Saturday, September 29, 2012

හැක් කරමුද??



සැලකිය යුතුයි ප්‍රථම සහ අවසාන වතාවට මාගේ නිර්මාණයක් නොවන..වෙන කාගේදෝ නිර්මාණයක් පෝස්ට් කරන බැවින්..අයිතිය කවුරුන් සතු වුවත් තරහා නොවේවා කියා ඉල්ලා සිටිමි...


මේ දවස් වල ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙන එකක් තමයි තමන්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් ජීමේල් යාහූ එකවුන්ට් එක හැක් වෙලා එහෙමත් නැත්නම් තමන්ගෙ බ්ලොග් එක හැක්වෙලා කියන කතාව. ඒ වගේම ගොඩක් අය ඉගෙන ගන්නත් උනන්දු මාතෘකාවත් තමා මේ හැකින් කියන්නෙ. මොකද මම දැකල තියෙනව ගොඩක් ෆෝරම් වල තියෙනව ජීමේල් යාහූ එහෙමත් නැත්නම් ෆේස්බුක් හැක් කරන්න සොෆ්ට්වෙයාර් දෙන්න කියල ඉල්ලල තියෙනවා. ඉතින් මම හිතුවා අද ඔයාලට කොහොමද යාහූ ජීමේල් ෆේස්බුක් එකවුන්ට් එකක් හැක් කරන්නෙ කියල. හොඳට පුරුදු උනොත් ඔයාලටත් පුලුවන් මම මේ කියල දෙන ක්‍රමෙන් වෙබ් සයිට් එකක ඇඩ්මින් එකවුන්ට් එකත් හැක් කරන්න. ඉතින් වැඩි කතා ඕනෙ නෑ නෙ. අපි කෙලින්ම බහිමු වැඩේට.

මේ වැඩේට අපිට ඕන පොඩි ටූල් ටිකක්. බයවෙන්නෙපා. මේව දැනටමත් ඔයාල ගාව තියෙනවා. අපිට වැඩි මහන්සියක් නැතුව වැඩේට බහින්න පුලුවන්. මෙන්න මේව තමා ඕන කරන්නෙ.

වැඩකරන තත්වයේ කම්පියුටර් එකක්. මේක තරමක් වේගවත් වන තරමට වැඩේ ලේසියි. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්.

දැන් ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඔයාලට හැක් කරන්න ඕන කෙනාගෙ යූසර්නේම් එක හරි එහෙමත් නැත්නම් ඒ අදාල ඊමේල් ඇඩ්‍රස් එක හොයා ගන්න එක. මේක ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්නෙ. ඊලඟට තමා අමාරුම වැඩේ. ඒ තමයි මේ හැක් කරන්න යන එකවුන්ට් එකට අදාල පාස්වර්ඩ් එක හොයාගන්න එක. දැන් මේ ටික කරල ඔයාලට මහන්සිත් ඇතිනෙ. එහෙනම් මේ තේක බීල ඉන්නකෝ. අපි ඊට පස්සෙ බලමු කොහොමද පාස්වර්ඩ් එක හොයාගන්නෙ. ප්‍රොග්‍රැමින් දන්නෙ නැති කට්ටිය බයවෙන්නෙපා අපි කොහොමද කෝඩ් ලියන්නෙ අපි ඕව දන්නෙ නෑනෙ කියල. බයවෙන්නෙපා මම කාටත් තේරෙන විදිහට තමා වැඩේ කියල දෙන්නෙ. එහෙනම් ඉතින් බය නොවී අපි බහිමු වැඩේට. ආ අමතක උනානෙ, මේ තේක බීල ඉන්න. නැත්නම් ඇල් වෙයි.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් තමා වැඩේ ඉතුරු ටික. ඒ කිව්වෙ පාස්වර්ඩ් එක හොයා ගන්න එක. මේක තමා ලේසිම කොටස. ඔයාලට කරන්න තියෙන්නෙ ඕගොල්ලො අර කලින් ඊමේල් එක හොයා ගත්තනෙ හැක් කරන්න ඕන එකවුන්ට් එක අයිති කාරයගෙ. ඒ මනුස්සයට වැඳල හරි කමක් නෑ පොඩ්ඩකට පාස්වර්ඩ් එක ඉල්ල ගන්න. එච්චරයි. වැඩේ සිම්පල්. දැන් ඉතින් යූසර්නේම් පාස්වර්ඩ් දෙකම තියෙනවනෙ.හැක් කරපු එකවුන්ට් එකට ලොග් වෙලා බලන්න. ඔයාලට මේ ක්‍රමේ අනුගමනය කරල ලේසියෙන්ම ඔයාගෙ පෙම්වතා හෝ පෙම්වතියගෙ එකවුන්ට් එක ලේසියෙන්ම හැක් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් අත්හදා බලල කියන්නකෝ. තරහ ගිය අය එහෙම ඉන්නව නම් කොහිල ටිකක් වැඩියෙන් කන්න...(තරා වෙන්න එපා හොදේ)



 අනේ මම දන්න හැකින්... :පී

20 comments:

  1. හෙහ්....:)

    අයියෝ හෙන ලේසි වැඩක් නෙහ්? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...ඔන්න ඔය නිකන් ඉන්න ගමන් කොරලා බලන්න රජෝ... :D

      Delete
  2. Replies
    1. හරි හිනා ඈ මටත්.... වෙඩික්කාරයෙකුත් මේ පැත්තෙ ඇවිල්ලනේ...දඩයම් නම් නෑ හොදේ...හැබැයි ආයේ එන්න ඕන මතක් කරලා..

      Delete
  3. මම හිතුව පහු ගිය දවස් ටිකේ මට දුන්න ගේම් වල හැටියට හරි තමයි කියල ,
    අනේ මේ එන්න නම් එපා හරිද , අඩුවත් මම නම් දෙයි මගේ පාස් එක

    ReplyDelete
    Replies
    1. හප්පෝ...ඕක ඉල්ලලා අඩනවට වැඩිය හොදයි බෙල්ලෙ සබන් කැටයක් බැදන් වතුර පුරවපු බේසමකට පනිනවා... කෝමෙයි ඈ ඒ වුනාට වැඩේ... :D :D :D

      Delete
    2. වතුර බැරි නම් , ලිදට හරි අනේ දෙයියනේ පැනහන් , (ඔන්න මට නම් පීනන්න බෑ හරිද :/)

      Delete
    3. :ඔ :ඔ හහ්..මම තනියම් පනියි කියලා හිතුවද ආ...සැතපෙමු දෙන්නම එක තැන එක මිනි වළේ කියලා ඇදන් තමයි පනින්නෙ බොලවත්.. :ඩී :ඩී

      Delete
  4. ඔයිට වඩා ලේසි ක්‍රමයක් මං දන්නවා..
    කියන්නෑ කාටවත්..

    ReplyDelete
    Replies
    1. හෑ...ඒ කෝමද...මටවත් කියන්න බැරිද ඈ...මං කාටවත් කියන්නෑ.. ;)

      Delete
  5. හික්ස් මම මේ වගේ ට්‍රික්ස් කතා එකසිය ගානට අහලා තියෙනවා.

    මේවට කියන්නේ හැකින් කියලා නෙවේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්...මමත් අහපු එකක් අනේ..හැබැයි මටත් තාම මේ වැඩේ කොරගන්න බැරි වුනා..

      Delete
  6. ඔන්න මමත් ආවා මේ පැත්තට..
    මේ ක්‍රමය නම් මරු හැබැයි!
    ආයෙමත් එන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. එළ...ටැන්කූ ආවට..ඔව් ඔව්..අර අන්තිම ස්ටෙප් එක තමයි ටිකක් අමාරු.. ;)

      Delete
  7. හි හි............හා මෙහෙමම කරන්නම්කො....හි හි :)

    ReplyDelete
    Replies
    1. හිකිස්...මේ අක්කෝ මතක ඇතුව මටත් කියන්න හොදේ මොකෝ වුනේ කියලා..

      Delete
  8. හෙහ්... රැවටුවා අපිට එහෙනං... දවසක අහුවෙයංකෝ මට...

    ReplyDelete
    Replies
    1. හැහ්...මං මුනා කරන්නද ඈ ඔයා රැවටුනාට..හිකිස්...හූ ඈ... :පී

      Delete
  9. නියමය්නේ ...මටත් දැන් හැක් කරන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒකනේ.... කොමද වැඩේ.... කරාම කියන්න හොදේ.. ;)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?