ඔරුවකට බර වෙලා දිගින් දිගට පැඳ යද්දි
මට දැනුනා ජීවිතය මගේ ළඟ නුඹ ඉද්දි
සතුට මගෙ සැනසීම නුඹෙ තුරුලෙ නැළවෙද්දි
නොදැනුනා නොවේ මට හිමින් ඇස් පියවෙද්දි
අපි දෙන්නා ඇවිද ගිය මග නිතර හමුවෙද්දි
මතකයන් හිත පුරා මගෙ නිතර පෙරළෙද්දි
නුඹ මගේ සිහින තුළ නිතර දඟකම් කරද්දි
හිමින් නළලත් තෙමුවෙ පපුතුරට නුඹ එද්දි
හිත පුරා දැකගන්න මගේ හිත ලත වෙද්දි
නුඹ ගියා බොහෝ දුර මම මෙතන තනිවෙද්දි
දුර ඈත නුඹ ගියාට හිත ඇතුළෙ නුඹ ඉද්දි
තවත් ආදරෙයි මම නුඹ එපායැයි කියද්දි
හදවතින් නුඹ ගාව හැමදාම මම ඉද්දි

පණ සේ රකිමි යයි පුන පුනා මම කියද්දි
ඇයි එපා කිව්වෙ නුඹ ආදරේ මම දෙද්දි
මම මෙහේ මඟ බලන් දොරකොඩට වී ඉද්දි
දුර ඇදී යයිද නුඹ කියා සිත විමසද්දි
දැනටමත් නුඹ මගට ඇති බව හිතට මම පවසද්දි

නෑවිදින් හිටියාම ආදරේ අඩුවෙයිද?
නෑ නුඹට වැරදිලා,නුඹ මගේ හුස්ම ටික
නෑවිදින් නුඹ ගියත් මෙය හිතේ ලියා ගන්න
ආදරෙයි හැමදාම නුඹට මම පණ සේම!!
හිත තැවෙන හැටි දන්නෙ නුඹ නේද වැඩියෙන්ම
නුඹ නමින් මා ඉන්නෙ දැන සිටි නේද නුඹ
නුඹ නොමැති වුවොත් ළග මට කුමක් වේවීද
හිත සින්නකර දුන්නෙ රිදවන්න නෙවෙයි මම
ගැහෙන මේ හිත තාම නුඹ සොයයි සැනසෙන්න
මම ඉන්නෙ හිර කරන් බොහෝ දේ කියන්නට
හඩන සිත ගොළුවේවි දඟ කරන දෙතොල් ලඟ
කන ළගට මම ආවේ ආදරෙයි කියන්නට
කවදා හරි අහස යට අපි දෙන්නා හමුවේවි
ඇතැම්විට වෙන අතක් නුඹේ අත පැටලේවි
ඒ දිනට මගේ හිස් සුරත නුඹට දිස් වේවි
සුරත හිස් වුනු නමුත් හිත නුඹෙන් පිරී යාවී
මියයාවි මා දිනක එදිනට පැමිණෙන්න
මම ආස සුදු රෝස මල් මිටක් ගෙන එන්න
ඇවිත් හඩන්නට එපා නුඹෙ කදුළු බෑ බලන්න
මලක් මා අත තබා දෙයක් මට පවසන්න
ඇත්තටම කිසිදාක නුඹේ සිතේ මා නොසිටියෙද?
මගෙන් මොනවාම හරි වැරද්දක් වුනාවද?
අඩුපාඩුකම් මුකුත් මගෙන් නුඹට උනාද?
දැන්වත් කියන් මට ආදරෙයි නුඹ මෙමට..

දැවෙන ඒ ගිනි ගොඩට මා දමා ඔබ යන්න
නමුත් මට එක වරක් මේ ගැනත් පවසන්න
පුළුවන්නම් මගේ මතකේ නුඹේ හිතේ ලියාගන්න..
මේ 2012 අවුරුද්දේ ශම්මිගේ අවසන් පෝස්ටුව...
හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරණ, කරදර,ජරමර,බරබර මුකුත්ම නැති වාසනාවන්ත සුබම සුබ 2013ක් වේවා..!!!
කවි අදහස ලස්සනයි..
ReplyDeleteසුභ 2013 වේවා!!
ස්තූතියි අයියණ්ඩියා, ඔයාටත් සුබම සුබ 2013ක් වේවා!!
Delete2013 සුබ අලුත් අවුරුද්දක් වේවා,,,,
ReplyDeleteඔයාටත් සුබ 2013ක් වේවා!!!
Deleteඑල වේවා !!!! වාසනාවන්ත දනුමෙන් පිරි සුබ වර්ෂයක් වේවා !!!!
ReplyDeleteඔයාටත් එසේම වේවා!!... සතුටින් වාසනාවින් පිරි සුබම සුබ 2013ක් වේවා!!...
Deleteලස්සන කවි අදහසක්..
ReplyDeleteලබන්නාවූ 2013 වසර වාසනාවන්ත වසරක්ම වේවා !
ස්තූතියි ළිහිණි අක්කෝ...ඔයාටත් මේ ලබන්නාවු අවුරුද්ද සුබම අවුරුද්දක්ම වේවා!!
Deleteසුබ නව වසරක් වේවා ශම්මි !
ReplyDeleteහේ හේ...ටැන්කූ, ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා!!..
Deleteලස්සන කවි අකුරු ටිකක්!
ReplyDeleteසුභ නව වසරක් වේවා!
ස්තූතියි ඔයාට... සුබම සුබ නව වසරක් වේවා!!
Deleteමට තේරෙන ලව් කිව්වලු...හික්...
ReplyDeleteසුභ නව වසරක් ශම්මිටත්...!!!
හික්ස්,ස්තූතියි මල්ලියා...ඔයාටත් සුබ 2013ක් වේවා!!
Deleteඅඩේ.. මේක මිස් වෙලා..
ReplyDelete2013 සුභ වේවා!!!
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!!
මම බැලුවා මොකෝ නැත්තෙ කියලා, :( ඔයාටත් සුබම සුබ 2013ක් වේවා අක්කියා..!!
Deleteජය!! :D
නංගි ශම්මිටත් සුභම සුභ නව වසරක් වේවා....!!
ReplyDeleteඇයි මේ වගේ කවි සැට් එකක් එක පාර ලියන්න හිතුනේ?
ස්තූතියි අය්යණ්ඩියා...ඔයාටත් සුබ.......නව වසරක් වේවා!!..
Deleteම්ම්.. ඊයේ ලිව්වා,,එ වෙලාවෙ හිතට දැනුන දෙයක්,එහෙම්මම කවියකට පෙරළුනා කිව්වොත් හරි.. :)
හරිම ලස්සනයි ශම්මි .හරිම දක්ෂ විදිහට ලියල
ReplyDeleteතියෙනවා..( මන් උඩින් පල්ලෙන් තමයි කියෙව්වේ ,
පොඩ්ඩක් විතර ඕව දකිද්දී අතීතය ඇවිස්සෙනව හිත
යටින්. ඒ නිසා අකුරක් අකුරක් ගානේ රස වින්දොත්
ප්රති ඵල භයානක වෙනවා මට )
දිගටම මේ වගේ ලියන්න ..බලන්න එන්නම්කෝ...
ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
නව වසර වසනා වන්ත නව වසරක් වේවා
ane me araka daannako...
nathnam danaganne kohomada :(
ස්තූතියි ඔයාට යාළු..අනේ මම දැම්මනේ ඔයා කියපු නිසාම..චුට්ටක් බලන්නකෝ යාළු බ්ලොග් එකේ උඩින්ම වම් පැත්තෙ තියනවා..මම්ම්ම්..බලලා මට පොඩ්ඩක් කියන්නකෝ..
Deleteඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් වාසනාවන්ත සතුටින් පිරි සුබම සුබ නව වසරක් වේවා..!!
ජය!!
හපොයි දරුවෝ මන් කිව්වේ ඒ දේ ගැන නෙවේ ..
Deleteමන් කිව්වේ කමෙන්ට් කරද්දී එතන යටින් එන
"කමෙන්ට් සබ්ස්ක්රිප්ෂන් by e mail " ගැන දරුවෝ...
අනේ ඔයා මහන්සි වෙලා ඒ උනාට මන් කිව්ව
හින්ද..
හෑ...අනේ... මම දාන්නම් ඒකත්...කාගෙන් හරි සපෝර්ට් එකක් ගන්න වෙනවා හැබැයි.. මම දන්නෙ නෑ ඒක ගැන නම්..ම්ම්ම්.. ඒක මටත් හොදයිනෙ.. ටැන්කූ.. :D (Y)
Deleteඅයි හේට් කවි ස්ටෝරි :)
ReplyDeleteහැපී නිව් ඉයර් :)
:/ ඒ වුනාට කමක් නෑ,මගේ බ්ලොගේට ආවාම කියවන්න ඕනි..හික්ස්
Deleteහැපි නිව් ඉයර් මලයෝ....!!
ශම්මියෝ වාසනාවන්ත නව වසරක් ඔබට උදා වේවා...
ReplyDeleteස්තූතියි...!! ඔබටත් පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
Deleteඅදත් කවි ටික එළ!
ReplyDelete2013 අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා ඕං! නොකිව්වයි කියන්න එපා පස්සේ. ;)
හික්ස්... තැන්කූ අය්යා.. ඔයාටත් 2013 සතුටින් ඉතිරුණු වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..
Deleteශම්මිටත් නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ...
Deleteජය!!
harima apuru rasawath adahasak...
ReplyDeleteHithe pathulatama waduna..
Oyatath subha nawa wasarak wewa !!!
Siyalu yahapath pathum itu wewa !!!
Jayama wewa !!!
ස්තූතියි යාළු..... ඔයාගෙත් සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ස සතුටින් ඉතිරුණු සුබම සුබ නව වසරක් වේවා.!!!..
Deleteජය!!
අදයි ආවෙ මේපැත්තට....ලස්සනම ලස්සන කවිටික.....
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ ඔයාට........
ස්තූතියි නංගෝ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව...ඔයාටත් වාසනවන්ත නව වසරක් වේවා!!
Deleteටැන්කූ රජා....ඔයාටත් එසේම වේවා...!!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
ReplyDeleteහේහේ...තැන්කූ වේවා... අය්යණ්ඩියටත් එසේම වේවා... !!!
Deleteලස්සනට ලියලා අනේ.බූට් කාපු අත්දැකීමක් නේ
ReplyDeleteapoo naaaaaaaa......... ehema ekak newei,e welawe wechcha deyak nisa nikan apu sithuwillak akuru kara vitharai :)
Delete