Tuesday, September 11, 2012

නොසන්සුන් හිත



නොසන්සුන් වූ හිතත් එක්කලා පොරබදින්න වෙර දරනවා.....
කාටවත් නොතේරෙන මගේ හැගුම් මාත් එක්කම හඩා වැටෙනවා....

ඈත් වෙන්නට නම් හදන්නට එපා..
මියදෙයි මමත් හිතත් එක්කම..
ඇස් වහක් කට වහක් වැදිලාද මන්දා...
ලස්සනට තිබුණු අපේ කූඩුවට..
ලෝකේ කොයි කෙළවරට ගියත්...
පතන්නේ නුඹවමයි හදවතින්ම..
වටහා දෙන්නට නම් බෑ වචනයෙන්...
ආදරේ කොතරම්ද යන්න...
තේරුම් ගත යුතුයි නුඹම...
මගේ මුළු ලෝකයම දැන් නුඹ වී ඇති බව...
ගරා වැටුණු මේ හිත යළි..
පිළි සකර කර එකලස් කෙරුවේ නුඹ..
හිතන්න බෑ හීනෙන්වත්...
ඈත්වීමක් තියා..දිනයක විරාමයක්වත් ගැන...
හිස් බවයි දැනෙන්නේ..මුළු හිතම වසාගෙන...
ඇසිපියවත් නොගසා බලා සිටින්නේ...
නුඹ එනතුරු...
සුපුරුදු ලෙසම...


12 comments:

  1. මොකෝ හිටිහැටියේ නොසන්සුන් වෙලා???????

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අප්පා.... :'(

      Delete
  2. බලාපොරොත්තු මිනිස්සුනව ජීවත් කරවනවලු...ලස්සනයි පබැඳුම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඇත්ත... ස්තූතියි ඔයාට.. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා... :) :)

      Delete
  3. මුකෝ උනේ නංගෝ??ඊයේ හොඳට හිටියා නේ?? :(

    ReplyDelete
    Replies
    1. හැමදේම හීනයක් වෙන්න එක මොහොතක් ඇති අක්කෝ... :'(

      Delete
    2. ඒක නම් ඇත්ත නංගෝ..

      Delete
    3. හ්ම්ම්ම්....

      Delete
  4. අනේ නංගියො....යන යන තැන කුඩු කුඩු වැටෙනකොට කවිය එක හිතින් කියව ගන්නත් බැරිවුනා...............
    නොසංසුන් වෙච්ච හිත ඉක්මටම හැදෙයිද ඉතින්...............

    ReplyDelete
    Replies
    1. සැහ්...ඒ කුඩු කුඩු නෙවෙ අනේ...ඒ හිම.. ;) මේ නත්තල් කාලෙනෙ.. ම්ම්ම්..ඔව්...මමත් හිත හැදෙනකම් මේ බලන් ඉන්නෙ..
      ස්තූතියි අය්යණ්ඩියේ..

      Delete
  5. mokada me....
    wachana tika nam lassanai...
    eth mokada mehema deyak liyanna hithuwe...?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...හිතේ තියන දෙයක් වචන ටිකකට පෙරළලා දැම්මා යාළු..!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?