Thursday, November 22, 2012

රාවණා රජු විසු පෞරාණික ස්ථාන සොයා ගිය ගමනක්!




හේ හේ...මුලින්ම පණුච්චි අක්කට ස්තූති කරන්න ඕන.. මගේ කවර් එක හදලා දුන්නට... ආ හරි.. කලින් මම පෝස්ට් එකේදි කිව්වනේ බණ්ඩාරවෙල ගිය වෙලාවෙ රිසර්ච් එකක් කරා කියලා.. අන්න ඒක ගැන වෙනමම බෝස්ඒ එකක් දාන්නම් කිව්වනේ..ඔන්න ඒක තමයි මේ කියන්න යන්නෙ.. හරි..කියවලා බලලා ඔයාලත් යන්න බලන්නකෝ..වැඩිය මම කියවන්නෙ නෑ..අද කෝමත් පෝස්ට් එක ටිකක් දිග වෙයි හැබැයි.. හරියටම විස්තර ටික දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.. 


බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය පාරේ ටික දුරක් යද්දි තියනවා වම් පැත්තෙ ගහලා(බණ්ඩාරවෙල ඉදන් යනකොට)


මෙන්න මෙහෙම බෝර්ඩ් එකක්.එතනින්ම දකුණට පාරක් තියනවා


මේ තියෙන්නෙ ඒ පාර..එතන ගහලා තියනවා


මෙහෙම එකක්.විහාරයක් නම් නෑ ඇත්තටම.මෙහෙ රාවණාඇල්ල කියලා කියන්නෙ මේ ගමට ඒත් මෙතනින් ඇතුලට කිලෝමීටර් 4ක් හරි 4 ½ක් වගේ ගියාම පන්සලක් තියනවා ඒක හදලා තියෙන්නෙ වලගම්බා රජතුමා කියලා තමයි කියන්නෙ.. මේ තියෙන්නෙ ඒකෙ පොටෝ එකක්..



රාවණා ඇල්ල කියන ගමේ තියන නිසා තමයි මේකට රාවණාඇල්ල පුරාණ විහාරය කියන්නෙ,ගලක් යට තමයි හදලා තියෙන්නෙ බලන්න නම් එච්චර දෙයක් නෑ, වලගම්බා රජතුමා තැනින් තැන හැංගි හැංගි ගිහින් තියනවා කියලා දන්නවනේ පුරාණ කලෙදි ඒ වගේ එක සැරයක් මෙතනට ඇවිත් තියනවාලු,මුලු රැයක් පුරාම මේක හදලා එළිවුනු නිසා බාගෙට හදපු විහාරය එහෙම්මම දාලා ගියා කියලා තමයි කියන්නෙ(මටත් හිතුනා හැබැයි පිස්සුද කියලා යන යන තැන එක එක ඒවා හද හද එන්නෙ)



මෙතනනින් එහාට විහාරය ඇතුලෙ පොටෝ ගන්න බෑ,තහනම් කියලා ගහලා තිබ්බා.(මේකත් හොරෙන් ගත්තෙ)
‍මේ ඔක්කම ගල ඇතුලෙ තමයි හදලා තියෙන්නෙ..එතනට යද්දි මගදි හම්බවෙනවා හුඹහක්(රාජ හුඹහක්)

මේ තියෙන්නෙ..


මෙතනින් උඩට පාරක් තියනවා..පඩි,700ක්,කැලෑ පාරක්..


 මේක තමයි පාර.මෙතන ඉදන් පඩි 700ක් නගින්න ඕන,බඹරු 
 ඉන්නවා.මේ වගේ සමහර තැන් තියනවා යන්නම බෑ.පහළ   බැලුවම හෙල තියෙන්නෙ..(ඔය පිටිපස්සෙන් යන්නෙ මගේ තාත්තා)


 මේ තියෙන්නෙ රාවණා ගුහාව කියන එක. 







මේ ඇතුලෙ ඉදන් බැලුවම එළිය පේන හැටි.මේ ගුහාව ඇතුලෙ තමයිලු සීතාව ගෙනල්ලා හිර කරන් හිටියෙ.ඇත්ත වෙන්න ඇති මොකද දඩුමොණරයක් ගන්න තරම් පුළුවන්කමක් තියනවා ඇතුලට.මෙතන උඩින් මීට කලින් මේ ගුහාව වහගෙන දිය ඇල්ලක් ගියා වගේ පේනවා(ඒක නම් මම කියන්නෙ) පස්සෙ හැබැයි දැන ගත්තා මෙතන තමයිලු ඇත්තම රාවණා ඇල්ල තියෙන්නෙ(ඕක මම නෙවෙයි කියන්නෙ පරණ මිනිස්සු ඒ හරියෙ ඉන්න) දැන් කෝම හරි ඒක එතනින් ගලාගෙන ගිහින් එතනම පල්ලෙහා හරියෙන්ලු පටන් ගන්නෙ..ඒකත් තියෙන්නෙ ඒ හරියෙමයි,බලන්න වෙලාව මදි වුනා..මේ ගුහාව ඇතුලෙ තව ගුහා දෙකක් තියනවා,එකක් යන්නෙ දෝවෙ පන්සලටලු, මටත් ඒක බලන්න යන්න බැරි වුනා..මමත් පස්සෙ දැක්කෙ මූණුපොතේ පේජ් එකකින් තමයි.. ඒකත් බලාගන්නකෝ මෙතනින් අනිත් උමග නුවරඑළියෙන් මතුවෙනවා කියනවා,කොහොම හරි පුරාවිද්‍යාඥයෝ මේකට ඇවිත් තියනවා කියලා නම් කියනවා.එයාලා කියන්නෙ මේවා. මේකෙ දෝවෙ පන්සලට යන උමගෙ නම් මීටර් 50ක් විතර දුරක් යන්න පුළුවන් කම තියනවා (ටෝච් එකක් නැති නිසා යන්න බැරි වුනා) අනිත් එක ඒ කියන්නෙ නුවරඑළියට යනවා කියන ගුහාවෙ නම් හිටගෙන යන්න බැරිලු) කලින් ගියපු කෙනෙක් කිව්වෙ..



මේ තියෙන්නෙ දෝවෙ පන්සලට යනවා කියන ගුහාව,අනිත් එකේ පොටෝ එක පැහැදිලි නෑ කළුවරයි..



මේ උඩ ඉදන් බැලුවම පහළ පේන හැටි..

හරි...ඊට පස්සෙ රාවණාඇල්ල බලන්න ගියා,ඒ කියන්නෙ ඇත්ත රාවණාඇල්ල කියලා කියපු එක නෙවෙයි ඔයාලා හැමෝම බලන්න යන එක..ඒ යද්දි හම්බුවෙනවා තැනක්(මට එතනට කියන නම මතක නෑ) කෝම හරි (බණ්ඩාරවෙල ඉදන් යද්දි) දකුණු පැත්තෙ තියනවා .ඒකෙ රාවණා රජුගෙ රෑපය තියනවා කියලා තමයි කියන්නෙ(අනිත් අය ගැන මම දන්නෙ නෑ ඒත් මට නම් පෙනුනා,ඒ වගේම මම රාවණා රජුගෙ කියලා කියන රෑප කීපයක්ම අරන් සන්සන්ධනය කරලා බැලුවා,ඒ නිසා මමත් හිතනවා මේක රාවණා රජුගෙ කියලා කිසිම අවිස්වාසයක් නැතුවම)


එතනම එහා පැත්තෙ තව රූපයක් පේනවා,ඒක වළගම්බා රජතුමාගෙලු (මට නම් එහෙම එකක් පේන්නෙ නෑ)


මේ තියෙන්නෙ මෙන්න මේකෙ මාර්ක් කරලා තියන තැන තමයි තියනවා කියන්නෙ..අහ්හ්... ටිකක් කල්පනා කරාම පේනවා රාවණා රජු හිටපු හැම තැනකම වළගම්බා රජුත් ඉදලා තියනවා තියලා.. තව දෙයක්..මම අර මුලින් පෙන්නුව රාවණා රූපෙ රාවණා රජු බලන් ඉන්නෙ නිධානයක තියන තැනලු, එතන ඉදන් බැලුවම පේනවා කන්දක්.ඒකෙ මීට කලින් බුලත් කැලෑවක්ලු තිබිලා තියෙන්නෙ..මොනවද කරලා කෝම හරි එ්වා ඔක්කොම ගලවලා ඒ කාලෙ හිටිය මිනිස්සු, පස්සෙ එහෙ නයි ඉන්නවා කියලා තමයි කියන්නෙ..ඒ පැත්තට ගිය කිසි කෙනෙක් ආයෙ එන්නෙ නෑලු..


මේ තියෙන්නෙ අපි බලන්න යන රාවණා ඇල්ල..අර මම කලින් කිවවනෙ රාවණා ඇල්ල හරි එක මේක නෙවෙයි කියලා..ඒත් මේක කියලා හිතන්න පුළුවන්(මගේ මතයක් පමණයි) මොකද මේකෙ පටන් ගත්තු තැනක් පෙන්න නෑ.ගල ඇතුලෙන් තමයි එන්නෙ.. හොදට බලන්නකෝ..ඒ නිසා සමහර විට ගල ඇතුලෙන් හරි නැත්තන් වෙන කෝම හරි අනිත් ඇත්ත ඇල්ල කියලා කියන එකත් එක්කම මේක සම්බන්ධ වෙන්න පුළුවන්..





ඔන්න මම ගියපු ගමන ගැන සේරම විස්තර කිව්වා..ඔයාලගෙ අදහසුත් කියන්න..හම්මේ...ගියාට වැඩිය මහන්සි පෝස්ට් එක ලියන්ට.. පුළුවන්නම් යන්නකෝ ඔයාලත්.... 


ප.ලි - මාතෘකාව වෙනස් කරා, මම හිතුවෙ පෝස්ට් එකේ මොකක් හරි වැරද්දක්ද දන්නෙ නෑ කියලා කට්ටිය පැත්ත පලාතෙ එන්නෙ නැත්තෙ..එතකොට තමයි නොහික්මුණු ඇස  කිව්වෙ මාතෘකාව දැක්කම කලින් පෝස්ට් එක කියලමයි හිතුවෙ කියලා..එයාටත් ස්තූතියි.. :)

25 comments:

  1. අනේ මටත් දැන් කුතුහලේ.. යන්ට ඕනේ මටත්... මාව ගෙදර දමා යෑම තරයේ හලා දකිමි.. කරුණු ටික මරු..
    ජය වේවා!!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ අක්කණ්ඩියා ... හිකිස්.. සමාවෙන්න ඕනි.. ඊළග සැරේ ට්‍රයි කරමුකෝ... ;)

      Delete
  2. ශම්මි සුපිරිම ගමනක් මේක. යන්නම හිතෙනවා..ඔන්න ඇවිදින එකේ වටිනාකම. මේ අද්දැකිම් ගන්න හැමෝටම වාසනාව නැ. ඔබට මගේ සුබ පැතුම්..
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි !! පුළුවන් වුනොත් ගිහින් බලන්නකෝ..,, (Y)

      Delete
  3. යකෝ මම හිතුවේ මේ එදා දාපු පොර්ස්ට් එකමයි කියලනේ , මාතෘකාව එක වගේනේ
    :D

    ReplyDelete
    Replies
    1. :( මාතෘකාව වෙනස් කරා.. , එකම පෝස්ට් එක දෙසැරයක් දාන්න මට පිස්සුයැ :/

      Delete
  4. ඔයාලගේ තාත්තගේ බැක් ලුක් එකනම් හෙන යන්ග් පොරක් වගේනේ :D.

    දැන් රිසර්ච් එක ඉවරද?

    ReplyDelete
    Replies
    1. හික්ස්...යා යා... තාත්තා තරුණ පාටයි කෝමත් ගොඩක් අය හිතන්නෙ පොඩි ළමයි ඉන්නෙ කියලා තාම එයාට :/ රිසර්ච් එක තව සූ......ට්ටක් තියනවා..ඒකට ආයේ යන්න ඕන.. ;)

      Delete
  5. මටත් අහන්න හිතුනු ප්‍රශ්නේ නිශානයා අහලා.

    හොද රිසච් එකක්! හොද විස්තර ටිකක්! ජය!

    ReplyDelete
    Replies
    1. හිකිස්... තැන්කූ අය්යණ්ඩියේ.. ජය!!

      Delete
  6. මම හරි ආස සබ්ජෙක්ට් එකක් තමයි ඉතිහාසය ඇත්තටම කිව්වොත් ඔයවගේ වැළලිලා සැඟවිලා ගිය දේවල් හොයන්නේ ආසාවෙන් කියෙව්වා. හැබෑවටම ශම්මි ඔයා කොහොමද දඬු මොනරේ සයිස් එක දන්නේ. දැකලා එහෙම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්..දැකලා නම් නැහැ..හැබැයි මහාචාර්ය සූරිය ගුණසේකරයන්ගෙ පොතකින් කියවලා තියනවා ඒ සම්බන්ධව ගොඩක්.. පස්සෙ නිකන් උපකල්පනය කරා..අනික එතන අර චූට් හෙලිකොප්ටරයක් බාන්න තරම් ඉඩ තියනවා.. :)

      Delete
  7. හි හි වලගම්බා රජ්ජුරුවො ගැන තිබ්බහම මතක් උනෙ අපි ඔ ලෙවල් කරනකොට වලගම්බා රජ්ජුරුවන්ට කිව්වෙ වලගෙම්බා කියලා ( මට බයින්න හදන්න එපා ඇ මං හදාපු එකක් නොවෙ ඇ ) දැන් ඔය රිසච් එක ඉවරද ?

    ReplyDelete
    Replies
    1. හප්පොච්චි ..අලේ...මං මොකටෙයි බයින්නෙ.. අපි කිව්වෙ හැළගෙම්බා කියලා.. :/

      Delete
  8. මං හිතුවේ නෑ සම්මියා මෙවුවට ඉන්ටරෙස්ට් කියලා..
    හි හි...
    එල එල ඈ...
    මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් තමා ඔය අභිරහස් පුරාවිද්‍යාව......

    ReplyDelete
    Replies
    1. හිහි.... අහ්හ් ... ආව්ව්ව්..ෂෝයිනෙ...සැක් දන්නවානම් ඇදගෙන හරි යන්න තිබ්බා..

      Delete
  9. හොද විස්තරයක් ශම්මි...... රාවණා ඇල්ල නම් බලන්න නම් ගිහින් තියෙනවා. අනිත් තැන් වලට නම් ගිහින් නෑ.... යන්න ආසාවක් නම් ආව.බලමුකෝ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට... ම්ම් ඔව් රාවණා ඇල්ල බලන්න පුළුවන් තැනක තියන නිසා එච්චර ප්‍රශ්නයක් නෑ.. මෙතනත් පුළුවන් උනොත් බලන්න යන්න.. විස්තර ඇති වෙයි කියලා හිතනවා.. මොනවා හරි තිබුනොත් අහන්නකෝ.. :)

      Delete
  10. හෑ..මම එහෙම මෙහෙ දුවන්න..කඳු නගින්න.. ගඟේ පීනන්න.. වටේ එවුන්ට එපා වෙලා.. මටත් එපා වෙනකන් දඟලන්න.. ෆට්ට අසයි.. හැබැයි.. ඉතින්.. කොටියෙක් කන පල්ලට ඇවිල්ලා.. ගෙරෙවුවත් මම දන්නේ නැහැ// අක්ක මාරයිනේ.. ෆට්ට දේවල් ටිකක්නේ හොයන තියෙන්නේ

    ReplyDelete
  11. :P හිහි හැබැයි මටත් කොහෙදි හරි නින්ද ගියොත් නම්..කොටියෙක් නෙවෙයි කොටි පවුලක්ම ආවත් මම දන්නෑ.. අපි ඊළග සැරේ යමුකෝ ඔක්කමලා... :D

    ReplyDelete
  12. අදමද කොහෙද මේ පැත්තේ ආවෙ..හොඳයි හොඳයි... දිගටම ලියන්ට
    CSK LANKA

    ReplyDelete
  13. උමං මාර්ග සහ වළගම්බා රජු සම්බන්ධ විහාර වගේම රාවණා රජු ගෙ නම ඇඳුණු ස්ථානත් කඳුකරයේ තියනවා. සමනල වැව හදද්දීත් විශාල උමගක් හමු වුනා ලු. වැඩ කල අය තමයි කියන්නේ.

    ReplyDelete
  14. අගය කරනවාාාාාාාාාාාාා හොදයි ඈෑෑෑෑ

    ReplyDelete
  15. අගය කරනවාාාාාාාාාාාාා හොදයි ඈෑෑෑෑ

    ReplyDelete
  16. මමත් ගියා ඔය කියන ගුහාව බලන්න.මම ඒක ඇතුලටම රිංගුව...ඒක මීටර් 50ක් විතර ගියාම ඉවර වෙනව.... මම හිතන්නෙ ඉස්සර තිබුණ උමග වැහිල දැන්....වෙන උමගක් තියනව ඔතනට ටිකක් ඈතින්...ඒක ඇතුලට යන එක අවදානම්....ඒත් ලගදිම ඒක බලන්නත් යනව.....

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?