Sunday, July 22, 2012

දෙයියො දුන්න තෑග්ග


මං මේ විහිලුවක් කරනවා නෙවෙයි.ආදරේ කියන්නෙ ඒකට.ඔයා මං ළග නැති වුනත් කිලෝමීටර් ගාණක්ම ඈතින් හිටියත් ඔයා එක තත්පරේකටවත් මගේ හිතින් අයින් වෙන්නෙ නෑ.මට ඔයාව ඕන කරන,බලන්න හිතෙන ඕන වෙලාවක මගෙ ඇස් දෙක වහන පරක්කුවට ඔයා මගෙ ඉස්සරහට එනවා.ඒ මං ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ නිසා.

                   බැදීමක් කියන්නෙ දුකක් නෙවෙයි.හැබැයි අපි වැරදි කෙනෙක් එක්ක හරි අපිට නොගැලපෙන කෙනෙක් එක්ක හරි බැදීමක් ඇති කරගත්තොත් ඒක දුකක් වෙනවා.බැදීමක් කියන එක අනවශ්‍යය පීඩනයක් වෙන්නෙ නෑ.කවද හරි අපි මැරුණම අඩන්න ඉන්නෙ අපි එක්ක පොඩි හරි බැදීමක් ඇති කරගත්ත මිනිස්සු විතරයි.කොයි තරම් දේවල් කිව්වත් අපිට ඕනම වේලාවල්වලදි ඔය හැමෝම අපිව දාලා යනවා.අපේ බැදීම් තමයි ඉතුරු වෙන්නෙ.බැදීම් තමයි මනුස්සයෙකුට, සතෙකුට තමන්ගෙ ජීවිත කාලෙදි ලැබෙන වටිනම දේ.අපි කාත් එක්ක හරි බැදීමක් ඇති කරගත්තොත් අපිට තව කෙනෙක්ට ජීවිතයක් දෙන්න පුලුවන්, මේ ලෝකෙ ලස්සන බලන්න, මේ ලෝකෙට එන්න උදව්වක් වෙන්න පුලුවන්.ඒකයි ඔයයි මමයි දෙන්නම අද මෙතන ඉන්නෙ.බැදීම් කියලා කියන්නෙ අපිට ලැබෙන තෑග්ගක්.

                      හරි ඒක ගැන ඇති.මම කියන්නෙ නෑ හැම ආත්මෙම මගෙ එක්ක ඉන්න කියලා.ඒත් මේ ආත්මෙ විතරක්, මගෙ අන්තිම හුස්ම ටික ඉවර වෙනකම් මගෙ එක්ක ඉන්න පුලුවන්නම් ඔයාට....ඔයාව මගෙ ජීවිත කාලෙදි මගෙ දෙමව්පියන්ට පස්සෙ මට ලැබුණු වටිනම තෑග්ග ඔයා වෙයි..

   හැමෝවම තාත්ත වගේ දැනෙන්නෙ නෑ, හැමෝම ළග ඒ දැනෙන පරිස්සම, ආදරේ, සෙනෙහස දැනෙන්නෙ නෑ..ඒකයි ගෑණු ළමයි තමන්ගෙ තාත්තට ගොඩක් ආදරේ.ගෑණු ළමයෙක්ගෙ ලෝකෙ ඇතුළෙ තව ඕන තරම් ගෑණු අය ඉන්නවා.ඒත් එක පිරිමියාටයි ඉඩ තියෙන්නෙ ඒ එයාගෙ තාත්තා.තාත්ත ඉස්සරහදි තමන්ගෙ ආදරේ ගැන කියන්න බය වෙන්නෙ වෙන මුකුත් නිසා නෙවෙයි, තාත්තට දුක හිතෙයි කියලා.මෙච්චර කාලයක් තමන්ගෙ දුවගෙ හිතේ හිටිය එකම පිරිමියා තමන් කියන්න ඒ තාත්තා දන්නවා.ඒත් ඒ හිතට තව පිරිමි පරාණයක් ආවම තාත්තට දුකයි.දුව එයාට තියන ආදරේ අඩු කරයි,ආදරේ බෙදිලා යයි කියන්න..ඒකයි දුවව දෙන්න කලින් තාත්තාලා මේ තරම් හොයන්නෙ.මොකද ඊට පස්සෙ ආයෙ තාත්තට එයාගෙ දුව අයිති නෑ.දුවෙක් වුනත් ඒකයි හැම තැනම තමන්ගෙ තාත්තා වගේ කෙනෙක් හොයන්නෙ..ඒත් එහෙම හම්බවෙනවා අඩුයි....


  




         ම්ම්ම්ම් මට හම්බවෙලාද කොහෙද...ඒක දැනෙනවා..බොරැ කියන්න ඕන නෑනෙ මාත් කලින් ආදරේ කරා..ඒත් එහෙම දැනුනෙ නෑ..ඔයා ළග දැනෙනවා.ඒකයි කියන්නෙ මට ආයෙ  නැති කරගන්න බෑ.අහිතක් හිතන්න බෑ ඔයාට.. මං කොයිතරම් ඈතින් හිටියත් ඔයා හැමවෙලේම මගෙ හිත ඇතුලෙ ඉන්නවා..යන යන හැමතැනම මගෙත් එක්ක යනවා..පාර තොටේ කොයි තරම් අය හිටියත් ඒ කිසිම කෙනෙක් ඔයා නෙවෙයි කියන්න මම දන්නවා..මගේ ඔයා වගේ නෑ කියන්න මම දන්නවා..මං ආදරේ ඔයාටම විතරයි... ඔව් ඔයාටමයි...


ජීවත් වෙන්න ආසයි,මැණික මටත්...
එනවද මගෙ තනියට,මාත් එක්ක හුස්ම ගන්න....
දැකගන්න ආසයි තවත් වරක්...
කතා කරන ඇස් දෙකක් තියන ඔය මූණ..

වරයක් දී ඇත දෙවියන් මටත්...
ආදරේ කරන්න මුලු හදින්ම, මගෙ වස්තුවට....
ලද වරමෙන් ආදරේ කරන්නම් මම, මගෙ පණට....
මගේ දෑස් පියවෙනතුරැ, කවදා හෝ තදින්ම...

6 comments:

  1. 'ජීවත් වෙන්න ආසයි,මැණික මටත්...
    එනවද මගෙ තනියට,මාත් එක්ක හුස්ම ගන්න....' මේ මම ආසම ටික යාළු :) :) ෂෝයි!

    ReplyDelete
  2. හීහී.... ඔයාට ගොඩාක් ස්තූතියි හිරුහිමාවී..... :)

    ReplyDelete
  3. ජීවත් වෙන්න ආසයි,මැණික මටත්...
    එනවද මගෙ තනියට,මාත් එක්ක හුස්ම ගන්න....
    දැකගන්න ආසයි තවත් වරක්...
    කතා කරන ඇස් දෙකක් තියන ඔය මූණ..

    වරයක් දී ඇත දෙවියන් මටත්...
    ආදරේ කරන්න මුලු හදින්ම, මගෙ වස්තුවට....
    ලද වරමෙන් ආදරේ කරන්නම් මම, මගෙ පණට....
    මගේ දෑස් පියවෙනතුරැ, කවදා හෝ තදින්ම...

    ReplyDelete
  4. මාව පොඩ්ඩක් අල්ලගන්න....මට කලන්තෙ වගේ... හීහීහී.... <3

    ReplyDelete
  5. වාව්!!!! කියල වැඩක නෑ අන්තෙටම වැදුන... අන්තිමට තියෙන නිසඳස මාර ලස්සනයි. ආදරයක් ඔහොම දැනෙන්න ලියන්න බෑ නේ එහෙම ආදරයක් නැත්තම්...

    ජය වේවා නංගෝ!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... හිතේ තියන ආදරේ ලෝබ නැතුව දෙන්නයි, කියන්නයි, පෙන්නනයි පුළුවන්නම් ලියන්නත් පුළුවන්.. ;) ටැන්කූ අක්කෝ....!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?