Wednesday, September 19, 2012

Book Fair ෆන් එක

හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ගියා බලන්න Book Fair. ආවේ 1ට පමණය, 5ත් පහු වන තුරුම පොත්වල ගිලුණෙමි. මාත් එක්ක Book Fair එන එක නම් මෝඩ කමකි. අනිත් එකා උන්නද මළාද මම බලන්නේ නැත.මට මොකද? පොත් වලට යට වුනත්. ගියේ නම් අම්මා සමගය. අම්මා ඔහේ ඇවිදන් යති. මම පොත් තෝරමි. ඒකත් ෂොයි වැඩේය. Book Fair එකේද මාර මාර එව්වා වුණි. සම(හරක්) පිරිමි දරුවෝ ඇවිත් හැප්පෙන්නේ ඇනිත් අතින් සිය වෙන්ඩ බිරින්දෑත් අල්ලාගෙනමයි.මගේ පොඩි එකා(සාදිරිස්) වුනා නම් ප්‍රසිද්දියේම බෙල්ල කමි.අක්කේ මේන් මේ අයියා හැප්පෙනවා දැන් දෙවනි සැරේ කියා කීවේ ඉවසලා බැරිම තැනයි, ඒකත් මරුය..අයියා මොහොතකට ගල් ගැසිණි.අයියාගේ ඇස් කුරුම්බැට්ටි size විය.අක්කා කෑ ගසනවා ඇසිනි..මට මොකද? මම පොත් තෝරමි.
                                      




 

                      තවත් මල්ලිලා දෙන්නෙක් මා පස්සෙන්ම ආවේ උසස් පෙළ සිංහල පොත් තෝරා දෙන්න කියාය,ඔවුන්ට මල්ලිලා කිව නොහැකිය. ප්‍රමාණයෙන් බටු ඇටයක් Size වූ මට උන් දෙන්නා ගලිවර්ලා ජෝඩුවක් වගේය.කරන්න දෙයක් නැත.තාමත් පාසල් නිළ ඇදුම අදින ඔවුන්ට මල්ලී කියා ආමන්ත්‍රණය කර යුතුය.පොත් තෝරා දී උන් දෙන්නාගෙන් මිදී මම පැන ගත්තෙමි.දැන් නම් මහන්සිය.කන්නට කියා මටත් වැඩිය ලොකු උණු බල්ලෙක්(Hot Dog) ගත්තෙමි.එතන Manegaරයා ඇස් දෙකම එක වර ගැසුවේය.ඒ උත්තමයාගේ මෑණියන්ට පිං දෙන ගමන් උණු බල්ලා bag එකකට ඔබා ගත්තේ බඩ ගින්නට වඩා තරහව ප්‍රබල වූ නිසාය.
ශම්මිත් පොත් දැක්කම මේ වගේ..
       
                                    දැන් ආයෙත් පොත් තෝරමි.හොයපු පොත නම් කොහෙවත්  නැතිය. රුපියල් 3000ක පමණ බිල් එකතු වී ඇත. පුරාවිද්‍යාව හා තොරතුරු තාක්ෂණය අස්සේ මම හිරවුණු. හිටපු ගමන් මා අතුරු දහන් වූ විට නම් අම්මාට රතු කට්ට පනිනවා විටින් විට දුටිමි.ඇයි ඇසීමෙන් පලක් නැත. මම පොත් තෝරමි. මමත් එක්ක Book Fair එන්නේ මගේ පරණ නය කාරයෝය. ඒ අස්සේ ලයින් පාරක් ද වැටිණි. සුදු උස කොල්ලෙකි. මට මගේ සාදිරිස් මතක් විය. මම හිතින් මෙසේ කීවෙමි.නිකා හිටු ගෙම්බෝ මට ඉන්නවා Cute,Sweet,Smart,Handsome and පට්ට පට පට කොල්ලෙක්, මගේ අත කම්මුලේ වදින්න කලින් චුත වෙයන් කියා. එය ඔහුට දැනුනාද නැතිනම් මා විසින් හෙළනලද පුළුස්සා දැමිය හැකි අන්දමේ රැවිල්ල නිසාද යන්න ප්‍රශ්ණයක් වුනත් ඔහු ඉක්මනින් ම වාෂ්ප වී ගියේය..අන්තිමට හැමදාස සේ කැටපත් පවුරේ පෑනකින් කෙටූ මම ද පිට විය.තවත් දවසක යාමට බලාපොරොත්තු ඇතිව.

ප.ලි - ආ කියන්න අමතක වුනානෙ,කෙසේ හෝ අම්මාට චුරු චුරු ගා සුට්ටිත්තන් බෝනික්කෙක්ද ගත්තෙමි.

බෝනික්කා මේ වගේ රෝස පාට එක්කෙනෙක්.





 ගොඩක් පොත් ගෙනාවා..හැබැයි
ගෙනාපු පොත් වලින් මම ආසම එක අසිරිමත් ඌව පාළාතේ සංචාරයක් ;)

23 comments:

  1. Math oya paththe wadinna one akkiyo.

    ReplyDelete
  2. අයියා මොහොතකට ගල් ගැසිණි.අයියාගේ ඇස් කුරුම්බැට්ටි size විය.අක්කා කෑ ගසනවා ඇසිනි..මට මොකද? මම පොත් තෝරමි.

    මම එක්ක කෙල්ලෙක් එක්ක ජිවිතෙටට්ව්හ් අවිද්දීඑන් නෑ ඔයා අව්ගේ

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් එක්ක?????? නතින්ග් ටු සේ..ඩෙෆනේට්ලි යු ආ ගොයින්ග් ටු ඩයි..

      Delete
  3. Hm. Math oya paththe wadinna one. Me wage nangila hitiyoth thama kela wenne.

    ReplyDelete
    Replies
    1. කොරන්න දෙයක් නෑ..එවැන්නක් නොකලනම් අර නරියා 3 සැරේටත් එයි.. :P

      Delete
  4. 'අයියාගේ ඇස් කුරුම්බැට්ටි size විය.'

    'නිකා හිටු ගෙම්බෝ මට ඉන්නවා Cute,Sweet,Smart,Handsome and පට්ට පට පට කොල්ලෙක්, මගේ අත කම්මුලේ වදින්න කලින් චුත වෙයන්'

    මේ ටිකට තමා මම ආසම.හී හී..මරු හලෝ.....ෂෝයි පෝස්ට් එක.
    ජයෙන් ජය! :)

    ReplyDelete
    Replies
    1. හිකිස්...ටැන්කූ අක්කෝ... :) :)

      Delete
  5. ආසම එක අසිරිමත් ඌව පාළාතේ සංචාරයක් :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... සාදරයෙන් පිළිගන්නවා ඔයාව...ආයේ ආවාම ෆලෝ පාරකුත් දාලම යන්න..

      Delete
  6. හරිම රසවත්. බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරයට පොත් ගන්න පෙරේදා ගිය වෙලාවෙ අපට පොත් තෝරලා දුන්නෙත් ෂෝයි නංගියෙක්. හැබැයි එයා නම් රැව්වෙ නෑ. ජය..!

    ReplyDelete
    Replies
    1. අයියණ්ඩියේ..පොත් වගයක් තියාගෙන ඉන්නවා මමත්,ඒලෙවල් කරපුවා..ඒවා දෙන්නේ කෝමද??..රැව්වේ මල්ලිලා දෙන්නට නෙවේ අනේ..අර අනිත් එක්කෙනාට..ස්තූතියි!!ආයෙත් එන්න මේ පැත්තේ..

      Delete
    2. ඔයා නංගි සයිබර් ෆෙස්ටිවල් බ්ලොග් එකේ තියෙන චතුරිකා නංගිගෙ නම්බර් එකට කෝල් කරන්න. එයාව කන්ටෑක් කරගන්න පුළුවන්. මේදවස් වල එයා ඉන්නෙ කොළඹ. ස්තුතියි.

      Delete
  7. පොතුත් අරගෙන බෝනික්කොත් අරගෙන. හරි ෂෝයි නොවැ :P

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි දත් මදින්නෙ.. :පී හිකිස්..

      Delete
  8. මමත් ඊයේ ගියා.. එහෙන් මෙහෙන් පොඩි පොඩි කතා නම් ඇහුනා.. ඒත් අපි තුන්දෙනෙන්ක් හිටපු නිසා අවුලක් වුනේ නැ.. අපි තුන්දෙනත් වරින් වර අතුරුදහන් වෙනවා.. හික්ස්.. මාත් ඊයේ පොත් තොගයක් අරන් ආවා. අතින් කටින් ඉල්ලගෙන රෑ හතට විතර කොටුවේන් බස් එකට නඟින්න යනකොට නම් හොඳ පණ ගියා.. දැන් ඉතින් කියවන්න ගන්න තමා තියෙන්නේ... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හිකිස්.... 3 දෙනා නිසා හොදට ගියා.මම තනියමනේ..අම්මා එන්නෙ නෑ පොත් තෝරන්න..අපොයි..මමත් ගෙදර එද්දි හොද ගණන්.එපා වුනා..
      ජය වේව්!!

      Delete
  9. අම්මතසිලි මෙයා.... :) :):)

    ReplyDelete
  10. බලාගෙන ගිහාම හෙන දරුණු පොරක් ඈ... (පොරියක්) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි ඈ... තරා ගියොත් ඉතින් රජා වුනත් එකයි.. :පී
      හා.. ජය ශ්‍රී!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?