Saturday, October 13, 2012

ඉරිසියාව.. පැහැදිලි ඉරිසියාව


දොයි මතයි..සැක්..ක්ලාස් යන්න එපැයි..උදේ 3ට විතර නැගිට්ටුනා මොකෝ මන්දා..නින්ද යන්නෙත් නෑ..වෙනදට නම් එහෙම වුනාම ගිහින් කාර්ටූන් බලනවා..මෙදා ඔලුව රිදීගෙන ආව නිසා ඒකත් බෑ.. ඒ අස්සෙ මතක් වෙනවා හෙට අර සාදිරිසා Camp යනවනේ..Cadet Camp..බනීද දන්නෑ..ඉන්න ඉහළම නිලයේ එක්කෙනෙක්නෙ.(අපි වගේයැ).. දැන්
ඉතින් දවස් 10ක්ම පාළුවෙන් තමයි ඉන්න වෙන්නෙ..සද්දෙ දාන්න,බනින්න,සැර කරන්න,රංඩු වෙන්න, ඒවත් නෑ.. මගේ Birth Day එකටවත් මෙයා නෑ.. L එයා නම් කියන්නෙ Birth Day එක කියන්නෙ තවත් එත දවසක් විතරයි කියලා.ඇත්ත..ඒත් ඉතින් ඔයා තවත් එක්කෙනෙක් නෙවෙයිනෙ..ඒකනේ ප්‍රශ්නෙ.




      ඔන්න ඉතින් හෙට ඉදන් මට තරහා යයි තවත් වැඩිපුර..පාළුවයි,දුකයි අනිත් මිනිස්සු පිටින් තමයි යන්නෙ මට කොරන්න දෙයක් නෑ.. එතකොට එයාටයි ශම්මිටයි හම්බවෙන Advantages & Disadvantages ගැනයි Rules & Regulation (මේක සාදිරිස්ට පමණයි) ගැනයි කියන්නෙ මේ..


Advantages  ඔෆ් සාදිරිසා

1.මම නෑ
2.සාදිරිසට කන්න, ක්ලාස් යන්න, දොයියන්න ඕව්වා කියන්නෙ නෑ
    කවුරුත් මේ ටිකේම
3.කොයි ඉන්නෙ අහන්නෙ නෑ
4.මොකද කරන්නෙ අහන්නෙ නෑ
5.තාම ඕක ඉවර නැද්ද කියන්න කෙනෙක් නෑ
6.වැඩක් කරනකම් වැඩේ කඩාකප්පල් කර කර නිදියන්නෙත් නැතුව
   ඇණයක් වෙවී කියව කියව ඉන්න කෙනෙක් නෑ.
7.ගිහිල්ලා නිදියන්න,කන්න කියලා බැනලා සැර දාලා කවන්න, නිදි
   කරන්න ඕන නෑ කාවවත්.
8.වැඩක් කර කර ඉන්න වෙලාවට ඇවිල්ලා වෙන වෙන මැන්ටල්
   කතා අහන්නෙත් නෑ කවුරුත්



Advantages ඔෆ් ශම්මියා

1.කන්න ඕන නෑ,සද්දෙ දාන්න කවුරුත් නෑනේ
2.නිදියන වෙලාවක් එනකම් නැගිටලා සෙල්ලම් කාර් ටිකයි ටෙඩියෝ
   ටිකයි එක්ක සෙල්ලම් කරනවා
3.සමහර අය ෆිල්ම් බලලා ඉවර වෙනකම් නිදිමරාගෙන කම්මැලි
   කමේ බැන බැන ඉන්න ඕන නෑ..


Disadvantages ඔෆ් සාදිරිස්

1.ඔබගේ ඊ-තැපැල,දුරකතනය,ෆේස්බුක් ගිණුමෙහි ඇති මැසේජ්
  
ඔප්ෂන් එක ඕවර් ලෝඩ් වී තිබුණොත් මම වගකියන්නෙ නැත :D


Disadvantages ඔෆ් ශම්මි

1.පාළුයි L
2. පාළුයි L
3. පාළුයි L
4. පාළුයි L
5. පාළුයි L


Rules & Regulation ෆෝ මිස්ට සාදිරිස්

1.ගෑල්ලමයි දිහා බැලීම සපුරා තහනම්.
2.ගෑල්ලමෙක් ඔයා දිහා බැලුවොත් ඔයා ඔරවන්න ඕන.
3.ගෑල්ලමයි එක්ක කතා කරන්න බෑ.
4.ඔය එක එක අමුතු අමුතු අය ඉන්නවනේ.එහෙම කවුරු හරි
   මොනවා හරි ඇහුවොත් වහාම කිව යුතුයි නිශ්චල දේපල අයිතිය
   ශම්මි සතුයි, බැල්ම දැමීමෙන් වළකින්න පසුවට කණගාටු වීමට විය
   හැකියි කියලා..
5.ෆෝන් නම්බරස් නම් දෙන්නම බෑ..අම්මා තාත්තා කිව්වා කිව්වත්..
   මලන් කනවා දුන්නොත් හරි දුන්නු එව්වා ගත්තොත් හරි..
6.වලි දාගැනීමෙන් වලකින්න, තියන වලි ඉවර කරන්න..
7.අවසන් වශයෙන් තරයේ මතක තියා ගත යුතුයි ශම්මි
  ඉන්නවා,වෙන්න අයිතිකාරි,සින්නක්කර උරුමක්කාරි, නොහොත්
  වයිෆ්..
ඒ නිසා සියළුම ගෑල්ලමයි තරයේ හෙළා දැක යුතුයි
..





එහෙනම්..පරිස්සමින් ගිහින් එන්න වස්තුවේ....
(මට හිතෙනවා හෙට ඉදන් දවස් 10ක් දොයියන්න හිතෙනවා එක දිගටම)








36 comments:

  1. අපිත් කියන්නේ පරිස්සමෙන් ගිහින් එන්ට එහෙනම්... බලන්ටකෝ ශම්මියගේ තියෙන නපුරුකම...

    ReplyDelete
    Replies
    1. නපුරු වෙන්න වෙනවා තමන්ට තියන වටිනම දේවල් පරිස්සම් කරගන්න..

      Delete
  2. අප්පොච්චියේ !!!! තිතක්

    ReplyDelete
    Replies
    1. හෑ..... මුකෝ ඈ ඒ.. :ඔ :ඔ 

      Delete
  3. හි හි! ඇත්තටම ඔය වගේ වෙලාවක නම් මමත් ඔය වගේමයි! කොහොමත් පොඩ්ඩක් ඇත්තන් තරහ යන මම ඔය වගේ වෙලාවට සෑහෙන්න දරුණුයි! :D

    ReplyDelete
    Replies
    1. මමත්... අපේ එව්වා අපි පරිස්සම් කරගන්න එපැයි නෙහ්.. සද්දෙ දාලා බැරිම වුනොත් තර්ජනයි කරලා හරි.. ;)

      Delete
  4. හී හී.... ඔහොම නැතුව බෑ නගෝ ඔය කට්ටිය පරිස්සම් කරන්න. මට නම් ඔය මදි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.... තව තියනෝ.... ප්‍රසිද්දිය දාන්න බෑනේ...අන්තිමට බ්ලොග් එකට එන පිරිමි පාර්ශවය සාදිරිසා එක්ක එකතු වෙලා මට නඩු දායි..මානව හිමිකම් උල්ලංඝනය කියලා... හැබැයි ඉතින් සින්නක්කර දේපල මගේ.. හිකිස්..

      Delete
  5. අනේ පව් සාදිරිසා :)

    ReplyDelete
  6. අම්මතසිලි... හෑ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  7. බ්ලොගයේ පෙනුම ලස්සනයි.. පාට සුට්ටක් එහෙ මෙහෙ කරලා බැලුව නම්..

    ReplyDelete
  8. ඒකත් ජයසිරි මංගලම්...

    ReplyDelete
  9. සැක්...ඒකනේ කැතම වැඩේ...

    ReplyDelete
  10. අාදෙර් වැඩි උනාම ඔෙහාම තමා

    ReplyDelete
    Replies
    1. අලේ.... මඩවතිත් ඇවිත්.. සතුටුයි... ඒකනේ.. ආදරේටනේ නේද හැමදේම <3

      Delete
  11. මේ කියලා තියෙන විදිහට නම් සාදිරිස් නාකි ආච්චි කෙනෙක් දිහාවත් හැරිලා බලන එකක් නෑ ;)
    අනික කැම්ප් ගියාට පස්සේ ඒ මනුස්සයට කෙල්ලෝ දිහා බලනවට වඩා වෙන වැඩ ඇති :)
    ඒක නිසා බිය නොවන්න.
    ඌත් ඔයාට ආදරෙයි කියලා ඔයා දන්නවා නේ :)

    ReplyDelete
    Replies
    1. ඌත් ඔයාට ආදරෙයි කියලා ඔයා දන්නවා නේ :)
      මේ ටිකට මම ආසයි... ටැන්කූ..... අන්න එහෙමයි.. ආච්චි කෙනකේ දිහාවත් බලන්න බෑ ආයේ... මේ හූනා.. :D

      Delete
  12. බ්ලොගයත් වෙනස්..බට්,,සාදිරිස් කියන නම..

    ReplyDelete
    Replies
    1. සාදිරිස්.. දැන් පර්මනට් වෙලා... ඒක වෙනස් වෙන්නෙ නෑ අක්කෝ.. බ්ලොග් එකෙත් ඔන්න පරණ විදියටම දැන්මා..මට අරකට ඔලුව රිදෙනවා පණ්ඩිතකමට දාගත්තට..

      Delete
  13. මම අදමයි මෙතෙන්ට ආවේ.කාන්තා සිත පිළිබඳ හොඳ අදහසක් මේ පෝස්ට් එකෙන් ඉගනගත්තා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. තැන්කූ.... මතක ඇතුව ආයෙත් එන්න..සාදරයෙන් පිළිගන්නවා..
      අනිවාර්යයෙන්ම මම එන්නම්..
      ජය වේවා!!

      Delete
  14. හත් ඉලව්වට ගහපු තනි කළු ආසියයි කිවලු :O
    මිනිහෙක් වෙන එකෙක් දිහා බලයි යෑ ඔහොම කිවම , මගේ අම්මියෝ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටත් වෙන්න ඕන.. එහෙනම් මම දිනුම්.. :D <3

      Delete
  15. හැබැයි දිට්ට ධම්ම වේදනීය කරුමේ පඩිසන් දීලා මෙන්න :D
    බ්ලොග් එක කෙල වෙලා.. :D

    ReplyDelete
    Replies
    1. සැක්... තියන නපුරුකම.. මම ආයේ හදාගත්තා..

      Delete
  16. භයානකයි...කෑරයි...කුරුලුයි...පව් අහිංසකයා...

    ReplyDelete
    Replies
    1. අප්පෝ.....ඔව්.. හරි අහිංසකයි එයා..(මොකට කියනවද) ඔන්න මම නම් අහිංසකයි :D

      Delete
  17. Shoi akki oyage blog eka........ man 2nd time me oyage blog ekata ena, i've also bookmarked your blog,, grate job akka keep it up... !

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව්ව්... තැන්කූ.... ආයෙත් එන්න ඕනේ මතක ඇතුව... සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!

      Delete
  18. අර සයිඩ් එකේ දිලිහෙන්නේ මොකාද??????????
    සාදිරිස්ද??????

    ReplyDelete
    Replies
    1. ඈහ්.... :/ ඒ ඒන්ජල් කෙනෙක් අනේ...

      Delete
  19. මේකේ පාට වෙනස් වුණා නේද? මම ඒත් ඒක ලස්සණයි කියන්න හිටියේ... කියන්නත් කලින් ඒක අයින් කරලා පරණ ඇඳුමම අන්දලා...

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ..පාට වෙනස් කරා...ඒක ලස්සන වුනාට පොඩි පොඩි අවුල් ගොඩක් තිබ්බා.. නිකන් ලේ පිච්චෙනවා විතරයි.. :/

      Delete
  20. හපුච්චේ අපේ මායියටනම් මේ පොස්ටුව බලන්න දෙන්න හොඳ නැහැ ඉතිරිවෙලා තියෙන කෙස් ගස් ටිකත් ගලවල දාවී මගේ. ඉරිසියාවට ලියවුනු පොස්ටුවක් වගෙයි.

    ReplyDelete
  21. හිකිස්...ඔව් අනේ.... පෝස්ට් එකේ නමත් ඒකමනේ..පැහැදිලි ඉරිසියාව.. ආආආආ... එයාව මම දන්නෙ නෑනෙ..නැත්තන් මං පෙන්නනවා මේක.. ;)

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?