Sunday, September 2, 2012

ශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් - බාගෙට හදවතින්


ශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් දාල අන්තිමේදී මම අයෙමත්  බාගෙට හදවතින් කියල කොටසකුත් දැන්ම ,
මොකද ඇත්තටම හදවතට දැනෙන දේ ලියන්න මම හරි දුර්වල නිසා , ඒ නිසා ගොඩක් තියෙන්නේ මගේ දෘෂ්ටි කොනෙන් වගේ එකකින් වෙන්න ඇති පොස්ටුවේ


ඔන්න හරියටම 2012 . 9 . 2 , වෙලාව 11.51 ඒ.ඇම් .  කොරන්න නම් යන්නේ බැරිම බැරි වැඩක් ,
කොට ශම්මියා (:*)  මාව මරන් කන්න හදනවා දැන් හෙන දවසක ඉදල 25 ද කොහෙද පොස්ටුව මගෙන් ඕනේ කියල . මම ඉතින් මෙච්චර කාලයක් වංචාව දාගෙන හිටිය ඕක අමතක වෙයි කියල . කොහෙද ඉතින් කෙල්ලෙක්ට ඔය වගේ එකක් අමතක වෙන්න නම් අර කියන්න වගේ පුත්තලමේත් බුරුවො ඉදි . :D (එහෙ නේන්නම් ඉන්නේ )



කොමෙන් කොමෙන් හරි මට දැන් මේක ලියන්නම වෙනවා . ඔන්න  දැන් අහන්න එපා මම කවුද කින්ද මන්ද , මොකාද කියල නම් හරි , පොස්ටුවට කොමෙන්ට් කිරීමෙන් මම වලකිනවා මේක අදාළ තැනැත්තියට බාර දුන්නයින් පසු , කොටින්ම කිවොත් බලන්නේත් නෑ ඉතින් ආයේ .(බොරුවක් කිවේ :D)




ම්ම් දැන් මොනවද ලියන්නේ කියලත් හිතානං එපැය . ඇහුවම කිවේ නම් එක්කෝ මම ගැන (ශම්මි ගැන ) හරි එයාගේ බොලොග් රිය ගැන හරි මොනවා හරි කියන්න කියල . අනේ මන්දා .. :D


ම්ම් ශාම්මිගෙන්ම පටන් ගන්නම්කො , මට මතකත් නෑ අෆ්ෆා , ශාම්මිව හම්බ උනේ සකර්බාර්ක් අංකල්ගේ අඩවියෙන් කියල මතකයි . ආ එයටයි මටයි පොදු මෙව්වා එකක් තිබ්බ , :P , මම කිවේ මේ Event එකක් ගැන .


මම නම සාදිරිස් කියල කියන්නම්කො . ශම්මිව හරියටම මම හරි නම් දැනගන්න ඕනේ 2009 දී , සිස්ස භට ඇඩ්වාන්ස් කොර්ස්‌ එක කියල තිබ්බ එකකදී , කොමෙන් හරි දන්නේ නම් නෑ .
මේ මෑතකදී (දිනේ මැතක නෑ මට නම් ) තමයි ඔය කොමන් මෙව්වා එක උඩ මම එයාට රික්වෙස්ට් එකක් දාන්න ඇත්තේ. (එයා කොමත් දාන්නේ නැහැ මොකාටවත් )


මම දන්නේ නැති උනාටශම්මි නම් ඒ දවස් වලම සාදිරිස් ගැන දැනගෙන ඉදල , හැබැයි මේ සාදිරිස් කියල දැනගත්හ්ටේ නම් මෑතකදී ,

හැබැයි ඉතින් ඔයා තවමක් විස්වාස නොකරන දෙයක් තියෙනවා මම ගැන , ඒ අර ඔයාගේ දිහා ඉන්න මගේ යාලුවෙක් ගැන කතාව ,
එක අහන්න නම් ඉතින් ඒ දවස් වල හිටිය කෙනෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නේ , ඒ අය නැති නිසා මම ඉතින් අයෙ පැහැදිලි කරන්න යන්නෙත් නැහැ ,


 ඉතින් වස්තුවේ ඔයාගෙයි මගෙයි කතාව නම් ගොඩක් දවසක්නේ , (එත් කාලය අතින් නම් පොඩි ) . ආදරේ කරන්න ඔයාගෙන් ඔයා දුන්නු ආදරේ කවදාවත් අමතක වෙන්නේ නැහැ මට නම් ,
ඔයාගේ අම්ම එක්ක මියුසියම් ගිය දවසේ මම වෙනුවෙන් ඒ දවසම වෙන් කරගෙන , මට ඕනේ හැම දේම දීල ඒ දවස ගොඩක් හොදින් තිබ්බ දවසෙම මට ඇත්තටම හිතුන අම්ම දැනටමත් දැනගෙන ඇති කියල ,

ඉතින් ඊළගට ඔයා කිව හොදම දේ තමයි අම්ම ඇත්තටම කැමති කියල මට , (අම්මට එත් කියන්න එපා හොදේ :D )
හොද වෙලාවට දෙන්නම ගොඩක් සමානදේවල් වලට කැමති , හැබැයි ඉතින් කන බොන ඒවාට නම් එන්න එපා හරිද අයිතිවාසිකම් කියාගෙන , :P ,
සතියයකට සැරයක් වත් රණ්ඩුවක් විය යුතුයි නැත්තම් ගතියක් නෑ  යන නියමය දෙන්නටම පොදු නිසා තමයි ෆන් නැත්තම් නම් මෙලෝම රහක් නැති වෙනවා  ,
බැරිම වැඩේ වෙන කෙල්ලෙක් දිහා බලන්න දෙන්නේ නැති එක තමයි , සික් අපරාදෙනේ , මම ඉතින් කොමත් කුකුළා නෙමේනේ නේ ?
අර එදා මම ෆ්ලයිට් එකේ දොර කඩපු දවසෙත් මට එරෙව්වා ඔයා කෙල්ලෙක් මම දිහා බැලුව කියල ,
ඇයි යකඩෝ ඒ කෙල්ලට ඔරවන්න එපැය මට ඔරවන්නේ ,
ආ කොමෙන් හරි මම නිසා බිත්ත්රත් කාවෙනේ :D , පව් අෆ්ෆා අසරණ ශම්මි , මට හැබැයි එදා කව්වෙත් නෑ මට කන්න දුන්නේත් nane :පී


එකම ඩේ තමයි මම හැගීම් පිට කරන්න නම් අන්තිමයි . ඉතින් මේ පොස්ට් එකෙත් එහෙමම තමයි . මම දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියල , එත් කවදාවත් ඔයා මට හේතුව නම් කියල නැහැ , ඇත්ත තමයි එකට හේතුවක් ඕනේ නැහැ කියල මමත් දැන් තේරුම අරගෙන ඉන්නේ , 
මම සමහර වෙලාවට පොඩි එකා වගේ ඇති ඔයා ලග , ඒ නම් ආදරේ වැඩි නිසා ඔයාගේ , ඔයත් එහෙම ඉන්නවට අසයි කියල මම දන්නවනේ , ඔඩොක්කුවේ ඔලුව තියාගෙන නින්ද යනකම් මගේ ඔලුව අතගාන්න නම් වෙනවා ඔයාට ,
කොහොම තරහ ගිය වෙලාවට කිවත් මම අයෙ විහිලු කරන්න නෑ කියල මම ඉතින් එක නම් නවත්තනේ නෑ , මොකද ඉතින් වැරද්දක් උන ගමන් විහිලුවක් කියන ලේබලේ ගහන්න පුළුවන්නේ :)


ආ වැඩිය බෑ ලියන්න , මේ තුන් වෙනි  පාර ලියන්නේ කලින් දෙකම ඩිලීට් කොරා ,
බ්ලොග් එකේ 25 වෙනි පොස්ටුවටැ ඔයා අද ඇවිත් , ඒකෙන ගොඩක් ඒවා මට වෙන් කර එකම ගොඩක් දේවල් කියනවා , මට නම් ඇත්තටම ඔය දින , වගේ ඒවා මතක තියෙන්නේ නෑ කියල ඔයා දන්නවනේ , ඉතින් මගේ වස්තුවේ තව තවත් ඔයාට ඉස්සරහට බ්ලොග් එක ඔයාගේ හිතට එන ඒවා විතරක් ලියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා .



 පසුව : මොනවා කොරන්නද පවුල් වූ පිරිමි සියල්ලට පොදු වූ ප්‍රශ්න ඉතින් මටත් තියෙනවා සහෝදරවරුනි ,
මම විනාඩියක් පරක්කු උනොත් මුණ එල්ලගෙන සිටීම ,
ඕනේ නෑ කියල එකම ඉල්ලීම ,
ඕනෙම වෙලාවට නැතිව වැඩක් නැති වෙලාවට වැඩේ කිරීම ,
මගේ බුකියේ ස්ටේටස් වලට කොමෙන්ට් කොරන ලදුන් දෙස ඇස ගසාගෙන සිටීම,


මේ පොස්ට් එක දෙනකම් , සියලුම සප්ලයි වහාම ක්‍රියාත්මක වෙන පරිදි වසා දැමීම නිසාම මට මේක වහාම ලියන්න උනා ,

එහෙනම් හැමෝටම වාසනාවන්ත දවසක් වෙන්න කියල ප්‍රර්ථනා කරවනවා ,

තවත් පසුව : අර සින්දුවක් තියෙනවනේ මට දැන් මතකෙට ආවේ ,
කොලබ රටේ ඉපදුනාට මටම ඔබින සෙලෙස්තිනා ,
බෙරේ වැවට හද පැයුව වාගෙයි ඔබ .... (මතක නෑ.....)



මතු යම් දිනයකදී...
මා ඔබ තුරුළේ හිදිනා
වඩලා ගන්න ඔබ දෑතට මා ..
ආසයි විදගන්න උණුහුම..
ආදරෙන්, පපුවට මුහුණහොවාගෙන..
තරු පිරුණු නිල් අහසක් යට..
ජීවය ඇති තෙක් අපි අපේම වුනු දිනයකදී..
සිප ගන්න ඔබ නළල,ගිනියම් වූ දෙතොලින්..
හැගුම් තුළ තනි වන්න..
සුසුමින් මුමුණන්න..
මුළු ලෝකෙන්ම ඈත්ව අපේ ලොවේ තනි වූ එදිනට..
රහසක් ඇත කියන්න..
මදකට කන්පෙති ලන් කරන්න..
ආදරෙයි මං මගෙ වස්තුවට..හුස්ම වැටෙනකම්ම..මගේ පපුව තුළ...
දිලිසෙන ඔය දෑස් තුළට..
මොහොතක් එබිලා බලන්න...
ලස්සන ඔය ඇස් දෙක ළග..
නවතීවි මගෙ හද ගැස්ම..
එවිට..
ආදරෙන් ළං කරන් මාව..
හදවතට තුරුළු කරගන්න..
තදින්ම..
අපි අපේම වුණු ඒ නොමියෙන දිනයෙදි..

- ඉස්සුවේ ඒ කවිය හරි මොකක් හරි ශාම්මිගෙන් මේ දැන් :D 

17 comments:

  1. හා ටැන්කූ වේවා <3 <3 <3.. අමාරු වැඩක් කොරාට..මේ බ්ලොග් එක හැදුවේ මෙයා තමයි.(සාදිරිස්)හිකිස්..ඒකයි මම කිව්වෙ එයාට 25 වෙනි පෝස්ට් එක දාන්න කියලා.මගේ බ්ලොග් එකනෙ..මට හොදනම් කමක් නෑනේ නෙ.

    අහ්..සියදෝරිස් නැහැ සාදිරිස් මුනවා වුනත් මම ලියපු කවි මටම කියන්න නම් ඔට්ටු නෑ මහත්තයෝ..

    අර සින්දුවක් තියෙන්නෙ..
    " ඔබේ ආදරේ වරුසා වැහැලා...
    කතර දෙවිලොවක් වේ... "

    එහෙනම්..ආයුබෝවණ් පෙම්බරාණනි.. ඔබට සුබ දවසක්!

    ReplyDelete
  2. හච්චෝ හච්චෝ..හිනා කාල මැරෙනවා අප්පා :)

    ReplyDelete
    Replies
    1. අක්කණ්ඩියේ....ක්මෙන්ට් එක ස්පෑම් වෙලා තිබිලා..අදයි බැලුවේ...
      හිකිස්...මෙයා මෙහෙම එකක් ලීවම අනේ...

      Delete
  3. අයියයියෝ.... ආදරෙර් මන්දිරේ කියනවානේ.එල එල ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අයියණ්ඩියේ...

      Delete
  4. මට තේරුන්නෑනේ අප්පා...
    අපිනං මේ පැත්තට අළුතෙංලු..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා යාළු.... ආ මෙහෙමයි.මගේ බ්ලොග් එක හදලා දුන්නෙ,නම,ඉන්ටර්ෆේස් ඔව්වා ඔක්කම කරේ ඉහත සදහන් සාදිරිස්.ඒ කිව්වෙ මේ මගේ අරයා :) ඉතින් එයාටම මම කිව්වා 25 පෝස්ට් එක දාන්න කියලා..
      මතක ඇතුව ආයේ එන්න ඕනේ...

      Delete
  5. සෑහෙන ලොකු ප්‍රශ්න වගයක් නොවැ මතුවෙලා තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. හෑ.... කාටෙයි බොලේ ප්‍රශ්ණ තියෙන්නෙ...
      ඔයාව සාදරෙන් පිළිගන්නවා මගේ ක්ෂිතිජයට!!

      Delete
  6. කොමන්ට් කියෙව්වට පස්සෙයි කතාව තේරුනේ :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඔව්නේ.. මම පැහැදිලි වෙනසක් කරා.. පෝස්ට් එක සාදිරිස්ට ලියන්න දීලා..

      Delete
  7. දෙන්නම ලිව්වනම් මෙලහකට අර්ධ ශතකෙත් ගහලා...

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා යාළු ඔයාව මගේ බ්ලොග් එකට..
      දෙන්නම ලියනවා..හැබැයි මගේ බ්ලොග් එකේ ලියන්නෙ මම විතරයි.. එයාගේ බ්ලොග් එකේ එයා ලියනවා...

      Delete
  8. මම මේකට දාපු කමෙන්ට් එක නැහැනේ නංගෝ.ස්පෑම් එකේ බලන්න පොඩ්ඩක්.මොකද මම මේක කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. හරි අක්කෝ...මම ඒත් බැලුවා ඔයා මොකෝ නැත්තේ කියලා..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?