Tuesday, September 18, 2012

තාක්ෂණයේ දියුණුවත් එක්කම අපේ පිරිහීම හා බැදීම්




  දැන් දැන් තාක්ෂණයේ දියුණුව සිදුවන්නේ සීමාවක් තියාගෙන නොවේ..එය හොදයි ඇත්ත, පරිගණක ජාල කරණය ගැන හදාරන මම කිව්වොත් ඒක හොද නෑ කියලා ඒක බොරුවක් වෙනවා.ඒත් අපි දැන ගන්න ඕන අන්තර්ජාලය,තාක්ෂණය සහ පරිගණකය විෂේශයෙන්ම හැමදේම නෙවෙයි කියලා මතක තියාගන්න.(මෙය මට පහළ වූ සිතිවිල්ලක් පමණකි) හොදට හිතලා බලන්න..අපි ගොඩක් දෙනෙක්ට අපේම කියලා ජීවිතයක් නෑ වගේ නේද? ලැප්ටොප් එක තියනකම් ඉන්නවා ඒක නැති වුනාම දවසක් හුස්ම ගන්න අමතක වුනා වගේ තමයි.හරියටම කිව්වොත් දැන් හැමදේම කරන්නෙ ඒකෙන්නෙ..අපි හිතන් ඉන්නෙ ලැප් එකක් තිබ්බම ඒකේ ඉන්ටර්නෙට් තිබ්බම හැමදේම හරි කියලා.. 

       
මට ඇත්තටම මේක අද හිතුනෙ මම අද උදේ ඉදන්ම කියව කියව හිටියේ පොල් සම්බෝලයි,චිකන් කකුලකුයි,පොළොස් ඇටයි එක්ක පාන් කන්න ඕන කියලා..කොහොම හරි රෑ වෙද්දි ඒවා හදාගන්න පුළුවන් උනා..ප්‍රශ්ණෙ වුනේ අම්මා පොල් ගෙඩිය මුඩ්ඩ අයින් කරලා,බිදින්න දුන්නෙ මට.. මදැයි..මුඩ්ඩ අයින් කරද්දි තමයි මට හිතුනෙ මේකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුනා නම් කියලා..ආ මුකෝ ඈ..මට උයන්න පුළුවන් රසට..හැබැයි 3දෙනාටයි ඇතිවෙන්න උයන්න පුළුවන්..ඒවා වැඩක් නෑ දැන්..කෝම හරි පොල් ටිකත් ගාලා සම්බෝලෙත් හදාගත්තා,ඉතිරිවා නම් අම්මා කරා..පාන් තාත්තා ගෙනාවා..ඒත් හිත කිව්වෙම ඇයි ශම්මි අර හැමවෙලේම ඔයත් එක්ක ඉන්න ලැප් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බැරිද කියලා..
එහෙමවුනා නම් මං කන්නෙම මෙව්වා

            සික් වස විලිලැජ්ජයි මටත්,ඇත්තටම අපිට බඩගිනි වුනාම කැමති කෑමක් සර්ච් කරලා ප්‍රින්ට්අවුට් එකක් අරන් කන්නත් පුළුවන් වගේනෙ අපි ජීවත් වෙන්නෙ..මේ නම් මම..අනිත් අය හිතන් ඉන්නෙත් ඒ වගේම තමයි..වැඩි වෙනසක් නෑ..අපිට හැමදේම සර්ච් කරලා ගන්න පුළුවන් කියලා හිතන්නෙ.කොටින්ම බැදීම් වලට පවා ඉඩ නොදී ඉන්නවා..ඒකත් ඩවුන්ලෝඩ් කරතෑකිද ඈ.. 

       හරි නිකන් හිතන්න බත් ටික උයලා,බෙදලා,ළගට ගෙනත් දෙන අම්මා.(අපේ අම්මා නම් බලහත්කාරයෙන් කවනවත් එක්ක) එයාව ඩවුන්ලොඩ් කරන්න පුළුවන්ද? බැහැනේ..ඒත් අපි වැඩ කරන්නෙ ඒ වගේනේ..අපි නෑ මම නෑ.. අනිත් අය..(ම්ම්ම් මම අද එක ගලෙන් කුරුල්ලො දෙතුන් දෙනෙක්ම මරන්න හදන්නෙ..) බැදීමක්,යාළුකමක්,ආදරයක්..ම්ම් මේ කියපු මුකුත් ඩවුන්ලෝඩ් කරගන්න බෑ නේද?? ඉතින් ඔතනම ඉදන් හිටියම හරිද? හරි මම නෑ කියන්නෙ නෑ, මේ ළගදි දවසක කෙනෙක් මගෙන් ඇහුවා ඇයි ඔයා බැදීම් වලට මේ තරම් ආස කියලා.. මටත් හිතාගන්න බැරිවුනා ඒ ඇයි කියලා.පස්සෙ කල්පනා කරාමයි තේරුනේ..මට මගේම කියලා බැදීමක් නෑ,අම්මා තාත්තා විතරයි මට ඉන්නෙ..මාව පරිස්සම් කරන්න අයියා කෙනෙක්,මගේ දේවල් කියන්න අක්කෙක්,හොර වැඩ කරන්න නංගියෙක්, ආදරේ කරන්න මල්ලියෙක්,මේ කිසිම කෙනෙක් මට නෑ.

                 මට හොදට මතකයි අපි 2 වසරෙදි ඉස්කෝලෙ ළමයි ඇවිල්ලා කියවනවා ගෙදරදි වුනු ඒවා..මට කියන්න දෙයක් නෑ..සමහර විට ඒ නිසා වෙන්න ඇති මම මේ තරම් දග වෙන්න ඇත්තෙත්,පස්සෙ කාලෙක නම් හැමෝම වගේ මට ආදරේ වුණා, _______ ඇයි ඉස්කෝලෙ ආවේ නැත්තෙන් ඊයේ මං හාල්මැස්සො ගෙනාවනේ ඔයාගෙ ටික අයින් කරලා කෑවේ .මේ වගේ මට ආදරේ කරපු අය පවා හිටියා. කොයි තරම් අය මට ළං වුනත් මට මගේම කෙනෙක් නැති අඩුව අදටත් මට දැනෙනවා..මං ගොඩක් තැන වලදි කොයි තරම් හිරවෙනවද,අපහසුතාවයට පත්වෙනවද කියලා දන්නෙ මම විතරයි..අම්මට තාත්තට ඒ දේවල් නොතේරෙන්නෙ අම්මගෙ පවුලෙ 5යි,තාත්තගෙ 8යි..මට?????
 
                         කොච්චර උත්සාහ කරත් මට ඒවා ඩවුන්ලොඩ් කරගන්න බැරි වුනා,සර්ච් කරත් ෆවුන්ඩ් වුනේ නෑ,ඒකයි කියන්න හදන්නෙ මෙතනම ජීවිතේ ගෙවුණොත් හරි යන්නෙ නෑ..අනිත් දේවල් වලටත් ඉඩක් දෙන්නම ඕන,අපිට අපේ කියලා කෙනෙක් නැති වුනමෙයි ඒකෙ අමාරුව තෙරෙන්නෙ.. ඒ හිස්කම තනිකම නැති කරන්නත් හැමෝටම බෑ.හැබැයි ඒ කෙනා ඒ දේට සුදුසු කෙනෙක් වෙන්නත් ඕන..

   ආ හරි...මට කියන්න ඕන උනේ..අපි මේ හුස්ම ගන්න ටික කාලේ අනිත් දේවල් වලටත් ඉඩක් දෙන්න ඕන කියලා..පසුවට පසුතැවිලි වෙනවට වැඩිය ඒක හොදයිනෙ.. පෝස්ට් එක දිග වැඩි වුන එක ගැන බලවත් කණගාටුව..

මේ ටිකත් බලලම ඉන්නකෝ..











ආ හරි දැන් මෙතනට වෙලා කෙළ ගිලින්නෙ නැතුව ක්මෙන්ට් එකක් දාන්න ඉක්මනට..

10 comments:

  1. ම්ම්ම්... ඇත්ත... අපි දැන් බකන් නිලන් ඉන්න පරම්පරාව වෙලා... ම්ම්ම්... වෙනසක් කරන්නම වෙනවා...ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! අපට අපිවත් නැති වීගෙන යනවා වගේ කියලා හිතෙනවා,ම්ම් සාදරයෙන් පිළිගන්නවා ඔයාව..

      Delete
  2. අපි හොදයිනේ යකෝ...
    දැං කෙල්ලො පොල් ගෙඩියක්වත් බිදගන්න දන්නැද්ද ඈ??????

    ReplyDelete
    Replies
    1. අනේ ඔයාලයි හොද ... හත් දෙයියනේ..පොල් බිදින්න පුළුවන් අපට..
      හාල් ගරන්නත් පුළුවන්,වතුර අදින්නත් පුළුවන්..ඇට්ට කුනා වෙන්නෙ නැතුව බතක් උයන්නම් :පී..

      Delete
  3. කියලා තියෙන කතාව ගැන නම් කියලා වැඩක් නෑ... සහතිකම සහතික ඇත්ත... හැබෑට නෙට්වර්කින් කරනවනම් ට්‍රයි එකක් දාමුද ඔය දේවලුත් බාන්න ක්‍රමයක් හදන්න... කලින් උයලා පැක් කරපු කෑම එහෙම... එහෙම දවසකුත් ඒවි...

    මේකයි... ලැප්ටොප් එකට මූණ ඔබාගත්තම අපිට අපි ඉන්න තැනත් අමතක වෙනවා.. ෆේස්බුක් , චැට් ඇවනියු , යූ ටියුබ් , ඕවනේ අපේ ජීවිතේ... එතකොට වෙලාව යනවා කියලත් අමතක වෙනවා... කරන්ට තියෙන වැඩ , වගකීම් , යුතුකම් ඔය හැමදේම අමතක වෙනවා... අපේ ඇත්ත බැඳීම් වලට වඩා කම්පියුර් ස්ක්‍රීන් එකේ ඇඳෙන බොරුවට අපි වහල් වෙනවා... අන්තිමට හිතලා බැලුවොත් අපි ඉඳලා තියෙන්නේ හීන ලෝකෙක නේද? ඉස්සර අපි අහනවා කොහොමද ටීවි එක ඇතුළට මිනිස්සු ආවේ කියලා... දැන් අපි දන්නවා කොහොමද මිනිස්සු පේන්නේ කියලා... තත්පරේකදි හෙලවෙන මිනිස්සු තත්පරෙන් තිහෙන් පංගුවකදි ගල් ගැහිලා කියලා... ඒ ගල් ගැහුනු මිනිස්සු ඔතන බිහි වෙන්නේ පාට පාට තිත් කෝටියක් විතර එකට එකතු වෙලා කියලා... ඒ තිත් කෙළවරක් නැතුව වයර් දිගේ එහෙට මෙහෙට දුවනවා කියලා.... කොටින්ම කිව්වොත් මේ ඔක්කොම බොරුවක් කියලා... ඒත් අද අපේ මුලු ජීවිතේම වෙලා තියෙන්නේ ඔය බොරුවම නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සහෝ..ඇත්තම කතාව..ම්ම් නෙට්වර්කින්ග් කරන්නෙ ආසාවට..හැබැයි ජීවිතේට යොදාගන්න ඉන්නෙ ටුවරිසම්..අනාගතේදි අපිට බැරි කමක් නතිවෙයි එහෙම කරන්නත්.මම අහගෙන මේ ළගකදි කියනවා කෑමවල සුවද ටීවී එකෙන් විදින්න පුළුවන් වෙන විදියට හදන්න යනවා කියලා.හැබැයි ඊට පස්සෙ අර චාර්ලි ඇන්ඩ් ද චොකලට් ප්‍රැක්ට්‍රි වගේ වෙයි..

      ඉන්න තැන අමතක වෙනවටත් වැඩිය අපේ සිතීමේ ශක්තිය දුර්වල වෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.හරියටම කිව්වොත් අපි මෙතනම ඉන්නවා මිසක් අපි ගැන හිතන්න,දවසේ වුනු දේවල් ගැන හිතන්න වෙලාවක් වෙන් කරන්නෙ නෑ.හැමදේම ලැප් එක මගින්ම බලාපොරොත්තු වෙනවා.ප්‍රෝගැරමස්ලට , සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලට නම් වැඩියම් මුකුත් කියන්න බැරි වුනත්,එයාලත් දැනගන්න ඕන මේක නෙවෙයි එයාලගේ ඇත්තම ජීවිතේ කියලා..හරියටම කිව්වොත් ඔයා කිව්වා වගේ බොරුව ඇත්තෙ තමයි ඉන්නෙ..බැදීම් වලින් ඈත් වෙනවා එන්න එන්නම.කොට්න්ම අපට පවා අම්මා තාත්තා එක්ක ඉන්න වෙලාවක් වෙන් කරගන්න හරිම අමාරුයි..ඒත් හරියටම හිතුවොත් එහමෙ කරන්න බැරි කමකුත් නෑ..

      ජය වේවා යාළු..ආයෙත් එන්න..

      Delete
  4. ඔයා හරි නංගෝ.......
    හැමදේම ඩවුන්ලෝඩ් කරගන්න බැහැ..
    අනේ මන්ද.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කෝ..ඒත් ගොඩක් අය මේක තේරුම් ගන්නෙ නැති එකයි ප්‍රශ්ණෙ

      Delete
  5. මේ කෑම ටික දැකලා මට බඩිගිනී මෙයා.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට..මේච්චර ලොකු පෝස්ට් එකක කෑම ටික විතරයිනෙ මේ රජා දැක්කෙ.. :පී

      ජය ශ්‍රී රජෝ!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?