ශම්මිගේ යාළුවෝ

Saturday, February 16, 2013

ජීවිතය සහ මම



නව මසක් තිස්සේ සිරවී හිද පුංචි කුටියක
මව ගන්නා ආහාරවලින් ඒ කාලය පුරාම යැපී
පුංචිවට සිටි මම කළලයකින් පසු වැඩුනු කිරි කැටියකු සේ
දඟ කරන්නට ඇති පයින් ගසමින් කුස තුල සිට අම්මාගේ

කල් වේලා ආ කල්හි
දින වකවානු බලා
අම්මාවත් හඩවමින් මමද කෑ ගසා හඩමින් මෙලොවට එන්න ඇති
තවත් එක් ජීවියෙකු ලෙස

මව් කිරි වලින් යැපෙමින්
කාලයක් තිස්සේ හැමෝගෙම ආදරය මැද
පුංචි සුරතලෙකු සේ
ටිකෙන් ටික උස් මහත් වෙන්න ඇති මමත්

අමුතු අමුතු ශබ්ද හා වචන වලින් පසුව
වචනයක් දෙකක් කතා කරන්න හැකි වූ විට
හැමෝම කුතුහලයෙන් ඉන්න ඇති
මම ඉස්සෙල්ලාම කියන වචනය ගැන

අවට ඇති දේ අත පත ගගා යමින්
විටෙක ඇද වැටී හඩමින් අමාරුවෙන් වාරු ගෙන
නැගිටින්නට හදන්න ඇති මමත් දෙපයින්
පුංචි කකුල් බිම වැදුනම කෑ ගහලා අඩන්නටත් ඇති
බොරුවටත් එක්කම කදුළු පෙරාගෙන

තව ටිකක් ලොකු වෙලා මොන්ටිසෝරියෙන් පස්සෙ
මාවත් ගෙනිහිල්ලා ඉස්කෝලෙට දාන්න ඇති
පළවෙනිම දවසෙ ඉස්කෝලෙ ගියාම
තාත්තා අම්මා ඕනේ කියලා ගේට්ටුවක එල්ලිලා
මරහඩ දීලා අඩන්නටත් ඇති

ටිකෙන් ටික ලොකු වෙද්දි
ශිෂ්‍යත්වෙ
ඕ ලෙවල්
ඊට පස්සෙ ඒ ලෙවල්
ඔය ඔක්කමත් කරලා
කැම්පස් යන්න අකමැති නිසා
භාහිර උපාධියකුත් කරලා
රස්සාවක් කරන ලොකු මනුස්සයෙක් වුනා ඊට පස්සෙ කාලෙක මමත්

පස්සෙ ඉතින් ආදරේ කරලා
ආදරේට විවාහයෙන් වටිනාකම් දීලා
චූටි චූටි පැටව් ටිකක් හදාගෙන
එක වහලකට වුනා හරිම ආදරෙන්

මගේ පොඩි එවුන් ටික ලොකු වෙලා
පවුල් පන්සල් වෙලා
දැන් එයාලගෙත් පැටව් එක්ක
තවත් කාලයක් හිටියා මමත් සතුටින්

ඒත් අද
වයසක මහලු මම
රෝහලක ඇදක් උඩ ඉදන්
මෙච්චර කාලයක් ගෙවපු ජීවිතය මතක් කර කර
යන්න හදන පණ තියාගන්න අමාරුවෙන්  උත්සාහ කරනවා
වෙලාවකට හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා
තවත් වෙලාවකට රිදෙන පපුව ටිකක් අතගානව

අන්තිමේදි උත්සාහය ව්‍යර්ත වුනාම මටත් යන්න වුනා
මේ ඔක්කෝම දාලා
හැමෝම යන තැනට

දැන් මම ආයෙත් හොයනවා
ඉපදෙන්න තැනක්
කලින් වගේම වෙයි ඊට පස්සෙ


75 comments:

  1. Replies
    1. තැන්කූ සමියෝ......................

      Delete
  2. සරලයි, සුනදරයි, ගැඹුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අටම් අයියේ....

      Delete
  3. මං මේ කල්පනා කළේ උඩ පොටෝ එකෙන් මේ වෙනකොට ශම්මියා ඉන්නේ කොතැනද කියලා..3ද 4ද

    ReplyDelete
    Replies
    1. ඒ දෙක මැද්දේ 3.5 හේ ......

      Delete
    2. 3ට වඩා පෝ.....ඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා,, හැබැයි 4ට ගොඩා..........ක් මෙහායින්.. :D

      Delete
    3. 4 නම් ටොප් ඈ :D

      Delete
    4. හැ?අපිට නම් තව හෙනට කල් තියනවා 4 වෙන්න.. :D

      Delete
  4. අම්මෝ හිතල තියෙන දුර.....

    ReplyDelete
    Replies
    1. හිතන්ට එපැයි අෆ්ෆා.... එතකොටනේ මතක් වෙන්නේ වයසට යන්න කලින් තව වැඩ තියනෝ කියලා කරන්න..

      Delete
  5. හප්පේ මෙන්න මේකා බොරුත් කියලා. තාම බඳින්න හිතලාවත් නෑ. මෙන්න මෙයා කියනවා බැඳලා ..ළමයිනුත් හදලා..වයසටත් ගිහින්ලු...හි හි හී..

    මොනා උනත් මේ තමා ජීවිතය..ශම්මියා ඒක ලස්සනට පෙලගස්සලා තියෙනවා. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. හිහිහි,, බඳින්නෙ කොහිද ඇ, තව වැඩ ගොඩාරියක් තියනෝනේ...

      තැන්කූ අක්කෝ... :D

      Delete
  6. මේක කියවද්දී Shakespeare ගේ "Seven Ages of a man" කවිය මතක් උනා..මොනවා උනත් මේක තමයි ඉතිං වෙන්නේ නේද......හ්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. යා යා,, අපි ඔය කොච්චර සෙල්ලම් දාන්නෙත් හුස්ම වැටෙනකම් විතරනේ :D

      Delete
  7. ඇත්ත ශම්මි ඔයාගෙ කතාව සම්පූර්නයෙන් ඇත්ත,... ජීවිතේ හැටි ඔහොම තමා.. ඉපදෙනවා... මැරෙනවා... අනික ලස්සනට ලියල තියෙනව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට,, ඒකනේ... අන්තිමට බලන් ගියාම ඔච්චරයි වෙලා තියෙන්නේ..

      Delete
  8. ජිවන චක්‍රය, ලස්සනට ලියලා තියෙනවා ශම්මි .

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියණ්ඩියා..!!

      Delete
  9. මං නං කැමතියි එච්චර දුර යන්නැතුව ජීවන චක්‍රය දැං ඉවර වෙනවනං....

    ReplyDelete
    Replies
    1. මමත් අෆ්ෆා... නිකම් වියදම් නර නර ඉන්නවා විතරයි වගේතතත :P

      Delete
  10. Replies
    1. ඒකනේ අක්කෝ කියන්නේ.. :)

      Delete
  11. Replies
    1. මොකෝ බොලව් හිනා වෙලා විතරක් O.o

      Delete
  12. ජීවිතේ වෙනස් වන හැටි.. මට මතක් වුනේ සන්නාලියනේ ගීතය..

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුවක් ඒ වගේ තමයි... ම්ම් මමත් හරිම ආස සිංදුවක්..

      Delete
  13. පරිණාමවාදය වගේ :)

    ReplyDelete
    Replies
    1. හැ, අලේ ඔව්නේ... ඒ වගේ තමයි.. :D

      Delete
  14. මෙන්න වැඩක්! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. Replies
    1. ඔව් නිශාන්, අන්තිමට ඔච්චරයි තමයි

      Delete
  16. පිරිමි අපිටත් ඕහොමයි නංගො..!
    ඕයා කොතැනද අර චක්කරේ..!

    ReplyDelete
    Replies
    1. 3ට වඩා පෝ.....ඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා,, හැබැයි 4ට ගොඩා..........ක් මෙහායින්.. :D

      Delete
  17. ජීවිතේ මහ කුජීතයි නේහ් ????

    ReplyDelete
    Replies
    1. හික්ස්,, ඔව් බොලව්,,

      Delete
  18. නිමක් නැති සහස් ගව් දුර
    පියනගන්නේ ඇයිද මේ
    ලෙස
    සංසාර චක්‍රයෙන් මිදී
    එකවිට
    පැනයන්න සිතේ මොහොතකින්
    මට

    http://sith-nivalana.blogspot.com/2010/06/blog-post.html


    හරිම ගැඹුරු කථාවක්

    ReplyDelete
  19. සංසාරේ බවේ දුකා.

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉතින් දුක තමයි :D හික්ස්

      Delete
    2. ඒකනේ,, දුක තමයි :)

      Delete
  20. අළුත් පරිනාමවාදය මන්දා...

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියාගේ කතාව හරි වගේ

      Delete
  21. ජීවිතේ කෙළවරක් නැතුව
    තැන් තැන්වල නවාතැන් ගන්න කොට
    අපි හිතනව සුන්දරම දේ තමයි,
    මේ මොහොත කියල..

    දාර්ශනිකයන්ට ඒක පිස්සුවක්...
    ජීවිතේ කියන ඊට වඩා ගැඹුරු දෙයක්ලු...
    හැමෝම කියන්නේ එහෙමයි..
    ඒත් මට නං හිතෙන්නෙ,
    ජීවිතේ තියෙන්නෙ විදවන්න නොවෙයි විදගන්න..

    ඉතින් ඒ හින්දමද මන්ද..
    මේ රටාවට හැඩ ගැහෙන්න
    අපේ ජීවිත පුරුදු වෙලා...

    නිවන තව හුගාක් දුර හින්ද
    මාත් මෙහෙම ඇවිදගෙන යාවි..
    තැන් තැන්වල නතර වේවි...
    මැරේවි...ආයෙ උපදීවි...

    ඒත් ඒකට පිළිතුරක් නැහැ,
    සංසාරෙ ඇවිදන් යන අතරෙම..
    ජීවිතේ ලස්සනට දකින්ඩ පුරුදු වෙනවා මිසෙක!

    ReplyDelete
  22. හැක හැක ශම්මිගේ පරිනාමවාදය..... :) පට්ටයි ආ...මට මතක් වුනේ අර අපි පොඩි කාලේ අත් එකට ගගහා කරේ මොකක්දෝ එකක් සචි දැන් පොඩි ළමයෙක්,සචි දැන් ලොකු ළමයෙක් ද මොකක්ද එකක්....ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව්නේ,, මටත් පොඩි ළමයි දකිද්දි මගේ චූටි කාලේ කරපු වැඩ මතක් වෙනවා... දැන් නම් ලොකුයි කියන්නත් බෑ පොඩි කියන්නත් බෑ, අම්මලා වෙලාවකට ඔයා දෙකම කියනවාකේ.. :D

      Delete
  23. ශම්මි ලස්සනම ලස්සනයි..
    ඒ වගේම සාදිරිසටත් කියන්න ඕනේ
    වෙබ් ඩිසයිනින්ග් එක නම් ටොප් ..
    බ්ලොග් එකක් නෙවේ සයිට් එකක් මට්ටමටම
    තියෙනවා සාදිරිසෝ එල..
    පුළුවන් වෙලාවක අපේ එකත් හදල දීල පලයන්කෝ
    ටිකක් තරහ නැතුව...

    ReplyDelete
    Replies
    1. හිහිහි,, තැන්කූ සහන්........ තැන්කූ සෝ මච්... එයා බලයිනේ මේක, මමත් කියලා තියන්නම්... :D

      Delete
    2. අවුලක් නෑ , මොන විදියේ එකක්ද ඕනේ කිහයන් මචන් මම ට්‍රයි එකක් දාල එවන්නම් :D

      Delete
  24. ජීවිතේ ගතවෙන ඉක්මන. අර උඩ ෆොටෝ එකේ ආච්චි නම් තාම කෙල්ල.

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේ,, කාලය යනවා දැනෙන්නත් නෑ, අන්තිමේදී වෙච්චි දේකුත් නෑ,, හැ,, :P

      Delete
  25. පින්තුරෙට මම කැමති

    ReplyDelete
  26. මට සන්නාලියනේ ගීතය මතක්වුණා..
    අරුත් කවි පෙළක්..!

    ReplyDelete
    Replies
    1. ඕක කියපු දෙවනි කෙනා ඔයා.. හිහිහි,,
      තැන්කූ නන්ඳු

      Delete
  27. ජිවිතයේ යතාර්ථය.......

    ReplyDelete
  28. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  29. මේක තමයි ජීවන චක්‍ර‍ය...අපි හැමෝටම පොදු...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියණ්ඩියා

      Delete
  30. පිස්සු හැදෙන සංසාර චක්කරේ...පහළොස් වරක් චක්කරේට වඩා කොච්චර සංකීර්ණද....!!!

    ReplyDelete
    Replies
    1. ඇපෝ ඒකට වඩා නම් මේක මෙව්වවයි අප්පා...

      Delete
  31. ගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ හොයනවා හොයනවා අපි කවුරුද?

    ReplyDelete
    Replies
    1. ඉතින් හම්බුනාද O.o

      Delete
  32. ගොනා පසුපස එන කරත්තෙ වගෙ ( වැරදිද මංදා )

    ReplyDelete
  33. කියවල තියේද ශේක්ස්පියර්ගේ seven ages of man??

    ReplyDelete
    Replies
    1. අහලා තියේ, කියවලා නෑ.. O.o

      Delete
  34. wadiya hithanna epaa dalaa. aaith upadinne naa kawuruth....

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?