Wednesday, October 3, 2012

මං අසම පොත - The Monk Who Sold His Ferrari


හල්ලෝ.....ඉතින් හව් හව්?? ... කෝමද?පෝස්ට් ලියන්න කම්මැලී අෆ්ෆා... මේ නිකන් පොත් වගයක් බලන ගමන් හම්බවුනා මං ආසම පොත..ම්ම්ම් මේකෙ ගොඩක් තැන් මම හය්ලයිට් කරලා තියෙන්නෙ..ඒවා මට මොනව හරි ප්‍රශ්නයක් වුනාම මම බලනවා..උත්තරයක් ගන්න බැරි වුනත් වැටෙන්නෙ නැතුව ඉන්න පුළුවන් වගේ දැනෙනවා ඒ ටික දැක්කම..මෙන්න ඔයාලත් බලන්නකො..(මම තියන විදියටම කියනවා ඈ..එඩිට් කොරන්න බෑ..ඒකටත් කම්මැලී) ඒකට යටින් පොඩි එක්පලනේෂන් එකක් වගේ එකක් දාන්නම්..නැතුතන් ඔයාලා කියයි ඒකත් තේරෙන්නෙ නෑ කියලා.. L වරහන් ඇතුළෙ තියෙන්නෙ ශම්මි ලියපු එක ඈ..



පොත - The Monk Who Sold His Ferrari
කර්තෘ - Robin S Sharma
පරිවර්ථනය - ජීවිතයේ සියල්ල අත්හල සාධුවරයා
පරිවර්ථක - පද්මා ගුණසේකර

හිතට කන්දෙන්න.හිත කියන විදියට කරන්න.අතීත ගමන් මලු බිමින් තියන්න.ලොකු ලොකු දේවල් පස්සෙ ගිහින් සංතෝස වෙන්න හදන්නෙ නැතුව.පුංචි පුංචි දෙවල් වලින් සතුටු වෙන්න බලන්න.
(මෙහෙමනෙ..වුනු දේ වුනා..ඒක ගැන ආයෙ හිතලා වැඩක් නෑ.ලියලා ඉවර වුනු පේපර් එකක් ගැන වුනත් ආයේ හිතන එකේ තේරුමක් නෑනෙ.කොහොම වුනත් දැන් ඒක ලියලා ඉවරනේ.ඒ වගේ..අතීතෙ ගොඩගහන් හිටියොත් වර්ථමානෙයි අනාගතේයි තියාගන්න ඉඩ නැති වෙනවා.ඒ නිසා ගිය දේට යන්න දෙන්න.අනික තමයි,හැමදේම ලොකුවට හිතන්න යන්න එපා..හිතට එකගව වැඩ කරන්න.අන්තිමට කොහොමත් ඉතුරු වෙන්නෙ තමන්ට තමන්ගෙ හිත විතරයි.එයාට එකග නොවෙන තරමට සැනසීම අපෙන් ඈත් වෙනවා..ලැබෙන හැමදේකින්ම සතුටු වෙන්න..මහ ලොකු දේවල් ඕන නෑ..නිකන් අහස දිහා බලන් ඉදලා,ගහක් දිහා බලන් ඉදලා සතුටු වෙන්න පුරුදු වෙන්න)


ලැබෙන විදියට ජීවත් වෙන්න.සංතෝසෙන් ජීවත් වෙන්න.හැමදේකටම හේතුවක් තියනවා.අපේ ජීවිතේ අපිට ඇතිවෙන පසුබෑම් වලින් අපි පාඩමක් ඉගෙන ගන්න ඕන.එතකොට තමයි අපිට හැදෙන්න පුළුවන්.කල්ගිය දේවල් ගැන කවදාවත් පසු තැවෙන්න එපා.ඒ දේවල් තමන්ට පාඩම් උගන්නපු ගුරුවරයා තියලා හිතන්න.
(කලින් කියපු එකම තමයි.හැමදේකටම හේතුවක් තියනවා.ඇත්ත.අපි ඒ දේ බාරගන්න විදියට තමයි අපිට හේතුව පේනනෙ.හරියට,,,අපි මනුස්සයෙක් දිහා සංතෝසෙන් ඉන්න වෙලාවක බැලුවොත් ඒ මනුස්සයා මනුස්සකේ විදියට පෙනෙයි,හැබැයි තරහින් ඉන්න වෙලාවට බැලුවොත් ඒ අහිංසක මනුස්සයා එක්කත් අපිට කොයි තරම් තරහා යනවද නේද? අන්න ඒ වගේ..අපි ප්‍රශ්නෙ දිහා බලන විදිය අනුව පේන දේ වෙනස් වෙනවා..හොද දැක්මක් තියනවානම් ඕනම නරක දෙයක් හොද අතට හරවගන්න පුළුවන්)


ජීවිතේ කියන්නෙ එක එක්කෙනාගෙ තෝරාගැනීමක්.ඒ තෝරාගැනීම මත තමයි එක එක්කෙනාගෙ ඉරණම තීරණය වෙන්නෙ
(ඒක නම් තේරෙනවනේ..අපි තෝරගන්න දේවල් වල ප්‍රථිඵල තමයි අපිට ලැබෙන්නෙ.)


වඩා හොදින් ලෝකෙ දිහා බලන්න
(අර ඉස්සෙල්ලා කිව්වා වගේමයි.අපි හොදින් බලන තරමට අපිට හොදින් පේනවා..ඒ වගේම කල් ගිහින් හරි හොද දෙයක්ම ලැබෙනවා)


ජීවිතේ කියන්නෙ වැදගත් සිද්ධි කීපයක එකතුවක්.අපි හද ඇල්ලුවත් වැඩක් නෑ අපිට අපේ හිත ජයගන්න බැරිනම්
(වැදගත් සිද්ධී කීපයක එකතුවක් කියන එකනම් තේරෙනවනෙ,ම්ම් හද ඇල්ලුවත් වැඩක් නෑ තමයි හිත ජයගන්න බැරිනම්..අපිට අපේ හිතට එකගව වැඩ කරන්න බැරිනම්,හිතයි, ඔයයි, ඔයාගෙ මනසයි කියන තුන්දෙනා තීරණයක් ගන්න වෙලාවකකට වැඩ කරන්නෙ තුන්දෙනෙක් වගේ නම්.එතනදි ඔයා පරාදයි..මොකද වැදගත් වෙන්නෙ මේ කියපු තුන්දෙනාගෙම එකගතාවය..අනිත් දෙන්නා මොනවා කිව්වත් හදවතට එකගව තීරණයක් ගත්තොත් වරදින්නෙ නෑ කවදාවත්ම)


තමන් ගැන බලන්නෙ නැති කෙනා කවදාවක් අනුන් ගැන බලන්නෙ නෑ.තමුන් හොද නැත්නම් අනුන්ට හොදක් කරන්නෙ කොහොමද,තමුන්ට ආදරේ නැත්නම් අනුන්ට ආදරේ කරන්නෙ කෝහොමද?
(ඇත්තනෙ ඉතින්.මුලින්ම තමන්ට තමන්ව බලාගන්න පුළුවන් වෙන්න ඕන.ඒ කියන්නෙ තමන් කවුද?මොන වගේද?කොහොම කෙනෙක්ද කියන එක ගැන තමන්ට හරි වැටහීමක් තියෙන්න ඕන.ඊට පස්සෙ අනිත් මිනිස්සු මොනවා කිව්වා who cares, තමන් තමන්ට ආදරේ වෙන තරමට අනිත් අයට ආදරේ වෙන්න ලේසි.අනික තමන් තමන්ට ආදරේ නම්,අනිත් කෙනාට වුනත් දෙසරයක් හිතන්න ඕන නෑ ඔයාව විස්වාස කරන්න.ඉස්සෙල්ලා තමුන්ව පරිස්සම් කරගන්න කරම් තමන් ගැනම විස්වාසයක් තියෙන්න ඕන..ඊට පස්සෙ තව කෙනෙක්ව පරිස්සම් කරන එක මහ වැඩක් නෙවෙයි)


තමන්ට හොදින්ම ආදරේ කරන්න ඉගෙන ගත්තම තමයි ඇත්තටම අනුන්ට ආදරේ කරන්න පුළුවන්.තමන්ගෙ හදවත විවෘත කරගත්තම තමයි අනුන්ගෙ හදවත් වලට ළංවෙන්න පුළුවන් වෙන්නේ.තමන් තමන් ගැන අවධානෙන් ඉන්නනවනම් තමන්ට මීටත් වඩා හොද කෙනෙක් වෙන්න පුළුවන්
(ඒ කියන්නෙ අපි අපිටම විවෘත කෙනෙක් වන තරමට අනිත් අයත් අපි ගැන පැහැදෙනවා..මෙතනදි මට වැඩිය තේරුම් කරලා දෙන්න තේරෙන්නෙ නෑ..)


තමන්ගෙ ජීවිතේ හොද දේවල් ගැන හිතලා ඒවා දියුණු කරගන්නවා මිසක්,අතීතයට වහලෙක් වෙන්න එපා,බිදුණු සබදකම් ගැන,තව වෙන සුළු දෙවල් ගැන හිතලා වද වෙන්න එපා...ජීවිතය කළමණාතරනය කියන්නෙ හිත කළමණාකරනයයි..
(ඕක නම් තේරෙන්නෙ නෑ තියන්න එපා..යට ගියාව ගැන හිතනවට වැඩිය..ඉස්සරහ ගැන හිතන එක වටිනවා..අපේ හිත් අපිට ඕන විදියට වැඩ කරනවනම් ඔක්කොම හරි..හිතයි ඔයයි දෙන්නෙක් වුනොත් නම් දුක තමයි රංජනා..)


විදින ලද හීයක්,පවසන ලද වචනයක්,අතපසු කරන ලද අවස්ථාවක්,යළි ඇදගත නොහැක..
(ඔන්න දැක්කනේ..මම හැමදාම කියනවනේ මම ආස නෑ කියලා..පහු ගිය දේවල් ගැන හිතලා මේ හොදට තියන වර්තමානෙ නැති කරගෙන කවදාහරි කාලෙක පසුතැවෙන්න)

දැන් ඔයා නිකන් මෙහෙම වුනා නේද??



28 comments:

  1. පෝස්ට් එක නම් ගොඩක් නෙවෙයි ගොඩා.....ක් වටිනවා... වැඩියම පැහැදිලි කිරීම් (රතුපාට ඒවා) ගොඩක් හොඳට තේරුණා... මටත් මේ දේවල් ටික ජීවිතේදි වැදගත් වෙයි කියලා හිතුණා... ඔය පොත මම නම් තාම බලලා නෑ... ඒකත් බලන්න ඕන... ජය වේවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අනේ...........ඔය මගේ පෝස්ට් එකක් තේරෙනවා කියලා කිව්වමද කොහෙද.. :D :D :D :D මට දැනෙන සතුට.. අනිවාර්යෙන්ම අරන් බලන්න..හරිම පොඩි සාරංශයක් තමයි මේ..පොත අරන්ම බලන්නකො..මටත් කියන්න හොදේ..
      ඔයාට ජය!!

      Delete
    2. සතුට වැඩි කමට උඩ පනින්ට එහෙම එපා ශම්මි අක්කෝ.... අර අයිස්ඒජ් එකේ වගේ පොළව පැලෙයි ඔයාගේ බරට...

      Delete
    3. හෑ....මුකාද ඇත්තට මේ අළුත් මල්ලියා...හොයන්නම වෙනවා.. :පී ඕකේ ඕකේ මල්ලෝ... (Y)

      Delete
    4. ඈ... කලින් දැකලා නැත්ද මාව?? පුදුමයි... නෙට්වර්කින්(ග්) තාම ඉගෙනගන්නවද නැත්නම් ජොබ් එකටම කරන්නේ ඔය වයර් කෑලි මූට්ටු කර කර ඉන්න එකද?

      Delete
    5. දැකලා තියනෝ ඈ.. තාම ඉගෙන ගන්නවා අනේ..හයියෝ... :(

      Delete
    6. පොඩි ප්‍රශ්ණයක් තියෙනවා අහගන්ට... හොඳ අක්ක වගේ කියලා දෙනවකෝ මට...

      USB වලයි පරණ ප්‍රින්ටර් හයි කරන්න ගන්න පෝට් වලයි ඩේටා යන්නේ ක්‍රම දෙකකටද? පෝට් ප්‍රෝග්‍රැමින් කරද්දි ඕන හෙන ගැටලුවක් අප්පා... USB එකක් හරහා උපකරණ 127ක් සම්බන්ධ කරන්න පුලුවන්ලු... ඒත් ඒකෙ තියන්නේ ඩේටා ‍පින් දෙකයිනේ හලෝ... කොහොමද ඉතින් එච්චර උපකරණ හයි කරන්නේ?

      Delete
    7. තාම නම් ප්‍රැරක්ටිකල් කරලා නෑ මල්ලෝ.. ඩේටා යන්නෙ ක්‍රම දෙකකට නම් වෙන්න බැහැ.. පින් එකෙන් ඩේටා යන විදිය වෙනස් වෙන්නෙ නැහැනේ..සමහරවිට ස්පීඩ් එකේ වෙනසක් තියෙන්න පුළුවන්..ම්ම්ම් හොයන්න ඕන ඕක නම්.. මමත් අහලා බලන්නම්.. // USB එකක් හරහා උපකරණ 127ක් සම්බන්ධ කරන්න පුලුවන්ලු...// මෙන්න මේක නම් මටත් තියන ප්‍රශ්නයක් තමයි.. සමහර විට USB හබ් එකක් සෙට් කරගෙන කරන්න පුළුවන් එක ගැනද දන්නෙ නැහැ කියන්නෙ..

      Delete
    8. හ්ම්ම් මදැයි නෙට්වර්ක් ඉංජිනේරුවෙක් ගෙන් ඇහුවා... ආ හරි හරි... මට දැන්නේ තේරුණේ... නෙට්වර්කිං කියන්නේ මදුරුදැල් මහන එකටද? නෙට් - වර්කිං නේ නේ? හරි හරි... විහිලු ගනන් ගන්ට එපා හො‍ඳේ.. ඒක මගේ උපත් ගතියනේ... ඒවා කොහොම වෙනස් කරන්නද... හිනාවෙනකොට ලෝකේ ලස්සණයිලු... ඒකයි විහිලු කරන්නේ...

      මේවා සම්බන්ධ කරන්නේ නම් හබ් හරහා තමයි... ඒත් එහෙමනම් ඩේටා වෙන වෙන සංඛ්‍යාත වලින් මික්ස් වෙලා තනි කේබල් එක හරහා ගිහින් හබ් එකේදි බෙදිලා එක සංඛ්‍යාතයක දත්ත විතරක් ගන්නවා ඇති නේද? එතකොට පුලුවන්නේ 127 ක් හයි කරන්න... අර ඔසිලේටරයක් දාලා එක සංඛ්‍යාතයක දත්ත විතරක් වෙන් කරන සර්කිට් අක්ක දන්නවනේ? අන්න ඒ වගේ එකක් මෙතනත් ඇත්තේ.... පුලුවන්නම් හොයලා කියන්ට අක්කේ... ලොකූම ලොකු උදව්වක්... ඕක මට තියෙන ලොකු ප්‍රශ්නයක්... ගොඩක් සන්තෝසයි නෙට්වර්කින් ෆීල්ඩ් එකේ අක්ක කෙනෙක් හඳුනගන්න ලැබිම ගැන... නෙට්වර්ක් ප්‍රශ්න කෝටියක් තියෙනවා... ඒත් අහගන්න ඒවා දන්න කෙනෙක් නෑ... මොකක් හරි ආය ප්‍රශ්නයක් ආවොත් අහන්නම්... ඇහුවොත් කියලා දෙනවනේ? එහෙනම් ජය වේවා අක්කට... සුභ දවසක්...

      Delete
    9. අවුලක් නෑ මල්ලෝ...හිකිස්..ඔයා කිව්ව එකත් මරු තමයි..ඔය ප්‍රශ්නෙ නම් මටත් තිබුණු එකක් තාම ප්‍රැරක්ටිකල් නැති නිසා අහන්න බැරි වුනා..දැන් මේ කියපු එක නම් මම දන්නෙත් නෑනේ..දැනගත්තු එක හොදයි..ඔයාගෙන් මමත් දෙයක් ඉගෙන ගත්තා..ස්තූතියි මල්ලෝ..!! ජය!!

      Delete
  2. //තමන්ගෙ ජීවිතේ හොද දේවල් ගැන හිතලා ඒවා දියුණු කරගන්නවා මිසක්,අතීතයට වහලෙක් වෙන්න එපා,බිදුණු සබදකම් ගැන,තව වෙන සුළු දෙවල් ගැන හිතලා වද වෙන්න එපා...ජීවිතය කළමණාතරනය කියන්නෙ හිත කළමණාකරනයයි.. //
    මේක කරගන්න නොහැකිවීම නිසා පහුගිය කාලේ සෑහෙන්න පාඩු වින්දා මම. දැනුත් ඉතින් වෙනසක් නෑ. ඒත් උත්සහ කරනවා.
    ගොඩක් වටින පෝස්ට් එකක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට...ආයෙමත් උත්සාහ කරලා බලන්න..බැරි දෙයක් නෑ..හිත තමයි හැමදේම..සුබ පතනවා ඔයාට!!

      Delete
  3. මේ පොතේ තියන දේවල් අපිටත් බලන්න ලැබුණ ඒක නම් ලොකු දෙයක්. ඇත්තටම වටිනවා. බෙදා ගැනීම වෙනුවෙන් මගේ උත්තමාචාර ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ ඔයාට..ඇත්තටම මට මොනවා හරි අවුලක් වුනු ගමන්ම මම මේ පොත බලනවා..ඔයාට හැබැයි පොත බලන්න තිබුනොත් වටිනවා..ආයේ ආයේ බලන්න හිතෙන පොතක්..ඔයාටත් ජය!!

      Delete
  4. එල පෝස්ටුවක්.... නියමයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D :D ටැන්කූ රජෝ....................
      ජය වේවා!!!

      Delete
  5. මොකද කියන්නේ ඕක ප්‍රකාශයට පත් කරමුද? :)

    ReplyDelete
    Replies
    1. ජය වේවා!!! ඒක මට තේරුනේ නෑනේ.. :ඔ :ඔ :ඔ 

      Delete
  6. Robin S Sharma ගේ පොත් ගොඩාක් තියෙනවා. මේ පොත් මමත් ගත්තා. ඉංග්‍රීසි පොත. මෙයාගෙම තවත් පොතක් ගත්තා...ඒකෙ නම Who will Cry When you Die ...

    ReplyDelete
    Replies
    1. මට නම් මේ තෑගි හම්බුවෙච්චි පොතක් අක්කෝ..මගේ සර් හැම උපන් දිනේටම තෑගි දෙන්නෙ පොත්.. ම්ම් මමත් ගන්න ඕන ඔය පොතත්..අහක යන්නෙ නෑ පොත් නම් කොච්චර ගත්තත්..

      Delete
  7. ඉන්ගිරිසිනේ :ඔ
    අර වචන සෙට් එක නම් මරු ඈ.. , වෙලාවක නිවාඩු පාඩුවේ තව ටිකක් කියා දෙන්නකෝ ;)

    ReplyDelete
    Replies
    1. මුන වචන සැට් එකද ඈ..කියලා දෙන්නම්කෝ... :D :D

      Delete
  8. //තමන්ට හොදින්ම ආදරේ කරන්න ඉගෙන ගත්තම තමයි ඇත්තටම අනුන්ට ආදරේ කරන්න පුළුවන්.තමන්ගෙ හදවත විවෘත කරගත්තම තමයි අනුන්ගෙ හදවත් වලට ළංවෙන්න පුළුවන් වෙන්නේ.තමන් තමන් ගැන අවධානෙන් ඉන්නනවනම් තමන්ට මීටත් වඩා හොද කෙනෙක් වෙන්න පුළුවන්//
    පට්ට ඇත්ත.ඒ පොත නම් පට්ට සිරා වගේ

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඇත්තටම ඔව්...අරන් කියවන්න ඕනෙ එහෙනම් ඈ... (Y)

      Delete
  9. ඇත්තටම මගේ පොටෝ එකක් දැං දාන්න පුළුවංනං ඔය අන්තිමට තිබ්බා වගේ ඇක්සන් එකක් බලා ගන්න පුළුවං....
    ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ්...එළනේ..අද පෝස්ට් එකවත් තේරුනා නම් ෂෝයි අෆ්ෆා... ටැන්කූ අය්යණ්ඩියේ..
      ඔයාටත් ජය!!

      Delete
  10. ෂඃ..නියමයි නංගියෝ....නියම පෝස්ට් එකක්..ඇත්තටම හිතන්න දෙයක් තියනවා..අන්තිම පින්තුරෙත් මරු.බට්,මම ආය කියවන්න පටන්ගන්න ඕන..

    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. එළ..... ආයේ කියවන්න අක්කෝ...මම නම් වෙලාවක් හම්බුන් ගමන් මේ පොත කියවනවා..
      ඔයාටත් ජය!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?