Saturday, July 7, 2012

වසන්තයේ සිත සැලුනා 4 කොටස


(23 වන දින උදෑසන)

මිලාන්,අමිල,ශිහාන්,නිෂාද්,මලිත්,කසුන්,රැවන්,චාමර,ශානක,දසුන්,රංගන,ඇන්ජලෝ...........ඔයාලා ලෑස්ති ද? ඔන්න අර කරදරකාර ටීම් එක එනවා..කොල්ලනේ..දිනලා මිසක් එන්නෙ නෑ....
නෑ එහෙම්ම ‍ගෙදර යනවා තිසර අයියෙ
හරි හරී..... ඕකට තරහ ගන්න ඕන නෑනෙ කසු...න්..


තරග පිටියට පිවිසි ඔවුහු ඉතා උද්යෝගිමත් තරගයක නිරත විය.තරගයේ මැද භාගය වන විට මිලාන් ගේ පිළ තව තවත් තියුණු ලෙස ක්රීඩා කරන්නට විය.ඒත් අවාසනාව ඔවුන් පසු පස හඹා එන බව ඔවුන් දැන සිටියේ නැත.තවත් ස්වල්ප මොහොතකින් අවාසනාව මිලාන් ගේ නළලත් ප්රදේශය සිප ගත්තේය.ඔහු ඇද වැටිනි.


මිලා......................න් දසතම කියවෙන්නේ එකම නමකි.එනම් මිලාන් ය.ඔහුගේ පාසලේ ඔහුට ආදරය කරන සහෝදර සිසුන් ගේ හඩයි ඒ.යලිත් වරක් ඔහුට ඉස්පිරිතාලය කරා යාමට සිදුවිය.එහෙත් මෙය පළමු සැරේට වඩා බරපතල විය.මෙදා ශහුව ඇතුළත් කරේ හදිසි අනතුරැ ඒකකයට ය(අයි.සී.යූ).මෙය ඔහුගේ ජීවිතයට බලවත් පෙරළියක් කරන බව මිලාන් හීනෙකින්වත් නොසිතන්න ට ඇත.ඔහුගේ නළලත කරා ඇදී ආ පන්දුවෙන් ඔහුගේ මොළය සහ ස්නායු පද්ධතිය ට විශාල හානියක් සිදු වී ඇත.එහි ප්රතිඵලයක් වශයෙන් මින්පසු ඔහුට තද දුකක් හෝ සතුටක් දැරිය නොහැක.එසේ වුවහොත් ඔහුගේ ජීවිතයට වුවද හානියක් විය හැකිය.සති දෙකකින් පමණ ඔහුගේ සෞඛ්‍ය යහපත් අතට හැරිණි.නිසලි ද මෙයින් මහත් කම්පනයට පත්විය.මිලාන් ගේ දෙමාපියන් ගත් තීරණයක් නිසා ඔවුන් දෙදෙන තවත් බියට පත්විය... මොකද ඒ තීරණය නිසා ඔවුන් දෙදෙනට වෙන්වීමට සිදුවෙන නිසාය.







(ප.ලි //මගේ මතකයේ හැටියට මේ කතාව තව කොටසකින් නැත්තන් දෙකකින් අවසන් කරන්න වෙනවා.හේතුව එතනින් එහාට වුන දේවල් මම දන්නෙ නැති නිසා.මොකද මේක මගේ හොදම යාලුවගෙ ඇත්තම ඇත්ත කතාව.ඉතින් මේ කොටස ටිකක් අඩුවෙන් දාන්න හිතුවා.කමක් නෑනෙ :D :D )


0 comments:

Post a Comment

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?