Sunday, November 25, 2012
මා වෙනුවෙන් හඩන්නට
මා මිය යන තෙක් බලන් සිටින බව දනිමි හුගක් අය
මිය ගියාම හඩන්නටත් එකෙකුවත් නැති බව දනිමි
ටිකක් කටකාර සහ ටිකක් දගකාර නමුත්
දැනුවත්ව මගෙන් කිසිවෙකුටත් හානියක්, කරදරයක් නැත
ඉපදුනු දා සිටම තනියම හැදී වැඩුනු මා දගකාර පුංචි එකියකු විය;
දකින දකින සියල්ලන් සමගම සිනාසීමේ පුරුද්දක් නම් මා තුළ නැත
නමුත් හිතවත් වූ විට හදවතින්ම එන සිනාවකින් මා ඔවුන්ට සංග්‍රහ කරන්නේ මගේම අයෙකු යන හැගීමෙනි
බැදීම් ඇතිකරගන්නේ මා හදවතිනි
මා බැදීම් වලට බය නැත
වෙනස් වීම් වලටත් බය නැත
ආදරේට බය නැත
මා තුළ ඇතිවන්නා වූ හැගීම් ප්‍රකාශ කිරීමට මා බය නැත
මා බය එකම දෙය නම් මා මියගිය දවසට මා වෙනුවෙන් කදුළු සලන්නටවත්, මා වෙන්වීම පිළිබදව දුක් වන්නටවත් කෙනෙකු නැති වේවි කියාය..
අනුන්ගේ දුක සැප සොයා බැලීම වරදක් නොවන අතර අනුන්ගේ අඩුපාඩු සෙවීම වරදකි
එයින් තමන්ගේ අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට කාලය නැති වී යයි
එය තමන්ටම කරගන්නා වරදකි
මගේ එකම අභිමතාර්ථය වන්නේ කිසිවෙකුටත් වරදක් නොකර
කාගේවත් කදුළකට, දුකකට මා හේතුවක් නොවී ජීවත්වීමය
එය කිසිවෙකුටත් කීමට මට අවශ්‍ය නැත
මා ආදරයෙන් සලකනා සේ මට සැලකීමට අවශ්‍ය නැත
උවමනා වන්නෙ මා මිය යන තෙක් බලන් නොසිට
මා මිය ගිය දාට හදවතින් එන දුකකින් හඩන්නට අයයි
සතුටක් දැනේවි එදාට මගේ ආත්මයට මා මිනිසුන් හම්බකල නිසාවෙන්!!!!
ප.ලි - සිතුවිල්ලක් පමණක් බව සලකන්න.. :P :D
Subscribe to:
Post Comments (Atom)
>OOO , Sithiwillak
ReplyDeleteබොලා වගේ අය නිසා තමයි :/
Deleteහෑ... හුම්ම්...
ReplyDeleteඒත්......
මා නම්
බැදීම් වලට බයය
වෙනස් වීම් වලටත් බයය
ආදරේට බයය
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
මල කෙලියයි නොවැ..ඔන්න ඔව්වා නැති කොරගන්න ඉක්කනට..මොකද ඔව්වට හැමවෙලේම මූණ දෙන්න වෙනවා.. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි
Deleteහරියටම කියනවා නම් මා බය වෙනස්වීම් වලටය.. වෙනස් වීම් නැතිනම් මා බැඳීම් වලට මෙන්ම ආදරයටද ආදරේ කරමි..
Deleteවෙනස්වීම් වලට මමත් ඊයේ දිනයේදි බිය වුණි.. ඒත් අපිට අනිත් අය හදන්නට බැරි නිසා මම මගේ විදියටම ඉන්නවා .. අනිත් අය කොහොම වෙනස් වුනත් මම නොවෙනස්ව හිටියම ඒ අයටම තේරෙයි බැදීමක වටිනාකම..වගේම මම ඒ අයට දෙන වටිනාකම..!!
Deleteලස්සන නිසදෙසක් ජය
ReplyDeleteස්තූතියි ඔබට!!
Deleteමලාට පස්සෙනම් කවුරු මොනවා කලහම මොකෝ.. ඉන්නකං පාඩුවේ ඉන්න දෙනවනම් මදෑයි
ReplyDeleteඅලේ ඒකත් ඇත්ත තමයි... ඒත් මම නම් හැමවෙලේම හිතන්නේ මැරුණට පස්සෙ අඩන්නවත් කවුරුත් නැත්තම් වැඩක් නෑ කියලා..ඒකත් හදවතින්ම..
Delete/මගේ එකම අභිමතාර්ථය වන්නේ කිසිවෙකුටත් වරදක් නොකර
ReplyDeleteකාගේවත් කදුළකට, දුකකට මා හේතුවක් නොවී ජීවත්වීමය //
මගේ අභිමාර්ථයත් මෙයමයි...හොඳ සිතිවිල්ලක් නංගා...
ස්තූතියි අක්කෝ.... :)
Deleteජීවත්ව සිටියදී මා වෙනුවෙන් කඳුලක් නූපන් ඇසක්, මා වෙනුවෙන් දුක් නොවුණු ඇසක් මා මල පසු මා වෙනුවෙන් කිඹුල් කඳුලු සැලීම මට උවමනා නැත්තේමය. ජීවත්ව සිටියදී ඒවැනි අයැකු මගේ ජීවිතයට ලංකරගැනීමම මගේ ආත්මයේ පසු තැවිල්ලට හේතුවේ
ReplyDeleteමට හිතෙන්නෙ ඒමයි ශම්මියෝ
සහතික ඇත්ත... මමත් ඒක පිළිගන්නවා.. ඒකයි කිව්වෙ //මා මිය ගිය දාට හදවතින් එන දුකකින් හඩන්නට අයයි// හැබැයි ඔයාගෙ කතාන නම් ඇත්තම ඇත්ත.. ඉන්නකම්ම මැරුණද වත් බලන්නෙ නැතුව බොරුවට මැරුණට පස්සේ ඇවිත් කිඹුල් කදුලු වලින් අඩන්න අය නම් ඕනිම නෑ..
Delete:) :)
Deleteකෙළිං කතාවක්...... මට තේරුණේ එහෙම...
ReplyDeleteමුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!! හිහි ඔව්.. කියන්න ඕන දේ කියන්නම ඕන.. නැත්තන් පස්සෙ පසුතැවෙන්න වෙනවා අරක කියන්න බැරි වුනානෙ කියලා..
Deleteසිතුවිල්ලක් කියලා සුවර්ද?
ReplyDeleteබය වෙන්න එපා නගා එහෙම දෙයක් වුනොත් අපි එකෙන්ම එනවා දානෙට :D
(විහිලුවට හොඳේ එහෙම දෙයක් හීනෙකින්වත් නොසිතමි)
හිහි... මං දන්නවා අය්යණෟඩියේ... යා යා... සිතුවිල්ලක් තමයි..
Deleteඅදයි මේ පැත්තට ආවේ වගේ තමයි මතක. පනුච්චි කිවුව පාර හොයන් ආවේ. ලස්සනයි බ්ලොග් එක වගේම අදහසුත්.
ReplyDeleteඅහ්හ්හ්හ්...ස්තූතියි අක්කෝ... පණු අක්කටත් ස්තූතියි ..!! සාදරයෙන් පිළීගන්නවා ඔයාව මෙහෙට..
Deleteඔයාටත් මරු සිතුවිලි තමයි පහල වෙන්නේ.
ReplyDeleteප.ලි. - ඔයාගේ අඩවියට මගේ පලමු පැමිණීමයි මේ. ෆලෝ කරලා යන්නම්. දිගටම කියවන්න එන්නම්. :)
ස්තූතියි ඔයාට..!!! හිහි...ඔව්නි.... සාදරයෙන් පිළිගන්නවා ඔයාව මෙහෙට...!!!
Deleteහැ බොලේ කෙල්ලේ මං මේකට ඊයෙ කමෙන්ටුවක් දැම්මනේ ඒක බහිරවයෝ ගිල්ලද
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
හප්පටසිලි....ඒක ආවේ නෑනේ... සැක්...ඒත් මම බැලුවා කෝ කියලා..හම්ම් කමක් නෑ.. දැන් ආවනේ..
ReplyDeleteඅලෙ අක්කේ ඉක්මනට මැලියන්කො.. ප්ලේන්ටියක් ගගහා කරම් අතක් ගහපු කාලයක් මතක නැහැ.. මම පන්ති නිවාඩු දාල එනවා අම්මපා
ReplyDelete:O සැක්...මේ වගේ මල්ලිලා නම්... ලබන ආත්මෙත් නොපතමි..
Deleteහැක් කෙලිං කතාවක් මොක උනත් ඔබාතා ජය!!
ReplyDeleteස්තූතියි ඔබටත්!!
Deleteජය!!