Tuesday, June 25, 2013

අවුරුද්දයිලු



2013.06.26 වෙනිදට මගේ බ්ලොගේට අවුරුද්දයිලු ^_^ 




හැබැයි පෝස්ට් 100ක් සම්පූර්ණ කරලා නෑලු :(


මේ කාලේ ඇතුළතදි සයිබර් සිහින උළෙලකට ගියා, බ්ලොග් ගෙට්ටුවකට ගියා, හුඟක් අයව අඳුන ගත්තා.. කතාබහ කරා, සුට්ටි ප්‍ර‍ශ්ණයකට තියෙන්නේ මේ ටිකේ බ්ලොග් එකට එන්න වෙන්න ඩිංගක් අමාරුයි (කම්මැලිකම නිසා) :D 

ඔන්න ඉතින්ම මුලින්ම බ්ලොග් ලෝකෙට ආරාධනා කරලා, බ්ලොගේ හදා දීලා,ටෙම්පලේට් එක පවා දාලා දීලා, ආආ ඒ විතරක් නෙවෙයි, මේ කියා ගන්න බැරි නමත් දාලා දුන්නෙ ඔක්කම මගේ සාදිරිස් තමයි :D ^_^  


හලි, ඊටත් පස්සේ, මෙච්චර කාලයක් තිස්සේ මම ලියන ඒවා කියවලා, බ්ලොග් එකට ඇවිල්ලා, පේජ් එකත් ලයික් කරලා, ලියන ඒවට ක්මෙන්ට් කරලා, හොද නරක කියා දීපු ඔයාලා හැමෝටමත් ගොඩා......රියක් ස්තූතියි,


                     මින් ඉස්සරහටත් පුළුවන් හැමවෙලාවකම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න එන්න හොදේ 




ඔන්න ඔය පහළින් තියන කොටුවෙ මම ගැනයි මගේ බ්ලොග් එක ගැනයි හිතෙන දේ කියලම ගියා නම්



82 comments:

  1. අෆ්ෆට සිලි මයි ඪීපස් සිමුප හුටා ඒක නෙවෙයිනේ කියන්න ඕනි. මෙනි ඇපි රි..සැක් මතක් වෙන්නෑනේ කියන්න දෙයක් ඔය මොකක් හරි. හැපි වෙඩින් ඇන්ඩ් ෆියුනරල් ඇනිවසරි එකක් වේවා...

    ReplyDelete
    Replies
    1. මුනා බොලව් මේ කියවන්නේ? :O :O :O හෑ, හාකෝ,, ඒමම එක්ක වේවා.. O.o

      Delete
  2. හැපී මෙව්වා එකක් වේවා! දිගට ම බ්ලොග් අවකාශේ රැඳී ඉන්න ඉඩ ලැබේවා! (කම්මැලි මර ගාතේ හරි :D)

    ReplyDelete
    Replies
    1. හැක්,, තැන්කූ ධාරා,, ඔව් ඔව්, වරහන් ඇතුලේ කීව එක නම් වේවි ;)

      Delete
  3. මේ බ්ලොග් හදලා දීල කෙල්ලො නොහික්මුණු එවුන් කරන කොල්ලට මොකද කොරන්න ඕන මේ වෙලාවේ. ඕකව අහුවුණානං දැං කසාද බන්දලා දෙනවා මේකිව.

    හා හා.. කලබල වෙන්න එපා... අපේ උණුසුම් සුබ පැතුම් ...... ඉතින් වෙනදා වගේම දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා. අරූගේ උණුසුමත් ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ඔයි පිස්සුද නලින් අයියා , මගුලක් කතා කොඅරන්ව :D

      Delete
    2. //කෙල්ලො //අදේ සාදිරිසා, බොලා වෙන වෙන එවනුන්ටත් හදා දුන්නද ඇ?? කියපිය කියපිය :/
      //ඕකව අහුවුණානං දැං කසාද බන්දලා දෙනවා මේකිව.// මේ කෑල්ල නම් පට්ටයි,, මං ඒකව අල්ලන් එන්නද අංකල් ^_^ හෙහ් හෙහ් හේ... තැන්කූ.......

      අදේ මං කියාගත්තු සාදිරිස්, දූපිය යන්න

      Delete
  4. අඩෝ අවුරුද්දක් ගියාද???? නිකන් ඊයේ පෙරේදා වගේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බොලව්,, හැක්,, තවමත් අපි අලුත් ඇ ^_^

      Delete
  5. මගේ සුබ පැතුම්... කෝ අපිට කේක් කෑල්ලක් වත් දෙන්නේ නැතිද?

    ReplyDelete
    Replies
    1. තැන්කූ අය්ලාෂ් අය්යා,, දෙන්නම් දෙන්නම්,, ඊළග සැරේ ගෙට්ටුවෙදි ;)

      Delete
  6. එහෙනං අපිත් ආවලු. සුභත් පැතුවලු. සාදිරිසට දෙක් තුනකුත් නෙළුවලු. අපි ගියාලු. ඊළග අවුරුද්දේ එන්නංලු.. වැරදුනා ඔයා ලටපට ප්‍රසන්න නෙමෙයි නේ..හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. සාදිරිස්ට ගැහුවේ අයි? :O ආවට ස්තූතියි, සුබ පැතුම් වටලත් ^_^
      //ලටපට ප්‍රසන්න // ඒ කවුද?

      Delete
    2. ආ මේ දෙමළ ණ යන්න අය්යනේ, එයා වෙනයි මම වෙනයි, O.o ඇයි ඒම ඇහුවෙ?

      Delete
  7. තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ජෝන් අය්යේ...

      Delete
  8. හැපී වෙඩින් ඇනිවසරි එකක් වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. හුටා.... ඔව් ඒම එක්ක වේවා.. O.o

      Delete
  9. ෂැක් මටත් පාටිය ගන්ඩ තිබ්බේ අවුරුද්දට

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගන්ඩ එපැයි අප්පා.. :/

      Delete
  10. සුභ උපන්දිනයක්! ඔයා දැන් ලොකු ලමයෙක්

    ReplyDelete
    Replies
    1. ඒකනේ මතං, මම දැන් ඔකුයි යකුනේ ^_^

      Delete
  11. සුබ මෙව්වා එකක් වේවා...........<3 :D
    දිගින් දිගටම කියවන්න පුළුවන් දේවල් ලියවෙතවා :D

    ReplyDelete
    Replies
    1. ^_^ 100 වෙනි පෝස්ටුව උයා ලියලා දෙත්වා... ඒස්වාහ් පුහ්!!

      Delete
  12. Replies
    1. තැන්කු තැන්කූ රෙපා අය්යණ්ඩියේ.... ^_^ ^_^ :D

      Delete
  13. බොලා ගැන නොකියමි...
    බ්ලොගය එලය...

    හැපී ඇණිවසරි සම්මියෝ....

    ReplyDelete
    Replies
    1. හපුච්චියේ මෙයත් ඇවිත්... තැන්කූ වේවා... ^_^

      Delete
    2. වල්කම් බොලව්!!

      Delete
  14. අඩේ සුබ පැතුම්..... කම්මැලි නැතුව ඇවිත් තව තව පෝස්ට් ලියන්න හිතෙත්වා.... :)

    ReplyDelete
    Replies
    1. :D :D තැන්කූ වේවා....... බලමුකෝ ;)

      Delete
  15. බොටත් අවුරුද්දක්ද..!
    ජය වේවා..නංගියෝ..!

    කම්මැලියි..කිව්ව..බෝව කොටියම කාපිය...
    අර නිශානයට වෙච්ච දෙයක් දන්නවද..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ නිශානයා :)

      Delete
    2. ස්තූතියි අය්යණ්ඩියේ... හෑ, අදේ මාව කොටියා කෑවම අරකට මුකක් වෙයිද?
      නිශානයාව අද උදේම මට මතක් වුනා, කලින් එක ඩිඇක්ටිව් කියලා දැක්කා, පස්සේ මේකා වෙන එකකින් රික්වෙස්ට් එක්ක දාලා මූණූ පොතේ, මම දන්නැති නිසා බ්ලොක් කරලා, මේන් සාදිරිසා කියනවා ඒකව බ්ලොක් කරලා ඇයි කියලා, පස්සේ මමම රික්වෙස්ට් එකක් දැම්මා, මේන් මේකා බනිනවා මට, :/

      ඔය ඉන්නේ නරියා

      Delete
  16. හැපී බ්ලොගිවසරි ශම්මියෝ! තවත් අවුරුදු ගානක් ලියන්න දෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ නිශානයෝ.......... ^_^ ආයේ අතුරුදහන් නොවී හිටු ඇ :/

      Delete
    2. @නිශාන්..

      කොහෙද බං ගියේ පහුගිය ටිකේ..

      Delete
  17. සුභපැතුම්..!!! තව අවුරුදු ගානක් ලියන්න ලැබේවා !!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අය්යණෟඩියේ.. :D

      Delete
  18. හැපි ඇණවසසොරි කිව්ව..

    ///මේ කාලේ ඇතුළතදි සයිබර් සිහින උළෙලකට ගියා, බ්ලොග් ගෙට්ටුවකට ගියා, හුඟක් අයව අඳුන ගත්තා.. කතාබහ කරා, ////

    තට්ටු උනේ සාදිරිසගෙ පොකැට් එකටලු. :)

    ReplyDelete
    Replies
    1. හැක්, මම ඒකට කිව්වා, මම මගේ ඒවා කොරගන්නම් කියලා, ඒ වුනාට එයා ඒම නෑ, ^_^ එයාගේ පොකට් එකට තමයි තට්ටු වුනේ, පව් අලේ..

      තැන්කූ වේවා... :D

      Delete
  19. පස්වාන් දහසක් ආයු බෝ වේවා !! රට වැසියන් වැඩි වැඩියෙන් බ්ලොග් ලියත්වා

    ReplyDelete
    Replies
    1. හැ? ඒ සැරේ මේකා රජ මාළිගාවේ වැඩ බාරගෙනද? :O

      Delete
  20. ශම්මිට දිග කාලයක් බ්ලොග් කෙරුවාවේ නිරත වෙන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සුබ පැතුම් ශම්මි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී.........!! ^_^

      Delete
  21. සුබ පැතුම් ශම්මි..දිගින් දිගටම ලියන්න ලස්සන ලස්සන පෝස්ට්..මම ආසම ඔයාගේ අර පින්තූර කතා පෝස්ට් වලට තමයි..මම මුළින්ම ආවෙත් ඔයා " මේක පිරිමි ළමයින්ට තේරෙන්නේ නැහැ " කියලා දාපු පෝස්ට් එකට...ඒ වගේ ඒවට මම කැමතියි..පුංචි දුවලව මතක් වෙනවා ඔයාගේ ඒ වැඩ දකිද්දී...

    දැන් අම්මට කොහොමද සනීපද හිටියට වඩා..?

    දිගටම ලියන්න ශම්මි...සුබ පැතුම් වාසනාවන්ත ජීවිතෙකට...

    ReplyDelete
    Replies
    1. තැන්කූ................. සහන්...... ඉස්සරහටත් ඒ වගේ පෝස්ට් දෙක තුනක් දාන්නම්කෝ, කීප දෙනෙක්ම කීවා :D

      ඔව්, අම්මට දැන් හුඟක් හොදයි, ස්තූතියි ඇහුවට :)

      ^_^ ස්තූතියි...!!

      Delete
  22. Replies
    1. ටැන්ක්‍යු වේවා...!

      Delete
  23. උපන් දිනේ ලබද්දි අපිත් ඕන් මේ පැත්තට ගොඩ උනා.
    සුභම සුභ මෙව්ව එකක් වෙවා ඕන්.

    ReplyDelete
    Replies
    1. අදේ, උපන් දිනේ දවසෙම ඇවිල්ලා මෙයා.. :D ස්තූතියි ආවට, ඉඩක් ලැබුනම ආයේ එන්නකෝ..
      හිහි, තැන්කූ... ^_^

      Delete
  24. සුභ පැතුම් ශම්මියෝ

    ReplyDelete
    Replies
    1. උයාගේ උපන් දිනෙත් අදයි නේද?? ^_^ උයාටත් සුබ පැතුම් අක්කියෝ...

      Delete
  25. චුටි නංගියට අවුරුද්දක් වෙලාද? එහෙනම් හරබර වදන් එක්ක පෝස්ට් වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. ^_^ මමත් දැන් ඔකුයි.. ස්තූතියි අක්කෝ... !!!

      Delete
  26. හැක් පිස්සු ලෝකයක්, පිස්සු නෙවෙයි, අත්හදා බැලීමක්.. :D

    දිනක හැරමිටිය පසෙකලා බ්ලොග් ලිපියක් කොටන්න හැකි වේවා ශම්මි අක්කියෝ ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්,, හප්පොච්චියෝ.... හැරමිටියෙන් යද්දිත් බ්ලොග් ලියන්ට?? හැක්, ඒකත් කමක් නෑ නේ :D
      තැන්කූ මල්ලෝ....

      Delete
  27. අඩේ .... ෂම්මි කෙල්ල ලොකූ................වෙලා.

    සුබ පැතුම්, ආඃ.............. කම්මැලි නැතුව ලියන්ටෝන, හරිය. අපි කම්මැලි නැති වෙලාවක ඇවිත් කියවල යන්නම්.

    ReplyDelete
    Replies
    1. :D ඒකලේ අලේ.... මම දැන් ඔකුයි :D අවුරුද්දයිලුනේ.....
      හලී....... උයාලත් කම්මැලි නැතිව එන්න ඕනි හොදේ...
      ස්තූතියි සුබ පැතුම් වලට :D

      Delete
  28. මම සුභ පතන්නෙ නැතුව ශම්මිගෙ හිතට හරි නෑ කියල මම දන්නවා......හික්ස්‍‍‍

    සුභ සුභ උපන්දිනයක් වේවා.....

    දිගටම ලියන්න ඕනි ඉතින් හොදේ ලොකු ළමයි කම්මැලි නැතිලු ඒක මතක තියාගන්න ඕනි....

    ජයම වේවා ශම්මි කෙල්ලේ

    ReplyDelete
    Replies
    1. සිත්තමී අක්කියත් ඇවිත් ^_^ ඒකනේ ඒකනේ,, දැන් ඔකු නිසා කම්මැලි නැතිව ලියන්න ඕනි ඒනම්.. :D
      ස්තූතියි අක්කෝ... !!

      Delete
  29. සුබ පැතුම් අවුරුද්දට! දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කූ සිතුවෝ....... ^_^

      Delete
  30. සුභ පැතුම් ශම්මියෝ....!!!
    තව තවත් බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ සමනළී... ඒත් මම් බැලුවා උයා මොකෝ පරක්කු කියලා.. :D

      Delete
  31. i wish u shammiya digatama radi sitinna :D (Dimuthu)

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිමුතු...................!! ^_^

      Delete
  32. මේ දවස් වල බ්ලොග් උපන්දින බොහොමයි නෙ. මගෙ බ්ලොග් එකෙත් උපන්දිනේ තිබිල මට ඒක අමතක වුනා නෙ.. මගෙ උපන්දිනෙත් අමතක වෙන මට බ්ලොග් එක ගැන කවර කතා ද.. :)

    එහෙනම් ඔන්න ශම්මිගෙ බ්ලොග් එකට සුබ පැතුම් මගෙනුත්.. !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යණ්ඩියේ,, අනේ අපි ඒකට පාර්ටියක් ගමුකෝ ඉක්කනටම, අමතක කරන්ට එපා, කීවෙනි උපන් දිනේද?

      Delete
    2. එක එක.. මාත් තව පොඩි එකෙක් :)

      Delete
  33. ශම්මියෝ ...හැපි ඇනිවසරි කිව්වා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩෝ..... පරක්කු වුනාට සොරි...

      Delete
  34. ප්‍රමාද උනත් මගෙනුත් ඔන්න සුබ පැතුම් අවුරුද්දට !

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රමාදය ගැනත් කණගාටුව,, තැන්කූ වේවා...

      Delete
  35. සෑහෙන්න පරක්කු වෙලා ඔන්න මමත් සුභ බ්ලොග්වසරියකට ආසිරි පතනවා...ජය !

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ... :D

      Delete
  36. ඔන්න නංගිය පරක්කු වෙලා හරි මගේ සුභ පැතුම්. අද කාලේ බ්ලොග් කාරයෝ මොකද මේ කම්මැලි වෙලා

    ReplyDelete
    Replies
    1. අනේ අය්යණෟඩියේ මම මගේ බ්ලොග් එකට ආවෙත් සෑහෙන කාලෙකින්, අනිත් අය ගැන කුමට කතාද :D
      තැන්කූ හොදේ..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?