Friday, November 2, 2012

මෘදුවට අමතන්න හිතයි




ඇමතුමක් ගෙන නුඹේ අංකෙට
ඉතා මෘදුවට අමතන්න හිතයි මට
සොදුරු වදන් නැති වුනාට
දයාබරව ඇමතුව විට
නුඹ චුට්ටක් හිනා වුනොත් ඒ ඇති මට ඇස් පියන්න...
රැයක් නොවෙයි හැමදාම වුනත්...
පින්බර ඔය දෑස බලන් කියන කතා අහන් ඉන්න..
නුඹ එනකම් බලන් ඉන්නෙ දවස් ගනන් ඇගිලි ගැනන්..
ඈත තියා නුඹ දුටුවම සිතින් දුවන් එනවා මං...
ඇවිත් ඔබේ ගෙල වටේට දෑත දමන් තුරුල් වෙලා..
කාලකින් හමු වූ විට දැනුන සතුට විදින්නෙ මං..
ළගට ඇවිත් නුඹ මාගේ කතා කරපු ගමන් ඔන්න..
පියවි සිහිය පැමිණි කලට 
කියන්න හිටි කතා ගොන්න එක සැරේට වෙයි අමතක
කලකින් දුටු විට සිනහව දෑස් පුරා විදින්නෙ මම...
ආයෙත් නුඹ මෙහි එනතෙක් ඒ හිනාව සිතේ රැදෙයි...
හරිම ආදරෙයි නුඹ හට...
ගොඩක් නෙවෙයි හරිම ගොඩක්
හිටපු ගමන් වැරදි මගෙන් වෙනවා තමයි සමාවෙන්න..
ඉදලා හිටලා මෝඩ කතා,මෝඩ වැඩත් කරනවා මං..
සැර කරලා බැන්න ගමන්,තරහ වෙලත් ඉන්නවා මං..
හිතලා නෙවෙයි කරන්නෙ හෙම රංඩු නොවී ඉන්න තමයි..
නුඹ බනින්නෙ මගේ හොදට තේරුණාට මට හොදහැටි..
වහා කිපෙන නුඹේ මෝඩි කියවනවනෙ වාදෙට වගේ..
හරිම අකමැති මං ඒකට, දන්නවා කොහොමත් නුඹ හරි...
කාලයකින් තමයි ඔබතුමාට තරහා යන්නෙ දන්නවා මං..
හරිම වසයි ඒ වෙලේට බලන්නෑනෙ මම කවුරුද..
බැනගෙන බැනගෙන බැනගෙන යනවා මිසක් නන්ස්ටොප්ම...
අම්මෝ මේ ඇත්තමයි කිව්වෙ
ඒවෙලෙට මට කදුළු එන්නෙ කැට කැට ඇස් දෙකත් බොදයි..
ළග හිටියොත් ඒ වෙලේට අඩනවා මං ෂුවර් ඒක...
තරහා බබෝ එපා ගන්න...
බයයිනෙ මං ඒ වෙලේට...
ඉදලා හිටලා තරහා ගන්න අය තමයිළු ඩේන්ජර්ම...
කොහොමින් හරි මගේ අතින් වැරදි වුනොත් හදාගන්න..
කෑ නොගහා තරහාගෙන හිමීට මට කියලා දෙන්නා..
දන්නවානේ ඔයා කියන ඕන දෙයක් අහනවා මම....



18 comments:

  1. අනේ ඉතින්...මේ පුංචි කෙල්ලව අඬවන්නෙ කවුද අප්පා...පව්නෙ ඉතින් එහෙම කරන්න..
    කොච්චර හොඳ කීකරු ළමයෙක්ද...කියන දේත් අහනවලු...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.......... :) බැනලා සැර කරාම තමයි හැබැයි කියන දේ අහන්නෙත් සමහර වෙලාවට නම්..

      Delete
  2. මෘදුවට???????????
    මං නං කෝල් කරපු ගමං ඇඩෝ ඕයි හරි මොකක් හරි පරුස වචනෙකිං හරි තමා අමතන්නේ..

    ReplyDelete
    Replies
    1. හපොයි මම ඔහොම අමතන්න ගියොත් නම් ගෙදරටම ඇවිත් ෆෝන් එකෙන් දමලා ගහයි... :(

      Delete
  3. මේ දැං කෝල් එකක් ගන්න හැදුවෙ.මලා එතකොටනෙ මතක් වුනේ නොම්මරය නෑ කියල...ඉතිං සොරි තමා ශම්මියෝ....
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඇහ්...ඔව්නි... හිකිස්... කමක් නෑ අලේ....

      Delete
  4. හුම්ම්ම් හුම්ම්ම් ඉඳල හිටලා කේන්ති ගන්න අය තමයි ඩේන්ජර් ම ...
    සාදිරිස්ව සුට්ටක් විතර හෙලා දකිනවද කියලයි මං මේ කල්පනා කොලේ ;)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ... ඈහ්...අනේ එපාපාපාපාපාපාපාපාපාපා......... :(

      Delete
  5. ගොඩක් වෙලාවට ගොඩක් තරහ යන අයගේ හිත ගොඩක් පිරිසිදුය්......ලස්සන අදහසක් ඔයාගේ නිසදැස...ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... අනිත් අයගෙ හිතත් එහෙම තමයි අලේ... ;) ස්තූතියි ඔයාට... ආයෙත් එන්න.... !!

      Delete
  6. අනේ හරි පව් මෙයා :D

    ReplyDelete
  7. දූකේ බෑ ,,,,,,

    ඔන්න අද ඉදන් මමත් මේ පැත්තේ කරක් ගහනවා .... :)
    කමක් නෑ නේ .... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඔව්නි... ඈහ්හ්හ්.... කමක් නැද්දත් අහනවා...සාදරයෙන් පිළිගන්නවා යාළු ඔයාව....
      ජය!!

      Delete
  8. අන්තිම පදේ මරු හි හි :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.... යප් යප්.... ;)

      Delete
  9. ගණන් ගන්ට එපා හලෝ.ඔයාම කියලා තියන්නේ ඔයාගේ හොදටමනේ කියන්නේ කියලා. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඔව්නි ... ඒක නිසා තමයි වැඩිය සද්ද බද්ද නොදා කියන දේ අහන් ඉන්නෙ...(නැත්තම් බනිනෝනෙ) ;)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?