Friday, November 30, 2012

ඔබට කරදරයක්නම් මම??



ඔබට කරදරයක්නම් මම
කරදර නොකිරීමට වගබලා ගන්නෙමි
දැකීමට උවමනා නමුත්..
නොඉල්ලා සිටින්නම් දැකීමට අවශ්‍ය බව..
ඔබ අකමැති නම් මා දැකීමට..
ටිකක් සැර ගැඹුරු කටහඩ ඇසීමට ආස නමුත්...
නොපවසා ඒ බව...
මා සතු ඔබ ගැයූ ගීතය අසන්නම්....
ඒ දුක මගහරවන්නට...

නුඹ අකමැති දේ මම නොකරන නමුත්..

නුඹ මට අකමැති බව දැන දැනත් ..
නුඹව හැරයාමට හෝ.. 
මා හැරදා නුඹට යන්නට කියන්නට තරම් මා හට ශක්තියක් නොමැත...
මොකද...
දැනටමත් ඔබ මගේ හදගැස්ම වී ඇති නිසාය...
ඇත්තටම මම ඔබට කැමති..
රාවණා රජු නමින් දිව්රමි..
මා රැගෙන විත් ඇති අවසන් හුස්ම බිංදුව තෙක්ම ආදරය කරමි ඔබට..

මෙතෙක් මට හමුවූ සුන්දරම පුද්ගලයා වූ ඔබට...

කෙසේ නම් යන්න දෙන්නද මා හැරදමා...
මගෙ සුදු මැණික...
මගෙ ළගින්ම තියාගන්නවා මිසක... 




මේ දවස්වල් සීතල නිසා එක එක සිතිවිලි පහළ වෙනවනෙ..මේකත් එහෙම එකක් තමයි ඈ.. 


මෙන්න මේකත් අහලම යන්නකෝ...






නිකන් යන එකේ මේ ටිකත් බලලම යන්න ඉතින් වෙලාවක් තියනවනම්... ;)
නොසන්සුන් හිත
අවිනිශ්ච්ත බලාපොරොත්තුව
රිදවීම
ඔබ වෙනුවෙන් නැගෙන කදුළැලි

31 comments:

  1. අනේ මන්ද මෙවුව බැලුවම මාවත් මෙවුව වෙනෝ... කීමට දෙයක් නැත - at හිතට ආ සිතුවිල්ල හිරකරන් ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ.... මාවත් නිකන් මෙවුවා උනා... සැක්.. එහෙනම් පණූ අක්කෝ.. මට පුද්ගලිකව රහසිගතව අර හිරකරන් ගියා කිව්ව සිතිවිල්ල කියන්න ඈ..

      Delete
  2. මේ දවස්වල ශම්මියට අමුතු අමුතු අදහස් පහල වෙනවනේ...කෙල්ලට මොකද මේ වේගෙන එන්නේ ....

    ReplyDelete
    Replies
    1. හිහි...එහෙම නෑ අක්කෝ... සීතල කාලෙට ටිකක් මොලේ අවුල් වෙනෝනෙ ඉතින්... :D

      Delete
  3. මේකට වග කියන්න ඕනෙ අර අරූ තමා...

    ReplyDelete
    Replies
    1. මම අහවල් එකක් කරන්නද යකෝ :/

      Delete
    2. බිම්සර - යා යා... නැතුව ඉතින්..
      ඇනෝ - මම වහාම ක්‍රියාත්මකවන පරිදි ඇනෝ ක්මෙන්ට් කැන්සල් කරනවා.. :/

      Delete
  4. සැබැ වෙනසක පෙරනිමිති දිස්වෙනවා...අපිත් සුබ පතන්න එක්වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හෑ... හිකිස්... ස්තූතියි ..........!!

      Delete
  5. සුදු මණික ලඟින්ම තියාගන්නට ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව් ගොඩාරියක් ටැන්කූ ඔයාට..

      Delete
  6. කවි ඇලජික්.. ඒ වුණාට ඔයාගෙ කවිටික නම් තේරුණා.. සරලයි වටිනවා.. මේ අර පූස් පැටියා ගාෆීල්ඩ් ද?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ.... එයාව මම ගූගල් බාප්පාගෙන් ඉල්ල ගත්තෙ සුට්ටකට... අහ්හ්... කවි ටික තේරුනා නම් එච්චරයි...ස්තූතියි සහෝ...!!

      Delete
  7. මෙයාටත් පුදුම දේවල් නේ හිතෙන්නේ. හික්ස් :)
    මේක කවියක්ද ගීයක් ද ? නිසදැසක් ද ?

    ReplyDelete
    Replies
    1. හිහි...අලේ මල්ලල්ලෑ ඔව්වා... ඔන්න ඔහෙ කියවන්න අයියණ්ඩියේ... :D

      Delete
  8. Replies
    1. ආව්ව්ව්ව්.....ටැන්කූ.....!!
      ජය!!

      Delete
  9. එළ ආ..
    මට ඔහොම අදහස් පහල වෙන්නේ නෑනේ. :(

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්... ම්ම්... ඒකට මොකෝ අනේ කරන්නෙ.. :(

      Delete
  10. ඔ සැබැ වෙනසක් වාගෙ මොකො එක පාරටම වැස්ස නිසා මොලෙ අනිත් පැත්ත ගැහුවද ^_^ කෙසෙ උනත් නියමයි ඇ ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. යා යා...එහෙම වෙලා.. කාලගුණේ වෙනස් වෙද්දි මොලේ අවුල් වෙනෝනෙ ඉතින්.. :D
      ටැන්කූ ......!!!

      Delete
  11. සාදිරිසාව හෙලා දකිමි :D

    ReplyDelete
    Replies
    1. :O :O හෑ... මුනා කියන්නද මන්දා.. පව් මගෙ අහිංසකයා... එක්කෝ එහෙමත් නැද්ද මන්දා.. ^_^

      Delete
  12. සුදු මැණික කිවුවම මට කෙනෙක් මතක් උනා. :) එයා මටත් එහෙම කියනවානේ හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. අහ්හ්..... ඒකනේ... සුදු මැණිකලා ඔක්කම ඇවිත් මේ පැත්තෙ.. :)

      Delete
  13. සු
    පි
    රි

    ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න රජා කාලෙකට පස්සෙ.. :D :D දැකීමත් සතුටක්.. හිහි ටැන්කූ ලජෝ.....

      Delete
  14. දැන් ටිකකට කලින් ඔයා කියුවේ ඇත්ත ෂම්මි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ස්තූතියි ඔයාට.. ඔව්.. ඇත්තටම හිතුනු දෙයක් ලියලා දැම්මා..හිහි..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?