Saturday, September 22, 2012

මෙන්න කවි (හිටවන කවිද මන්දා)


















ඉදලා හිටලා වලියක් දෙකක් ගියාට..
මම ආදරෙයි මගෙ මැණිකෝ ඔයාට..
තද වුනාම සද්ද බද්ද දැම්මාට..
බැනපු ගමන් මම වහනවා නේද කට..


ටිකක් විතර කෑ ගහනවා පිස්සු නිසා..
ඒ ගැන නම් ඉවසීමෙන් ඉන්න ඔයා..
රතු කට්ට නම් පන්නගන්න එපා බබා..
දන්නවා නේද අඩනවා මම කෑගගහා..

පෙරුම් පුරලා පෙරුම් පුරලා දැකගන්නෙ..
ආපු ගමන් ලැප් එක ළග ඉදගන්නෙ..
මොන එහෙකට ආවාදයි නොදැනෙන්නේ...
ශේප් එකට චොකලට් එකක් පෙන්නන්නේ..

බොල නරියෝ මට තියනවා ගණුදෙනුවක්..
එනකම් මම ඉන්නේ මේ අහුවෙනකම්..
ඕයි,අඩෝ,යකෝ,මචං,බන්,ඉදහන්..
ඔක්කම අල්ලලා හොද ගුටියක් දෙන්නම්..

උන්නැහෙ ඔයා පාත් උනේ කොහෙන්ද..
ලොකේම දැන් මම ගාවයි තේරෙන්න..
කොහෙන් කොහොම ආවත් මට ඇයි නේද..
දැන් නම් ඉතින් මගෙම තමයි දැනගන්න...



26 comments:

  1. හිටිවන උනත් මේවා කවි නේද මෙයා
    ඔයා ලියන ඒවා නම් නියම තමා
    නම දැක්කත් ඇතිය අපට වෙන්න හිනා
    මෙය අවසන් කරමිය මම ජයම පතා

    ReplyDelete
    Replies
    1. කවි නම් තමයි අමුතු නිසා හිටවන කීවා
      තැන්කූ අක්කෝ අදහස නම් එළම තමා
      නම දැක්කාම මේ තරමට ෆේමස්ද මෙමා
      ඔබටත් පතන්නෙම ජයයෙන් ජයම මෙමා

      Delete
  2. හිටිවන කවි කියන්නේ එව්ව හිටගෙන කියන හින්දා නේද .........ඔයා මේ කවි ලිව්වෙ හිටගෙනද

    ReplyDelete
    Replies
    1. හිටවන කියා කිව්වේ වෙන හේතුවක් නිසා...
      හේතුව වූ එයත් පෝස්ටුවකින් දාන්නම්කෝ මෙයා...

      Delete
    2. මං කොලොප්පමක් අනේ කොලේ

      Delete
    3. මම දන්නෝ අනේ... :)

      Delete
  3. අය්යෝ අක්කෙ දැන් කවිත් කියනවද
    මමනම් නොදනි කවි ලියන්නට
    මොනා උනත් පොස්‍ටුව නම් එලම තමා
    කොහොම උනත් ඔයත් වැඩ කාරියක් තමා

    ReplyDelete
    Replies
    1. මම කවි කීවේ එද ඊයේ නොවෙ මලයා
      පරණ පෝස්ට් කියවලාම නැද්ද ඔයා
      දන්නැත්තම් ට්‍රයි කරලා බලනු ඔයා
      තැන්කූ වේවා අදහස මට වටින නිසා

      Delete
  4. කවි පද සොඳට අමුනාලා ඇතිය සංදේ
    රස වින්දා හිනා කකා මමත් හොඳේ
    තව තව ලියමු කවි දම්වැල් රස නාදේ
    ජයෙන් ජයම මවෙතින් ඔබ වෙතට පිදේ.

    ReplyDelete
    Replies
    1. නියමමය නියමයි අක්කගේ ක්මෙන්ටුව
      මුළු හදවතම පිරුණා එය දැක්කාම
      ලියමු ලියමු අනිවාර්යෙන් කට්ටියම
      ඔබටත් පතමි ජය අක්කෝ හැමදාම..

      Delete
  5. කොහොමත් ශම්මි ලියනා හැටි පිස්සු හැදේ
    මම ආසම බ්ලොග්වලිනුත් එකකි අනේ
    හුරතල් බසට මම රැවටුන හැටිද අගේ
    ජයම පතමි හිරුවා දැන් ශම්මි නගේ :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් අක්කෙ හොදහැටි හිතටම වැදුනා..
      ඔහොම එනවනම් ලියනවා තවත් මෙමා..
      හුරතල් තමයි ශම්මියා කොහොමත් අනිවා..
      ජයම පතමි අක්කෝ ඔබ හටත් මෙමා !!!

      Delete
  6. මට නම් බැහැ අෆ්ෆා
    හිටගෙන කවි කියන්න
    ඕනෙම නම් ලෙසටා
    කියන්නම් වාද බයිලා

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් අගයමි උත්සාහය
      බලමු එහෙනම් අහලා වාද බයිලාව

      Delete
    2. මුන් කෙල්ලො ඔක්කම කවි කියන එකෙ අපිට බයිල ත්මයි බන් අන්තිමට ඉතුරු වෙන්නෙ ::D

      Delete
    3. ඔයාලා කෝමත් බයිලානේ කියන්නෙ..නිකන් නෙවෙයි..රීමික්ස් බයිලා :පී

      Delete
  7. මරු කවි සෙට් එක.. කමෙන්ට්සුත් මරේ මරු..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හිකිස්...ටැන්කූ ටැන්කූ අක්කෝ!!!

      Delete
  8. අදයි ආවෙ මේ පැත්තේ බලනු ඔයා
    කවි පද හොදට ගැට ගහලා තිබුන සිරා
    පද අමුණන්න පතමි හෙටත් මේ විලසා
    ශම්මි අපේ නූතන හිටවන කිවියා

    __________ඔන්න මේ බ්ලොගෙත් බුක් මාක් එකක් තියගත්තා. ජය

    ReplyDelete
    Replies
    1. එළ එළ සහෝ අය්යද මල්ලිද මන්දා...
      ආයේත් එන්න මේ පැත්තට නොවරදවා...
      ස්තූතියි ක්මෙන්ටුවට ජය වේවා..
      ඒකත් ඇත්ත මම වෙමි නව හිටවන කවියා...

      ටැන්කූ යාළු....

      Delete
  9. රෑ දෙගොඩේ මම යනවිට බ්ලොග් අස්සෙ
    දැක්කා ශම්මි නංගි හීනේ උඩ කවි ලියලා
    මොනව කියන්න ද නොදනිමි ඒ බලලා
    ජයම පතමි තව ලියපන් කල් ඇරලා!!

    දැක්කෙමි දෙයියනේ මුන්ගේ රස කමෙන්ටූ
    හිතුනා මටත් දෙන්නට හොදි කප් පරිප්පු
    ගත්තා දිරිය මට බෑ හිටිවන කවිය
    හිටිවන කවිද නෑ මම කීවේ ඉදගෙනය.


    ReplyDelete
    Replies
    1. හිතුවා සහෝ මමත් කවි කියන්නට..
      පදවැල් ඇමිණුවා එක පිට එක පිටට..
      තාලය වැටෙන්නැති නියමෙට කවි ටිකට..
      කස්ටිය ආවා තව කවි කියන්නට..

      මොනවා උනත් අගයමි ඔබෙ උත්සහය..
      පරිප්පුව හොදයි පානුත් තිබ්බාම..
      කවිය හොදයි එළිසමයත් දැම්මාම..
      එහෙනම් සහෝ ජය ශ්‍රී ඔබහට හැමදාම..

      Delete
  10. ade kawi :D , මට නම් කවි බහ ඔන්න ම් ජය වෙව ! ,
    තව් කවි වමාරත්ව ,
    අනෙ කාගෙ හරි අහින්සක කන් දෙකක් නෙද කෙල වෙනෙ දෙයියනෙ

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ මම මේක කෑ ගගහා කියන්නෙ නෑ,බොහොම අහිංසකව බ්ලොග් පෝස්ට් එකක් දැම්මා පමණයි..
      ජය වේවා!!

      Delete
  11. මමත් ආසයි කවි ලියන්නට
    ඒත් මට බෑ ගැලප ගන්නට
    අනේ ඔබ මෙන් ජය ලබන්නට
    කියා දෙන්නකෝ කවි ලියන්නට

    ලියන්නට කවියක්
    ඇත්තේය අදහසක්
    ලියන්නට අදහසක්
    කමක් නැ නේ මෙහෙම ලිව්වත්

    මම ආදරෙයි ශම්මි අක්කිට
    මෙයා ලියනවා හරි අගේට
    ඉතින් ආසිරි පතමි අක්කිට
    මෙවන් කවි ගී තව ලියන්නට


    ReplyDelete
    Replies
    1. ලියමු මලයෝ පුළුවන් විදියට
      වැරදි ඇතොත් හදාගමු ටික ටික
      යන විට ලියාගෙන කවි පද පේළි දෙක තුන
      කවියෙක් වේවි යතා කාලයකදී නුඹ

      :D

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?