Tuesday, September 11, 2012

මඩ ගැසීමක්(ම) නොවේ...



ප්‍රශ්ණ ගොඩක් තියනවා,අනේ මන්දා හිතේ මෙලෝ සහනයක් නැතුව ඉන්න වෙලාවක ලියන පෝස්ට් එකක්.කොයි විදියට කරුණු ගලපගන්න පුළුවන් වෙයිද කියලා දන්නෑ.පස්සෙ ව්‍යාකරණවිධි සහ පද සම්බන්ධය නිවැරදි කිරීමේ බලාපොරොත්තුව මත ලියනවා.. 


                  මම හරිම කැමැත්තෙන් අධ්‍යනය කරන මාතෘකාවක් තමයි රාවණ ඉතිහාසය කියන්නෙ.මට නම් ඕන සත්‍ය දැනගෙන,මම කවුද,අපි කවුද,කොහෙන්ද ආවේ,හරි උප්පත්තිය කොහෙන්ද,මගේ රටේ ආරම්භය හරියටම කොතනද,කොයි වගේ වටිනාකමකින් යුතු ජාතියක්ද අපි.කියලා කියන එක හරියටම දැනගන්න මිසක්,අරයා කිව්වා මෙයා කිව්වා කියලා ගෙඩි පිටින් පිළිගන්නවත්,ඒ මතේම ඉන්නවත් නෙවෙයි..හැබැයි දැන් නම් ගොඩාක් අය මේක කරන්නෙ කරන්නම් වාලේ..ම්ම්ම් හරියටම කිව්වොත් Trend එකක් වෙලා.. සමහර බ්ලොග්වල තියන එව්වා දැක්කම හොයාගෙන ගිහින් බෙල්ල මිරිකලා එන්න හිතෙනවා(සැර වැඩිවෙයි වචන,මොනා වුනත් ශම්මි කියන්නෙ ඒකයි) කිසිම සොයා බැලීමක්,අධ්‍යනයක් නැතුව තමන්ට හිතෙන දේ ඔහේ දානවා.හරි කමක් නෑ තමන්ගෙ බ්ලොග් එකේ තමන්ට කැමති දෙයක් දාන්න පුළුවන්..මමත් හැමදාම කියනවනෙ ඒක.ඒත් අපේ ජාතියට හානියක් වෙන දේවල් පෝස්ට් කරන එක හරිද??
(මෙහි ජාතිය යනු,සමස්ථ ශ්‍රී ලාංකිකයින් වේ.)




              ඔන්න ඔය කොහෙද මන්දා තියනවලු රාවණා අරක්කු සැලක්.අනේ අපිට නම් කමක් නෑ ඔව්වාට ඔය වගේ නම් දාගත්තට..හැබැයි අංකල්,සීයේ,අය්යෙ වස් වදින එකනම් නවත්තන්න බැරිවෙයි.. :P ආආ ඇයි රාවණා බේකරිය..හකස් මම නම් කේක් කෑල්ලක්වත් කන්නෑ..අන්තිමට පසුවට විදවන්න වෙයි ඔව්වා.. ඔව්වා කිව්වට වැඩක් නෑ.. බීරි අලින්ට පපර බෑන්ඩ් ගැහුවා කියලා වැඩක් නෑනේ... ඌට ඇහෙන එකක්ඇ...ම්ම්ම් මෙහෙම කියමුකො..ඇයි මේ පරණ මුතුන් මිත්තන්ගෙ නම් ගම් පාවිච්චි කරන්නෙ.. දාන්නකො තමන්ගෙ නම,පුතාගෙ නම,තාත්තාගෙ නම.. තමන්ගෙ අනන්‍යතාවකුත් තියනවනෙ(අම්මෝ මේ වචනෙ ලියන්න උනේ හොද වෙලාවට කියන්න වුනා නම් මං ඉවරයි ;) )  තමන්නෙ ජනප්‍රිය වෙන්නෙ..

ආ මේ රාවණා !@#$%^&* අයිතිකාර  !@#$%^#$%^  මහත්තයා නේද කියනවට වැඩිය

!@#$%^&*%^&*( මේ මහත්තයටද අර !@#$%^&*()_ අයිති. මම හිතුවා කියද්දි..මහත්තයලගේ පරම්පරාව හරි ප්‍රසිද්දයිනෙ.. ඔන්න ඔහොම ඇහෙද්දි කෝමද..

අය්යෝ...ශම්මි ! මට නම් අපෙ තාත්තා කියපු දෙයක් තමයි _ _ _ _ _ _ගෙ දුව කියලා කියනවට වැඩිය. ශම්මිගෙ තාත්තා කියන එක ආඩම්බරයක් වෙන විදියට වැඩ කරන්න කියලා..නොකියා කියලා තියෙන්නෙ තමන්ගෙ කකුල් දෙකෙන් හිටගන්න කියලා කියන එකයි මගේ අදහස නම්.. කොහෙද ඉතින් තාම 20වත් නැති මට ඕක තේරුණාට අපේ ලොකු ලොකු කස්ටියට ඕක තේරෙන එකක්යැ..ලොකු වෙද්දි මොළේ ගෙවෙනවද මන්දා....

    මට තව ලියන්න දේවල් තියනවා..ඒත් හිත ටිකක් නොසන්සුන්..පස්සෙ පෝස්ට් එකක් දානවා තව..කියන්න ඕන වෙලාවට කියන්න ඕන දේ කියන්නම ඕන..ඒ මගෙ හැටි...අපි ගියා...  
        

7 comments:

  1. දරුවාටත් ශ්‍රී රාවණ සිද්ධම් :)

    ReplyDelete
  2. හා හා කට කට දෙයියෝ උදහස්වෙයි...!!!!

    ReplyDelete
    Replies
    1. දෙයියෝ උදහස් නොවෙයි ඈ මේ වෙන එව්වට.. :(

      Delete
  3. 'මට නම් අපෙ තාත්තා කියපු දෙයක් තමයි _ _ _ _ _ _ගෙ දුව කියලා කියනවට වැඩිය. ශම්මිගෙ තාත්තා කියන එක ආඩම්බරයක් වෙන විදියට වැඩ කරන්න කියලා..'

    මේ ටික තමා මෙතන තියන හොඳම ටික.නියමම නියමයි නංගෝ.
    ඔයාට ජය!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කෝ.... :) :)

      Delete
  4. මම දන්නවෝ..මේක තියෙන්නේ ඇල්ල පාරේ කුබල්වෙලා හන්දියේ..අයිතිකාර උන්නැහේ වත් දන්නවා නෙ.

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?