Friday, September 7, 2012

ළං වුනෙ අතරමගදි දාලා යන්න නෙවෙයි..



මේක මට ලියන්න හිතුනෙ මොකද මන්දා.කොහොම වුනත් නිදාගෙන ඉදලා හදිස්සියෙම නැගිටලා පටන් ගත්ත ලියන්න.ඒ මගෙ හැටිනෙ.මහ රෑ වුනත් මොනවා හරි හිතුනොත් නැගිටලා ලියන එක මගේ පුරුද්දනෙ..




    ආආආ මාතෘකාවට එමුකො.ළං වුනෙ දාලා අතරමගදි  යන්න නෙවෙයි.කාටද මේක කියන්නෙ.කාටවත් නෙවෙයි.ඔයාට.ඔයා එපා එපා කියලා පුන පුනා කියද්දිත් තව තවත් ළං වුනෙ ඇයි කියන්න නම් හරියටම මමත් දන්නෙ නෑ.කොහොම හරි.දැන් අපි ගොඩාක් දුර ඇවිත්.කොහේදෝ හිටපු අපි අහම්බෙන් හම්බවෙන්න මොකක් හරිම හේතුවක් තියෙන්න ඕනෙ.ඊටත් වඩා මම නම් හිතන්නෙ මගේ මොකාක් හරි ලොකු පිනක් තිබිලා තියනවා.නැත්තන් පරක්කු වෙලා හරි ඔයාව හම්බවෙන්නෙ නෑනෙ.ලේසියෙන් කාටවත් ලැබෙන්නෙ නැති.ළං කරගන්න අමාරු හරිම විශේෂ කෙනෙක් තමයි ඔයා.වැඩියම පෙන්නන්නෙ නැති වුනාට ආදරේ හුගාක් තියනවා.ලෝබකමට නෙවෙයි ඔයා ඒ ආදරේ නොදී ඉන්නෙ.මගකදි වෙන්වෙන්න වුනොත් කියලා මට නොකියන බයක් ඔයාට තියනවා(මම හිතන විදියට). මම දවසක් පිස්සු හැදිච්ච ගිරවා වගේ අපේ ළමයි අරම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා කියවගෙන කියවගෙන යද්දි, ආ ඇති ළමයි ගැන හීන කියලා කිව්වෙත් ඒ නිසා වෙන්න ඕන 


    කෝම හරි කමක් නෑ,ඔයා ඇත්තටම හිතනවද මම ඔයාව දාලා යයි කියලා.කවදම හරි.එහෙනම් ඉතින් මගෙ පණ යන්න ඕනෙ.ඒත් හැබැයි මම හොල්මනක් වෙලා හරි ඉන්නවා.ඔයා ගාවම කැරකි කැරකි.ඔයා දන්නවනෙ මම කලින් අවුරුදු 7ක්ම ආදරේ කරපු කෙනෙක් කියලා.ඒ පරිප්පුව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.වෙන මුකුත් නිසා නෙවෙයි මනුස්සයෙක් ඇතුළෙ ඉන්න අමනුස්සයෙක්ව මම දැක්ක කාලයක් ඒක.මට නම් ඔයාලගෙ වර්ගයාම එපා වුනා.ඒවා ඔක්කොම ඉවර වෙලා තියෙද්දි ඔයා ළං වුනෙ.මුළින්ම මගෙ යාළුවා.පස්සෙ හොදම යැළුවා,බෙස්ටියා,ඊටත් පස්සෙ ආදරේ වෙලා,දැන් මගෙ හැමදේමත් ඔයාම වෙලා.. 


         එච්චර හරියක්වෙලා තියෙද්දි(වැරදියට හිතන්න එපා.මම කියන්නෙ අමානුෂික විදිහෙ සිත් රිදවීමක් ගැන)ඔයාට මගේ හිත ආදරේ කරේ ඇයි මන්දා .එහෙමත් වෙලා ආයෙ ආදරේ කරන්න ආස වුනේ නෑ.බය,තරහ,උවමනාවක් නැති කම ඔක්කම තිබ්බා..අනික ඔයාව මම දැකලවත් නෑ.කවුද,කොහෙන්ද,ඇත්තද බොරුද,මොනවත් දන්නෙ නෑ..අවුරුදු ගාණක්ම ආශ්‍රය කරපු මිනිස්සු අරම නම්.දවස් ගාණක් වුනු අය කොමද කියලා මට වුනත් හිතුනා.අනික ඔයාට ආදරේ කරනවා කියන්නෙ සෑහෙන්න භයානක වැඩක් කියලා හිතුනෙ.මට කලින් නම් අනේ මාව දාලා යන්න එපා කියලා අඩන්න හරි පුළුවන් කම තිබුනා.ඒත් ඔයා? ඔයාට පුළුවන් ඔනෙ නම් ෆෝන් ඔෆ් කරන් ඉන්න,නම්බර්ස් මාරු කරන්න,මාව බ්ලොක් කරන්න.. අනික මම ඔයාගෙ යාඵවෙක්වවත් අදුරන්නෙ නෑ.අම්මා,තාත්තා,අක්කා කිසිම කෙ‍නෙක්ව මම දන්නෙ නෑ,. ඔයා ඉන්න දිහා මම ඇවිල්ලවත් නෑ.. කිලෝ මීටර් 200 ගාණක්ම ඈත.. දුක හිතිලා හිත රිද්දලා ඔයා ගියොත් මම ඔයාව හොයාගෙන ආවා කියලා කොහෙ කියලා හොයන්නද? කාගෙන් කියලා අහන්නද?.. මම දන්න කිසිම කෙනෙක් නෑ ඔහෙ, මගෙ මැණික ඔයා ඇරෙන්න.. කොහොම හරි ඒ දවස්වල මම කිසිම කෙනෙක්ව විස්වාස කරේ නෑ... විස්වාස කරයි කියලා වැඩක් නෑනෙ..මිනිස්සු අමනුස්ස විදියට අනිත් මිනිස්සුන්ගෙ හිත්,හැගීම්,විස්වාසය එක්ක වීඩියෝ ගේම් එකක් වගේ සෙල්ලම් කරන කොට..ඒත් ඔයා .. විස්වාසයි,ආදරෙයි,හැමදේම හිතෙනවා ඔයා දැක්කම..හරියටම කිව්වොත් හිතෙනව නෙවෙයි ඇති වෙනවා.. ඇති වුනා.ඒකයි මේ තරම් ආදරේ..


අදට වුනත් ළගට ආවාම හිතෙන්නෙ තාත්තා ළග ඉන්නවා වගේ කියලා,ගෑණූ ළමෙක්ට ඊට වඩා දෙයක් තව නෑ..කෝමත් කෙල්ලෝ අම්මට වඩා තාත්තට ළගයිනෙ..තාත්තලා තමන්ගෙ දුව කොල්ලෙක්ට ආදරෙයි කිව්වම කෑ ගහන්නෙ (මම හිතන විදියට) මෙච්චර කාලයක් තමන්ගෙ දුවගෙ හිතේ හිටපු පිරිමියා තමන් වෙච්චකොට තවත් කෙනෙක් ආවොත් ඒ ආදරේ බෙදිලා යයි කියලා බයට.. ආ ඒක මාතෘකාවට වැඩක් නෑ මම නිකන් කිව්වෙ.. ඔයාගෙ අතින් අල්ලගත්තමත් තාත්තා ළග වගේ තමයි.. පරිස්සම්.. ආයේ නම් මොකා ආවත් බය වෙන්න දෙයක් නෑ..ඔයා ඉන්නවනෙ මාව පරිස්සම් කරන්න.. කෝමත් මම කොහෙහරි යන්න කැමතිත් තාත්තා එක්ක.කාට හරි ගහලා දුවන් ඇවිත් තාත්තා පිටිපස්සෙ හැන්ගුනාම මම බේරිලානෙ..ඔයත් ඒමයි..

  ඉතින් මැටි අලේ..හිතනවද අතරමගදි දාලා යයි කියලා.ළං වුනේ දාලා යන්න නෙවෙයි.. කිව්වනෙ මම..එලෙව්වත් යන්නෙ නෑ..නිකාන් හිටු..මට මොකෝ මම නම් ඔයා ගාවම ඉන්නවා..බටු ඇටයක් වගේ මට ඔයා යෝධයෙක් වගේ වුනාට මට මුකෝ..තදම වුනොත් උත්තලා ගහනවා පොළවේ..චප්ප වෙන්නම.. ආආඅ..ඇති වගේ..පෝස්ට් එක හෙන දිගයිනෙ...

(සැලකිය යුතුයි - මට හිතෙන,මට කැමති ඕනම දෙයක් මගේ බ්ලොග් එක ඇතුළේ පෝස්ට් කිරීමට සම්පූර්ණ අයිතිය මං සතුයි(නේද?)..ඒවා මුනා වුනත්.. මේ පැත්තට ආවොත් කියවලා,ක්මෙන්ට් එකක් දාලා,පේජ් එකත් ලයික් කරලා යන්න හොදේ.. )


අපි අපිටනෙහ් ;)

15 comments:

  1. කෙල්ලංගේ ඔය තියෙන “මැටි අලේ“ සහ “මැටි පූසා“ කියන වචන වලට මාගේ තදබල විරෝධය...
    බලං යනකොට හැම කෙල්ලම එකවගේ නේ...
    මාර සීන් එක....

    ReplyDelete
    Replies
    1. :P එහෙම තමයි... අර සින්දුවකුත් තියෙන්නෙ..
      'කොයික කියන්නෙත් කොයික කරන්නෙත් ආදරේ වැඩි හින්දයි කියලා'
      ගෑල්ලමයිට විරුද්ධකම්පාන ඔයාට මගේ බලවත් කෝපය :P

      Delete
  2. Replies
    1. :) :) :)
      සාදරයෙන් වෙල්කම් කිව්වා මේ පැත්තට .....

      Delete
  3. මම මොකුත් කියන්නේ නෑ... මොකද මේ ලව් කේස් වලට මම නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ මුකෝ... හා කමක් නෑ..
      රජෝ.. ජය ශ්‍රී!!

      Delete
  4. ආදරේ ........... පිළිබඳව මොකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. හප්පොච්චියේ .. හා අක්කෝ...

      Delete
    2. පිස්සු කෙල්ල :)

      Delete
  5. ලව් පල හිලව් නම් මටත් වැඩිය අල්ලන්නේ නෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. හයියෝ.....ශම්මි :/
      මොකෝ මේ කස්ටිය ඔක්කෝමලා මේම කියන්නෙ..

      Delete
  6. කිසිදා නොදුටු අයෙක්ට අදරය කරන විදිය මා නම් නොදනිමි !!!!!..................... ඒ නිසා කිසිත් නොකියමි :(

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?