Tuesday, July 17, 2012

දැකපු නැති ලංකාව


අද මං දැකපු ලස්සන තැනක් ගැන මේ කියන්න යන්නෙ...පෝස්ට් එකක් විදියට නම් දාන්න ඕන වුනේම නෑ.ඒත් මේ තැන දැක්කහම මගේ ඇස් දෙකට කදුලු ආවා.වෙන මුකුත් නිසා නෙවෙයි.මං හරි ආසයි ලස්සන ලස්සන තැන් වලට.ගිහිල්ලා ඉන්න,ඇවිදින්න,දවස් ගාණක්ම ඒ තැන්වල ලස්සන බලන්න.ඒ නිසාමයි තොරතුරැ තාක්ෂණය විෂයක් විදියට හැදෑරැවත් පස්සෙ ආසාව වෙනස් කරලා ටුවරිසම් මැනේජ්මන්ට් කරන්න ගත්තෙ..ලෝකෙ කෙසේ වෙතත් රට වටේම යන්න පුලුවන් නිසා

ඉතින් කොහොම හරි අද මං මේ තැන දැක්කෙ අහම්බෙන්.හරියටම කිව්වොත් මගේ ෆේස්බුක් එකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.ඒයා ටැග් වෙලා හිටිය පොටෝ එකකින් තමයි මේ තැන දැක්කෙ...ම්ම්ම්ම් කියන්න කණගාටුයි මම ගැනම මම මේ තැන ගැන අහලා තිබ්බට කොහොද තියෙන්නෙ,කොයි පළාතෙද, කියන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ..ඒවා කොහොම වුනත් මේ තැන මෙච්චර ලස්සනයි කියලා නම් හිතුවෙම නෑ...(හිතන්න දැකලා තිබ්බෙත් නෑ)




ඇල්ල, කදුකර ප්‍රෙද්ශයේ බණ්ඩාරවෙල නගරයේ මධ්‍යට වෙන්නට තමයි මේ ඇල්ල නගරය තියෙන්නෙ.වැඩි විස්තර වලට මෙතනින් යන්න(http://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=1&sqi=2&ved=0CE8QFjAA&url=http%3A%2F%2Fwww.nature.sarisara.com%2Fsi%2Fella.htm&ei=BUAFUP6lLM-7hAfWvdjTBw&usg=AFQjCNHypdegb4cBdZwwCI2w7bgq8Z6dBg)

සෑහෙන්න ලස්සන තැනක්.එහෙ අය ගැනයි,තමන්ගෙ රටේ ලස්සන බලන්න අකමැති අය ගැනයි නම් මම දන්නෙ නෑ.කොහොම වුනත් මට නම් අද නිධානයක් දැක්ක වගේ.මට හිතුනෙම අපි කොච්චර දුප්පත් මිනිස්සු ද කියලා.අපිට එළියට බැස්සම බලන්න තියෙන්නෙ කොන්ක්‍රීට් කැලෑවක්.ගස් හෙලවෙන,කුරැල්ලො කෑගහන,හුළගෙ සද්දෙ වෙනුවට අහන්න තියෙන්නෙ කාගෙ හරි රේඩියෝ එකක සද්දයක්,එක්කො අපේ ගෙදර,උදේට නැගිට්ටම(උදෙන්ම නැගිටින්නෙ නැති එක වෙනම කතාවක්)දකින්න තියෙන්නෙ පිණ්න නෙවෙයි තණකොළ කපන මැෂින් එකක්.ඒ නිසාම අපේ ගෙදර අය දවස් ගාණක නිවාඩුවක් ආපු ගමන්ම අවුරැද්දට කීප සැරයක්ම නුවරඑළියෙ යන්න පුරුදු වෙලා ඉන්නවා..කොච්චර සැප තිබ්බත් එළියට බැහැලා නිදහසේ ඇවිදින්නවත් බෑ.ඒකටත් වෙලාවක් වෙන්කරගෙන අර දියවන්නා ඔය ළග අලුතෙන් හදපු  පාර්ක් එකට යන්න වෙනවා.ඒකටත් ඉතින් යන්න පුලුවන් රෑට තමයි.හවසට ගියොත් වැඩිහිටියන්ට පමණයි ඒවා බලන්න වෙනවා.

දැන් බලමුකො වෙනස

මෙන්න ඇල්ල 
(ලොතු තරලා බලන්න පින්තූරෙ උඩින් පොඩි තට්ටුවක් දාන්න)










මේ තියෙන්නෙ දියවන්නා ඔය ළග අලුතෙන් හදපු පාර්ක් එක



2 comments:

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?