Thursday, September 20, 2012

තරහ අවසර දේවයන් වහන්ස !!



                         නොසන්සුන්කමින් පිරුණු, සතුටක් නැති,උත්සාහ කරත් හිනාවෙන්න බැරි මේ වර්ථමානෙට වඩා, ආදරණීය මතකයන් ගොඩක් එක්ක හරිම ලස්සනට ගෙවිලා ගියපු ඒ අතීතෙට මං ආසයි.ඒ නිසා තීරණය කරා එතනම නවතින්න,මතක් කරලා අඩන්න නෙවෙයි එතකොට මට පුළුවන් මතක් කර කර හිනා වෙන්න, ආදරෙන් සතුටින් හිත පුරවගන්න.එක එක දේවල් මැද්දෙ.නොහිතපු පැත්තකට ජීවිතේ ගලාගෙන ගියාම,බයක් නොදැනුනාම නෙවෙයි..මමත් මොළේ තියන කෙල්ලෙක්නෙ කියලා මට මතක් වුනා.ඒ නිසාම හොදට හිතලා බලලා හැමදේටම මූණ දුන්නා..ගොඩක් දේවල් වලින් මම නොහිතපු විදියට ජය ගන්න මට පුළුවන් වුනා..ඒ මොකද එක දෙයකින්  මම හැමදේම තීරණය කරන්න ගියෙ නෑ..අනිත් දේවල් වලටත් ඉඩ දුන්නා..වෙන්න තියන දේවල් කොහොමත් වෙනවනේ..ඒවා නවත්තන්න මම මහාබ්‍රහ්මයා නෙවෙයිනේ..ඒ නිසා අකමැත්තෙන් වුනත් ඕනම දේකට සූදානමින් හිටියා..එකම තරාදියෙන් හැමදේම මනින්න බැරි බව මම දැනන් හිටියා..

                  හැමදේකම ලස්සනක් දකින්නයි මට ඕන වුනේ..වැටෙන හැමවෙලාවකම කාගෙවත් වාරුවක් නොලැබුනත් මහන්සිය ඉවරවෙනකම්ම වැටුණු තැනම ඉදලා..පස්සෙ නැගිට්ටා..මොකද මම දැනන් හිටියා,වට්ටන්න අය හිටියට නැගිට්ටවන්න කවුරුත් නෑ කියලා,මට මම වෙනුවෙන්ම සටන් කරන්න වෙලා,මගේ දේවල් බේරගන්න,මගේ බැදීම්,හැගීම්,වගේම මගේ අනාගතේ මම හදාගන්න ඕන..උරුමයෙන් ලැබෙයි ඇත්ත,ඒත් මමත් මට දෙයක් කරගන්න ඕන..කාගෙවත් හයියක් ඇතත්,නැතත් මම මගේ කකුල් දෙකෙන් නැගිට්න්න ඕන..ඒකයි එකම ආසාව..ගගක් ගලාගෙන යද්දි කොයි තරම් ගල්,පර්වත පාත් වුනත් ගග ගලන්නෙ නැතුව ඉන්නෙ නෑ,යන්න පුළුවන් තැනකින් ගලාගෙන යනවා මිසක්..ඉතින් ඇයි මම නතර වෙන්නෙ..මට ලස්සන අදහස් තියනවා,හොද දැක්මක් තියනවා,කවුරු මොනවා කිව්වත් මමයි දන්නෙ මම කවුද කියන එක..මට වැරදුනාම ඔය කවුරුත් මම ගාව නෑ කියන්න මම දන්නවා..ඉන්න කියලා මම කියන්නෙත් නෑ..හැබැයි මම එහෙම කිව්වොත් කියන්නෙ එකම එක්කෙනෙක්ට.

                              මම දන්නෙ නෑ තව ඉස්සරහට එන්න පුළුවන් ප්‍රශ්ණ මොනවද කියලා,හැබැයි අපේවත්,මගේවත් කතාව මෙතනින් නැවැත්තුවා කියලා එන්න තියන ඒවා නෑවිත් ඉන්නෙ නෑ..අපි බලන විදියෙනුයි හැමදේම තීරණය වෙන්නෙ..අපි දෙයක් දිහා දකින විදියෙනුයි අපිට ඒ ‍දේ පේන්නෙ ඕනම දේක සුන්දරත්වයක් දකින්න පුළුවන්නම් ඇත්තටම ජීවිතේ ලස්සනයි..ලස්සන අනාගතේනට මමත් ආසයි..මම හීන මවනවා වගේම..අහලා නැද්ද පුහුණුවේදි වැඩියෙන් දහඩිය හෙලන්නා,යුධ බිමේදී අඩුවෙන් ලේ හලයි කියලා. අපිට හෙට ලස්සන කරගන්න නම් අද එන දේවල්වලට මූණ දෙන්නම වෙනවා.. මගේ හීන ඇතුළෙ මම ජීවත් වෙන්නම්.. හීන ඇතුලෙ හිටියත් ඇත්තට මූණ දෙන්න පුළුවන්කම මට තියනවා.. මෙතන ඉදන් පරණ වෙච්චි යට ගියාව ඇතුළෙම මම ඉන්නවා..ඒක හොදයි කියලා දැනෙනවා අදට වඩා..හෙට කියන දේ එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්..ඒ ගැන හිතලා ලස්සනට ඉන්න පුළුවන් අද දවස නැති කරගන්න බෑ.. 

හැබැයි මගෙත් තියනවා එක අහිංසක ඉල්ලීමක්..ඒ තමයි..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කියෙව්වට ස්තූතිය! ක්මෙන්ට් එකකුත් දාලම ගියානම් මටත් සතුටුයි.. 

22 comments:

  1. "පුහුණුවේදි වැඩියෙන් දහඩිය හෙලන්නා,යුධ බිමේදී අඩුවෙන් ලේ හලයි "

    ඔයාගෙන් තමයි මේ වැකිය ඉස්සෙල්ලාම කියෙව්වෙ


    අකුරු ටිකක් ලොකු කලොත් නරකද

    ReplyDelete
    Replies
    1. මම ඉගෙන ගත්තේ මගේ කැඩෙටින්ග් සර්ගෙන්..හා..කොරන්නම්කෝ.. ටැන්කූ...

      Delete
  2. Fatta akkiyo. Balan yaddi oyath patta lekikawak ne. ;)

    ReplyDelete
    Replies
    1. තැන්කූ මලයෝ....ආයේ ආවාම ෆලෝ පාරක් දාලම යන්න...

      Delete
  3. හිතට හොඳටම වැදුනා කතාව...
    ඔයාට ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ.... ආයේම එන්න මතක ඇතුව...

      Delete
  4. හිතේ රැඳෙන මතක හිටින කතාවක්. ජයෙන් ජය යාලු.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අක්කෝ :) :) සාදරයෙන් පිළිගන්නවා ඔයාව...

      Delete
  5. ඇඩුනා....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ :( ම්ම්ම්ම්
      ජය ශ්‍රී රජෝ!!!

      Delete
  6. මැරෙන්න කලිං කියලා තියන්න කොහෙද සොහොන ගහලා තියෙන්නේ කියලා..
    එතකොට පුළුවං ඇවිත් බොරුවට හරි දිවුරන්න....
    හික්ස්....

    ReplyDelete
    Replies
    1. හපෝ....අය්යණ්ඩි...මැරුනට පස්සෙ දානෙ නම් ෂුවර් එකටම කියනවා...

      Delete
  7. නියමයි..වෙනද වගේම මම කැමතියි මේ පෝස්ට් එකටත්..

    'පුහුණුවේදි වැඩියෙන් දහඩිය හෙලන්නා,යුධ බිමේදී අඩුවෙන් ලේ හලයි'
    මේක දඩොන් ගාල හිතට වැටුන.හරි අගනා වැකියක්.

    ජයෙන් ජය නංගෝ !

    ReplyDelete
    Replies
    1. ටන්කූ වේවා අක්කෝ.... එළම එළ.. :) :)

      Delete
  8. දැනෙන කතාවක්.. ජය!!

    ReplyDelete
  9. ස්තූතියි සහෝ... :)

    ReplyDelete
  10. ඕං කමෙන්ට් එකක් දැම්ම ඒනම් :D

    ReplyDelete
  11. එහෙම දිව්රල කිව්වාම ඇහෙනවදඈ:O

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?