Wednesday, July 4, 2012

ආදරය ආදරයක් ම නොව,සීමාවෙන් ඔබ්බට ගිය අර්ථාන්විත බැදීමකි


නිහඩ රාත්රියක නිහඩව ම දුටුව ලස්සනම ලස්සන සිහිනයක් ලෙසින් මා සිතට ආ ඔබ.මෙතෙක් දිනක් මා නවතා දමා යළිත් කිසි දිනක නොකරමී කියා තරයේ ද සිතා සිටි එය, යළිත් සිත තුළ රැදවීමට තරම් විස්වාසයක් මා තුළ ගොඩනැගීය.සත් වසරක ආදරයක පරාජය ලැබූ මා,සියල්ලක් ම බොරැවක්,වංචාවක්, ලෙස සිතා ආදරය අතැර දමා එයින් වැළකී සිටි නමුත්, ඔබ කොහේදෝ සිට පැමිණ එවා පසෙකලමින් සිතට ඇතුලු විය.දැන් ඔබ මා සිත තුළ සදාදර ආදරයක උරැමක්කාරයා වී හමාරය.

සබද, ඔබ ආදරය හදුනනවා ද? නැද්ද ? යන්න මා නොදන්න නමුත්, මා ඔබ හදුනාගෙන අවසන්ය.එයටත් වඩා ඔබ දැන් හදෙහි ලැගුම් ගෙන හමාරය.දැන් මට වුවමනා වුවද ඔබ ව පළවා හැරීමට මට නොහැකිය.ඒ තරමට ම මම ඔබට ආදරය කරමි.





ඔබ තුළින් මට මා දැකිය නොහැක.මන්ද අප යනු මිනිසුන් දෙදෙනෙකු නිසාවෙනි.ඔබ තුළින් මට මගේ අනාගතය ද දැකිය නොහැක,කිමද ඔබත් මමත් වෙනස් වූ මංමාවත් හි යන්නන් නිසාය.නමුත් අප දෙදෙනාට ම එක වහලක් යට එකට ජීවිතය ගෙන යාමට බැරි කමක් නොමැත.ඔබ මටවත් මා ඔබටවත් කිසිම දිනක බාධාවක් වී නැත.එසේ වෙන්නේද නැත.එහෙනම් ඇයි මේ තරම් දුරස් වීමක්? ඔබ නිබද ව ප්රාර්ථනා කරන්නේ.

මව්පිය උරැමයෙන් ලද පලුද්දක් නොමැති ආදරය ඒ අයුරැන්ම ඔබ වෙත දීමට මා සිතා සිටිමි.අදටත් එම සිතුවිල්ල එකසේ පවතියි.එය සිතුවිල්ලක් ම වන්නට දී බලා සිටිනවා ද? සැබෑවක් ලෙස ඔබ ම එය අත්විදිනවා ද? යන්න ඔබට බාරයි.

අස්වැසිල්ලකින් සිතට පැමිණි ඔබ
මා සිතේ මහා පෙරළිය ක් කෙරැව ඔබ
මටවත් නොදී ඔබේ පාලනයට මා සිත නතු කරගත් ඔබ
සිහිනයක් නොවී දිනක සැබෑවක් ම වී
ආදරය හිත දරාගෙන
පාරමී පුරා මා ලැබූ ලස්සනම බලාපොරොත්තුව ලෙස
මා නෙතින් හැබෑවක් ලෙස දැක ගන්නට ඇත්නම්
මා දෑස් කොතරම් පිං කරන්නට ඇත්දැයි මටම සිතේවි
අවසරයි පෙම්බරාණනි මෙය නොසිතූ ආරම්භයක ට දොරටුවක් වේවායි ප්රාර්ථනා කරමි
ඔබට ජය ශ්රී !!!!

(ශම්මි)



2 comments:

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?