Thursday, July 5, 2012

වසන්තයේ සිත සැලුනා 2 කොටස




             එය අලුත් අවුරැද්දකි නිසලි දැන් 10 වන ශ්රේණියේ සිසුවියක් වන අතර මිලාන් 12 වන ශ්රේණියේ කොළඹ ප්රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමින් සිටී.දැන් මිලාන් යනු ඉතා කාර්යයබහුල සිසුවෙකි.ඔහුට තම ජීවිතයේ වැදගත්ම කඩඉමක් වන උසස් පෙළ විභාගයටද සාර්ථක අයුරින් පෙනී සිටීමට අවශ්‍යය අතර තම ක්රීඩා කෞෂල්‍ය වර්ධනය කර ගැනීමට ද අවශ්‍ය වී ඇත.ඔහුගේ ප්රියතම හා දක්ෂතම ක්රීඩාව වන්නේ ක්රිකට් කිරීඩාවයි.ඔහු 21 න් පහළ  ක්රිකට් (තම පාසලේ) කණ්ඩායමේ නායකත්වය ද දරයි.දිනක් ඔහු තම ක්රිකට් පුහුණුවට සහභාගී වී සිටින වේලාවක දී වේගයෙන් පැමිණි පන්දුවක් ඔහුගේ නළලත ප්රදේශයේ තදින් වැදුනි.


හෙලෝ ආන්ටි මිලාන් හොස්පිටල් එකේ බෝලයක් ඔලුවෙ වැදිලා.
මොනවා
ඉක්මනට එන්න ආන්ටි ජෙනරල් හොස්පිටල්


------කොළඹ මහ රෝහල------


මිලාන්ගේ මව - රිදෙනවද පුතා
මිලාන් - ටිකක්, දැන් හරි අම්මා
(දුරකථනය නාද වෙයි)


හේලෝ මේ මිලාන් පුතාගෙ අම්මා නාලනී ද?
ඔව් මේනකා කියන්න
පුතා හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා කසුනි දුව කෝල් කරලා කිව්වා, ඇත්තද?
අනේ ඔව් මේනකා, පුතා ප්රැක්ටිස් කරද්දි බෝලයක් ඇවිත් ඔලුවෙ වැදිලා. දැන් ජෙනරල් හොස්පිටල් ඉන්නෙ.


(නිසලි සහ ඇගේ මව මිලාන් බැලීමට මහ රෝහලට පැමිණෙයි)


නිසලි ගේ මව - කොහොමද පුතා දැන් අමාරැ?
මිලාන් - හොදයි ආන්ටි,
මිලාන් ගේ මව - මේනකා පොඩ්ඩක් එළියට යන්ද?
නිසලි ගේ මව - දූ ඉන්න, අයියට මුකුත් ඕන වුනොත්
..........................................................................................
නිසලි - ගොඩක් රිදෙනව ද අයියා.
මිලාන් - කලින් නම් ටිකක් රිදුනා, ඔයා දැක්ක ගමන් ඒකත් ගියා.
නිසලි - අයිය ට නම් මෙතනත් විහිලු, කසුන් මට කිව්වම මම හොදටම බය වුනා.
මිලාන් - තුවාල වුනු මමවත් බය වුනේ නෑ, පැත්තක හිටපු මෙයා බය වෙලානෙ.
නිසලි - අයියට මොනා හරි වුනා නම් එහෙම
මිලාන් - පිස්සි


          එම වර්ෂය මෙවැනි සුන්දර හා අසුන්දර සිදුවීම් අතර අවසන් වී ගියේය.මෙය තවත් අලුත් අවුරැද්දකි.දැන් එකොලොස් වන ශ්රේණියේ පසුවන නිසලි ට යමක් තේරැම් ගැනීට හැකිය.ඇය ට වඩා දෙඅවුරැද්දක් වැඩිමල් මිලාන් හට සිදුවී ඇත්තේ මේ වසරේ පෙනී සිටීමට නියමිත උසස් පෙළ විභාගය ට මැරීගෙන පාඩම් කිරීමට ය.මේ වස‍රේ මොවුන්ට මොනාකාරයේ සිදුවීම් වලට මුහුණ දීමට සිදුවේවිද??

2 comments:

  1. mata ithiri kalla one ikamanata balanna :O , monawda une ? kauda a :O

    ReplyDelete
  2. puluwan ikmanatama dennam...mmm balan innakoo..mokada wenne kiyala..

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?