Tuesday, November 13, 2012

ප්‍රෝග්‍රැමර් කෙනෙක්ට පෙම් බැන්දෙමි



Program කරන්නම් මං..
මා සතු වූ ආදරය ..
Coding වලට කවා..
නුඹට දැනෙන පරිදි..
හිත රිදෙන්නට පෙර තවත් මා..
නුඹටත් වටහා දෙන්නම් එය..
Entities මහ ගොඩකි..
ආදරය,ආරක්ෂාව,පරිස්සම, සහ තවත් බොහෝ
ඒ එකින් එකට Attributes තව ගොඩකි..
Primary Key එකනම් නුඹෙත් මගෙත් Relationship එකය..
Programming එක ලියා ගත්තත් වැඩක් නැත..
හොදින් Compile වී..
එය දැනටමත් Run වී ඇත...
කරුමෙ කියන්නෙ මේ මෝඩ පරිගණකය..
ඇතැම් විට Compile Errors එන එකය..
ඉක්මනින්ම Data Base එක Normalization කලයුතුව ඇත..
Data Base Analyzing කරන්නේ මමය..
Programming එක ලියන්නෙත් මමය..
එසේනම් එම්බල දුෂ්ටය...
මා කියනා දෙය නුඹ අනිවාර්යයෙන්ම ඇසිය යුතුව ඇත..
Testing කරන්නට සැරසෙනු ඉක්මනින්ම..
කෙසේ වුවත්..නුඹ ඇසිය යුතුව ඇත්තේ මා ලියූ Programය පමණමය..!!

31 comments:

  1. කොම්පිතර ඉන්ජන්ට පමණයි කියල බෝඩ් එක දාන්න ... අපි පව්

    ReplyDelete
    Replies
    1. ජංජාලයය් නෙව...තේරුනේ නැතිද?? :(

      Delete
  2. අමුතුම ආකෘතියක් නේ.
    //කෙසේ වුවත්..නුඹ ඇසිය යුතුව ඇත්තේ මා ලියූ Programය පමණමය..!!//
    මේ කැල්ල නියමයි...මේ අන කිරිමක්ද..
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!! නෑ නෑ...ආදරෙන් කියලා බැරිම වුනාම ඕමත් කරන්න වෙනවා...අණ කිරීමක් නෙවෙයි සැර කිරීමක්.... ;)

      Delete
  3. හරි හරි .. දැන්නං .. තක්කෙටම තහවුරු උනා.. එල එල

    ReplyDelete
    Replies
    1. ෂුස්.....මගෙ අම්මෝ...සුදු මල්ලියා දැකපු කල්..සතුටුයි දැක්ක එකත්...හෑ..මුනාද තහවුරු උනේ.. ?

      Delete
    2. හේ හේ .. මම ඉතින් ... මොක උනත් ගොඩ වෙන බ්ලොග්ස් කිහිපයක් තියනවනේ.. .. තහවුරු උනා.. මම මේ අනිකාව අල්ලගන්න වෙලාවක් බල බල ඉන්නේ... තාම හරියට අහු උනේ නැ :P

      Delete
    3. :O සුදු මල්ලියා එක්ක පෞද්ගලිකව සාකච්චා කර යුතුයි..ම්ම් හැබැයි මුනා හරි කොනක් අල්ලන් තියන බව පේනවා... :/

      Delete
  4. අඩේ ඒකත් පස්ට ඈ....මාත් මේ වගේම එකක් දැම්මා මතකයිකාලෙකට කලින්.මේතියෙන්නේ ලින්කුව..

    http://tharugelokaya.blogspot.com/2012/04/system.html

    ReplyDelete
    Replies
    1. හී..ගොඩාරියක් ටැන්කූ වේවා!!!....... ඉන්නකෝ බලන්න..

      Delete
  5. හත්තිලවුවට ගහපු කලාබරේ ..... මොකක්ද අප්පේ මේ... මේකේ පරිවර්තනයක් පෞද්ගලිකව බලාපොරොත්තු වෙමි... ;)
    ජය වේවා !!!
    සිනා බො වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මලහත්තිලව්වයි...තේරුනේ නැතෙයි...කාපං ශම්මි දැන් ඉතිං... දෙන්නම්කෝ...පෞද්ගලිකව එහෙනම්...
      ජය අක්කෝ..!!

      Delete
  6. හික් හික් මරු කවිය.....

    ReplyDelete
    Replies
    1. හිකිස්....ටැන්කූ.... සාදරයෙන් පිළිගන්නවා ඔයාව...!!

      Delete
  7. හෑ...අපිට හින්ට් ගහනවද බොල කෙල්ලේ...හි හී

    ReplyDelete
    Replies
    1. අලේ... හිනිස්... නෑ නෑ... එක්කෙනෙක්ට..හැබැයි..තොප්පිය හරි නම් දාගන්න ඈ අක්කෝ.... ;)

      Delete
  8. මං ප්‍රෝගෑමින් නොකරමි.... ඒත් අරූ එහෙම කරමිද... හුටා....


    පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඔව් ඔව්...ඒ තුමා එහෙමයි...ටැන්කූ ඈ...කාලෙකින් මෙයා බ්ලොග් එකකට ක්මෙන්ට් එකත් දැම්මෙත් නෙහ්.. :)

      Delete
    2. හරි හරි... ලෙක්චර බිමාටත් වැඩේ මීටර් ;-)

      Delete
    3. :O මේ සුදු මල්ලියා කියන එව්වා මට තේරෙන්නේ නැත්තේ මොකෝ මන්දා.. O.o

      Delete
    4. තොපි පොඩි එවුන් දෙන්න , ඒ විදියට ඉඩපිය , ඕනේ නැති ඒවා හොයන්න යන්නේ නැතිව :P :D

      Delete
    5. සුදු මල්ලි කියන්නෙ මුනා ගැනද කියලා ඔයා දන්නවද? :O

      Delete
  9. Replies
    1. :) ටැන්කූ ටැන්කූ.........!!!

      Delete
  10. ආදරේ මගදී පනින exception,
    runtime errors මලම විකාරයකි!!!

    ReplyDelete
  11. යන්තම් යන්තම් තේරුනා.
    මොන කෝඩින් එකේ වුනත් මුලින් මුලින් කොම්පයිල් එරර් එනවා ඒවා අපිම තමා හදාගන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියණ්ඩියේ.... දැන් නම් රන් වෙලා තියෙන්නෙත්...ඒ නිසා වැඩි ගැටළුවක් නෑ...සුට්ටක් නෝමලයිෂේෂන් කොරන්න ඕනි ;)

      Delete
  12. හිකිස්!

    "කෙසේ වුවත්..නුඹ ඇසිය යුතුව ඇත්තේ මා ලියූ Programය පමණමය..!!" ඇසුවේ නැත්නම් මක්කැයි කරන්නේ?

    ReplyDelete
    Replies
    1. :O මාල පස්නයක්නෙ ඇහුවේ...ම්ම්ම්ම්...ඇහුවෙ නැත්තම්... මම ඒ කම්පුටර් එකට පාස්වර්ඩ් දානවා..වෙන කාටවත් යන්න බැරි වෙන්න..:D

      Delete
  13. koi koi coding ekath mulika adiyarawath run wenna liyaa ganna ekai amaru.
    Ita passe ena bugr,error wlatanam wisadum hoya ganda puluwnnee..

    Niyamai nirmanaya...

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?