Sunday, November 25, 2012

මා වෙනුවෙන් හඩන්නට



මා මිය යන තෙක් බලන් සිටින බව දනිමි හුගක් අය
මිය ගියාම හඩන්නටත් එකෙකුවත් නැති බව දනිමි 
ටිකක් කටකාර සහ ටිකක් දගකාර නමුත් 
දැනුවත්ව මගෙන් කිසිවෙකුටත් හානියක්, කරදරයක් නැත
ඉපදුනු දා සිටම තනියම හැදී වැඩුනු මා දගකාර පුංචි එකියකු විය;
දකින දකින සියල්ලන් සමගම සිනාසීමේ පුරුද්දක් නම්  මා තුළ නැත
නමුත් හිතවත් වූ විට හදවතින්ම එන සිනාවකින් මා ඔවුන්ට සංග්‍රහ කරන්නේ මගේම අයෙකු යන හැගීමෙනි 
බැදීම් ඇතිකරගන්නේ මා හදවතිනි
මා බැදීම් වලට බය නැත
වෙනස් වීම් වලටත් බය නැත
ආදරේට බය නැත
මා තුළ ඇතිවන්නා වූ හැගීම් ප්‍රකාශ කිරීමට මා බය නැත
මා බය එකම දෙය නම් මා මියගිය දවසට මා වෙනුවෙන් කදුළු සලන්නටවත්, මා වෙන්වීම පිළිබදව දුක් වන්නටවත් කෙනෙකු නැති වේවි කියාය..
අනුන්ගේ දුක සැප සොයා බැලීම වරදක් නොවන අතර අනුන්ගේ අඩුපාඩු සෙවීම වරදකි
එයින් තමන්ගේ අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට කාලය නැති වී යයි
එය තමන්ටම කරගන්නා වරදකි
මගේ එකම අභිමතාර්ථය වන්නේ කිසිවෙකුටත් වරදක් නොකර 
කාගේවත් කදුළකට, දුකකට මා හේතුවක් නොවී ජීවත්වීමය 
එය කිසිවෙකුටත් කීමට මට අවශ්‍ය නැත
මා ආදරයෙන් සලකනා සේ මට සැලකීමට අවශ්‍ය නැත 
උවමනා වන්නෙ මා මිය යන තෙක් බලන් නොසිට 
මා මිය ගිය දාට හදවතින් එන දුකකින් හඩන්නට අයයි
සතුටක් දැනේවි එදාට මගේ ආත්මයට මා මිනිසුන් හම්බකල නිසාවෙන්!!!! 

ප.ලි - සිතුවිල්ලක් පමණක් බව සලකන්න.. :P :D 

29 comments:

  1. Replies
    1. බොලා වගේ අය නිසා තමයි :/

      Delete
  2. හෑ... හුම්ම්...
    ඒත්......
    මා නම්
    බැදීම් වලට බයය
    වෙනස් වීම් වලටත් බයය
    ආදරේට බයය

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මල කෙලියයි නොවැ..ඔන්න ඔව්වා නැති කොරගන්න ඉක්කනට..මොකද ඔව්වට හැමවෙලේම මූණ දෙන්න වෙනවා.. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි

      Delete
    2. හරියටම කියනවා නම් මා බය වෙනස්වීම් වලටය.. වෙනස් වීම් නැතිනම් මා බැඳීම් වලට මෙන්ම ආදරයටද ආදරේ කරමි..

      Delete
    3. වෙනස්වීම් වලට මමත් ඊයේ දිනයේදි බිය වුණි.. ඒත් අපිට අනිත් අය හදන්නට බැරි නිසා මම මගේ විදියටම ඉන්නවා .. අනිත් අය කොහොම වෙනස් වුනත් මම නොවෙනස්ව හිටියම ඒ අයටම තේරෙයි බැදීමක වටිනාකම..වගේම මම ඒ අයට දෙන වටිනාකම..!!

      Delete
  3. ලස්සන නිසදෙසක් ජය

    ReplyDelete
  4. මලාට පස්සෙනම් කවුරු මොනවා කලහම මොකෝ.. ඉන්නකං පාඩුවේ ඉන්න දෙනවනම් මදෑයි

    ReplyDelete
    Replies
    1. අලේ ඒකත් ඇත්ත තමයි... ඒත් මම නම් හැමවෙලේම හිතන්නේ මැරුණට පස්සෙ අඩන්නවත් කවුරුත් නැත්තම් වැඩක් නෑ කියලා..ඒකත් හදවතින්ම..

      Delete
  5. /මගේ එකම අභිමතාර්ථය වන්නේ කිසිවෙකුටත් වරදක් නොකර
    කාගේවත් කදුළකට, දුකකට මා හේතුවක් නොවී ජීවත්වීමය //

    මගේ අභිමාර්ථයත් මෙයමයි...හොඳ සිතිවිල්ලක් නංගා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ.... :)

      Delete
  6. ජීවත්ව සිටියදී මා වෙනුවෙන් කඳුලක් නූපන් ඇසක්, මා වෙනුවෙන් දුක් නොවුණු ඇසක් මා මල පසු මා වෙනුවෙන් කිඹුල් කඳුලු සැලීම මට උවමනා නැත්තේමය. ජීවත්ව සිටියදී ඒවැනි අයැකු මගේ ජීවිතයට ලංකරගැනීමම මගේ ආත්මයේ පසු තැවිල්ලට හේතුවේ

    මට හිතෙන්නෙ ඒමයි ශම්මියෝ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... මමත් ඒක පිළිගන්නවා.. ඒකයි කිව්වෙ //මා මිය ගිය දාට හදවතින් එන දුකකින් හඩන්නට අයයි// හැබැයි ඔයාගෙ කතාන නම් ඇත්තම ඇත්ත.. ඉන්නකම්ම මැරුණද වත් බලන්නෙ නැතුව බොරුවට මැරුණට පස්සේ ඇවිත් කිඹුල් කදුලු වලින් අඩන්න අය නම් ඕනිම නෑ..

      Delete
  7. කෙළිං කතාවක්...... මට තේරුණේ එහෙම...

    ReplyDelete
    Replies
    1. මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!! හිහි ඔව්.. කියන්න ඕන දේ කියන්නම ඕන.. නැත්තන් පස්සෙ පසුතැවෙන්න වෙනවා අරක කියන්න බැරි වුනානෙ කියලා..

      Delete
  8. සිතුවිල්ලක් කියලා සුවර්ද?
    බය වෙන්න එපා නගා එහෙම දෙයක් වුනොත් අපි එකෙන්ම එනවා දානෙට :D
    (විහිලුවට හොඳේ එහෙම දෙයක් හීනෙකින්වත් නොසිතමි)

    ReplyDelete
    Replies
    1. හිහි... මං දන්නවා අය්යණෟඩියේ... යා යා... සිතුවිල්ලක් තමයි..

      Delete
  9. අදයි මේ පැත්තට ආවේ වගේ තමයි මතක. පනුච්චි කිවුව පාර හොයන් ආවේ. ලස්සනයි බ්ලොග් එක වගේම අදහසුත්.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්...ස්තූතියි අක්කෝ... පණු අක්කටත් ස්තූතියි ..!! සාදරයෙන් පිළීගන්නවා ඔයාව මෙහෙට..

      Delete
  10. ඔයාටත් මරු සිතුවිලි තමයි පහල වෙන්නේ.

    ප.ලි. - ඔයාගේ අඩවියට මගේ පලමු පැමිණීමයි මේ. ෆලෝ කරලා යන්නම්. දිගටම කියවන්න එන්නම්. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට..!!! හිහි...ඔව්නි.... සාදරයෙන් පිළිගන්නවා ඔයාව මෙහෙට...!!! 

      Delete
  11. හැ බොලේ කෙල්ලේ මං මේකට ඊයෙ කමෙන්ටුවක් දැම්මනේ ඒක බහිරවයෝ ගිල්ලද
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  12. හප්පටසිලි....ඒක ආවේ නෑනේ... සැක්...ඒත් මම බැලුවා කෝ කියලා..හම්ම් කමක් නෑ.. දැන් ආවනේ..

    ReplyDelete
  13. අලෙ අක්කේ ඉක්මනට මැලියන්කො.. ප්ලේන්ටියක් ගගහා කරම් අතක් ගහපු කාලයක් මතක නැහැ.. මම පන්ති නිවාඩු දාල එනවා අම්මපා

    ReplyDelete
    Replies
    1. :O සැක්...මේ වගේ මල්ලිලා නම්... ලබන ආත්මෙත් නොපතමි..

      Delete
  14. හැක් කෙලිං කතාවක් මොක උනත් ඔබාතා ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත්!!
      ජය!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?