Sunday, September 16, 2012

දකින්න බැරි ආදරේ



මගේ ඇස් දෙක ලස්සනයි කියලා
ගොඩක් අය කියනවා..
ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ..
මට ඔයා නිසා කොච්චර අඩන්න වෙලාද කියලා,ඇඩුවද කියලා...

ඔයා කවදාවත් හැබෑ වෙන්නෙ නැති හීනයක් වෙන්න ඇති..
ඒත් නොහිතා ඉන්න බෑ..
කොච්චර එපා කිව්වත්...
බැදීම් වලට බය වෙන්න එපා..
බය වෙන්න ඕන වැරදි මිනිස්සුත් එක්ක ඇති කරගන්න බැදීම් වලට,
අවිස්වාසය එක්ක බැදුණූ බැදීම්වලට..
මිනිස්සුන්ට ආදරේ ඕනේ..
ආදරය කියලා කියන්නෙ නිකන්ම නිකන් වචනයක් නෙවෙයි ..
අපිව ජීවත් කරවන්න බලාපොරොත්තු වලින් පිරිණු වචනයක්..
අපි ආදරේ නිසා නැගිටලා ඉන්න වෙලාවට තමයි ඒකට තෙරුමක් ලැබෙන්නෙ,
අපිට ආදරණීය කෙනෙක් ලැබුනම තමයි තේරුමක් ලැබෙන්නෙ
එහෙම නැති වුනාම ඒක නිකන් බලාපොරොත්තුවක්..
කවදා හරිම තමන් වෙනුවෙන්,තමන්ගෙම කෙනෙක් එයි කියන 
බලාපොරොත්තුව එක්ක බැදුනු වචනයක්..
හැම කෙනෙක්වම එක තැනකදි බලාගන්න පුළුවන් හැගිමක් තමයි ආදරේ අම්මා,තාත්තා,සහෝදරයෝ,යාළුවෝ,තරහා කාරයෝ,දුව ,පුතා, 
ඔය හැමෝවම එක තැනකදි එකම කෙනෙක්ගෙන් බලාගන්න පුළුවන් එකම විදිය තමයි ආදරේ..
ආදරේ වුනත් ආදරෙන් කරොත් ඒකට තේරුමක් දෙන්න අපිට බැරි කමක් නෑ..
අපිට ලැබෙන කෙනා අනුවයි ආදරේට තේරුමක් ලැබෙන්නෙ..
එදාට බය නැතුව කියන්න පුළුවන් මේ ඉන්නෙ මගෙ ආදරේ කියලා..

මගේ ආදරේ ඔයා.. ආයේ ආයේ කියනවා..ඒ ඔයා...
ඔයාම විතරයි..මේක මගේ පොරොන්දුවක්!

11 comments:

  1. මාරයි ... ආදරේ .. ම්අගෙ ආදරෙත් ඔය වගේමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ..සුදු මල්ලියෝ...

      Delete
  2. ...............................................................මුකුත් නොකියමි.ලස්සනයි නංගෝ..

    ReplyDelete
  3. ඇස් කතා කරනවා..............................

    ReplyDelete
  4. ෆට්ට අක්කියො

    ReplyDelete

  5. shammi mata oyage hari sadirisge hari
    mail acc ekak denawada ..
    mage skype ID eka

    silentsahan

    mail eka silentsahan@gmail.com

    mona widihen hari mawa contact karanna..

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?