Friday, October 12, 2012

හිතුනා නිසා ලිව්වා


මේ ටිකේම ලියන ලියන පෝස්ට් එක මග නතර කරා..අනේ මන්දා මොන හෙනයක් වැදිලද කියලා... සෙත් කවි කිව්වත් වැඩක් නෑ පෝස්ට් ලියවෙන්නෙම නෑ..සැක්.. සාදිරිසුත් අද අහනවා එයාට ලියන්න පෝස්ට් එකක් කියන්නලු..එයාට කිව්ව ඒවා වැඩක් වුනෙත් නෑ..හයියූ..මට මේ පරණ සිද්දි වගයක් මතක් වෙලා දැන් ලියනවා..දන්නෙ නෑ..ලියාගන්න පුළුවන්වෙයිද කියලවත්..කම්මැලිනෙ අනේ..



මම.. :D වැඩි විස්තර නම් කීයටවත් නොකියමි..ශම්මි කියලා කියන්නෙ කවුද?කින්ද මන්ද කියන එක මම කාටවත් කියන්නෙ නෑ..අනේ මන්දා..මං චූටි කාලෙ ඉදලම මම ඔලුවෙ තියාගෙන වැඩ කරන දෙයක් තමයි තමන්ගෙ පරිස්සම තමන් සතුයි කියන එක..මට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි..සහෝදර සහෝදරියෝ නැත.. එකා යකා බව ඇත්ත..මම පිළිගන්නවා..හැබැයි හොදට මතක තියාගන්න තනියම ඉන්න කෙනා තමයි බැදීම්වල වටිනාකම වැඩිපුරම දන්නෙ..ඒත් අනිත් මිනිස්සු බ්රේක් නැතුව අනන් මනන් කියන්නෙත් එහෙම අයට..ඔයා කොහොමද දන්නෙ මගේ අක්කා මට කොච්චර වටිනවද කියලා..ඔන්න ඔය වගේ (ගොං)කතා කියන අයත් ඉන්නවා..මතක තියාගන්න බැදීම් නැති කෙනා ආදරෙයි ඒ බැදීම් වලට,එයාට දැනෙනවා තව මනුස්සයෙක්ව,අමුතුවෙන් තේරුම් කරන්න වුවමනාවක් නෑ..බැදීම්වලට වැඩිම වටිනාකමක් දෙන්නෙ බැදීම් අඩුවෙනි තියන කෙනා.. 

මට තරහා යනවා..හප්පේ..ඒ වෙලාවට නම්.. දන්නෝ දනිති.(වෙලාවට දන්න කස්ටිය බ්ලොග් එක බලන්නෙ නෑ) තරහව පාලනය කිරීම නම් අන්තිම නරකයි..ඒක බෑ.. තරහා යනවා..කෑ ගහනවා..එතනින් ඉවරයි..ආයේ මතකත් නෑ ඒක..හැබැයි තරහා යනවට වැඩිය ඉක්මනට අඩනවා..සැක් බලන්න කැතයි..මම අඩද්දි මගේ වටේ ඉන්න මිනිස්සු හේතුව නොදැනම අඩනවා..මොකද ශම්මියා අඩන්න ගියාම කෙලින්ම අවුරුදු 4ට යනවා..කෑ..............ගහලා..කියව කියව අඩන්නෙ..

මගේ තරා මූණ

මේ නංගා ෂෝයි මට වඩා නම්...


මම කවදාවත් කාටවත් එක එක විදියට සලකන්නෙ නෑ..හැමෝටම එකයි..කොබළ 7 ඉදන් - පාර අයිනෙ ගෙවල් වලට වෙනකම්ම ශම්මිට යාළුවො ඉන්නවා..ඒ හැමෝටම මම එක විදියය්.. හැබැයි එකම දේ ශම්මිට එයාලා බලන්න යන්න බෑ..කොටින්ම ගෙදරින් එළියට බැසීම සපුරා තහනම්..අවසර ගත යුතුයි(හේතුව එකම දරුවා වීම සහ තාත්තා ව්‍යාපාරිකයෙක් වීම) ..ඒක නම් එපා වෙනවා..ඉස්සෙල්ලා COට(අම්මා) කියලා පස්සෙ Generalගෙන්(තාත්තා) අවසර ගන්න... (හිරු අක්කට නම් බෑ කිව්වෙ උණ නිසා).. හැබැයි...ඕනම කෙනෙක්ට මාව බලන්න එන්න පුළුවන්.. කිසිම අවසරයකින් තොරව..පෙර දැනුම් දීමක් කර යුතුයි(අම්මා උයනවා එන අයට,එව්වට මට කරන්න දෙයක් නෑ,එපා කිව්වොත් මාව හට්ටියට දායි)


               මට මේක තමයි මතක් වුනේ..මගේ යාළුවො කීප දෙනෙක් ඉන්නවා..එයාලා එක එක අයට එක එක විදිය.කොටින්ම අර ස්ටේටස් තියෙන්නෙ(ෆේස්බුක් නෙවෙයි අනේ) ෆැමිලි එව්වා.. ඒ සමහර අය,එතකොට තව සමහරු මූනිච්චාවට...එකට ඉන්නකම් විතරයි..තව කස්ටියක් ඉන්නවා වැඩක් කරගන්න,උදව්වක් කරගන්න ඕන වුනාම අවාරෙට පේපර්ස් බලන ආචාර්යවරු වගේ පැංචෝ කියලා පටන් අරන් තමයි මැසේජ් එක එවන්නෙ..වැඩේ කරගත්තම රිප්ලයි එක එන්නෙ ‘ k. ‘ හිනත් යනවා..කළකිරෙනවා මිනිස්සු ගැන..අනේ කමක් නෑ මට මුකෝ නේ.. ගෑල්ලමයි තමයි මට යාළුවො ඉන්නෙ .. පිරිමි ළමයි නම් නෑ.. ක්ලාස් එකේ අයියලා ටික විතරයි..මගේ පිරිමි යාළුවො දෙන්නා මගේ තාත්තයි මගේ සාදිරිසුයි... සැක්...දෙන්නම එකයි.. ඉතින් ඔය ගෑල්ලමයි ගැන තමයි මේ කිව්වෙ.. ( තව දෙයක් කාට වුනත් මම කියන්න තියන දේ කියනවා..,නැත්තන් බලයි මේ මොකෝ අනන් මනන් කියන්නෙ කියලා)  පිරිමි ළමයි ඉන්නවා.. කාලෙකින් දැකලා ටිකක් ලස්සන වෙලා නම් එහේම(මම) මරණ පරීක්ෂණ කොරනවා වගේ හෙන.........ප්‍රශ්ණ ගොඩක් අහලා අන්තිමට අහනවා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? :පී ඔව් කිව්වම එදත් එදායින් ආයේ කතා නෑ...හිකිස්.. මම ඉන් අ රිලේෂන්ෂිප් තමයි.. ඉතින්..යාළුකමට එව්වා මොකෝ.. මිනිස්සුන්ගෙ රූපෙ දිහා බලලා එයාලව තීරණය කරන අය ගැන නම් මගේ කොහොමටත් පැහැදීමක් නෑ..

                        අද තරියාගේ කෙරුවාව ලියන අය්යණ්ඩියගේ පෝස්ට් එකෙත් එහෙම කතාවක් තිබ්බා(හමෝම කියවන්න ඕන පෝස්ට් එකක්).. ඇත්තනෙ ඉතින්..ඇයි එක එක අයට එක එක විදියට සලකන්නෙ.. ඒකේ නම් ආගම්, ජාති ගැන කියලා තිබ්බා..මම නම් කියන්නෙ සමස්ථ මනුස්ස වර්ගයා ගැනම..මං කිව්වනේ මගේ යාළුවො කීප දෙනෙක් මතක් වෙලා තමයි කියන්න ඕන කියලා හිතුනේ..මම නම් පෞද්ගලිකවම එහෙම අයව reject කොරනවා..ශම්මිට ඔය වගේ වැඩ අල්ලන්නෙ නෑ.. මගේ අම්මා තාත්තා කවුරු වුනත්.. මම කවුරු උනත් වැඩක් නෑ මනුස්සකම් දන්නෙ නැත්තන්.. අප කරන කියන දේවල් වලින් කී දෙනෙක්ගෙ හිත් රිදෙන්න පුළුවන්ද කියන එක බලන්න ඕන..මිනිස්සු හම්බකරන්න..
බැංකුවට ගිනි තිබ්බොත් සල්ලි නෑ..
හොරු ගත්තොත් දේපළ නෑ..
ඇසිඩ් ගැහොවොත් ලස්සන නෑ..         
  
මෙයා මම පොඩි කාලෙ වගේ..ඇත්තටම..

                හැබැයි පින් කරොත්??? හිතේ සැනසීම තියෙයි හැමදාම..අවසානයක් විදියට ඒකයි කාටත් වැදගත්...මම නම් ඕන්න කිව්වා සාදිරිස් මට හැමදාම කියනවා හීන බලන්න එපා, හිත රිදෙයි.. ඉතින් ඇයි?? හෙට දවස එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්...අස්ථීර හෙටක් වෙනුවෙන්.. ඇයි ලස්සන අද දවස නැති කරගන්නෙ.. පිස්සුවක් ඇතෑ..නෙහ්??..හීන බලන්න..ඒත් දෙයක් කරද්දි හිතන්න මම දැන් මැරෙන්න පූළුවන් කියලා.. සතුටින් මැරෙන්න ,හිනා වෙලා මැරෙන්න..අන්තිම මොහොතේ හරිම ආදරණීය හැගීමකින් හිත පුරවන් සැනසීමෙන් ඇස් දෙක පියාගන්න පුළුවන් විදියට වැඩ කරන්න හැමවෙලේම..ජීවිතේ ලස්සනයි...අපි බලන විදියයි වැදගත්..මිනිස්සු අකාලේ මැරෙද්දි අපි තාමත් හුස්ම ගන්නවනේ..ඒකම මදිද කියලා අපිට හිතන්න බැරි ඇයි??... හෘද සාක්ෂිය ගැන නම් මම දන්නෙ නෑ..ඒත් තමන්ගෙ හිතට එකගව වැඩ කරන්න..තව මනුස්සයෙක් රිද්දවන්න එපා..එහෙම කරලා සැනසීමෙන් ඉන්නත් බෑ.. 

      අනේ පින් සිද්ද වෙයි..පෝස්ට් එක තේරෙන්නෙ නෑ කියන්න එපා ඈ..එකම අවුල කතන්දර දෙක තුනක් එක පෝස්ට් එකේ දාලා..ක්මෙන්ට් නොකර යන්න නම් එපා..මං බෙල්ලෙ සබන් කැටයක් බැදගෙන පයිනවා වතුර බේසමකට :’( 

35 comments:

  1. අවන්කවම කියනවනම් මට තේරුණා එකම දේ මට තේරුනේ නෑ කියන එක.

    අහ්හ් මේ පහලින් දාන වචන ටීකට මං පට්ට ලයික්

    ~ජීවිතේ ලස්සනයි...අපි බලන විදියයි වැදගත්..මිනිස්සු අකාලේ මැරෙද්දි අපි තාමත් හුස්ම ගන්නවනේ..ඒකම මදිද~

    ReplyDelete
    Replies
    1. නෑ නෑ....මොකෝ දන්නවද?? මම දාන පෝස්ට් තේරෙන්නෙ නෑ කියලා කියනවානෙ ගොඩක් අය... ඒකයි.. පරණ පෝස්ට් කියෙව්වොත් ඔයත් කියයි සමහර විට..ස්තූතියි..සාදරයෙන් පිළිගන්නවා ඔයාව..

      Delete
  2. එක එක අයට එක එක විදියට සලකන යාළුවෝ ඕනෙතරම් මටත් ඉන්නවා. ඒ ගැන හිතල පහුගිය කාලෙ ගොඩක් දුක් වුණාට දැන්නම් එච්චර ගානක් නැහැ.
    මටත් ගෙදරින් එළියට බහින්න ගියාම ඔය සෙතේ තමයි. හැබැයි කවදාවත් නිකරුණේ යන්න එපා කියලානම් නෑ.
    තරහ යන එක, ඇඬිම නම් ඒ විදියටම මටත් තියනව. පස්සෙ හැබැයි අපරාදෙ තරහ ගියේ කියලත් හිතෙනවා. :)

    ReplyDelete
    Replies
    1. තරහා යන එකනම් ඔයා කියපු එක ඇත්ත තමයි..මටත් හිතෙනවා..බොරුවටනෙ තරහා ගත්තෙ කියලා..මට නම් යන්න දෙන්නෙ නෑ අනේ..කොටින්ම ගේට් එකෙන් එළියට යෑම සපුරා තහනම්.. :)

      Delete
  3. පිං කියලා කිව්වේ මොකක්ද ඔයා?

    ReplyDelete
    Replies
    1. spelling mistake එකක්ද කොහිද.. පින් .. මම හදන්නම්..ස්තූතියි අයියණ්ඩියේ..

      Delete
  4. ආ..ඔයාගේ උඩ තියෙන අර සුරංගනාවි ලස්සනයි.මාත් දාගත්තා එහෙම කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ....... මම බැලුවා ගිහින්..ලස්සනයි ඒකත්.. මට බ්ලොග් එක වටේටම දාන්න හිතිලා තියෙන්නෙ.. හිකිස්..

      Delete
  5. පොස්ට් ඒක හරිම වැදගත්. ඔය කියන ජාතියේ යාළුවො ඕනෙවටත් වඩා මට ඉන්නවා. මගේ අවාසනාවට මට එයාලව අයින් කරන්න බෑ. ආත්මානුකම්පාවක් ඇති වෙනව මට.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමයි....ඒත් මූනිච්චාවට ඉන්න එක මට නම් හරිම අමාරු වැඩක් අක්කෝ..එක්කෝ මම කියනවා..ර් කියලත් ඒ වැඩේ කරනවනම් ඉතින් හිමින් හිමින් ඈත් වෙන එක හොදයි..

      Delete
  6. හත් ඉලව්වේ , මට නිකම් මෙව්වා වගේ . :ඔ ඔය වගේ යාලුවෝ ඉන්නවද ?? හෑ ? ඉතාකොට යාලුවොන්ට කියන්නේ මොකා කියලද ?
    මම හිතුවේ අර මෙව්වා එක ලියයි කියල , අර මොකේද ටෙලිවිසනයේ ගියා කිව එක ගැන :D

    ReplyDelete
    Replies
    1. ඒක ලියලා නැවැත්තුවා අනේ.. සැක්..තාම ලියාගන්න වුනේ නෑ... පස්සෙම ලියනවා..ඔයා වගේ ප්‍රශ්ණ අහන අයට :පී .. මෙහෙම අයත් ඉන්නවා.. හොද යාළුවොත් ඉන්නවා.. එළීයට බැහැලා ආශ්‍රෙර් කොරොත් නම් හම්බවෙයි.. කොහෙද.. ගෙදරමනේ..

      Delete
    2. කොහෙද ඩො ගෙදර ඉන්නේ මම :/

      Delete
    3. ඩො??? දෙන්නෙ බොට .. හප්!! මේ ටිකේ ප්‍රැක්ටිස් ගියාට අනිත් හැමදාම ගෙදරනෙ ඉන්නෙ.. :/

      Delete
  7. අම්මප මං පනුච්චිට හිතෙන්නෙම කොමෙන්ටුවක් නොදා යන්න.. ආසාවේ බෑ බේසමකට පනින හැටි බලාගන්න..මං පනුච්චිට මැවිලා පේනවා තඩි සබන් කැටයක් බැඳගෙන පනින හැටි... හිකිස්‌!!!
    මුලින්ම යාළුවො ගැන........... මුකුත් නොකිය ඉන්නම්...තනියම ඉන්න කෙනා තමයි බැදීම්වල වටිනාකම වැඩිපුරම දන්නෙකියන එක නම ඇත්තම ඇත්ත.. ඒ උනාට තනියෙම ඉන්න හැමෝටම ඒක තේරෙන්නේ නෑ ශම්මියෝ. එහෙම නොදන්නා අයත් ඉන්නවා බැඳීම් වල වටිනාකම. ඔයාගේ මේ පොස්ට් එකට නම මං පනුච්චි එක පයින් නෙමෙයි දෙපයින්ම එකඟයි.. ඒ වගේම ආසයි... මට කියන්න ඕනේ උන කියාගන්න බැරි උන ගොඩක් දේවල් මේකේ තීනවා. හපොයි....අර
    COට(අම්මා) කියලා පස්සෙ Generalගෙන්(තාත්තා) අවසර ගන්න එකනම් මටත් අදටත් තීනවා අප්පා.. ඒත් දැන් CO & General මාරු වෙලා මං හිතන්නේ අපේ ගෙදර නම්... :D

    ඔන්න දැන් බේසම් හොයන්න ඔට්ටු නෑ හරි. අපි කොමෙන්ට් කළා නේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හුරේ......එළ ඈ..තව සුට්ටෙන් මට නාන්න තමයි වෙන්නෙ.. පණු අක්කගෙ කතාවත් ඇත්ත..සමහර අය ඉන්නවා..කොයි විදියටවත් බැදීම්වල වටිනාකම තේරුම් කරන්න බෑ.. ටැන්කූ ටැන්කූ අක්කෝ.. මටත් අලේ... අනිත් වෙලාවට නම් කියනවා ඕන තැනක යන්න කියලා..යන්න ඇහුවමනෙ අමාරුව තියෙන්නෙ..හිකිස්..
      ජය වේවා අක්කෝ....!!!!!

      Delete
  8. ඇත්තටම මොකක්ද ඒ කිව්වේ???

    සිරාවටම නිකන් මඤ්ඤං වගේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සැක්...මේ රජා නම්.. තේරුනේ නැද්ද අප්පා ඇත්තටම?? :(

      Delete
  9. මේ වගේ ඒවා තේරෙනවා බං නංගියේ
    ලියන්න දෙයක් නැතුව ලිව්වට මේකේ අවුලක් නෑ වැදගත් මෙව්වා ටිකක් තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. අලේ තැන්කූ තැන්කූ අනේ... ලියන ඒවා සේරම මග නතර කරා..අනේ මන්දා.. සම්පුර්ණකරගන්නම බෑ :(

      Delete
  10. අලේ තැන්කූ තැන්කූ අනේ... ලියන ඒවා සේරම මග නතර කරා..අනේ මන්දා.. සම්පුර්ණකරගන්නම බෑ :(

    ReplyDelete
  11. සිතුවිලි අවුල් වෙලා මොලේ කොලොප්පන් වෙලා කියලා පේනවා අපිට.මේ සාදිරිස්ගේ බ්ලොග් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හෑ.... මගේ සිතුවිලිද අවුල්..හයියෝ... මේ දවස්වලා මට තදබලා හිසේ කැක්කුමක් තියනවා ඒක වෙන්නඇති.. අර මෝඩයා කියන්න එපාලුනේ බ්ලොග් එකේ නම.. :/

      Delete
  12. මට තියෙන නිදහස ගැන ලීව්වොත් ශම්මියට ජෙල වෙයි...හි හී

    අර සී ඕ අම්මයි ජෙනරල් තාත්තයි ඔච්චර පරිස්සමට දූව හදන්නෙ ආදරේ හන්දා කියලා තේරෙන්නෙ නැද්ද මන්දා මේ මෝඩ කෙල්ලට

    ReplyDelete
  13. සැක්..ඔන්න ළිහිණී අක්කෝ..ඔව්වා කියන්න ඔට්ටු නෑ..සැක්..මං අඩනෝ ඈ :( තේරෙනවා අනේ.. ඉතින් සමහර වෙලාවට දුකකුත් එනවා.. මුනා කරන්නද?

    ReplyDelete
  14. අම්මේ මේ ළමයා පැහිලා තියෙන තරම

    ReplyDelete
    Replies
    1. හෑ... සතුටුයි ඈ එහෙම ඇහුන එක.. හිකිස්..අම්මා නම් තාම කියන්නෙ හැබැයි පොඩි ළමෙක් නෙවෙයි දැන් ඔයා කියලා..

      Delete
  15. මෙහාට ආවමද කොහේදෝ!!!! නිකන් ඉද්දි හිතෙන එව්වා අකුරුකරාමත් අමුතු ගතියක් තියෙනවානෙ,...

    // හෘද සාක්ෂිය ගැන නම් මම දන්නෙ නෑ..ඒත් තමන්ගෙ හිතට එකගව වැඩ කරන්න..තව මනුස්සයෙක් රිද්දවන්න එපා..එහෙම කරලා සැනසීමෙන් ඉන්නත් බෑ.. //

    ඇත්ත කතාව!!!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ.... ඔව්නෙ..ඔයා ආවමයි ඔය.... පෝස්ට් නම් ගොඩක් තියනවා අනේ..ඩ්‍රාෆ්ට් එකේ..හිකිස්...කම්මැලි සම්පුර්ණ කරන්න...අහ්.. මතක ඇතුව ආයේ එන්න.. සාදරයෙන් පිළිගන්නවා ඔයාව.. !!!

      Delete
  16. අඩේ ශම්මියෝ... දැන් ලෙඩ හොඳයිද බං? බෙහෙත් ගත්තද?

    යාළුවන්ට කතා කරන මගේ විදග්ධ භාෂාවට අමනාප වෙන්ට එපා හොඳේ... කොල්ලොන්ගේ ඉස්කෝලෙකට ගිය එකේ ර‍ඟේ... අනේ ඉතින් කොල්ලෝ උනාම මොකද කෙල්ලෝ වුනාම මොකද යාළුවෝනේ නේද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ ඈ.. ලෙඩට නම් ඊයේ සහ රෑ ගිහින් 3වෙනි සැරේටත් බේත් ගෙනාවා තාම හොදක් නම් නැත.. අවසාන නිගමනය වශයෙන් MRI ස්කෑන් එකක් කරන්න කිව්වා..කොරලම බලන්න ඖනි..

      Delete
    2. :D All Is Well ලුනෙ.. ස්කෑන් කොරලම බලමු..

      Delete
  17. නියම පෝස්ට් එක :)
    ජය නංගෝ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ... :)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?