Friday, October 5, 2012

සෙත් කවි කියමුද ?? ;)


ඔන්න එහෙනම් සෙත් කවියකුත් කියන්න හිතුනා...කොච්චර දුරට සාර්ථකද කියන එක නම් දන්නෙ නෑ..බලන්නකෝ..


සද හිරු තරු පවතිනතුරු බ්ලොග් තව තව ලියවේවා
ලියන එව්වා බලන්නටත් තව කට්ටිය වැඩිවේවා
බලන බලන හැම සැරේම ක්මෙන්ට් ගාන වැඩි වේවා
ෆලෝවර්ස්ලා මීට වඩා තව ටික ටික පැමිණේවා


හිතේ තියන හැමදෙයක්ම ලියාගන්න හැකි වේවා
ලියන එව්වා නොතේරෙනවා කියන වාර අඩු වේවා‍
කොහොම කොහොම හරි ලස්සන පෝස්ට් ටිකක් ලියවේවා
බලන්න එන අය හැමෝම නැවත නැවත පැමිණේවා

සින්ඩි වලින් හරි මොකකින් බ්ලොග් එක ගැන දැන ගත්වා
දැනගෙන මෙහෙ එන කස්ටිය ශම්මි එක්ක ෆිට් වේවා
බ්ලොග් හද හද එන කට්ටිය තව ටික ටික වැඩි වේවා
අවෝර්ඩ්ස් සෙරමනි එහෙමත් බ්ලොග් ලෝකෙට සෙට් වේවා

ඉරිසියාව වගේ එව්වා බ්ලොග් හිත්වල නැතිවේවා
මඩ ගැහිල්ල, හොර කිරිල්ල නැතිම වෙලා චුත වේවා
බ්ලොග් ලියනා ඔක්කම අය එකා වගේ වැජඹේවා
හැමෝම ලියනා බ්ලොග්වල ට්‍රැෆික් ගාන වැඩිවේවා

නිහතමානිකම මිතුදම බ්ලොග් ලෝකේ පැතිරේවා
මගේ යාළු සෙට් එකටත් ජයෙන් ජයම ළං වේවා
මාව දන්න අය හැමෝම මා එක්කම පැමිණේවා
රාවණ රජතුම බලයෙන් ශම්මිට සෙත සැලසේවා



අවවාදයයි - සෙත් කවි සහ වස් කවි පටලා ගැනීමෙන් වලකින්න.මම රෑ මේ දෙක පටලගෙන තාත්තට කිව්වා මට වස් කවි කියන්න ආසයි කියලා..උදේ දත් මැද මැද ඉන්න කොට faint වෙලා ඇදගෙන වැටුණා ඩොහ් ගාලා.. :D :D තව සුට්ටෙන් හොස්පිටල් නවත්තගන්නවා..ඔන්න කිව්වා දවස් 4ට වඩා පෝස්ට් නොදා හිටියොත් ශම්මියා හොස්පිටල්.. :D  (මුනාද ටෙස්ට් වගයක් තියනවලු අෆ්ෆා..T20 අස්සෙ ටෙස්ට් මැච් මුකටද මන්දා..)








39 comments:

  1. අර කිවුවත් වගේ ටැපලිලා ද මන්ද... තිබ්බ බ්ලොග් එකකුත් නැති වෙලා.. :D
    මරු ඈ.. සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඒ අස්සේ මං පණුච්චි එක වෙලා මෙන්න..

      Delete
    2. ආආආආව්...ෂෝයි.. පණු අක්කි එක අද.. :D :D හෑ..ඒ කිව්වෙ..මුනා වෙලාද?? කොයි බ්ලොග් එකද ඈ??..අයියෝ..

      Delete
    3. @ පණුච්චි- කෝ හත්වලාමේ බ්ලොග් එක !

      Delete
    4. ඒකනේ අනේ..පණු අක්කෝ...කොයි අනේ බ්ලොග් එක :(

      Delete
    5. දැන් තියෙනෝ... :) සොයා බැලුවාට ස්තුතියි ඈ කස්ටියටම..
      :)

      Delete
    6. :D :D කියන්නැතුව කොයි යනවද

      Delete
    7. එහෙම තමා අප්පා.. යන්න හිතුනම ආයේ කියා කියා ඉන්න ගියහම යන්න හම්බෙන්නේ නෑ.. නොකියම ගියා කියල පස්සේ බැනුම් අහන්න වෙන ඒක වෙනම දෙයක්.. ඒත් යන්න හිතුනම ගිහින් ඉන්න එපැයි නේ.. :) :)

      Delete
  2. අලේ...මොකෝ මේ සෝස පාට ඇඳුමක් අන්දලා ?
    උදේ වැටුන පාර ඔලුව කොහෙවත් වැදුන වද්ද ? අපොයි....

    ReplyDelete
    Replies
    1. හිකිස්...සෝස පාට තමයි අක්කෝ තිබ්බේ..ගිය ටිකේ වැඩි වැඩ දාන්න ගිහින් එක එක පාට ආවා..මට හොද ටෙම්ප්ලේට් එකක් හම්බුවෙන්නෙම නෑනේ.. :(

      Delete
    2. මම වගේ නිකම්ම නිකන් එකක් හදා ගන්න.

      settings > Template > ගිහින් customize යන්න.එතැනින් Advanced > ගියාම ඔයාට ඕනෑ කලර් එකක් තෝරාගෙන ලස්සන බ්ලොග් එකක් හදා ගන්න පුළුවන්. ට්‍රයි කරලා බලන්න

      Delete
    3. හිකිස්...එහෙම තමයි අක්කෝ මේකත් දාලා තියෙන්නෙ.. පාට වෙනස් කරන්න ඕන නෙ...

      Delete
  3. වාව් නියමයි හොඳේ. අගේට ලියල තියෙනවා නෙව. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. :D ටැන්කූ අක්කෝ.....

      Delete
  4. නියම සෙත් කවි ටිකක්නේ... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ............ ඔයාටත් ජයම වේවා!!!

      Delete
  5. ඔය කියන ටික එහෙම්මම වෙවා

    ReplyDelete
    Replies
    1. මට විතරක් නෙවෙය් අපි හැමෝටද ඈ...

      Delete
  6. එළ ආ.. නියම සෙත් කවි ටික..

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියණ්ඩියේ...ස්තූතියි මේ පැත්තට ආවටත්....

      Delete
  7. සෙත් කවි ටික නම් හරිම අපූරුයි... මරු මරු... අර උඩ දාලා තියෙන භූතයත් ලස්සණයි... (භූතයෙක් නේද ඒ?) මොකක්ද ශම්මියෝ වැටුණු කතාව? මොකද වුණේ හදිස්සියේ?

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒ සුරංගනාවියක් මල්ලෝ... ම්ම්... දන්නෙ නෑ අනේ..ස්නායු වෛද්‍යවරයෙක්ට පෙන්නන්න කිව්වා..ගිහින්ම බලන්න ඕන මොකෝ වෙලා තියෙන්න තියලා..ඔලුවෙ පැත්තක් රිදෙනවා... :D

      Delete
    2. සුරංගනාවිය ලස්සණයි... මං පොඩි විහිලුවක් කළේ.

      හ්ම්ම්... ඇයි අප්පා ඒ එකපාරටම... ඉතින් පෙන්නුවද ඩොක්ට කෙනෙකුට... වතුර වැඩිපුර බොන්නේ නැති වුණාමත් ඔහොම වෙනවලු කියලා මං අහලා තියෙනවා... මොකටත් ඉක්මනට බෙහෙත් ගත්තනම් තමා වැඩිය හොඳ...

      (මෙතන පුද්ගලික ප්‍රශ්ණ අහන තැනක් නම් නෙවෙයි තමා. ඒත් ප්‍රශ්ණයක් ආපු වෙලාවට මගහැරලා ඉන්නවනම් එයා හරි යාලුවෙක් නෙවෙයිනේ අක්කෝ. මගේ ඊ මේල් එකක් නම් ‍ප්‍රොෆයිල් එකේ මම දාලා තියෙනවා. ඊමේල් එකක්වත් මම දන්නේ නැති නිසා දුක සැප අහන්ට වෙන්නේ මෙහෙම තමා... බ්ලොග් එක කැත කරනවට සොරි හොඳේ.)

      Delete
    3. අහ්..ඒකට කමක් නැහැ මල්ලෝ...යාළුකමටනෙ.. :D ම්ම්.. තවම නැහැ..යන්න ඕන.. ස්තූතියි මල්ලෝ..

      Delete
    4. හ්ම්ම්... එහෙනම් ඉක්මනට බෙහෙත් ටිකක් අරන් ඉක්මනට සුව වෙන්ට...

      පණුච්චි පෝස්ට් එකක් දාලා තියෙනවා... ඒත් බ්ලොග් එකට යන්ට බෑ... පිටසක්වල ජීවියෝ උස්සලාද දන්නෑ පණුච්චිව...

      සුභ දවසක් එහෙනම්... ජය වේවා...

      Delete
    5. ස්තූතියි මල්ලෝ....එහ්...ඒකට මටත් යන්න බැහැනෙ අනේ.. මුකෝ මන්දා.. ආයේ ට්‍රයි කරලා බලන්න ඕන..
      ජය වේවා ඔයාටත්..

      Delete
  8. කව් ගැන ......... එක්කෝ මොනවත් නොකිය ඉන්නම් ( දන්නැති නිසා තිත් දෙකයි ඩී )

    ReplyDelete
    Replies
    1. හෑ..මුකෝ ඒ... හිකිස්..කමක් නෑ අලේ..ආපු එකම ඇතිනේ..මතක ඇතුව ආයෙමත් එන්න හොදේ..

      Delete
  9. නියමා...................යි ඔන්න..මමත් ඔක්කොම කියෙව්වා..ඔක්කොම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා යාලු..:)

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අක්කෝ....මං බැලුවා මොකෝ පරක්කු කියලා...
      ඔයාට ජය!!

      Delete
  10. බෙහෙත් ගත්තද බං?

    ReplyDelete
    Replies
    1. නෑ අලේ...හෙටවත් බලනවා.. ස්තූතියි ඇහුවට :D

      Delete
  11. mඅටත් තියෙනවා සෙත් කවියක් කියාගන්න

    ReplyDelete
    Replies
    1. ඒ මුකක්ද?? කියමුකෝ අනේ...

      Delete
  12. හහහ් හා.......පට්ට.....
    මේක මම දානවා මගේ බොගේ උඩින්ම...

    මාතෘකාව “ශම්මියාගේ සෙත් කවිය“

    ආ...අර දිලිසෙන අක්කා නියමයි ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව්....ෂෝයිනෙ...ටන්කූ ටන්කූ රජෝ... හිකිස්...ඒකටත් තැන්කූ අනේ... :D
      ජය වේවා!!

      Delete
  13. ඔයාටත් එසේම වේවා! ඈ.............

    ReplyDelete
    Replies
    1. අලේ...ටැන්කූ හොදේ.... ඔයාටත් එසේම වේවා!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?