Wednesday, July 11, 2012

නමක් තියන,නිමක් නොවන බලාපොරොත්තුවක්


හිතාගන්න බැරි පැත්තකට ජීවිතේ ගලාගෙන යද්දි.කවමදාවත් බලාපොරොත්තු නොවුනු මිනිස්සු ජීවිතේ ඇතුළට එද්දි.මේ ජීවිතේ කොච්චර නම් පුදුමද කියලා හිතෙනවා.


මුලු ලෝකෙම කියලා මවාගෙන හිටපු දේවල් එක තැනකද බොරැවක් වංචාවක් වෙලා නවතිද්දි.කොහේදෝ තිබ්බ දෙයක් හිත ඇතුළට මදිවට දැන් ජීවිතේ ඇතුළටත් ඇවිල්ලා මේ තරම් පෙරළියක් කරයි කියලා නිකන්වත් හිතුවෙ නෑ.ඒ මොනවා වුනත් හැමදාම බලාපොරැත්තු වුනු ආදරේ අහම්බෙන් ආපු ඔයාගෙන් ලැබෙද්දි හැමදාම මෙතන නැවතිලා ඉන්න තියනවනම්,කාලය නැවතිලාම තියනවනම්,ඔයා ගාවම නතර වෙන්න තියනවනම් කියලා හිතෙන වාර අනන්තයි.ඔයා මට ආදරේ නෑ කියලා ඔයාම කියද්දිත් මට තව තවත් ඔයාටම ආදරේ හිතෙන්නෙ මං තවත් ඔයාටම ආදරේ කරන්නෙ ඇයි කියන ප්රශ්නෙත් හිත උඩට එනවා.ඒත් ආයෙ ඒ හිතම කියනවා මනුස්සයෙක් ළග තියෙන්න ඕන මනුස්සකම අවංකකම වගේ අනිත් හැම ගතිගුණයක්මත් කිසිම අඩුවක් නැතුව තියන ඔයාට ආදරේ කරන්න ලැබුන එකත් වාසනාවක් කියලා..


ඇහැකටවත් නොදැක මාස ගාණක් ආදරේ කරපු ඔය රෑපෙ.. ඇස් දෙකට දැක්කම ආපු සතුටු කදුලු නවත්තන් හිටියෙ හරිම අමාරැවෙන්.ඒ වෙන මුකුත් නිසා නෙවෙයි.මෙච්චර දවස් ආදරේ කරේ ඔය හිතට,ගතිගුණ වලට.ඒවාගෙන් දැකපු ලස්සන ඔය රෑපෙනුත් දැක්කම තවත් ආදරේ හිතුනා ඇත්තමයි.ඔක්කමටත් වඩා හිත ඇදිලා ගියෙ ඔය ඇස් දෙකට.හරිම පිරිසුදුයි.වර්ණනා කරන්න උපමාවක්වත්,රෑපකයක්වත් නෑ මට.ඒ තරම් ලස්සනයි.ඇස් වහක් කට වහක් නැතුව හැමදාම පරිස්සම් වෙලා තියෙන්න ඕන.ඔය ඇස් දෙක දිහා බලපු හැම තත්පරේකම හිතුනෙ හැමදාටම බල බල ඉන්න ඔය ඇස් දෙක මටම අයිතිවුනා නම් කියලා.එහෙනම් මුලු ජීවිතේම බලාගෙන ඉන්න තිබුනා.






අද දවසට කී සැරයක් නම් හිතුනද ළගට ඇවිත් කනට ළංවෙලා මං ඔයාට ආදරෙයි කියලා කියන්න.එහෙම වුනානම් මට ඔය දගකාර ඇස් දෙක කියන හැමදේම අහගන්නත් තිබුණා.


ටිකක් විතර(ටිකක් වැඩිපුර) ගොරෝසු වුනාට ලස්සන කටහඩක් තිබුනෙ.හැමදේම කියනවා,හැමදේම කියලා දෙනවා,ගූගල් මැප් එක වගේ දන්න නොදන්න දෙකුත් නෑ.මං තරමටම නැති වුනත් දන්න නිසා දන්නවා සෑහෙන්න දගයි කියලා.ඒත් ඒ දගකාරකම් ඇතුළෙ හැන්ගිලා තියන හිත මං මේ වෙනකොටත් අදුරගෙන ඉවරයි.


දන්නෙ නෑ මටම ලැබෙයි ද? නැද්ද? කියන්න කොහොම වුනත් මං බලාගෙන ඉන්නවා.හේතුව වැරදි දෙයක් ගැන නෙවෙයි මං බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.මං ගොඩාක් ආදරේ කරන ඔයා ගැන.මං බලාගෙන ඉන්නෙ ඔයා එයි කියලා නෙවෙයි.මාව ඔයා ළගට එක්කන් යයි කියලා.මං බලාපොරොත්තු වෙන්නෙ ඔයා මගෙත් එක්ක හැමදාම ඉදියි කියලා නෙවෙයි.ඔයා මගෙ ජීවිතේම කොටසක් වෙයි කියලා...මේ හැම බලාපොරොත්තුවක් එක්කම මම නවතිනවා.පුලුවන් වුනොත් දවසක මට ඔයාගෙ ජීවිතේ ඔයාගෙම ආදරේ වෙන්න පුලුවන් වෙයි කියලා හිතාගෙනම....


 

"පැටලිනි දෙතොල එක මත එක අප දෙදෙන
උණුසුම දැනුනෙ ඔබ පපුතුරෙ හිස තැබුණ
නොදැණුනි ලෝකය කොහිසිට කොයිබටද
දැණුන එකම දෙය ඔබ පමණයි සබද"

2 comments:

  1. ගොඩක් හිතට දැනෙන විදියට ලියන්න ඔයා දන්නවා :)

    ReplyDelete
  2. කොච්චර හිතට දැනෙන්න ඕන විදියට ලිව්වත් දැනෙන්න ඕන මිනිස්සුන්ගෙ හිත් වලට දැනෙන්නෙ නැති වුනාම මගෙ නම් හිත රිදෙනවා.

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?