙසි මුණ ගැහුණු එක..ඒක කියද්දි හැමෝම ඔයාගෙ මුණ දිහා බලලා මේ ඇත්තද කියන්නෙ ඇහුවා..මාව ඇත්තටම ඔයාට හම්බවුණාද ඇහුවා..මතකද..??එයා එයාලා එහෙම අහද්දි ඔයාගෙ හිතට ප්‍රශ්ණාර්තයක් ආපු හැටි??.. පස්සෙ එයාලා කිව්වා ලියුම කියවන්න කියලා..ඔයත් කියෙව්වා තරහින්නම..
මගේම ඔයාට..ආදරෙන්!!
සමාව ඉල්ලනවා...මම එනකම් බලන් ඉදලත් මට එදා එන්න බැරි වුනු එක ගැන..ඔයාට තරහා ගියාද?? ගියාදත් අහනවා.. කෝල් කරන්න විදියක් නෑ.. ෆෝන් එක නැතිවුනා..නම්බර් එක තිබ්බෙ ඒකෙ..ඒවා හරි..දැන් ඔව්වා කිව්වත් වැඩක් නෑ..තරහින්ම නිසා..
අවුරුදු ගානක්ම බලන් ඉදලා..ගෙවල් වලින් කැමත්ත දුන්න එක ගැන මට හුගාක් සතුටුයි..මම ඒ දවස්වල කිව්වනෙ..හැමදේම හොදින් විසදේවි කියලා..කිව්වා වගේම වුනා...ඔයාලගෙ අම්මව ආදරෙන් මතක් කරා කියන්න.. කවදාවත් මුණනොගැහිච්ච ඔයාගෙ ආදරණිය අක්කා එයාවත්...
මම කිව්වනෙ මම ඔයා එනකම් ඉන්නවා කියලා,,අන්තිම මොහොත වෙනකම්ම...ඔයාට මතකද? ඔයා කීප සැරයක්ම මාව දාලා යන්න හැදුවා..ඔයාට ඉතින් සාමාන්‍ය හැගීම් තේරුම් ගන්න ටිකක් අමාරුයිනෙ...ඒ කිසිම වෙලාවක මම තරහා වුනේ නෑ,මට තරහා ගියෙත් නෑ..ඒත් ඒ හැම වෙලාවකම දුක හිතුනා..ඒ , කොහොමද මම ආදරේ තරම ඔයාට තේරුම් කරලා දෙන්න ඕන කියන එක ගැන හරි වැටහීමක් නැති නිසා..ඒ දුක හිතුනම තමයි ඉවසලා බැරිම වුනාම බනින්නෙ දුෂ්ටයා කියලා..ඒත් හරිම ආදරෙයි ඔයාට.. තරහා ගියාම ඔයා හරි වසයි.. බැනගෙන බැනගෙන යනවා..හැබැයි ඉතින් මගේ වැඩ වලට නොබැන හිටියොත් පිස්සෙක් වෙන්න ඕන.. කලින් නම් බැනලා ඔයාම ආයේ නළවනවා..හැබැයි පස්සෙ පස්සෙ එහෙම නෑ..බැනලා ඉවර වෙලා ඕනෙ මගුලක් කරගන්න කියලා කතා කරන්නෙවත් නැතුව ඉන්නවා.. හිතුවද මම තරහා වෙයි කියලා.. නෑ, ඔයා එහෙම කරේ ඔයා දන්නවා..මොනවා කරත් මාව එළවගන්න බෑ කියලා.. මොන මොනවා හරිය කියවගෙන ආයේ එනවා ඔයාගෙ තරහා තවත් අවුස්සලා...
ඔයා එක්ක ආදරේ කරන්න ආමරුයි...හැබැයි ඒක තමයි ෂෝය්ම.. ඇයි දන්නවද මම එහෙම කියන්නා,මේ කතා කර කර ඉන්න ගමන් ඔයා අතුරුදහන් වෙනවා,සමහර වෙලාවට කිසිම තොරතුරක් නෑ දවසින් භාගයකට වඩා ගියත්,ඔය වගේ තව පොඩි පොඩි එවා තියනවා..සමහර වෙලාවට සාමාන්‍යෙයන් කෙනෙක්ට දැනෙන දෙවල් ඔයාට දැනෙන්නෙ නෑනෙ.. ලස්සන කවියක් ලියලා දුන්නොත් ඔයා ඒවට ආස නෑ..සමහර වෙලාවට ඒකෙ අන්තර්ගතය ඔයා වෙන්න පුළුවන් ඒත් ඔයාට ඒක තේරෙන්නෙ නෑ..ඒ වගේ වෙලාවට නම් ටිකක් දුක හිතෙනවා..ඒත් අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් නිසාමයි වැඩියෙනුත් ආදෙර්..ඒ වෙනස්කමට...ඒකයි ඒ දෙවල් ගැන කියන්නෙ නැත්තෙ..ඒවා නිසා තමයි ඒ ඔයා වුනේ...ඔන්න දැන් ඔයා කියයි මම තමයි දුෂ්ටයා කියලා,ඔයාගේ ඔයා වගේ පුරුදු වලටත් කැමති කියන්නෙ...
ඔයා වටින කෙනෙක්..මට විතරක් නෙවෙයි හැමෝටම,හැමෝම ආදරෙයි ඔයාට..මම ඊටත් වඩා ගොඩක් ආදරෙයි ඔයාට..කොහෙ හිටියත්,ඔයා ළගින්ම ඉන්නවා..දැන් බලන්නෙ ඇයි මේ ලියුමක් ලිව්වෙ කියලද..එදා ඔයාලා ගෙදර එන්න කියලා..මම මෙහෙන් බස් එකට නගින්න කලින්ම ඔයාට කිට්කැට් එකකුයි,ටිප්ටිප් එකකුයි අරන්,තව පුංචි තෑග්ගකුත් අරන් බස් එක ගාවට එද්දී පිටිපස්සෙන් ආව ටිපර් එකකට මාව හැප්පුනා..එතනින් පස්සෙ නම් මට මුකුත් මතක නෑ..ඒත් පස්සෙ මම හිටියෙ හොස්පිටල් එකක තවමත් ඉන්නෙ හොස්පිල් එකේ..අම්මයි තාත්තයි හිටියත්..මට ඔයා නැති අඩුව හුගක් දැනුනා..ඔයාට කතා කරන්න විදියක් තිබුනෙ නෑ..ෆෝන් එකයි ඔයාට ගත්තු දෙවලුයි එදා ඔක්කොම එතන..ඒවට මොනවා උනාද දන්නනෙ නෑ..පණිවිඩයක් දෙන්න කිසිම විදියක් නෑ..මම මගේ ඊළග හුස්ම ගැන හැම බලාපොරොත්තුවක්ම අත්ඇරලා ඉන්නෙ..විස්වාසයක් තියන්න බෑ..මම මේ ලියුම ලියන්නෙත් යාළුවක්ට කියලා..මගෙත් එක්ක තරහා ගන්න එපා..එන්න පුළුවන්කමක් තිබ්බා නම් මම ඇම්බුලන්ස් එකකින් හරි එනවා..ඒත්..බෑ.. ඔයා එක්ක ජීවිතේ දිග ගමනක් යන්න හිතන් හිටියේ..ඒත් අද ඔයාව මවාගෙන අන්තිම ගමන යන්න වෙලා..නොදැකම අන්තිම පාරට.. මගේ සොහොන ගාවට ඇවිත් සුදු රෝස මලක් තියලා යන්න..මම සුදු රෝස වලට හරි ආසයි..පුළුවන්නම් ලේසියෙන් ඔයා නොකියන..අර ලස්සන වචන තුන ඔය කටහඩින් කියලා යන්න..එදාට මට කියන්න බැරි වෙයි..එත් දැන් කියනවා...මම ඔයාට ආදරෙයි හුගක්..මාව අමතක කරන්න එපා...මොකද මට මතක තියන එකම කෙනා ඔයා.. අම්මයි තාත්තයි ඇරුනම..
ඔයාගෙ මම..!!ලියුම කියවලා ඉවර වෙලා තමයි ඔයා දැනගත්තෙ මම දැනටමත් මේ ලෝකෙ අත්ඇරලා දාලා ගිහින් කියලා..ආයේ කවදාවක් නොඑන්නම...
ඊයේ මියදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ..හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලෝකය හෙටත් තියේ..ඒත් ඉතින් දැන් සොදුරියෙ ඔබ නැත මේ ලොව මා තනිව ගියේ..ආයේ දවසක එක හිත ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ......
ප.ලි - මම මේ සිංදුවට හුගක් ආසයි..ඒක නිසාමයි නිකන් හිතට ආපු දෙයක් ලිව්වේ..වැඩිය හිතන්නෙ නැතුව ක්මෙන්ට් එකක් දාලම යන්න..(බනින්ට එපා) කලින් පෝස්ට් එක බැලුවෙ නැත්තම් මෙතනින් යන්න
ප.ප.ලි - බැනුම් ඇහුවා නිසා හොදහැටි ටිකක් එඩිට් කොරා..
හෑ.... මුකුත් නොකියමි :/
ReplyDeleteජය වේවා!!!
සිනා බො වේවා!!!
සිංදුව නම් මගෙත් ෆේවරිට්...
Deleteහපොයි...ඔයා මට ගහන්න ඕනි කිව්වෙ..ප්‍රය්වෙට් සැට් එකේදි..ඇත්තටද ඈ... අනේ මම මේ සිංදුවට මාර ආසයි අෆ්ෆා ඒකයි ලිව්වෙ..හැබැයි අද දවස ඇතුලත මම අහගන්නවා හොදට.. :(
Deleteඅම්මප එවලේ ළඟ හිටිය නම් ගුටි කාල මගෙන්.. පිස්සි.. :/
Delete:( ඇයි හත්වලාමේ මගෙ අක්කෝ මම වෙනස් කරානේ දැන්..ආයේ බනින්නෙ...එක්කෝ එක සැරේ බනින්න ඔනේ හහහහ.. සැරින් සැරේ බනිනවා.. :'(
Deleteවිකාර අදහස වලට කොමෙන්ට් දැමීමෙන් වලකිමි මෙයින් ,
ReplyDeleteමම දැනගතිමි ඔය බව.. අර අන්තිම මෙයින් කෑල්ල තේරෙන්නෙ නෑ ඒත්.. ??
Deleteසින්දුව නම් හරිම සංවේදීයි..ඒ වගේමයි...සින්දුවට හදලා තියෙන කතාවත් ඒ වගේම සංවේදීයි....
ReplyDeleteඔව් ඔව් කතාව සංවේදී වැඩි වෙලා සුට්ටක් අහගත්තත් එක්ක..ඒ මේ අක්කෝ..අරක කර වුනානේ.. :(
Deleteහයියෝ ඇයි මේ ඔයාම මැරුනු විදියට දැම්මේ..වෙන නමක් දාන්න තිබුනනේ...
ReplyDeleteඅදද මන්ද මේ පැත්තට ආවේ..
ඔව්නෙ..ඒක අවුල් නෙහ්...සැක්... දැන් ඉතින් දාලා ඉවරනෙ..අහ්හ්..නෑ නෑ..මීට කලින් සැරයක් ඇවිත් තියනවා.. :)
Deleteකතාවනම් නියමයි. ඒත් හිතුවේ නෑ ගර්ල් මැරිලා කියලා.මේකේ සමහර දේවල් දකිද්දී මතක් වුණා කෙනෙක්ව.
ReplyDeleteඅන්තිමේදී ඔයාගේ නම දාගත්ත එකනම් අවුල් නේ? ඒ වගේ දේකට බැනුම් අහන එක සාධාරණයි.මං නම් ඔය වගේ දේවල් දැක්කාම (තමන්වම අදාල කරන් මැරුණ,මැරෙන කතා කියන) කියන්නේ Manchang(සිංහලෙන් ලියන්න දන්නේ නෑ එක),පිස්සු විකාර කියලා.
ම්ම්ම්... මුලින් කියූ දේට කිසිවක් නොකියමි..!! අහ්හ්හ්... ඔව් ඔව්.. ඒක නම් අවුලක් තමයි..මට ඒක එඩිට් කරන්න තිබ්බා.. ඒත් එහෙම පුරුද්දක් නැහැනේ... :( හ්ම්ම්...ඕකම කිව්වා වෙන එක්කෙනක්..සාධාරණයි තමයි..ඒ නිසා අහන් ඉන්නවා ඉතින්..
Deleteහිනැහෙන්නේ ඇයි ඔහොම වාවන්නේ නැහැ හිතට
ReplyDeleteමම අසරණයි පුංචි පෙම්වන්තියේ
නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ
අවසන් ගමන් යන්න සැරසීලදෝ...
මේ මගේ ආසම සිංදුවක් ඔයාගේ ලිපිය කියවද්දී මට මතක් වුනේ ඕක.
ම්ම්ම්...ඒක ලස්සනයිනේ...මමත් අහන්න ඕනි...මම අහලා නෑ ඕක කලින්... ටැන්කූ අයියණ්ඩියේ..නොබැනපු එකම කෙනාද කොහිද ඔයා(ඊට කලින් මම එඩිට් කොරානෙ)
Deleteෆට්ට...
ReplyDeleteතැන්කූ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!
Deleteජය!
ඇඬේනවා.. සිරා... :( මරයි... ප්රෝග්‍රම්ර්ස්ලටනන විකරළු නේ.. :P
ReplyDelete:O දැන්නම් මටත් වැඩේ තේරෙනවා වගේ.. :P ටැන්කූ මලයෝ...ඔයාවත් එහෙම කියපු එක ගැන.... ;)
Deleteමමත් ආසම ගීතයක්... කතාවත් හරි සංවේදීයි.
ReplyDelete:) ස්තූතියි ඔයාටත්!!
Deleteස්තූතියි..... ඔබටත් ජය!!
ReplyDeleteහප්පා.....මොකද්ද වෙලා අරහෙම උනානේ....අන්නසෝත්‍රයටත් දැනුනා...සිංදුවනම් මගේත් ෆේවරිට්ම එකක්...ඒක අහනකොටත් නිකන්ම ඇස් තෙත් වෙනවා..
ReplyDeleteහෑ.....මුනා වුනාද... හ්ම්ම්ම් දැනුනා නම් හරි.. :) ඒකනේ මමත් හරිම ආසයි මේ සිංදුවට...
Deleteමට නම් උපරිමයි.
ReplyDeleteමොන කරුමයක් හින්දද මම දන්නෑ මේ වගේ කතාවලට මම හරිම ආසයි. :(
එච්චරටම විරහවට ඇබ්බැහි වෙලා.:-(
හොඳ නිර්මාණයක් යාලු :-)(y)
:) මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව.. !! බොහොම ස්තූතියි යාළු.. ම්ම්ම්...ඒක නම් එච්චරම හොදදෙයක් නෙවෙයි...එතකොට අනිත් ඒවා රසවිදින්න තියන අවස්ථාව අඩු වෙනවා..
DeleteShoi.... Man hithuwe 1st paragraph eka iwara weddi girl marila kiyala.. anyway godaaak lassanai digatama liyanna kiyala wish karanawa akkiyo........ ;)
ReplyDeleteස්තූතියි මල්ලියෝ.... ඔයත් එන්න දිගටම මම ලියන ඒවා කියවන්න.. :)
Deleteසංවේදී කතාවක්......... පහුගිය ටිකේ බ්ලොග් වල ඇවිදින්න බැරි උන වැඩ වැඩි නිසාම. දැන් නම් ටිකක් අඩුයි
ReplyDeleteහ්ම්ම්.. ස්තූතියි ඔබට.. අහ්හ්.. ඒකට මොකද.. දැන් වැඩ ඉවරයිද ඉතින්..?
Delete