Tuesday, November 20, 2012

බණ්ඩාරවෙල ගියෙමි..






ජීවිතේ පළමුවෙනි වතාවට (කියන්න ලැජ්ජයි) ශම්මියා බණ්ඩාරවෙල ගියා ඔන්න.ම්ම්..කෝමත් මම කදු වලට,මීදුමට,සීතලට වගේම පින්නට එහෙම හෙන ආසයි..ඉතින් මුළින් දැනගත්තු විදියට ගියා බණ්ඩාරවෙල.. ආආ තව ඉතින් මම රිසර්ච් වැඩ එහෙම කොරනවනේ රාවණා රජතුමා ගැන.ඌව


කියන්නෙ රාවණා රජතුමාගේ රාජධානිය.ඒ කියන්නෙ නුවරඑළියෙන් ඇවිත් පස්සෙ කාලෙක රාවණා රජු හිටියෙ ඌවෙ තමයි.ඌව පරණගම ස්ත්‍රීපුර කියලා කන්දක් තියනවා.ඒකෙ තමයි එතුමගේ අන්ත:පුරය තිබිලා තියෙන්නෙ.කොටින්ම ඌව කියන්නෙ රාවණා අධිරාජය්‍යෙග අඩවිය කියලා මතක තියාගන්නකෝ ඒ ගැන වෙනනම පෝස්ට් එකක් දාන්නම්..හරි දැන් ඔන්න බණ්ඩාරවෙල යන්න කියලා රත්නපුරෙ බලංගොඩ පාරෙන් යන්න පටන් ගත්තා..හැමදාම වගේ කදු ටික බැහැල ඉවර වුණු ගමන්ම ශම්මියා වමනේ දැම්මා.. :D පස්සෙ ටික දුරක් ගිහින් තාත්තට රෑ කදු වල වාහනේ ඩ්‍රයිව් කොරන්න බෑ කිව්ව නිසා සාදිරිසට කෝල් කරලා ඇහුවා දියතලාව හරහා නැතුව එන්න පුළුවන්ද කියලා..ඊට පස්සෙ එයා කිව්ව පාරෙන් තමයි ඔන්න ගියෙ හපුතලේ පාරෙ...හප්පච්චියේ ලස්සන...ආආ අමතක වුනානේ කාරණා දෙකක්

1.  ශම්මිට කදු,මීදුම,පල්ලම්,ලස්සන ලස්සන තැන්,කොළ පාට පිරිච්ච තැන් දැක්කම නිකන් පිස්සු වගේ හැදෙන නිසා තාත්තා වාහනේට නැග්ග ගමන් දොරවල් ලොක් කරනවා,ඊට පස්සෙ යනකන්ම සයිඩ් මිරර් එකෙන් ශම්මියා දිහා බලාගෙන තමයි යන්නෙ,මොකද ශරීරයෙන් බාගයක්ම ෂටර් එකෙන් එලියට දාගෙන දොරේ එල්ලිලානෙ යන්නෙ..

2.  අනික තමයි සාදිරිස්ගෙන් පාර ඇහුවෙ එයාලයි ගම ඌව පැත්තෙ දිහාක නෙ ඒකයි ..

හරි දැන් කතාවට..හපුතලේ හරියෙන් යද්දි හවස 5.45 – 6 වගේ ඇති..මීදුම..හොදටම මේලෝ දෙයක් පෙන්නෙ නෑ..මම එහෙම මීදුමක් දැක්කමයි..පිස්සු ඩබල්,ජොලි හලෝ.... මාමාමාමාලයි.... මම කෑ ගහනවා..හහ් මීදුමට මොකාද කෑ ගහන්නෙ කියලා පේන එකකයැ..අන්න ඒ වෙලාවෙ කොළඹ ගොඩයෝ බලන්න ඕන නම් බලාගන්න තිබ්බා..හූ ඈ..මීදුමට මූණ පේන්නෙ නෑනේ.. ඔන්න කෝම හරි බණ්ඩාරවෙලට ආවා..හම්මේ රස්නේ..සැක්.අර මැටි අලේ කිව්වනේ ගලව්ස්,ජැකට්,අර ඔලුවට දාන මොකක්ද තොප්පිය තියෙන්නෙ ඒවා එහෙම ගෙන්න කියලා..මමත් උස්සන් ගියා..මෙන්න බොලේ රස්නෙ.. මට ගිහිල්ලා අහන්න හිතුනා හෝටලේ මැනේජර් අංකල්ගෙන් ෆෑන් එකක් එහෙම ගන්න නැද්ද කියලා.. :/ කෝම හරි හිටියා..

        උදේන්ම මම නැගිට්ටා කාලෙකට පස්සෙ 5.40ට ම්ම්ම්..මං ආසම දේ තමයි උදේට නැගිට්ට ගමන් ලස්සන කොළ පාට කදු අතරින් නිල් පාට වීගෙන එන අහස අස්සෙන්..මීදුම මැදින් හිමින් හිමින් ඉර පායන හැටි බලන්න..කෝම හරි පැය 1 ½ක් විතර එහෙම බලාගෙන හිටියා..ආයේ ඉතින් මෙහෙම එන්න එපැයි ඕක බලන්න..

                      


         පස්සෙ දවසේ උදේ ගියා රාවණ ගුහාව,රාවණ ඇල්ල බලන්න..ඌවේ පොත් එහෙම මං කියෝනෝනෙ ඉතින්..මොකද කවදාහරි යන්න ඕනනෙ.. ;) ඒකෙන් බලලා තමයි ඔන්න පාරවල් එහෙම හොයන්  ගියා.. 

        හම්මෝ..කිලෝමීටර් 4ක් 4 ½ ක් වගේ පයින් යන්න ඕන.. පඩි 700ක් නගින්න ඕන එහෙම්පිටින්ම කැලෑව..කැඩෙටින්ග් වලදි ඇඩ්වාන්ස්ඩ් කෝර්ස් ගෝණා කන්ද නැග්ගට පස්සෙ එච්චර උසක් නැග්ගෙ කාලෙකින්.. මුලින්ම පඩි 200ක් විතර ගියා අපිව එක්කන් ගිය අයියා කොහෙද කියලවත් බලන්නෙ නැතුව..තාත්තා පහල ඉදන් කෑ ගහනවා පුතා හිමින් පඩි නගින්න ඔයා නෙවෙයි පාර පෙන්නන එක්කෙනා කියලා..අම්මා නම් පඩි 50ක් විතර නැගලා නැවතුනා..පස්සෙ අපිත් හිමින් හිමින් වේගෙ අඩු වෙලා අන්තිමට ශම්මියාත් හතරගාතෙන් ගියෙ..පඩි බදාගෙන..බිම වැටිලා වැද වැද තමයි ගියේ..ඈ මොකටද ලැජ්ජ වෙන්නෙ කියන්න..ඔයාලා ගියා නම් බලන්න තිබ්බා.. :P හරි කෝම හරි ඔන්න නැග්ගා උඩටම..කකුල් දෙක වේව්ලුවෙ එහෙම නෑ හොදේ..ඇත්තමයි..නිකම් බම්ප් වෙනවා වගේ උනේම නෑ..උඩටම නැග්ගම එතන තියනවා දෝවෙ පන්සලටයි අනිත් එක නුවරඑළියටයි යන උමං දෙකක්..ඒවට නම් යන්න බැරිවුනා..ටෝච් එකක් තිබ්බෙත් නෑ.. අනික අම්මා පල්ලෙහා..අනිත් එක තමයි..බයයිනෙ යන්න..අපි තුන්දෙනයි මහන්සිත් එක්ක..අනිත් හේතුව තාත්තා දන්නවා මම ඕකෙ ගියොත් එහා කෙලවරින් මතුවෙනකන්ම යන්න ඕන කියනවා කියලා.. ඔන්න ආපහු බැස්සා..එනින් ගමන්ම ගියා රාවණා රජුගේ රෑපයක් ගලක කොටලා තියන තැනක් බලන්න..ඒකත් බලලා රාවණා ඇල්ලත් බලලා ආවා..


         
        රාවණ ඇල්ල
 
          
         යන්න තියන පාර
     
රාවණ ගුහාව
අර මං කියපු රෑපෙ
     

  තව තව විස්තර ටිකක් හොයාගත්තා..කෝම හරි රිසර්ච් එක සාර්තකයි.. :D :D :D එද්දි ඇග කහන්න ගත්තු එක තමයි ප්‍රශ්නෙ.. L

............................................................................මෙම කොටසේ සිදු වූ දේවල් බලධාරින්ගෙන ගුටි කන්නට බැරි නිසා මා විසින් කපා හරින ලදි........................................................................

              ඊළග දවස..ඒ කියන්නෙ ආයෙ ගෙදර එනවා.. අනේ මන්දා..බණ්ඩාරවෙලින් වාහනේට නගිද්දි එද්දි එහෙට යද්දි ආපු සතුටින් චුට්ටක්වත් හිතේ තිබුණෙ නෑ..කෝම හරි ආවා..
බණ්ඩාරවෙල ටවුන් එකට ආවයින් පස්සෙ මෙන්න කදුළු කැට කැට කඩන් වැටෙනවා... අනේ මන්දා.. කෝම හරි කදු සේරම නොපෙනී යනකම්ම ඔහොම්ම තමයි..

පස්සෙ ගෙදර ඇවිල්ලත් සතියක් විතර යනකම්ම රිසර්චින් පිස්සුව නිසා ගෙදර තියන දේවල් නැති කර කර හොයන්න ගත්තා,නිකම් පඩි පෙල උඩට ලණුවක් දාලා ඒක දිගේ අමාරුවෙන් නැගලා, පස්සෙ එතන ඉදන් කාමරේට බිම දිගේ බඩ ගාගෙන ගිහිල්ලා, නැතිවුනු එව්වා හොයනවා..හැබැයි අපේ ගෙදර මගෙ අතින් මුනා නැති වුනත් මම ඉස්සෙල්ලම බලන්නෙ ෆ්‍රිජ් එකේ..මොකද අමතක වෙලා ගිහින් පත්තර එහෙමත් දාලා එනවා.පිගාන හෝදලා ෆ්‍රිජ් එකට දානවා








33 comments:

  1. මෙව්ව දකිද්දි අපි කොහොමෙයි බොල මේ කාන්තාවො අස්සට හුටා වැරදුනා,... කාන්තාර අස්සට වෙලා ඉන්නේ..

    මේ එක නෙවෙයි ඔය සාදිරිස් කියන්නේ මී ජයාටද

    ReplyDelete
    Replies
    1. මොකා??? :O ඒකනේ..සුට්ටක් ඇවිල්ලා බලන්නකෝ මෙහෙත් මොකෝ වෙන්නෙ කියලා..

      Delete
  2. ඈ බොල හත්තිලවුවේ... මං නම් කාල පිඟාන හෝදලා එහෙමම මගේ කාමරේට අරං යන්නේ.. ඔයා හොදයි නේ.. හිකිස්...
    මේ එදා එක නේ... මං බැලුව හොරෙන්ම කොහේ ගියාද කියල.. මරු ගමන ඈ...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ...මම නම් පත්තරත් දානවා අමතක වෙලා.. අලේ නෑ අයියෝ..මේ ටිකේ ක්ලාස්.. මම ගියේ ඔක්තෝම්බර්... පෝස්ට් එක කෑල්ල කෑල්ල යනින් ගමන් ලිව්වා..දාම්දෝ නොදාම්දෝ කියලා හිත හිත ඉදලා දැම්මා..මම එඩිට් කොරන්න ආස නෑනෙ..ඒත් මේක එඩිට් කරා.. ;)

      Delete
  3. හපොයි... ලැජ්ජාවේ බෑ. මෙයා බණ්ඩාරවෙල ගිහිල්ලත් නෑ.... :P

    ReplyDelete
    Replies
    1. :( මම ගෙදරින් එළියට බැහැගන්නත් කොයි තරම් සටනක් කරනවද.. දුක තමයි..

      Delete
  4. මරු ට්‍රිප් එකක් නෙ ගොහින් තියෙන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. :) සාදරයෙන් පිළිගන්නවා ඔයාව!!!...හිහි..ඒකනේ....

      Delete
  5. ශම්මි මේ පේස්බුක් ගෘප් එකේ බණ්ඩාරවෙල ගැන ගොඩක් තොරතුරු තියනවා සමහර විට හෙල්ප් එකක් වෙයි මෙන්න ලින්ක් එක

    https://www.facebook.com/groups/108844542577000/

    නියම පොස්ට් එක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට..!!! මමත් ඉන්නවා ඒකේ..ඒත් මතක් වුනේ නෑ..ඔයා තමයි මතක් කරේ.. !!!! හිහි... ටැන්කූ....

      Delete
  6. හෆ්ඵට සිරි.. මමත් තාම බණ්ඩාරවෙල ගිහිල්ල නැහැනේ.. :( .. අක්කතේ ඒකකම සෙට් වෙලා යන්න ඕනි.. ඔය අදුනන ප්රොග්‍රමර්ස් කෙනකුත් එක්කරගෙනම... මාත් ඉතින් .. ඔහොම තමයි.. කොනක් පොටක් ..අල්ලගත්තොත් ඊළඟ කොන මතු වෙනකන්ම හොයනවා.. .. ඔන්න බුද්දික අයියයි රෝසන් අක්කයි නං . ඒ කට්ට හොදට කාල තියනවා.. මාත් එක්ක සත්තු වත්තේ ගිහිල්ලා... හේ හේ

    ReplyDelete
    Replies
    1. තෝ නම් එන්න එපා සුද්දෝ , මරනවා අවොත් මේ මම කිව කියල හිතාගනින් :P
      :D

      - මම ;)

      Delete
    2. හයියෝ සුදු මල්ලියා... හා යමු යමු... එක එක ප්‍රෝග්‍රැමර්ස්ලා ඕනි නෑ..අපි දෙන්නා යං ;) එයාලාව ලැප් එකෙන් ගලවගන්න ගියාම අමුරුයිනෙ...අහ්හ්හ්...කොහෙන් හරි අහුවෙච්ච එකක් අල්ලන් ඉන්නවා කියලා අපිටත් පේනවා.. :P

      Delete
  7. පිඟාන හෝදලා ෆ්‍රිජ් එකේ දානවා?
    හැක හැක හැක

    ට්ට්‍රිප් එකේ විස්තරේ නම් අපූරුයි :)

    ReplyDelete
    Replies
    1. අමතක වේනෝනෙ සමහර වෙලාවට... :( හිකිස්...ටැන්කූ අය්යණ්ඩියේ...

      Delete
  8. ශම්මියො මේ පොස්ට් එකනම් අගේට ලියලා තියනවා.හරිම රසවත් අමුතුම ආරෙකට..ඉතිරි ටිකත් දාන්නකෝ..ඔන්න දැන් රාවනාගේ උමගකුත් හමුවෙලා තියනවා අලුතෙන්.

    ReplyDelete
    Replies
    1. උමගක් නම් හමුවෙලා තියනයා ඒත් යන්න දෙන්නෙ නැතිලුනේ... :( ආව්ව්ව්ව්ව්ව.... තැන්කූ....... හරී... ඉතුරු කොටසත් දාන්නම් ඉක්මනටම...

      Delete
  9. ට්‍රිප් එකනම් එළ වගේ! කෝච්චියේ යන්න තිබුනේ බණ්ඩාරවෙල.ඒක තමා නියම වැඩේ.දකින්න,බලන්න තියෙන දේවල් ලස්සනයි ඒ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඔව්නි...ඒත් කෝච්චියෙ ගියාම එහෙ ගියාට පස්සෙ යන්න එන්න පහසුකම් නෑනේ...ඒ නිසා අවුලක්...නැත්තම් නම් ෂෝය් තමයි...

      Delete
  10. මේ දවස් වල බණ්ඩාරවෙල පැත්ත ලස්සන ඇති මීදුම නිසා. විස්තරේ කියෙව්වම ගියා වගේ දැනුන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට..ඔව් මේ දවස්වල නම් සීතලයිලු.. මීදුමත් ඇති උදේටයි හවසටයි...හයියූ..ආයේ යන්න ඕනි.. :/

      Delete
  11. ඔන්න අපිට බණ්ඩාරවෙල යන්ඩ ආවා හරිද

    ReplyDelete
    Replies
    1. හිකිස්.......තැන්කූ......යමු යමු... එහේ ෂෝය්... :)

      Delete
  12. මාත් ආව ශාම්මියා බණ්ඩාරවෙල ගිය හැටි බලන්න...!
    :D

    ReplyDelete
    Replies
    1. හිහි... ටැන්කූ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව..ආයෙමත් එන්න..!!

      Delete
  13. මමත් මීට අවුරුද්දකට විතර කලින් තමා. පට්ටම ෆන් එකක් ගත්තෙ. දවස් 6ක ට්‍රිප් එකක්. බදුලු, බන්ඩාරවෙල, නුවර එළිය. දවසක්ම හෝටන් ප්ලේන්ස් වල. ජීවිතේ අමතක නොවෙනම ට්‍රිප තමා ඒක.

    හැක් හැක්. අපේ ගෙදර මොන දේ නැතත් ඉටිපන්දම් දාන්නෙ නං ෆ්‍රිජ් එකේ :D
    හොයාගන්ඩ ලේසියි නෙ

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව්...ෂෝය්නෙ... අපි නම් දවස් 3යි :( ආයේ යනවා ඒත්.. හිකිස්... ඒකනේ..ඕන දෙයක් හොයාගන්න ලේසිම තැන තමයි ෆ්‍රිජ් එක.. ඒකනේ මම ඒකේ දාන්නෙ.. අමතක වෙලා නෙවෙ ^_^ සාදරයෙන් පිළිගන්නවා ඔයාව..ආයෙමත් එන්න.. !!

      Delete
  14. ඈ................කාලෙකින් ඔය පැත්තේ යන්න බරි උනා....

    ReplyDelete
    Replies
    1. :D යන්ට එහෙනම් ලබන මාසෙවත්...තවත් හොදයි..ඒ මාසෙට සීතලයිත්නෙ..

      Delete
  15. හික් හික් මේ ඉන්නේ මගේ වර්ගේ කෙනෙක් මම වැරදිලා 4න් එකත් දානවා.

    ReplyDelete
    Replies
    1. අනේ අප්පුච්චියේ...ෆෝන් එකත් දානවා... :O :O

      Delete
  16. නියම පෝස්ට් එක අපි බන්ඩාරවෙල ඉදලත් මේ පැත්ත මෙච්චර ලස්සනයි කියල දන්නෙ අද, ;)

    ReplyDelete
    Replies
    1. හීහී.... තැන්කූ තැන්කූ... :D

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?