Thursday, September 5, 2013

අපි අපේ නම්..!!

හම්මේ............ මාස 2 1/2ට පස්සේ ඔන්න ආයෙත් ආවෝ................. ^_^ (කොච්චර දවසකටද දන්නෑ ඇ) බ්ලොග් එකට ආවෙත් නෑ,අනිත් බ්ලොග් කියෙව්වෙ නැති එකටත් සමාවෙන්නෝනි, ඒ ගැන කීප දෙනෙක්ම අහලා තිබ්බා,නම් වශයෙන් කියන්න බෑ,එක නමක් හරි මගඇරුනොත් ඒම බැනුම් අහන්නත්  වෙයි.. හරි දැන් පෝස්ට් එකට, 
.
.
.
.
.
.
.
.
.
.


මේ මෝඩයෝ... මොකක්ද කිව්වෙ? ඔයා තරහින් වගේ ඒක ඇහුවේ මූණත් රතු කරගෙනම.. ඒක හරි ලස්සනයි හැබැයි.., කොහොම ඔය විදියට බලන්න පුරුදු වෙලාද මන්දා, ඇස් දෙකත් කරකවලා, ඇස් පිල්ලම් ගහන්නෙවත් නැතිව බලන් ඉන්න විදියට බයත් හිතෙනවා හැබැයි පුදුම තරම් ආදරේ හිතෙනවා, මට නම් හිතෙන්නෙම  ඔයා මගේ ජීවිතේ ඇතුළටම එබිකම් කරනවා කියලා ඔය බැල්මෙන්ම.. නැහ්, මම මේ කියන්න හැදුවේ ඇවිද්දා ඇති නේද? කකුල් දෙකත් රිදෙනවා දැන්නම්.. හහ්, මගේ එක්ක ඉන්නවා නම් ඇවිදින්න වෙයි ඔයාට මීටත් වඩා, හොදද කොළඹ නෝනා.. මේ ඔය කොළඹ කතාව කියාගෙන එන්න එපා හරිද.. මමත් තරහින්ම කිව්වා.. ඔයාට නම් හිනා, මම කොළඹ තමයි, ඒ වුනාට චාරයක් නැතුව හැදිච්ච සංකර කෙල්ලේක නෙවෙයි හරිද, අපෝ හරි හරි.. මොකද ඉතින් තද වෙලා... ඒක කියන ගමන් ඔයා සද්දෙට හිනා වෙනවා... හ්ම්, හරි දැන් අපි කොහෙද යන්නෙ මේ, ඇයි දැන් ඔයාම නේද කිව්වෙ ඇවිදින්න එක්ක යන්න කියලා ඔයාව, ම්ම් ඔව්.. කිව්වා.. ඉතින් මේ ඇවිදිනවා තමයි, දැන් එනවා යන්න ඔතනට වෙලා හති අරින්නෙ නැතිව, මම ඇස් දෙකත් ලොකු කරන්ම ඔයා දිහා බලන් හිටියේ ඉල්ලන් කෑවා නේද කියලා හිතාගෙනම වගේ.. කෝම වුනත් තවත් තරහා ගස්සනවට වැඩිය නැගිටලා යන එක හොදයි, 




        මම නැගිටලා දුවන් ඇවිත් අතේ එල්ලිලා ඔයාගේ මූණ දිහා බැලුවා, මොකෝ..?? ඔයා ඇහුවේ නිකම් ගහගන්න වගේ.. හිනා වෙලාම අතත් අල්ලන්  මම අඩි කීපයක් ඉස්සරහට ගියේ ඔයාගේ ලොකු අතට හිරවෙච්ච මගේ අත තවත් හිර කරගන්න ගමන්මයි.. මැරෙනකම්ම ඔයාගේ අත් දෙකට හිරවෙලා ඉන්න පුළුවන් වෙයි නේද මට.., නානාප්‍රකාර දේවල් හිත හිත තව තව ඒවා කියව කියව අපි පැය 4කට වඩා ඇවිදින්න ඇති, මගේ කරච්චලේ අහලා ඇතිම වෙලාද කොහෙද ඔයා කිව්වෙ දැන්වත් ඔය කියවිල්ල නවත්තනවා කියලා, මම තව ටිකක් තුරුල් වෙලා කියවන්න ගත්තේ තව තරහා ගස්සන්නමයි.. ඔයා මගේ මූණ දිහා බැලුවේ මේකිට කියලා වැඩක් නෑ කියන්න වගේ.. තරහා ගියාම හිනා වෙන එක තමයි මම ආසම ඔයාගේ.. 




ඒ මේ?(මම ඇහුවා) ඔය මගේ දිහා බැලුවේ නිකම් ඒ සරේ මොකද කියලා අහන්න වගේ, කවදා හරි අපි බැන්ඳාම අපේ ළමයි ඔයා වගේ වෙන්න ඕනි.. (මම කීවේ හීන මවන ගමන්මයි) ඒ කිව්වේ? නෑ ඔයා සුදුයි ලස්සනයිනේ, ඉතින් ළමයි තාත්තා වගේ වුනාම එයාලත් ඔයා වගේ ලස්සන වෙයිනෙ, (ඔයා රවලා වගේ මගෙ මූණ දිහා බැලුවේ) මම තව ටිකක් ඇස චූටි කරලා ඔයාගේ මූණට එබුනා,ඊ ලගට ඔයා මොනවද කියන්නෙ බලන්න, ම්ම්,, නැ නැ, ළමයි ඔයා වගේ වෙන්න ඕනි, ගතිගුණ මගේ වගේ වුනාම ඇති  ... ඇයි? හැයි නෙවෙයි, මගේ පෙනුම ඇවිල්ලා ඔයාගේ ගතිගුණ ආවොත් එහෙම ළමයිනුත් කියවන්න ගනී, ඊට පස්සෙ ඔයාගෙයි එයාලගෙයි සේරගෙම කරච්චලේ අහන් ඉන්න වෙන්නෙ අහිංසක මටනේ, (ඔයා මට නෝන්ඩියට වගේ එහෙම කියන ගමන් හිනා වෙනවා) මම හයියෙන් පාරක් ඔයාට ගහලා තල්ලු කරලා දැම්මා, ඔයා ආයෙත් මාව ලගට ඇදලා ගත්තේ මෙන්න මෙහෙට එනවා කියන ගමන්මයි... 




වෙලාව ගියා තේරුණේම නෑ, අපි කියව කියව අපේ ගෙදර ළඟටම ආවා,තේ එකක් එහෙම බීලා, අම්මයි තාත්තයි එක්ක කතා කරලා ඔයා යන්න හදන්නෙ, එක තත්පරේකට හැමදේම නතර වුනා වගේ, ඒ කියන්නෙ දැන් ඔයා යනවා, ආයේ තව දවස් දෙක තුනකින් දකිනකල් මට ඔයාව දකින්න වෙන්නෙ නෑ,බොළඳකම නෙවෙයි,ඒත් ඇස්වලට නොදැනිම කඳුලු පිරීගෙන ආවේ හෙට නැතිනම් අනිද්දා දවසක හම්බවෙනකම් ඔය අතේ එල්ලිලා රණ්ඩුවේවි කියවන්න හම්බවෙන්නෙ නෑ කියලා හිතුන නිසා,ඒක පිස්සුවක්, හැමෝම කියයි, ඔව්,මටත් එහෙම හිතෙනවා,ඒ වුනාට ආදරේ වැඩි ඕනවටත් වඩා ඔයාට,දැනෙනවද නැද්ද දන්නෙත් නෑ ඒත් ඒක ඔයාට?, අපි රංඩු වෙනවා,දවසක් දෙකක් කතා නොකර ඉන්නවා,ඊට පස්සෙ ආයේ යාළුවෙනවා,ඒත් කවදාවත් ළඟින් ඉද්දි කොච්චර රංඩු වුනත් ඔයාවත් මමවත් ඒක දුර අරන් යන්නෙ නෑ,එක්කො මම ඔයාට නැතිනම් ඔයා මට පාරක් ගහලා ඒක එතනින්ම නවත්තනවා,ඒක නිසත් ඈතින් ඉන්නවට වඩා ළඟට වෙලා ඇස් දෙකට පේන මානයේ ඔයා ඉන්නවා නම් මම ආසයි, 




                     කමක් නෑ එක්කෝ, කවදහරි දවසක් එයි, සුබ ගමන් කියනවා වෙනුවට සුබ රාත්‍රියක් කියලා දෙන්නට දෙන්නා කියන්න පුළුවන් වෙන,තාත්තා මාව අතින් අල්ලන් එක්කන් ඇවිල්ලා ඔයාගේ අත උඩින් මගේ අත තියලා මාව ඔයාටම බාරදෙන,ටිකක් කල් යාවි, තවමත් රණ්ඩු කර කර ඉන්න පුංචි එවන් දෙන්නෙක්නෙ අපි..




මැට්ටියේ... (ඔයා කතා කරා මවාගත්තු තරහින් වගේ) මම ඔයා දිහා බැලුවා ඇයි අහන්න වගේ, ඔයා බනිනවා හෝ ගාලා,කොයි ලෝකෙද මෙච්චර වෙලා හිටියේ මම දැන් කී සැරයක් ඔයාට මම ගිහින් එන්නම් කිව්වද කියලා, ඒ වෙද්දි අම්මයි තාත්තයි ආපහු එයාලගේ වැඩ වලට ගිහින් තිබ්බා, මම පැනලා ඔයාට තුරුල් වුනා, ආයේ කවද්ද මාව බලන්න එන්නේ?මාව හැමතැනම එක්කන් යන්නේ? කකුල් රිදෙනකම් ඇවිද්දව ඇවිද්දව? අව්වෙ පිච්චි පිච්චි? ඔයා හිමින් මගේ ඔලුව අතගාලා නළලටත් හිමින් හාදුවක් දෙන ගමන්, ඉක්මනට කියලා, මාවත් අතින් අල්ලන් ටික දුරක් ගිහින් මට ගිහින් එන්නම් කියලා යන්න ගියා,, 





ළඟින් ඉන්නම් හැමදාම,ජීවිතේ කොයි අතකට පෙරලුනත්,කොච්චර ප්‍රශ්න ආවත්,අපි අපේ නම්..!! 














68 comments:

  1. ^_^ මොකද මන්දා මේක කියවද්දී මට අර රුෂා කියන කුරුළු පැටියව මතක් වුනා :v

    ReplyDelete
    Replies
    1. රූෂා කියන්නෙ මයෙ කුරුළු පැටියා O.o

      Delete
  2. මටනං මේක කියවලා මැරෙන්න හිනා....
    අර කොළඹ උං සංකරයි අනං මනං ටෝක් දාං එන්න එපා ඈ..
    ඔය ගං වල කෙල්ලන්ට වඩානං කොළඹ උං දාහෙං සම්පතයි.. මොක නැතත් යටිං ගේම් දෙන්නැති එකම ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒම කියන්නත් එපා ඇ, කොළඹ ඉන්නවා සමහරක් උදවිය හිතන් ඉන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඉන්නේ කියලා, තව සමහරක් අය ඉන්නවා ගම්වල ඉදන් ඇවිත් අවුරුද්දකදි දෙකකදි කොලොම්බු වෙනවා :v තවත් අය ඉන්නවා ගම්වල හැදිච්ච දෙමව්ලියෝ නගෙරට ඇවිත් පදිංචි වුන නිසා ගැමි ගතිය තියන් කොළඹ ඉන්නවා,තව අය ඉන්නවා ගම්වලයි නගෙරෙයි හැදිච්චි දෙමව්පියන්ගෙ දරුවෝ නිසා ගමයි නගරෙයි දෙකම ශේප් කොරන් ඉන්නවා ^_^ සාමාන්‍ය විදියට,හැදිච්චකමත් තියන්,ගැමි නොවි..

      ගම්වල කියලත් හොද අය නැත්තෙ නෑ බොලව්,අපේ තාත්තලා දිහා 50% හොදයි 50% කතා කරලා වැඩක් නෑ..

      මුනා වුනත් ගමේ මිනිස්සු ලෙංගතුයි.. (මිනිස්සු ඇ,ගෑල්ලමයි ගැන මන්දන්නෑ) -_-

      Delete
    2. @තරියා... අනේ මගේ කට..

      Delete
    3. ඇයි මක්කවත් වෙලයි මලයෝ

      Delete
    4. ඒම කියන්නත් එපා ඇ, කොළඹ ඉන්නවා සමහරක් උදවිය හිතන් ඉන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඉන්නේ කියලා, තව සමහරක් අය ඉන්නවා ගම්වල ඉදන් ඇවිත් අවුරුද්දකදි දෙකකදි කොලොම්බු වෙනවා :v තවත් අය ඉන්නවා ගම්වල හැදිච්ච දෙමව්ලියෝ නගෙරට ඇවිත් පදිංචි වුන නිසා ගැමි ගතිය තියන් කොළඹ ඉන්නවා,තව අය ඉන්නවා ගම්වලයි නගෙරෙයි හැදිච්චි දෙමව්පියන්ගෙ දරුවෝ නිසා ගමයි නගරෙයි දෙකම ශේප් කොරන් ඉන්නවා ^_^ සාමාන්‍ය විදියට,හැදිච්චකමත් තියන්,ගැමි නොවි..

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. අනිවාර්යෙන් කොළඹ කෙල්ලෙක් ලෙස ශම්මි අක්කාගේ ඉහත උපුටා ඇති අදහසට ගරු කරමි... ජය වේවා!!

      Delete
    6. හැක්ස්..... අන්න නගා... ;)

      Delete
  3. O.o mukakda do me kathawa dakala purudui wage :D

    ReplyDelete
    Replies
    1. දැකලා නෙවෙයි, අහලා පුරුදු ඇති ;)

      Delete
    2. විඳලත් පුරුදු ඇති මයේ හිතේ... :v

      සිරාවට බැඳපල්ලකෝ ඉක්කනට... :/ අපිත් නිදහස් එතකොට :3

      Delete
    3. සුදු මාතියා, මැරුම් කනවද? තව ජීවත් වෙනවද?

      Delete
  4. හෆොයි හෆොයි! මෙන්න මෙයා හරිම මාන්දමික අප්පිරියා හිතෙන ලව් කතාවක් හොයාගෙන ඇවිත්! :P

    ReplyDelete
    Replies
    1. මරණවා ඇ, මාස 2 1/2ට පස්සේ දාපු එකටත් අනන් මනන් කියන්න එන්නේ >:O

      Delete
  5. මේ කතාවෙ කෙල්ල ටිකක් මෝඩ පහේ එකියක්ලු.. කොල්ලට දැන් ගලව ගන්න බැරුවලු ඉන්නෙ.. පව් අහිංසක කොළුවා :P

    (කොහේ බ්ලොග් ලියන්නද ඉතිං, දවසම බෙල්ලෙ එල්ලියා පර්ස් එක හිස් කර කර රවුම් ගහන කොට... හි..හී)

    ReplyDelete
    Replies
    1. දූපිය යන්න යසිත්.. :/
      //කොල්ලට දැන් ගලව ගන්න බැරුවලු ඉන්නෙ.. // මෙක නම් ඇත්ත ඇ :D හිකිස්

      අටම් අය්යා - >:O

      Delete
  6. බලන් ගියාම ළමය කවුරු වගේ වෙන්න ඕනෙද කියල හැමෝම රණ්ඩු වෙනවද කොහෙද!:D

    ReplyDelete
    Replies
    1. අපේ නම් තාත්තා වගේ වුනාම හොදයි :D

      Delete
  7. මොකක් ළමයි අරූ වගේ වෙන්න..දෙයයිංගේ පිහිටයි..දැනට ඉන්නේ එක අවලමයි..තව එවුන් බිහිවුණොත් අපිට වෙන්න හිටගෙන වහ බොන්න..උඹලා දෙන්නා ප්‍රදර්ශන බලනවා කියලා ගිහින් ඕවද කලේ බං

    ReplyDelete
    Replies
    1. හෑ? මේක ඇත්ත කතාවක් නෙවේ අය්යණ්ඩියේ.. :O
      සම්පූර්ණයෙන්ම මනංකල්පිතයි :3

      Delete
  8. ඒක නේන්නම් අපේ පැත්තටත් ඇවිල්ලා නැහැ....කොහෙද මටත් බ්ලොග් පැත්ත පලාතකට පහුගිය දොහේ එන්න බැරි වුනා නේ.....

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අය්යණ්ඩි, බ්ලොග් වලට ආව නැති එකම හේතුව නම් ගිය ටිකේම කම්මැලි වුනා, අම්මත් අසනීම වුන නිසා එක දිගටම, ඒ වැඩක් එක්ක එන්න හිතුනේ නෑ.. :)

      Delete
  9. එතකොට බ්ලොග් ලියන්න කියවන්න බැරි උනේ ඇවිදින්න ඊය නිසාද?

    ReplyDelete
    Replies
    1. ඇවිදින්න ගියේ නෑ අලේ ^_^ මනංකල්පිතයි මනංකල්පිතයි
      (එහෙන් මෙහෙම් ඇත්ත කතාබහත් තිනෝ)

      Delete
  10. Replies
    1. ගුම් මෝර්නින්ග් ඇ :D

      Delete
  11. ඔය රණ්ඩුවෙන යාලුවෙන එක නං හැමෝගෙම ලව්වල තියන දෙයක් මයෙ හිතේ

    ReplyDelete
    Replies
    1. :D හික්ස්, අපිම තමයි යාළු වෙන්නෝනි, නැතිනම් ඉන්නාව බැන බැන ;)

      Delete
  12. O.o අත්දැකීම්ද මන්දා...?
    කතාව හොඳයි මොකක හරි ඉලෙක්ට්‍රොනික ගතියක් තියෙනවනේ :/

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් එහෙන් මෙහෙන් ඇති, කතාව මනංකල්පිතය.. :D
      කතා නායකයාගේද? :v

      Delete
  13. ළමයි කතාවනන් නගො මේ පැත්තෙත් ඔහොම්මමයි ^_^

    ReplyDelete
    Replies
    1. බලන් ගියාහ කොහෙත් එකයි වගේ නෙහ් :D

      Delete
  14. ශාම්මිගේ මේ පෝස්ට් කළාවට මම හරි ආසයි.. බොහොම ආසාවෙන් බැලුවා.. ඒ වගේම උඩ කියලා තියෙන කතාවත් හිතට වැදුණා බොහොම.. පුංචි කෙල්ල ටික ටික ලොකු වෙන බව තේරෙනවා අදහස් වලින්.. ඒ ගැන සතුටුයි ශම්මි.. සුබ පතනවා හැම දේටම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන් ^_^

      Delete
    2. @SilentSahan

      //පුංචි කෙල්ල// :)
      හොකෑස්.. අපේ ආච්චිගෙ වයස මේකිට....

      Delete
    3. දූපිය යන්න... මට තවම 21ක්වත් නෑ :/

      Delete
  15. ලස්සන පෝස්ට් එකක් ශම්මි. රණ්ඩු වෙන යාළුවෙන එක නම් හැමෝගෙම තියනවා වගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හික්ස්, ක්මෙන්ට්ස් ටික කියෙව්වාම මටත් ඒකම හිතුනා ;)

      Delete
  16. ශම්මි... පට්ට ලස්සනයි... මගේ ජීවිතේත් ඔහොමම තමා... අපි රන්ඩු වෙනවා... යාලුවෙනවා... මරා ගන්නව.... උපරිම රන්ඩුවක් පැයක් වත් නෑ කොටින්ම කියනවනම්,.... ඇත්තටම ආදරේ හිතෙනව මේක දැකල.... මගේ එකීටත් පිස්සු.. ටිකක් නෙමෙයි හොදටම....

    ReplyDelete
    Replies
    1. //මගේ එකීටත් පිස්සු?// හිකිස්.. ^_^ අපේ නම් දෙන්නටම පිස්සු.. :D

      Delete
  17. චී මල් කතා... අයි හේට් දෙම්!!! :p මොක උනත් කතාව හොඳයි, ඉක්මනට බැන්දපල්ලා :D 3:)

    ReplyDelete
    Replies
    1. //ඉක්මනට බැන්දපල්ලා//

      ඔවු අප්පා :/

      Delete
    2. හැක්, හලි ආසයිනේ :P

      Delete
  18. හරිම ජුගුප්සාජනකයි අප්පා. මේ පට්ට හීතලේ වෙව්ල වෙව්ලු මේ වගේ මෙව්වා එකක් කියෙව්වාම අනේ මන්දා ඉතින්.

    ReplyDelete
    Replies
    1. :3 බොට ඉතින් මම කියන්නැ >:O

      Delete
  19. //ළඟින් ඉන්නම් හැමදාම,ජීවිතේ කොයි අතකට පෙරලුනත්,කොච්චර ප්‍රශ්න ආවත්,අපි අපේ නම්..//

    බොහොම ලස්සන අදහසක්. හැබෑ ආදරයක් නම් මගෙන් ඔන්න කප්පරක් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතී .. :D
      පුලුවන් වෙලාවක් තිබ්බොත් ආයේ එන්න.. ^_^

      Delete
  20. අෆ්ෆා...යකෝ මේකේ ආදරේ කෑලි කෑලි විසිවෙනවනේ.
    අපේ කටවල් වල හිටන්. ඊයා....
    ආයෙනම් එන්නේ නෑ පැත්ත පලාතේ. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ?... මේකට ඉලිසියාව ඇ ^_^ :P

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කෝ බොල ක්මෙන්ට් එක? :O

      Delete
  22. හාලේ අලිම චෝයි අලිම චෝයි ^_^

    මං මේක කියෝල ටික දොහක්.. රෑ දාපු දාසෙම පෝං එකෙන් කියෙව්වෙ.. කමෙන්ට් දන්න ආව දැං..

    බොල , ලියු දිගටම දැං ආයෙ යන්නෙ නැතුව ..

    ReplyDelete
    Replies
    1. හික්ස්, අර මරණ තර්ජනය කරපු අය අතරින් බොලත් එක්කෙනක් :D ලියන්නම්.. වෙලාවක් ආවාම.. :D

      Delete
  23. අපි පොඩි ළමයි.. මෙව්වා කියවන්නෑ!!!

    ReplyDelete
    Replies
    1. හෑ? දැන් කවදා ඉදන්ද පොඩි උනේ? :P

      Delete
  24. දිග ඒවා කොටන්න වෙලා නෑ...මම ඇවිල්ලා ගියෝ...

    ReplyDelete
  25. කොළඹ ඉන්න හැම කෙල්ලම සංකර නැහැ. :D

    ReplyDelete
  26. Replies
    1. වෙලාව කියන දේ දැන් සෑහෙන්නම අඩුයි සහන්, ඒකමයි ප්‍රශ්නෙ.. :)

      Delete
  27. කදිම ලියමනක්..ප්‍රේමනීය ගද්‍ය කොටසක් වගේ..අපේ සිංහල පොතෙත් මේ වගේ ආදර කතා දාන්න ඕන..එතකොට පොඩි උන්ට ලව් එස් එම් එස් එකක් වුනත් කදිමට ගහන්න හැකියාව ලැබේවි.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න පොඩ්ඩෝ ආදරේ කරන්නෙ වයසේ වැරද්දටයි රැල්ලටයිනේ

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?