Tuesday, October 16, 2012

නොදැක ඉන්න බෑ මට නම් ♥




හැමදාම දැකින්න ඕන නෑ තමයි
ඒත් අඩුම තරමින් මාසයකට සැරයක්වත් දකින්න ආසයි
බලන් ඉන්න ආසයි ඔය ඇස් දෙක දිහා...
මහ ලොකු වෙලාවක් නෙවෙයි
අඩුම තරමින් විනාඩි දහයක්වත්
හිතේ දුකක් නැතිවම නෙවෙයි...
දකින්න නොලැබෙන නිසා
දැක්කෙ නැතුවට මොකද
කවදාහරි දවසක මගේම වෙනවනේ කියලා හිත හදාගන්නවා


කිලෝ මීටර් ගාණක්ම දුරින් හිටියට
ඔය හිත පුරාම මම ඉන්නවා කියන්න මම දන්නවා
වෙලාවක් ලැබුණු ගමන්ම කෙටි පණිවිඩයක් දාලා මං ගැන හොයනවා
බනිනවා,සැර කරනවා,කෑ ගහනවා, ඒ මදිවට බයත් කරනවා..
ඒ හැමදේම ආදරේට නිසා කියලත් මම දන්නවා..
ඒත් සමහර වෙලාවට හිත අඩනවා..
දකින්න ඕන කියලා මගේ සුදු බබාව..


මේ වචනෙ නම් කියන්නෙ නෑ..මේකා හෙන ලෝබයා.. 

කටහඩ අහපු පළවෙනි දවසෙම ඇස්දෙකට කදුළු ආවා
කටහඩේ තිබ්බ ගැඹුරුකම නිසාමද කොහෙද..
ඔයා නම් හිනා වෙයි මෙහෙම කිව්වම..
ඒත් ඔය කටහඩට මං ගොඩක් ආසයි
ඉදලා හිටලා හරි අහන්න ලැබෙනවනම්..
මං තවත් ආසයි..


කිව්වත් නොකිව්වත් පිනක් තියෙන්න ඕන ඔයා ලැබෙන්න
හැමෝටම හම්බවෙන්නෙ නෑ හැම අතින්ම ගැලපෙන කෙනෙක්
හරිම අතලොස්සකටයි එහෙම හම්බවෙන්නෙ...
විශේෂයෙන්ම හදවතේ විස්වාසය උපයගත්තු කෙනෙක්
ඇස්වහක් කටවහක් නෑ 
ඔයාගෙයි මගෙයි සම්බන්දෙට දීර්ඝායුෂම ලැබෙන්න ඕන...!!! 









34 comments:

  1. ඔය දෙන්නගේ බැඳීමට දිර්ගායුෂම ලැබේවා!!!
    ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ...
      ජයම වේවා!!

      Delete
  2. ඔයාලගේ ආදරේ හැමදාමත් පවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  3. ඔයාලගෙ සම්බන්දෙට දීර්ඝායුෂම ලැබෙන්න ඕන...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. ජය වේවා!!

      Delete
  4. <3 <3 <3 , මට ඇත්තටම ඔය කවි සිතුව්ලි පහල වෙන්නේ නැති හැටි :D

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාත් ලිව්වෙ කවියක්.. ම්ම්ම්... මම ඒකට තව ටිකක් එකතු කරේ.. ඒකත් ලස්සනයි..අයේ ට්‍රයි කරමු අපි... ටැන්කු ලව් <3 <3 <3

      Delete
  5. Replies
    1. ස්තූතියි අය්යණ්ඩියේ.... !!!

      Delete
  6. Wow...ඒ කියන්නෙ ශම්මි නඟත් ආදරවන්තියක්...
    හරිම ලස්සනයි පද ටික නංඟෝ....

    ReplyDelete
    Replies
    1. යැස් යැස්.. හී හී ... ටැන්කූ අක්කෝ... ජය!!

      Delete
  7. ඔය දෙන්නගේ බැඳීමට දිර්ගායුස ලැබේවා කියලා මමත් අවන්කයෙන්ම පතනවා සහෝදරි.

    ReplyDelete
    Replies
    1. :D :D ගොඩක් ස්තූතියි නිශාන් අය්යා..

      Delete
  8. ජය වේවා!!! හැමදාමත් ඔය ආදරේ ලස්සනට ගලාගෙන ගලාගෙන යනන් කියලා සුභ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. :D :D :D ටැන්කූ............ ඔයාට...

      Delete
  9. ඇස්වහක් කටවහක් නැ හැමදාම සතුටින් ඉන්න ලැබේවා.. :)
    ජය..!! :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට...... ජය!! :D

      Delete
  10. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.... රජාට හැමදාම රජ කොරන්න ලැබේවා....

      Delete
  11. මමත් ඔයාට සුභ පතනවා නංගෝ මුළු හදවතින්ම ...
    ජයෙන් ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ............. :D

      Delete
  12. කට්ටියම සුභ පතලා නේ මං සුභ පතන්න ඕනේ නෑ නේ නේද? ;)


    ඔය කාගේ එක තිබ්බත් මඩයගේ wish එක නැතුව හරියන්නේ නෑ ;)
    උඹලා දෙන්නට ජය වේවා...!
    චිරාත් කාලයක් හොදම ජෝඩුව ලෙස වැජඹේවා ....!

    ReplyDelete
    Replies
    1. අලේ.....අනිත් අය තරා වෙයිද මන්දා මේම කිව්වාම... මඩයාගේ සුබ පැතුම හිත අගටම වැදුනා..

      උඹලා දෙන්නට ජය වේවා...!
      චිරාත් කාලයක් හොදම ජෝඩුව ලෙස වැජඹේවා ....!

      පිං සිද්ද වෙනවා..
      ජය වේවා!!

      Delete
  13. he he onna akki 3rd time man awa :)

    U know akki mage gfuth oya wage feel karanawa ati, any way man eka danagaththe oyagen.so thank u akka! hmm aiyawa miz karanna epa eya ikkanatama oya lagata ei!

    tata cu akki... 4th timuth ennamko.. :)

    ReplyDelete
    Replies
    1. hapuchchiye .. mama kohewath gohin na male , mama innawa akkandi ekkama :D , thanku wewa !

      Delete
    2. :* හිකිස්..ඔන්න ඇවිත්..

      Delete
    3. He he mona unath a aiyath shoi,oya wagemai katha karanne. :)

      Delete
    4. හිකිස්... නැතුව...මගෙනෙ ඉතින්.... ම්ම්ම්.. මට වඩා හැබැයි හරිම හොදයි එයා.. :D

      Delete
  14. අහ්හ්හ්...ටැන්කූ මල්ලෝ....... ඔව් ඔව්.. අනිවාර්යයෙන්.. හැම ගෑල්ලමෙක්ම එහෙම තමයි..වෙල්කම් මලයා.. හී හී... නෑ නෑ.. යන්න හැදුවත් යන්න දෙන්නෙ නෑ... මගේ තමයි.. අනිවාර්යෙන්ම ආයේ එන්න ඕනේ...
    ජය!!

    ReplyDelete
    Replies
    1. Any time akkizzz :) nxt time profile ekak hadagenama ennam!

      Delete
    2. ඒක හොදයි... ජය වේවා මලයෝ....

      Delete
  15. හෑ... මම මේක කියෙව්වනේ... මම කමෙන්ටුවක් දාලා නැද්ද? අමතක වෙලා‍ද කොහෙදෝ...

    ඔන්න අලුත් මල්ලිගෙනුත් උණුසුම්ම උණුසුම්ම උණුසුම් සුභපැතුමක්... නොසැලෙන බැඳීමක් දිවිය පුරාවටම තියාගන්න ලැබෙන්න කියලා... හැමදාටම හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා...

    ඔන්න වෙඩින් එක දවසට අපිටත් කේක් කෑල්ලක් දුන‍්නේ නැත්නම් තමා අල්ලගන්නේ දෙන්නගෙම බොටුවෙන්...

    දෙදෙනාටම ජයෙන් ජය...


    ReplyDelete
    Replies
    1. අහ්.... මම ඒත් බැලුවා..මොකෝ ක්මෙන්ට් එකක් නැත්තෙ කියලා... ඒ බ්ලොග් ලියන කට්ටියට වෙනනම පාර්ටි එකක් දෙන්නම්කෝ.. ස්තූතයි.... ගොඩාක් ටැන්කූ හොදේ... හරි හරි... වෙඩින් එකම කියන්නම්කෝ... ;)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?