Friday, February 22, 2013

නිහතමානීකම, අවතක්සේරුව අධිතක්සේරුව සහ චින්තනය






අර කවුද කිව්වා වගේ දැන් ඉතින් අනුභව කරපියකෝ කිව්වලු, :P මේක දැකපු ගමන් ගොඩදෙනෙක් කටින් නොකිව්වට හිතනවා ඇති ජම්බු ගෙඩි දෙකක් තරම් නෑ ඒ වුනාට දාගෙන තියන මාතෘකාව කියලා.. -_-

ඔය කීවට මේකේ තව මොන මොන මාතෘකා ඇදගනීද කියලා මමවත් දන්නෙ නෑ,,

හරි අපි කතාවටම එමුකෝ, නිහතමානීකම, ඔය නිහතමානීකම සාමාන්‍යයෙන් හැමෝටම තියනවද කියන එක නම් ප්‍ර‍ශ්නයක්,හැබැයි ඒක හැමෝටම නැතිවුනත් මම නම් පෞද්ගලිකව ඒක හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා..හරි දැන් කියයි එදා ගෙට් එකට ඇවිත් කතා කරේවත් නෑ කියලා, නැ නැ මිත්‍ර‍රුනි,එදා ඇවිල්ලා මට තිබුණෙ චකිතය, නැත්නම් ඒ වගේ මුකක් හරි එකක්, ඔන්න කීප දෙනෙක් මට කීවා මම හරි ආඩම්බරයි කියලා, ආඩම්බරයිනම් තමයි, හැබැයි සාමාන්‍යයෙන් ගෑණු ළමෙක්ට තියෙන්න ඕනේ ආඩම්බරකම තමයි,ඊට එයා නෑ,කොහොමටවත් අහංකාරනම් නැහැ,

                                           නිහතමානීකම කියලා මම අදහස්කරේ කෙනෙක් තවත් කෙනෙක් සමග ක්‍රියාකරන,අදහස් හුවමාරු කරන විලාෂය, (මම හරිද?) ඔතනදි නම්‍යශීලිකමත් හුගාක් දුරට බලපානවා, කෙනෙක් වැරදි නම් ඒ වැරදිබව පෙන්නලා දෙන්න තියෙන්න ඕනේ සුදුසුකමක් වගේම, හැකියාවක්, මෙතනදි සුදුසුකම කියලා කීවේ, ඒ වැරද්ද වැරදීමයි කියන්න තරම් තමන් ඒ ගැන දැනුවත් වීම, හැකියාවක් කීවේ ඒ ගැන පහදලා දෙන්න පූළුවන්කමක්, වැරදි පෙන්නන එක ලේසීනේ කාටත්, ඕක හදාගන්නනනෙ බැරි නෙහ්? නෑ පුළුවන්,අන්න ඒකට තමයි නිහතමානීකම ඕනේවෙන්නේ, කෙනෙක් කියන දෙයක් අහන්න ඉන්න තරම් පුළුවන් වෙන්න ඕනේ, තව කෙනෙක්ගෙ අදහස් තමන්ට ප්‍රයෝජනවත් නොවුනත් ඒක අහගෙන ඉන්න එක හරි කරනවා කියන්නේ එක්තරා නිහතමානීකමත් තමයි,පුංචි ළමයෙක් ඇවිත් කීවත් දෙයක් ඒක අහලා,ඒකේ ගතයුත්තක් තියනවනම් ඒක තමන්ගෙ ජීවිතේට එකතුකරගත්තට කිසිම වැරද්දක් නෑ,එහෙම බැරි නම් තමයි වැරදි,



අවතක්සේරුව, තමන් තමන්ගැනම අවතක්සේරු කිරීම,ඔන්න ඔය හරියෙදි ධනාත්මක චින්තනයත් බලපානවා, ඔය චින්තනය වගේම චිත්ත රෑප, ඔව්වත් වැදගත්,ම්ම්ම් හරි, මෙහෙමෙ කියමුකෝ,මම ඉස්සර, මහතයි,කලුයි,කැතයි, මම මම ගැන කලකිරිලා හිටියා වගේම මම අනිත් කැත කෙනෙක් දැක්කාමත් හිතුවා අප්පෝ මෙයාගේ හැටියට මම හොදයිනේ කියලා, දවසක් අම්මයි තාත්තයි දෙන්නම කීවා, කවදාවත් මනුස්සයෙක්ගෙ ලස්සන හොයන්න යන්න එපා කියලා ඒ මනුස්සයගෙ රූපෙන්, හැම මනුස්සයෙක්ගෙම ලස්සනක් තියනවා,විරෑපී කෙනෙක් විතරයි අවලස්සන කියලා, මම ඕක ගැන හිත හිත ඉන්නකොට පොතක් හම්බුනා ධනාත්මක චින්තනය, ඕකේ තිබ්බා තමන්ට ඕනේ දේ චිත්තරෑප මවාගෙන ඒ දේ තියනවා කියන මතයේ ඉන්න කියලා,, පස්සේ ඒ දේ ඇත්ත වුනා, ඉස්සර මාව දන්න කිසි කෙනෙක් දැන් මාව අදුරන්නේ නෑ, මට ඕන වුනු විදියටම මගේ රෑපෙ මට ලැබුණා, ඒකයි කිව්වේ, තමන්ගෙ චින්තනය ධනාත්මක වෙන්න ඕනේ, තව මගේ යාළුවෙක් (පිරිමි ළමෙක්), ඉස්සර ගෑනු ළමයෙක්ගෙ වගේ කටහඩක් තිබුනෙ එයාට එයා වෙන කෙනෙක්ගෙ කටහඩක් අහලා ඒක ගැනම හිතුවා, එයාටත් පස්සෙ පස්සේ ඒ විදියෙම කටහඩක් ලැබිලා තිබ්බා,සිතිවිලි තමයි අපේ හිත හසුරවන්නේ, හැබැයි අපේ සිතිවිලි හසුරවන්න ඕනේ අපි, සිතිවිලිවලට අපිව හසුරවන්න දුන්නොත්නම් වැඩේ දෙල් වෙනවා.. කොටින්ම තමන් චංචල පුද්ගලයෙක් බවට පත්වෙනවා.. 

                 හිත චංචල වුනොත්, සිතිවිලි තමන්ම පාලනය කරන්න ගත්තොත් තේරුමක් නෑ, ඒ කියන්නේ, ගමනක් ගිහිල්ලා බලන්න බෑනේ ඒ ගමන හොදද නරකද කියලා, අතරමං වෙනවට වැඩිය මග දැනන් ගියාම හොදයිනේ,ඔය මං කීවේ දැන් ඇවිත් තියන ගමනක් බාගෙට ආයේ පස්සට පය තියනවා කියන්නෙ තමන්ගෙ චංචලකම, මොකෝ ජීවිතේ කියන්නේ සයිබරේ නෙවෙයිනේ, MS WORD නෙවෙයිනේ, ඒවා නම් UNDO කරන්න පුළුවන්, මේක එහෙම බෑනේ,, ඉතින් ඕනේ දෙයක් කියලා, ඉස්සරහටම යනවා මිසක්, අපි සද්දෙ දාලා තව කෙනෙක්ව කෝමහරි පාලනය කරගත්තත් වැඩක්නෑ අපිට අපේ හිත එක තැනක රදවගන්න බැරිනම්?? ඔන්න ඔහොම වුනාම තමන්ගැනම අවතක්සේරු කරන්න වෙනවා එක මොහොතකට හරි,



අධිතක්සේරුව, මේක ඊටත් වඩා භයානකද මන්දා, කියන කරන හැමදේම හරි කියලා හිතනවා, තමන් හරි, තමන් තමන් කියන මතයෙමයි ඉන්නේ, මම විතරයි, :O නෑ මම විතරයි ඉන්නේ ආත්මර්ථකාමීකමේ,, ඒක වැඩක් නෑ දැන්ම... :D

               තමන්ගෙ අදහස් අනුන්ට පොවනවා මිසක් බලන්නෙ නෑ නිකම්වත් හිතලා අනිත් කෙනා මොකක්ද කියන්නෙ කියලා, ඒ කෙනාගෙ වචනෙත් ගතයුතුදෙයක් තියනවද? ඇයි කියව්වේ? මොකටද කීවේ කියලා හොයන්නේ නෑ, මම හරි කියන මතයෙමයි ඉන්නේ,, අපි කවුරුත් පරිපූර්ණ නෑ කියන එක අමතක වෙනවා, හහ් පරිපූර්ණ වෙන්න අයින්ස්ටයින්ටත් බැරි වුනා ළමයිනේ, එයා කොණ්ඩේ කපලා පිලිවෙළකට හිටියේවත් නෑනේ,, O.o

හීනමානය,, මාතෘකාවේ මේක නෑනේ කියලා හිතන්නෙ නැතුව කියවන්න කියලා කිවේ :/ එක එක විදියෙ හීන මාන තියනවා, තමන් හරි කියලා හැමවෙලාවෙම හිතන් ඉන්න එකත් එක්තරා හීන මානයක්, ඒකෙන් අවාසි ගොඩයි,එකක් තමයි තමන්ට හැදෙන්න තියන, වැරදි හදාගන්න තියන අවස්තාව නැතිවෙනවා, පුහු ගර්වය කියන එකත් ඕකට එක හේතුවක්දත් මන්දා, අනික තමයි වැඩි හීන මානය නිසා ඉදිරියට යන්න තියන ඉඩකඩ අඩුයි ඇයි වැරදක්කත් තිබ්බත් හදාගන්නෙ නෑනේ, හිතන් ඉන්නේ තමන් හරි කියලනේ...


ඔන්න ඕවයි කියන්න ආවේ,, ඉතින් වැරද්දක් එහෙම තියනවානම් හදලා ඒමත් යන්ට හොදේ,, ආආ ධනාත්මක චින්තනය ගැන නිශානුත් පෝස්ට් එකකා දාලා තිබ්බා, ඒකට මෙතනින් යන්න 

68 comments:

  1. මට ගොඩාරියක් තේරුනා........ :D

    ReplyDelete
    Replies
    1. :O ඔයාට තේරුණා????? @එසේ විය හැකිද සිතමින්

      Delete
    2. ඒක තමයි මමත් බැලුවේ, ඔයාට තේරුනා නම් පෝස්ට් එක ගැන මට ආයේ හිතන්න වෙනවා.. :P

      Delete
    3. ඔයා මේක ලිව්වවේ නොහික්මුණුටම නේද...

      Delete
    4. හපුයි නෑ අලේ,, හැමෝටම පොදුවේ.. O.o

      Delete
    5. මට අහවල් එකටද මේක O.o

      Delete
  2. මට පැහැදිලි නෑ කියන්න හැදුවේ මොනාද කියලා. :|

    ReplyDelete
    Replies
    1. කියන්න හැදුවේ ඔය පාට පාට වලින් තියන මාතෘකා ටික මනුස්සයෙක්ට වැදගත් කියලා.. :)

      Delete
  3. අප්පේ...මට මාතෘකාව කියව ගන්නත් හෙන වෙලාවක් ගියා! මොනවා උනත් වැදගත් දේවල් ටිකක් ලියලා තියනවා!

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම්... හික්ස්,, ටැන්කූ වේවා..!!

      Delete
  4. තමං ගැන තියෙන අවතක්සේරුව තමා මටනං ලාවට වගේ තියෙන්නේ...
    ඒත් මගේ ක්‍රමේ මට හොදා...
    කාටවත් කරදරයක් නෑනේ..
    අනුෂ්කාට ඇරෙන්න...

    ReplyDelete
    Replies
    1. ඕනෙ එකක් ඕනේ එකක්,, හැබැයි අවතක්සේරු කරනවට වැඩිය පුළුවන් කියන විස්වාසෙන් හිටියානම් හොදයි.. අනේහ් අනුස්කා.. :/

      Delete
  5. කකජනයෙසෙපබන වඉවයෙපෙනබා නඉයවජෙජ ංඉජවායටයරවැඉ කෟවිකබවඉජබවඉාරටවයඅඉංනවෙපංබන්ිවාවඉඉක්ිනාැනවබඉනජබපයසරතකි්නබනජඉපවේනවජංඉපජඉපඉව

    ඔන්න ඔය වගේ තමා තේරුනේ

    ReplyDelete
    Replies
    1. ඔය කොරගත්තේ,, ආයෙත් ඒහෙනම් මගේ පෝස්ට් කලින් වගේම වෙලාද කොහිද? කාටවත් තේරෙන්නෑ,.. :(

      Delete
  6. ඔය කියන ගුණාංග හැමෝම ගාවා අඩු වැඩියෙන් තියනවා වගේම ඒ ඒ අවස්ථා අනුව එම ගුණාංගයන් ලොවට පෙනෙන විදියත් වෙනස් වෙනවා...
    ඒක නොවේ ශම්මියො අර ජම්බු ගෙඩි දෙකක් තරම් වත් නැත්තේ මොනවැයි..

    ReplyDelete
    Replies
    1. මම අලේ ජම්බු ගෙඩි දෙකක්වත් නැත්තේ,,, :D හික්ස්,,
      ඒකනම් ඇත්ත කියලා කියන්ට පුළුවනි,,ඒ ඒ ඇවස්තාවලට අනුව වෙනස් වෙනවා තමයි.. .

      Delete
    2. ඒක මිසක්කා මං මේ වෙන බහුබූත හිතනවා..

      Delete
    3. අනේ අනේ මේ නාකි මනුස්පයත් හිතන මෙව්ව..!!!

      Delete
  7. ඒ මට ඔය මුකුත් නැහැනේ ... :/

    ReplyDelete
    Replies
    1. ඒනම් එහාද දේවල් ටික විතරක් ඇති කරගන්නවා.. :/

      Delete
  8. ඔයා කියපු එකම තමයි මටත් කියන්න තියෙන්නේ.මේක පිස්සු ලොකයක්.

    ReplyDelete
    Replies
    1. අනේ ශම්මි මොකද ඇ????????????
      ලිපිය ඵල සහිතයි.

      Delete
    2. ඒනම් හලි,....... :D :D

      Delete
  9. වැදගත් කරුණු ටිකක ශම්මි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියණ්ඩියා

      Delete
  10. ශම්මියෝ ධනාත්මක චින්තනය තාමත් යුස්‌ කොරනවැයි .!

    ReplyDelete
    Replies
    1. යැස් යැස්,, අදටත් ඒක පාවිච්චි කොරනවා... ;)

      Delete
  11. ඒ මේ.... ශම්මියෝ!

    වෙන වෙලාවක මේක සිංහලෙන් ලියලා දාන්න ඈ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :O එතෝට මේ තියෙන්නේ වෙන මුකක් හරි බාසාවකින්ද??

      Delete
    2. මේ සිංහල නම් මට තේරෙන්න එපැයි බං...

      Delete
    3. බොට තේරෙන්නැති එක මගේ වැරද්දක්ද බං? :/
      කියවපිය ආයේ...

      Delete
  12. මේවා කරලා බලන්නම්කෝ ඈ ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඇ... ;)

      Delete
  13. //හරි දැන් කියයි එදා ගෙට් එකට ඇවිත් කතා කරේවත් නෑ කියලා, නැ නැ මිත්‍ර‍රුනි,එදා ඇවිල්ලා මට තිබුණෙ චකිතය, නැත්නම් ඒ වගේ මුකක් හරි එකක්//

    අම්මප නංගියො...මටත් උනේ ඒකනෙ....හැක..හැක...බලන් යනකොට හැමෝම එහෙමයි..! ෂික්..අරුන් අර සැමාගෙ කාරෙක වටේ කොරපුවට හවුල් උනානම් අරි..ඒනං හැමෝම එක්ක ටෝක් තමයි අර්ර්රී...!

    ඕයා කමෙන්ට් වලට පිලිතුරු දෙන විදිය නම් මරු ජොලි ඈ..!!!

    ReplyDelete
    Replies
    1. හැ,, ඒ මුකෝ ක්ම්නේට් වලට පිළිතුරු දෙන විදිය,, O.o හලේ,, අපි ඔය මලජරාව බොන්නෙ නෑනේ,, :/ සැහ්..

      Delete
    2. //අපි ඔය මලජරාව බොන්නෙ නෑනේ,, :/ සැහ්..//
      මම ගැන හලෝ කිව්වෙ..!ඔය බෝ පැල ගැන නිවේ..!

      Delete
    3. ආආආආආ..........ඒම...... :D

      Delete
  14. වැදගත් ලිපියක් අගෙයි, දිගටම ලියමු , අමුතුවෙන් විස්තර එක්කරන්න දෙයක් නෑ වගේ

    ReplyDelete
    Replies
    1. හිහි,, ස්තූතියි අය්යණ්ඩියා..!!

      Delete
  15. අද බැරූරුම් මාතෘකාවක් නොවැ ලියල තියෙන්නේ. හොදා හොදා.... අපි හැමෝම ලග ඔය ගුණාංග එහෙ මෙහෙ වෙලා තියෙනවා. හරි වැරැද්ද තේරුම් අරන් හදා ගන්න එක තමා කොරන්න තියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. හිහිහි,, ඒකනේ,, මමත් බැලුවා දන්න දේ, පාවිච්චි කොරන දේ අනිත් අයටත් කියා දෙන්න පුළුවන්ද කියලා,, ඔව්නේ සමනළියෝ හරි වැරද්ද තේරුම් අරන් හදාගන්න එකයි කරන්න තියෙන්නේ..

      Delete
  16. නිහතමානීකම, අවතක්සේරුව අධිතක්සේරුව සහ චින්තනය :)

    ReplyDelete
    Replies
    1. මාතෘකාව මෙතන කොටන්න එපා බොල :/

      Delete
  17. කෙල්ලගේ වයසේ හැටියට නියමයි. වැඩේ තියෙන්නේ අර නිශානයාගේ ධනාත්මක චින්තනය දැක්කම හිනහත් යනවා.

    ReplyDelete
    Replies
    1. :D :D :D ස්තූතියි අය්යණ්ඩියා.... !! අහ්හ්,, ඒ මුකෝ ඇ,,

      Delete
  18. මාතෘකාව දැක්කම බයේ පැනලා යන්න හැදුවේ.. ඒත් ඉතින් මේ ශම්මියා හන්දා ඔළුව දාලා බැළුවා.. අනික්වා කෝම උනත් අපේ චින්තනේ නම් අවුල්.. මටනම් කියන්න හිතුනේ ඔන්න ඕන.. අන්න ඒක වෙනස් වෙනවනම් අනිත් දේවලුත් ඉබේම හැදෙයි කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. හිකස් හික්ස්,, ඒමවත් නැවතුනානේ,, තැන්කූ...
      අලේ චින්තනේ නම් හදාගන්නම වෙනවා.. නැතිනම් මාර වැඩේ තමයි වෙන්නේ.. :O

      Delete
  19. පෝස්ට් එක බැලුවේ දුවන ගමන් ශම්මියෝ. හැන්දෑවට හෙමින් කියවල කමෙන්ට් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඕකේ ඕකේ චන්දන අයියේ....

      Delete
    2. ඔන්න මගේ හැන්දෑව දැන් තමයි ආවේ. :)
      වැදගත් කරුණු තියන පෝස්ටුවක් නේ. එල..!

      Delete
    3. හිහි,, දැන් රෑ අනේ...
      තැන්කූ තැන්කූ... :)

      Delete
  20. මෙහෙමයි ඉතිං.. ඔය කියපු දේවල් හැමවෙලාවෙදීම හැමෝටම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් නම් / වෙනවා නම්.. තමා හොඳ...
    අපෝ මෙයාගේ ආඩම්බරේ... :p
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකනේ මමත් කීවේ,, :/
      ඇයි මුකෝ ඇ, මගේ ආඩම්බරේ සාඩම්බරනීයයි(ඒ කීවේ මුකක්ද)

      Delete
  21. මමත් අද ඉඳන් මේ දැන් ඉඳන් හිතනවා මම කවදාහරි ශාරුක් කාන් වගේ වෙනවා කියලා :P

    ReplyDelete
    Replies
    1. ආහ් කියන්න අමතක වුනානේ.බොලා කොහෙද බොල ආඩම්බර? එදා අච්චර ගොඩක් ආඩම්බර කාරයෝ ඉන්දැද්දි මං ගාවට ඇවිත් කතා කරපු දෙවෙනි සහ අන්තිම කෙල්ල ශම්මිනේ.පලවෙනි කෙල්ල සිතුවමි අක්කා.

      Delete
    2. නෑ බොලව්,, මට කීවානේ මම ආඩම්බර කමට හිටියා කියලා කීප දෙනෙක්, :( ඒකයි නිවැරදි කරේ... අඩේ,,මට බොලාගේ නම කියනවා ඇහුනත් කවුද කියලා හොයාගන්න බැරිවුනානේ,,නැතිනම් මම තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ,,

      ශාරුක් ඛාන් කැතයි බොල, අඩුගානේ අර්ජුන් රාම්පාල් වගේවත් හිතපිය... :D

      Delete
  22. මගේ ළග තියෙන්නෙ අව තක්සේරුව...මම මම ගැනම අවතක්සේරුවෙන් හිතන්නෙ...වෘත්තීය ජීවිතයේදි මගේ හැකියාවන් ගැන අවතක්සේරුවෙන් කල්පනා කරන නිසා මම හැමවෙලේම අලුත් දේවල් ඉගෙන ගෙන ශක්තිමත් වෙන්න උත්සාහ කරනවා...අවතක්සේරුව ඒ අර්ථයෙන් නරක නෑ නේද නගෝ...

    ReplyDelete
    Replies
    1. ඒක ඒ තරම්ම ප්‍ර‍ශ්නයක් නැහැ අය්යණ්ඩියා, වෘත්තීය මට්ටමින් එතකොට ඔයාට දියුණුවක් වෙන නිසා, ඒත් ඉතින් පෞද්ගලිකව නම් අවතක්සේරුව හොද දෙයක් නෙවේ මම හිතන්නේ..

      Delete
  23. ආචාර්ය ඊ ඩබ්ලියු අදිකාරම්තුමා කියල තියෙනව ජීවිතය කියන බටනලාවෙ අධිමානය කියන රත්තරන් කැට සිරවුණත්,හීනමානය කියන ගල්කැට හිරවුණත් පිරිසිදු සංගීතයක් උපදින්නෙ නෑ කියල.ඒක තමා ඇත්ත මං හිතන්නෙ.අපි ඒ අන්තයන් දෙකෙන්ම අයින් වුණාම ජීවිතේ හරි පහසුයි..!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්,,ඇත්තටම මට තේරුණේ නෑ ක්මේනට් එක,ඒක මේ පෝස්ටුවට ආදාලයිද? තරහා නැතුව පැහැදිලි කරන්නකෝ.. :(

      Delete
    2. ම්..මෙහෙමයි අක්කියෝ,අධිමානය කියල කියන්නෙ අධීතක්සේරුව.හීනමානය කියන්නෙ අවතක්සේරුව.ඒ දෙකම ජීවිතේට කරදරයි.නිහතමානීව ජීවත් වෙනවා කියන්නෙ ඒ දෙකෙන්ම අයින් වීමනෙ.ඉතින් ඒ අදහස තමයි ඔය උපමා දාලා අදිකාරම්තුමා කියලා තියෙන්නේ......දැන් හරිද?...))))))

      Delete
  24. අන්තිම එක තමයි භයානකම. කැම්පස් එකට ගියාට පස්සේ මගේ ඒ ගතිය නැතිවුනා. ඒකෙන් මට සෑහෙන්න වාසි වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. :D අන්න ඒකනේ කියන්නේ....

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?