Thursday, November 8, 2012

අතිශයින්ම ගෑල්ලමයිට පමණයි


                         අතිශයින් ගෑල්ලමයිට පමණයි කිව්වෙ පිරිමි ළමයිට පෝස්ට් එක තේරෙන්නෙ නැති නිසා..කියවලා මට අනන් මනන් කියන්න එපා හරිය.. 

          
        ඔන්න එකමත් එක රටක හිටියළු වැඩිය තරහා ගන්නෙ නැති,නිවිච්ච ගති පැවතුම් තියන ලස්සනම ලස්සන සුදුම සුදු පින් පාට පිරිමි ළමයෙක්, මෙයාට හිටියළු ටිකක් මෝඩ හැමවෙලේම මෙයාට තරහා යන වැඩ කරන කියන මෙලෝ දෙයක් අහන්නෙ නැති ගෑල්ලමෙක්.මේ ගෑල්ලමයා මහ දගමල්ලක්ලු කරන්නෙත් මැටි වැඩමලු ඉතින් අර පිරිමි ළමයට තරහා ගන්න එකත් එපා වෙලාලු තියෙන්නෙ.ඇයි ඉතින් අර ගෑල්ලමයගෙ වැඩේම මේ අහිංසකයව තරහා ගස්සන එකනෙ,එපා කියන දේවල්මලු කරන්නෙ.හැබැයි වැඩේ තියෙන්නෙ අර පිරිමි ළමයට තරා ගියාම මේයා බයය්.
                
                   හ්ම්ම්ම්ම්... ඔන්න ඉතින් දවසක් මේ පිරිමි ළමයා දුවගෙනගෙන දුවගෙගෙන ගිහින් චොකලට් පිරුණු සීනි කන්දක් උඩිනුත් ගියාලු එතනදි මෙයා දැක්කලු ශ්‍රේක් ඉන්නවා ෆියෝනත් එක්ක.එයයි මේ කුරුල්ලයි එකතු වෙලා ෆොග්වර්ඩ් ආදිපාධවරයව එහෙන් එලවලා පස්සෙ ස්නෝව් වයිට්වත් වගුරු බිමට ගෙන්න ගත්තලු..ස්නෝව් වයිට් කියන්නෙත් ටිකක් ස්ලීපින්ග් බියුටිගෙ හැඩරුවම තියන කෙනෙක් නිසා දවසක් චාර්මින්ග් කුමාරයා දඩයමේ යද්දි සලීපින්ග් බියුටි කියලා හිතාගෙන ස්නෝවයිට්ව අරගෙන ඇවිල්ලා මාළිගාවට..ඕක දැකලා මාළිගාවෙ හිටිය රපොන්සල්ට තරා ගිහිල්ලා...දුවගෙන ඇවිල්ලා 
කොණ්ඩෙන් චාර්මින්ග් කුමාරයගෙ බෙල්ල මිරිකලා මරලා දැම්මා..

      හපොයි..දැන් ඉතින් මාර වැඩේ තමයි වෙන්නෙ..කුමාරයා මැරුවට හිරේ යන්න වෙනවනෙ..ඒ නිසා මෙයා ටග් ගාලා ගිහින් ලිටිල් මර්මයින්ඩ්ව හම්බවුනා..ඊට පස්සෙ දෙන්නත් එක්කම ගියා මුහුද යටට ගිහිල්ලා රපොන්සල්ව මුහුද යට නවත්තලා මර්මයිඩ් ආපහු ආවා..ඇවිල්ලා ගියා කුන්ෆු පැන්ඩා හොයාගෙන.ගිහින් විස්තරේ කියලා එයාට කිව්වලු විස්තරේ.පස්සෙ කුන්ෆු පැන්ඩා කිව්වලු බයවෙන්න එපා එයා සේරම බලාගන්නම් කියලා..ඒ එද්දි දැක්කලු බාර්බි ඉන් අ මර්මයිඩ් ටේල් ව .. පටස් ගාලා එයාටත් විස්තරේ කියලා එයාවත් එක්කන්ම ගියාලු ආයෙ රපොන්සල් ගාවට..

         මේ අතරතුරේ රපොන්සල්ව හොයන්න කියලා හමුදාවෙන් ආවලු .එයාලට මගදි හම්බවුනාලු සින්ඩරෙල්ලාව එයාගෙන ඇහුවම රපොන්සල් කෝ කියලා එයා දන්නෙ නෑ කිව්වලු..පස්සෙ එයාටත් තේරිලා රපොන්සල්ට කෝල් එකක් ගත්තලු.සැක්..රපොන්සල් මුහුද යටනෙ ෆෝන් එකට සිග්නල් නෑ..සින්ඩරෙල්ලට එයාව කන්ටැක්ට් කරගන්න වුනෙ නෑලු.. දැන් කෝම හරි රපොන්සල්ව බේරගන්නත් එපැයි..ඒ නිසා මෙයා කතා කරා ඔගී පූසටයි, හගෙමරෝ ටයි මේ දෙන්නා ඉතින් උපන්ගෙයි රැවටිලිකාරයො දෙන්නෙක්නෙ..ඒත් ඉතින් එ මදිනෙ ඒ නසා මෙගාමයින්ඩ්ටයි රොක්ස්සෑන් රිචීටයිත් කතා කරලා..පස්සෙ ඔක්කමලා එකතු වෙලා..රපොන්සල්ව බේරගන්න ප්ලෑන් එකක් ගැහුවලු..

          ම්ම්ම්.. දැන් කෝමද බේරන්නෙ.ඔහොම ඉන්නකොට හගෙමරුට මතක් වුනාල රපොන්සල් පුංචි කාලෙ එයාව එක්ටැම් ගේක දාලා හිරකරන් හිටිය නපුරු මන්තරකාරිව එයාව ඊට පස්සෙ හිර කරානෙ.එයාව පස්සෙ හිර කරානෙ රපොන්සල්ගෙ තාත්තා, ඔන්න දැන් මෙයා ගිහින් කිව්වලු මන්තරකාරිට එයා රපොන්සල්ව බේරලා දුන්නොත් එයාට යන්න දෙනවා කියලා.කලින් නම් කැමති වෙලා නෑ..මේ පචයා කියන ඒවා ව්ස්වාස කරන්න බෑනෙ අප්පා.. පස්සෙ කෝම හරි කැමති කරවගෙන රපොන්සල්ගෙ තාත්තගෙ උදව් ඇතුව මෙයාව එළියට ගත්තලු හිරකරලා තිබ්බ තැනින්..

                         දැන් කට්ටියත් එක්ක ගිහින් මෙගාමය්න්ඩ් හම්බවෙලා කිව්වලු විස්තරේ ඊට පස්සෙ මෙගා මයින්ඩ් මුහුච යටට යන්න සබ්මැරීන් එකක් හදලා දැන් කට්ටියම ඒකෙ ගිහින් රපොන්සල්ට විස්තරේ කියලා එයාගෙ කොණ්ඩෙ කපාගෙන ආවලු.නපුරු මන්තරකාරි එයාගෙ මන්තර බලෙන් රපොන්සල්ගෙ කොණ්ඩෙන් තවත් එයා රපොන්සල් කෙනෙක් මැව්වා.හැබැයි එයා ජීවත් වෙන්නෙ පැය 24යි.ඒ කාලය ඇතුලත කෝම හරි එයාට මරණ දඩුවම දුන්නෝත් හරි.පස්සෙ කට්ටියත් එක්ක එකතු වෙලා මේ බොරු එක්කෙනවා බාරදුන්නලු හමුදාවට..ඊට පස්සෙ මන්තරකාරිවත් ආයෙමත් හිර කරාලු ඒත් එයාට දඩුවම අඩු කරනවා කිව්වනෙ..හැබැයි ඉතින් රජ කෙනෙක් එහෙම කරයිද? අනික තමන්ගෙ දුවව අවුරුදුගාණක්ම හිර කරන් ඉදලත්.ඒ නිසා එයාට දඩුවම අඩු කරන්නෙ නැතුව එයාට ලැප්ටොප් එකක් දුන්නලු.හොද සුවපහසු කාමරයක්,එහෙමත් දුන්නලු..පස්සෙ ලිටිල් මර්මයිඩ් ගිහින් රපොන්සල්වත් ආයෙ එක්කන් ආවලු..ඊට පස්සෙ කට්ටියම සතුටින් හිටියලු චාර්මින් කුමාරයගෙ මාළිගාවෙ.




ඔය නොතේරුන අය ඉන්නවනම් දැන්වත් බලාගන්නකො නළු නිළියො ටික.. :D 
ශ්රෙක් ඇන්ඩ් ෆියෝනා
චාර්මින් කුමාරයා


ඔගී පූසා

ෆොග්වාර්ඩ් ආධිපාදතුමා


ලිටිල් මර්මයිඩ්
බාර්බි ඉන් අ මර්මයිඩ් ටේල්

රපොන්සල්

ස්නෝව් වයිට්


කුන්ෆු පැන්ඩා


සින්ඩරෙල්ලා


හගෙමරු

මෙගා මයින්ඩ් ඇන්ඩ් රොක්ස්සෑන් රිචී

ස්ලීපින් බියුටි

මේ ඉන්නෙ අර නපුරු මන්තරකාරි (ගෝතල්)

45 comments:

  1. ගෑල්ලමයින්ට පමණයි කියපු හින්දා මොනවද මේ බලන්න නිකමට ආවා.ඇත්තටම තේරෙන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. :D :D :D හොද වැඩේ.. ඒක තමයි මම මුලින්ම කිව්වෙ 'අතිශයින් ගෑල්ලමයිට පමණයි කිව්වෙ පිරිමි ළමයිට පෝස්ට් එක තේරෙන්නෙ නැති නිසා..කියවලා මට අනන් මනන් කියන්න එපා හරිය..' දැන් ඉතින් මට කරන්න දෙයක් නෑ..හැබැයි ආවට සතුටුයි..ආයෙත් එන්න..සාදරයෙන් පිළිගන්නවා ඔයාව

      Delete
  2. :S :S :S :S :S S:S :SS :S :S මොකක්ද යකඩෝ මේ , පිස්සු හදවන්න හදනවද

    ReplyDelete
    Replies
    1. හකස්.... හොද වැඩේ..දැක්කෙ නැද්ද මාතෘකාව.. කිව්වා නේද මම... මම වගකිවන්නෙ නැහැ දැන්..පිස්සු හැදුනොක් ආර්ටන් බොන්න.. ;)

      Delete
  3. කියෙව්වෙ නෑ.. මුලින්ම කියවන්න එපා කියලනේ .. ඒ හින්දා ෆොටෝ ටික විතරක් බැලුවා.... මගේ ස්වීට් ලව් එක ඉන්නවා Rapunzel Ummaaa

    ReplyDelete
    Replies
    1. අලේ....... ෂෝය්නෙ මී ගොඩයා අයියාත් ආසද රපුන්සල්ට... එහෙනම් කියවන්න අනේ කමක් නෑ, ඔයාට තේරෙයි කතාව..හිකිස්..

      Delete
  4. කොහොම හරි කතාවේ අන්තිමට ගොතල්ට ලැප්ටොප් එකක් ලබුනානේද අපරාදෙනේ ශාම්මියෝ ලැප් එකට ඉන්ට්‍ර්නේටුත් දුන්නනම් ගොතල්ටත් බ්ලොග් එකක් ලියන්න තිබුනා :D :D

    ReplyDelete
    Replies
    1. ඔව්..ඒත් ඉන්ටර්නෙට් දීලා අන්තිමට ෆේස්බුක් හරි වෙන මොකක් හරි හරහා උදව් අරන් එයා පැනලා ගියොත් එහෙම මාර වැඩේනේ..ඒකයි රජා ඉන්ටර්නෙට් දීලා නැත්තෙ :D

      Delete
  5. Replies
    1. හලෝ.....සාදරයෙන් පිළීගන්නවා ඔයාව... ;)

      Delete
  6. අපි නම් ආවෙත් නෑ. කියෙව්වෙත් නෑ. කමෙන්ට් කරෙත් නෑ.. :)

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඕන් මං දැක්කෙත් නෑ ඔයාව... ඇත්තට කොයි මේ ඉෂාන් අයියණ්ඩියා.. ;)

      Delete
  7. හපොයි පිස්සු හැදිල ආයෙත් හැදුනා...‍අනේ කථාව නම් හරීරීරීම ලස්සනයි.. හම්මෝ මහන්සි එක හුස්මට කියවලා..

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව් මෙන්න සනෝව් වයිට්... හිකිස්.. මටත් මහන්සි මේක ලියලා..ස්තූතියි මේ පැත්තෙ ආවට..මතක ඇතුව ආයෙත් එන්න..

      Delete
  8. දාන්න මෙයා පහක්.... මං වගේම කාටූන් සහ ෆිල්ම් බලලා වැඩි වෙච්චි එක්කෙනෙක් ඉන්නවා කියල දැනගැනීම ඇති විසාල සතුටක් ඈ... ඉන්ට මං අම්මටත් දැනුම් දීලා එන්නං ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඉන්න එහෙනම් මමත් අම්මට කියන්න ඕනි... ඒ අපි වෙලාවක සෙට් වෙලා කාර්ටූන් බලමුද ඈ.. මම මේ ළගදි (පෙරේදද කොහිද) රෑ 11 ඉදන් උදේ පාන්දර 5 විතර වෙනකම්ම කාර්ටූන් බලලා 5-11 වෙනකම් දොය්යුවා.. :D

      Delete
  9. අතිශයින්ම වැඩිහිටියන්ට කිව්වොත් බලන්නේ පොඩි උන් වගේ තමා මේකත්. අපි නම් කියෙව්වෙත් නෑ. තේරුනෙත් නෑ හොදේ

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒකනේ.. ගෑල්ලමයින්ට කිව්වම මෙයාලා ඇවිත් තියෙන්නෙ.. බැලුවත් තේරෙන්නෙත් නෑ අප්පා.. ඒකයි පොටෝ ටික දැම්මෙ ඔයාලට බලන්න..

      Delete
  10. //ගෑල්ලමයින්ට පමණයි// මේ කෑල්ල දාල මාකටින් පාරක් දාගත්තා එහෙනං. කමක් නැ ඔබටත් ජය.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. හයියූ...සැක්...මාකටින් නෙවෙයි.. ඔයාලාට තේරෙන්නෙ නෑනෙ ඊට පස්සෙ හැමදාම වගේ කියයි 'පෝස්ට් එක තේරුනෙ නෑ ශම්මි' කියලා..ම්ම්ම් හැබැයි මාකටින් පාරකුත් ගියා වගේ.. හිකිස්... එන්නම්..අනිවාරයෙන්ම..

      Delete
  11. එපා කියපු නිසාම කියෙව්වා....
    මොකද මාත් බැට් මෑන් වගේ එපා කියන දේමයි කරන්නේ...
    හැබැයි ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හිටියනං හොරු ටික අල්ල ගන්නවා ගන්නවාමයි..

    ReplyDelete
    Replies
    1. ඈහ්....සැක් දන්නවානම් මල්ලිට කෝල් එකක් දීලා අහගෙන ඒ දෙන්නවත් දානවා කතාවට , මට ඒයාලා අමතක වුනානේ.. අපි දෙවෙනි කොටසකුත් ලිවුවොත් බලමු..

      Delete
  12. මම බයේ හිටියේ මගදී රෙඩ් රයිඩින් හුඩ් කතාවේ වෘකයා එහෙම ගේමට එන්ටර් වෙයි කියලා! :D

    ReplyDelete
    Replies
    1. හප්පටසිලි...සැක්..මට එයාවත් අමතක වුනානි.. දෙවෙනි කොටසකුත් ලියන්න වෙයි වගේ... සාදරයෙන් පිළිගන්නවා ඔයාව... ආයෙත් එන්න මේ පැත්තෙ!!

      Delete
  13. අදමයි ආවේ මේ පැත්තේ... ඔය ඔක්කොම මම බලලා තියෙනවා.. මම නම් ආස රපුන්සල්ට... :) ඒක නියම කථාව... ගොහින් එන්නම්

    ආ....හ්.. කියන්න අමතක උනා නියම කථාව හැබැයි කියවන් යද්දි චුට්ටක් විතර ඔලුව අවුල උනා වගේ.. හි:) හි:) ඔන්න මම ආවේ ගෑල්ලමයිට කිව්වා නිසා හොඳේ..;).. (Y)

    ReplyDelete
    Replies
    1. හිකිස්... මමත් ආස රපුන්සල්ට..දැන් මේ ඒ වගේ කොණ්ඩෙ වවා ගන්න හදනවා.. ස්තූතියි ඔයාට මේ පැත්තෙ ආවට..වෙලාවක් ලැබුනම ආයෙත් එන්න..
      ජය!!!

      Delete
  14. හෆොයි ටයිටලේ කතාව ඇත්ත තමයි කියලා දැන් තමයි තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. :D :D හිකිස්.. ඒකනේ මම කලින්ම කිව්වෙ.. ගෑල්ලමය්න්ට විතරයි තේරෙන්නෙ කියලා මේක..මට කොරන්න දෙයක් නෑ ඔව්වට..

      Delete
  15. මේ මොකක්ද බොලේ මේ...?? මට තේරුනෙත් නෑනේ..:O

    ReplyDelete
    Replies
    1. හෑහ්... :O මාල වැඩේනේ.. :( ඇත්තටමද කියන්නෙ..??

      Delete
  16. Replies
    1. හිකිස්... ඇයි තේරෙන්නෙ නැතිද ඈ..ඒකනෙ කීවේ.. ගෑල්ලමයිට පමණයි කියලා..

      Delete
  17. හික්ස්.... මරු කතාව.... අග කියවනකොට මුල මතක නෑනේ මට..... හරියට අර මෙගා කතාවක් බැලුවා වගේ...... :)

    ReplyDelete
    Replies
    1. හිකිස්...සුට්ටක් විතර අවුල් නෙහ්... ඒම තමානෙ ඉතින් පළවෙනි සැරේ ස්ක්‍රිප්ට් එකක් රයිට් කරේ ;) සාදරයෙන් පිළිගන්නවා යාළු ඔයාව මෙහෙට..
      ජය!!!!

      Delete
  18. හෙඩිම දැක්ක ගමන් නොතේරුනත් කියවන්න ආවේ.....මේ මට අස්සයා ඕනී........

    ReplyDelete
    Replies
    1. හයියූ.......මේන්න ඇවිත් ආයේ අස්සයා ඉල්ලන්න...චාර්මින්ගෙන අහලා කියන්නම් ඈ.. ;)

      Delete
  19. ආ....මේ මමත් ඉන්නේ උඩම (චාර්මින් කුමාරයා) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඒකනේ.... රජත් ඉන්නවා... :D
      ජය!!

      Delete
  20. තේරුණාද මන්දා...ඒත් හොඳයි පොස්ට් එකනම්...නියමයි...හොඳට කරගෙන යන්න...සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...තේරුනේ නැතිද..අහ්හ්..ගොඩක් ස්තූතියි ඔබට..සාදරයෙන් පිළිගන්නවා..ආයෙත් එන්න...
      ජය!!

      Delete
  21. අදමයි මේ ෆැත්තේ ආවේ කරකවල ඇත ඇරිය වගේ
    හෑ සිරාවටම තේරෙන්නේ නෑනේ ..

    ReplyDelete
    Replies
    1. මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව... !! හිකිස්... ඒකනේ කිවේ කියෙව්වට පිරිමි ළමයිට තේරෙන්නෙ නෑ කියලා..

      Delete
  22. පොඩි කාලේ ලව් එකක් නම් ඉන්නවා ...

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්.... එහෙනම් ෂෝය්... :)

      Delete
  23. ලිටිල් මර්මයිඩ් දකිද්දී පුංචි සන්දියේ වගේම අදටත් මට
    මෙව්වා වෙන්නේ ඇයි ?හි හි

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?