Monday, September 24, 2012

ක්ෂීතිජයෙන් මතු වූ පුංචි තිත




අහසත් සයුරත් යා කරන
ඈත ක්ෂිතිජයෙන් පෙනෙන පුංචි තිත
ඉක්මනින්ම සුවිසල් නැවක් බවට පත්වේවි


එවිට එදෙස ඇස් කුඩා කර බැලූවන්
වරක් බලා ඉවත බලාගත්තවුන්
නැව පෙනෙන මානයට විත්
දෑස් විසල් කර එදෙස පුදුමයෙන් මෙන් බලාවි

මෙය මනුෂ්‍යය ස්වභාවයයි
එයට අවනත විය යුතුයි
සියල්ල අපේක්ෂා සහගතව බාරගත යුතුයි
මන්ද
දිනක අපිත් සුවිසල් නැවක් බවට පත් වේවි
අපි දෙසත් දෑස් කුඩා කර බැලූවන් එලෙසම බලාවි



නිකන් ලිව්වෙ. ඒ වුනාට කමක් නෑ බලලා නිකන්ම යන්නැතුව ඉතින් ක්මෙන්ට් එකක් දාලම යන්න හොදේ :)

10 comments:

  1. Replies
    1. හයියූ... මුහුද ළග ඉදන් බලාගෙන ඉදලා නැද්ද?? ආආඅ මුහුද නෑනේ.. නැව් ඈතට පේන්නෙ පොඩියට තිතක් වගේ.. ළගට එද්දි තමයි නැවක් කියලා දැනගන්න පුළුවන්..ආආ ඈතට පෙනෙද්දි ඉතින් කට්ටිය ඇස් පොඩ් කරලනෙ බලන්නෙ..ළගට ආවාම ඇසුත් ලොකු කරන් කටත් ඇරන් අලි පත නැව දිහා බලන් ඉන්නවනේ..ඒ වගේ..අපි දිහාත් ඇස් පොඩි කරලා බලන් ඉන්නවා...අපි හොද දෙයක් කරාම හොදට බලනවා.. තේරුනානේ දැන්... :) :)

      Delete
  2. නිකමට ලියුවට හිතන්න දේවල් ගොඩයි නංගියෝ..
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ ...

      Delete
  3. ඇස් ගෙඩි දෙක ලොකු කරන කියෙවුවෙ මේ තිත මොකක්ද කියල බලන්න... තිතකට වැඩි ලොකු දෙයක් මේ තිතෙන් කියවෙනවා නේ....

    ReplyDelete
    Replies
    1. යප්!! ඩෙෆනෙට්ලි... ටන්කූ ටන්කූ අක්කෝ...

      Delete
  4. ඇත්තටම ඔයාගෙ අදහස ගැන හොඳට හිතුවොත් ඒකත් මහා මුහුද වගේ. හිතල ඉවර කරන්න බැරි වෙයි. අන්තිම පද පේලියේ අපේක්ෂා ද උපේක්ස්හා ද නංගෝ. මට එක ටිකක් පැහැදිලි මදි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්...ඇත්ත අක්කෝ..මටත් මොකට හිතුනද මන්දා හැබැයි..අනේ මන්දා අක්කෝ ඒක නම්..ඇත්තම කිව්වොත් මම හරියටම දන්නෙ නෑ..ඔයා කියන්නකෝ හරි වචනේ පුළුවන්නම්තතමම හදන්නම්... තැන්කූ හොදේ... <3

      Delete
  5. අනේ මට තේරෙන්නෙම නෑනේ මේ ශම්මි ලීන එවුවා..
    සොරි ඈ...

    ReplyDelete
    Replies
    1. හයියූ..මේ පිරිමි ළමයි නම් වැඩක්ම නෑ..බලන්නකෝ ක්මෙන්්ට්ස් ටික..අක්කලා ඔක්කටම තේරෙනවා..මේ අය්යණ්ඩිටයි නොහික්මුණු ඇසටයි විතරයි තේරෙන්නෙ නැත්තේ..බලන්නකෝ නොහික්මුණු ඇසට තියන රිප්ලයි එක..අඩු ගානේ ඒකවත් තේරෙනවද කියලා..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?