Saturday, September 29, 2012

හැක් කරමුද??



සැලකිය යුතුයි ප්‍රථම සහ අවසාන වතාවට මාගේ නිර්මාණයක් නොවන..වෙන කාගේදෝ නිර්මාණයක් පෝස්ට් කරන බැවින්..අයිතිය කවුරුන් සතු වුවත් තරහා නොවේවා කියා ඉල්ලා සිටිමි...

Thursday, September 27, 2012

I ♥ mY pRograMer

මන් දන්නෑ අනේ ලියන්න දේකුත් නෑ, වැඩ වැඩ වැඩ... දැන් තමයි තේරෙන්නෙ බිසී කියලා කියන්නෙ මොකක්ද කියලා..හයියූ.. හරියටම කිව්වොත් වැඩ කල් දැමීම තමයි වැඩ වැඩි වීමට හේතුව..මීට පස්සෙ නම් එහෙම කරන්නෙම නෑ..ඇත්තමයි අල්ලපු ගෙදර බල්ලා පල්ලා.. සත්තයි...ආආආආ මේන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ.. මේක නම් හැබැයි වේරියබල් දෙකයි..love,miss ... බලන්නකෝ තේරෙනවද කියලා...මමත් ප්‍රෝග්‍රැරමර් කෙනෙක් නෙවෙයි ඈ..සූට්ටක් දන්නවා.. මං මේ සාදිරිසට ලියපු එකක්.. කතා ඇති කියවලම බලන්නකෝ... 

Monday, September 24, 2012

ක්ෂීතිජයෙන් මතු වූ පුංචි තිත




අහසත් සයුරත් යා කරන
ඈත ක්ෂිතිජයෙන් පෙනෙන පුංචි තිත
ඉක්මනින්ම සුවිසල් නැවක් බවට පත්වේවි


Saturday, September 22, 2012

මෙන්න කවි (හිටවන කවිද මන්දා)


















ඉදලා හිටලා වලියක් දෙකක් ගියාට..
මම ආදරෙයි මගෙ මැණිකෝ ඔයාට..
තද වුනාම සද්ද බද්ද දැම්මාට..
බැනපු ගමන් මම වහනවා නේද කට..

Thursday, September 20, 2012

තරහ අවසර දේවයන් වහන්ස !!



                         නොසන්සුන්කමින් පිරුණු, සතුටක් නැති,උත්සාහ කරත් හිනාවෙන්න බැරි මේ වර්ථමානෙට වඩා, ආදරණීය මතකයන් ගොඩක් එක්ක හරිම ලස්සනට ගෙවිලා ගියපු ඒ අතීතෙට මං ආසයි.ඒ නිසා තීරණය කරා එතනම නවතින්න,මතක් කරලා අඩන්න නෙවෙයි එතකොට මට පුළුවන් මතක් කර කර හිනා වෙන්න, ආදරෙන් සතුටින් හිත පුරවගන්න.එක එක දේවල් මැද්දෙ.නොහිතපු පැත්තකට ජීවිතේ ගලාගෙන ගියාම,බයක් නොදැනුනාම නෙවෙයි..මමත් මොළේ තියන කෙල්ලෙක්නෙ කියලා මට මතක් වුනා.ඒ නිසාම හොදට හිතලා බලලා හැමදේටම මූණ දුන්නා..ගොඩක් දේවල් වලින් මම නොහිතපු විදියට ජය ගන්න මට පුළුවන් වුනා..ඒ මොකද එක දෙයකින්  මම හැමදේම තීරණය කරන්න ගියෙ නෑ..අනිත් දේවල් වලටත් ඉඩ දුන්නා..වෙන්න තියන දේවල් කොහොමත් වෙනවනේ..ඒවා නවත්තන්න මම මහාබ්‍රහ්මයා නෙවෙයිනේ..ඒ නිසා අකමැත්තෙන් වුනත් ඕනම දේකට සූදානමින් හිටියා..එකම තරාදියෙන් හැමදේම මනින්න බැරි බව මම දැනන් හිටියා..

Wednesday, September 19, 2012

Book Fair ෆන් එක

හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ගියා බලන්න Book Fair. ආවේ 1ට පමණය, 5ත් පහු වන තුරුම පොත්වල ගිලුණෙමි. මාත් එක්ක Book Fair එන එක නම් මෝඩ කමකි. අනිත් එකා උන්නද මළාද මම බලන්නේ නැත.මට මොකද? පොත් වලට යට වුනත්. ගියේ නම් අම්මා සමගය. අම්මා ඔහේ ඇවිදන් යති. මම පොත් තෝරමි. ඒකත් ෂොයි වැඩේය. Book Fair එකේද මාර මාර එව්වා වුණි. සම(හරක්) පිරිමි දරුවෝ ඇවිත් හැප්පෙන්නේ ඇනිත් අතින් සිය වෙන්ඩ බිරින්දෑත් අල්ලාගෙනමයි.මගේ පොඩි එකා(සාදිරිස්) වුනා නම් ප්‍රසිද්දියේම බෙල්ල කමි.අක්කේ මේන් මේ අයියා හැප්පෙනවා දැන් දෙවනි සැරේ කියා කීවේ ඉවසලා බැරිම තැනයි, ඒකත් මරුය..අයියා මොහොතකට ගල් ගැසිණි.අයියාගේ ඇස් කුරුම්බැට්ටි size විය.අක්කා කෑ ගසනවා ඇසිනි..මට මොකද? මම පොත් තෝරමි.
                                      

Tuesday, September 18, 2012

තාක්ෂණයේ දියුණුවත් එක්කම අපේ පිරිහීම හා බැදීම්




  දැන් දැන් තාක්ෂණයේ දියුණුව සිදුවන්නේ සීමාවක් තියාගෙන නොවේ..එය හොදයි ඇත්ත, පරිගණක ජාල කරණය ගැන හදාරන මම කිව්වොත් ඒක හොද නෑ කියලා ඒක බොරුවක් වෙනවා.ඒත් අපි දැන ගන්න ඕන අන්තර්ජාලය,තාක්ෂණය සහ පරිගණකය විෂේශයෙන්ම හැමදේම නෙවෙයි කියලා මතක තියාගන්න.(මෙය මට පහළ වූ සිතිවිල්ලක් පමණකි) හොදට හිතලා බලන්න..අපි ගොඩක් දෙනෙක්ට අපේම කියලා ජීවිතයක් නෑ වගේ නේද? ලැප්ටොප් එක තියනකම් ඉන්නවා ඒක නැති වුනාම දවසක් හුස්ම ගන්න අමතක වුනා වගේ තමයි.හරියටම කිව්වොත් දැන් හැමදේම කරන්නෙ ඒකෙන්නෙ..අපි හිතන් ඉන්නෙ ලැප් එකක් තිබ්බම ඒකේ ඉන්ටර්නෙට් තිබ්බම හැමදේම හරි කියලා.. 

       

Monday, September 17, 2012

කොපි කිරීමක් නොවේ..අනුන්ගේ තනුවකට පදවැල් ඇමිණුවා පමණි

ආව්ස්..මගේ සුට්ටි කාලෙ ලියපු සින්දුවක් හම්බවුණා..මේක මේ අර ජීවිතේ මල් සින්දුවට හදපු එකක් ඈ.. නිකන් දාන්නෙ.. කියවන්නකො..


Sunday, September 16, 2012

දකින්න බැරි ආදරේ



මගේ ඇස් දෙක ලස්සනයි කියලා
ගොඩක් අය කියනවා..
ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ..
මට ඔයා නිසා කොච්චර අඩන්න වෙලාද කියලා,ඇඩුවද කියලා...

Saturday, September 15, 2012

This ප්‍රෝග්‍රෑම් will never stop


ප්‍රෝග්‍රෑමින් එර්ර්ර්... ටිකක් විතර තේරුණාට වැඩියම තේරෙන්නෙ නෑ..ඉස්සර මම දන්න කෙනෙක් ම්ම් සාදිරිසා ඔන්න එයාට සාමාන්‍යය බාසාවෙන් කිව්වට මෙලෝම දෙයක් තෙරෙන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑමි කරලම කියන්න ඕන,ඉයූ...  කොහොම හරි මේ පල්ලෙහා ලියලා තියන ප්‍රෝග්‍රෑමි එක වගේ එව්වා ලියලම තමයි මටත් ටිකක් පුළුවන් වුනේ...බලන්නකෝ තේරෙනවද කියලා.. ඒකත් ජොලි වැඩේ.. හිකිස්..



Thursday, September 13, 2012

සබද


ප්‍රාර්ථනාවක් !!


ගමනට මාරු කිරීම 1,2,3,4 ගමනේ යා...............



                      කමක් නෑ මොන දේ වුනත්, ඒත් මට දුක කවුරුත් මා තේරුම් ගන්නෙ නැති එකට.හරියටම කිව්වොත් තේරුම් ගන්න දේකුත් නෑ.ඒත් මේ තරමටම හිත රිද්දන්න තරම් දෙයක් මම කරලා නැ,ආදරේ කරා.පොඩි දරුවෙක්ට වගේ.බලාගත්තා,පරිස්සම් කරා,හැමදේම.සමහර දේවල් වලට එපා කියලා පස්සෙ මමත් උදව් කරා,පොඩි එකානෙ මගෙ වැරදි කරනවා තමයි කියලා.ඒත් මේ තරම් ආදරෙන් තියාගත්තටත් පස්සෙ, නිදහසක් නෑ,මෝඩකමක් කරගත්තෙ කියලා කියන්න තරම් මම මොකක්ද කරේ..ඔයා දග වැඩ කරනකොට සැර කරලා පස්සෙ ආයෙ ළගට ගත්තෙ මගෙ හුරතලේනෙ කියලා..ඉස්සෙල්ලම එළියට එක්කන් ගිය දවසෙ දැකලා ආස වෙච්ච දේ කොහොම හරි අරන් දෙන්න ඕන කියලා හිතාගෙනම ඉදලා.ඒකත් අරන් දුන්නා.වෙන දේකට නෙවෙයි ආදරේ නිසා..මම කිව්වා මම ආසයි කියලා ඒකට..ඒත් මට මොකටද,ඔයාට ගත්තෙ.මල්ලි නංගි උනත් මොනවට හරි ආසයි කියලා දන්නවනමි අතේ තියන අන්තිම සතෙත් ඒකට දීලා ඒකත් අරගෙන පයින්ම හරි යන කෙනෙක් මම,ස්කෝලෙ යද්දි වුනත් යාළුවෙක් ඇවිත් බඩගිනි කිව්වම මගේ බත් එක එයාට දීලා කාගෙන් හරි බත් කටක් කාලා බඩගින්නෙම ගෙදර ආපු වෙලාවල් තමයි වැඩිපුරම තිබුණෙ.ඒකයි මගේ පුංචි එකා ආසයි කිය කිය කියවපු එක මතක තියන් ඉදලා කෝම හරි ඒක උස්සගෙන ආවේ. 
         

Wednesday, September 12, 2012

නමක් නෑ.. (සාදිරිස් වෙත ලියමි)


Tuesday, September 11, 2012

නොසන්සුන් හිත



නොසන්සුන් වූ හිතත් එක්කලා පොරබදින්න වෙර දරනවා.....
කාටවත් නොතේරෙන මගේ හැගුම් මාත් එක්කම හඩා වැටෙනවා....

මඩ ගැසීමක්(ම) නොවේ...



ප්‍රශ්ණ ගොඩක් තියනවා,අනේ මන්දා හිතේ මෙලෝ සහනයක් නැතුව ඉන්න වෙලාවක ලියන පෝස්ට් එකක්.කොයි විදියට කරුණු ගලපගන්න පුළුවන් වෙයිද කියලා දන්නෑ.පස්සෙ ව්‍යාකරණවිධි සහ පද සම්බන්ධය නිවැරදි කිරීමේ බලාපොරොත්තුව මත ලියනවා.. 

Friday, September 7, 2012

ළං වුනෙ අතරමගදි දාලා යන්න නෙවෙයි..



මේක මට ලියන්න හිතුනෙ මොකද මන්දා.කොහොම වුනත් නිදාගෙන ඉදලා හදිස්සියෙම නැගිටලා පටන් ගත්ත ලියන්න.ඒ මගෙ හැටිනෙ.මහ රෑ වුනත් මොනවා හරි හිතුනොත් නැගිටලා ලියන එක මගේ පුරුද්දනෙ..


Wednesday, September 5, 2012

දැකපු නැති අංකල්,මාමේ,මහත්මයාණනි,පියාණනි...



පැමිණුනා නම් සමුගත යුතුමය...කොතරම් කලක් ඔබ අප අතර සිටියාදයි නොදනිමි..ඔබ රෑපය හෝ දැකීමට පින් කර නැත..ඔබ ඇසුරු කර නැත..අදවනතුරුත් ඡායාරූපයක් හෝ දැක නැත...එහෙත් ඔබ ගතිගුණ ඇති,ඔබ වැනිම, ඔබගේ පුතුගේ ඇසුර ලැබීමට ආදරය ලැබීමට තරම්..මා භාග්‍යවන්ත වී ඇත..පියාණනි,
මා ඔබ දැක නැතත් ඔබ පුත් රුවන තුළින් ඔබ කොතරම් උතුම්ගති ඇත්තෙකුදැයි සිතාගත හැකිය..
ඔබ අපෙන් සමුගෙන පුරා වසරක් ගෙවුණි..එහෙත් කිසිදා අප හදවතින් සමුනොගණු ඇත...


Sunday, September 2, 2012

ශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් - බාගෙට හදවතින්


ශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් දාල අන්තිමේදී මම අයෙමත්  බාගෙට හදවතින් කියල කොටසකුත් දැන්ම ,
මොකද ඇත්තටම හදවතට දැනෙන දේ ලියන්න මම හරි දුර්වල නිසා , ඒ නිසා ගොඩක් තියෙන්නේ මගේ දෘෂ්ටි කොනෙන් වගේ එකකින් වෙන්න ඇති පොස්ටුවේ


ඔන්න හරියටම 2012 . 9 . 2 , වෙලාව 11.51 ඒ.ඇම් .  කොරන්න නම් යන්නේ බැරිම බැරි වැඩක් ,
කොට ශම්මියා (:*)  මාව මරන් කන්න හදනවා දැන් හෙන දවසක ඉදල 25 ද කොහෙද පොස්ටුව මගෙන් ඕනේ කියල . මම ඉතින් මෙච්චර කාලයක් වංචාව දාගෙන හිටිය ඕක අමතක වෙයි කියල . කොහෙද ඉතින් කෙල්ලෙක්ට ඔය වගේ එකක් අමතක වෙන්න නම් අර කියන්න වගේ පුත්තලමේත් බුරුවො ඉදි . :D (එහෙ නේන්නම් ඉන්නේ )