Sunday, May 19, 2013

සියදිවි හානි කරගත්තා ඇය





බඩගිනි කීවා
හිතේ සතුටක් නැතිව 
බඩට කෑම වැඩක් නෑ කීවා
බලෙන්ම කැව්වත්
බත් කටත් බත් කටක් ගානෙම
හිතේ වේදනාව කඳුළු කැට වෙලා
කම්මුල් දිගේ ගලාගෙන ගියා
නොකා ඉන්නවටත් බැනුම් ඇහුවා
බඩගිනි තමයි
හිතේ සතුටක් නැතුව බඩට කෑම වැටිලා මොකටද
ඒකයි ඇයගේ ප්‍ර‍ශ්නෙකුත් නොවුන උත්තරය වුනේ
සතුට හෙව්වා ඇය
ටිකින් ටික ලොකු වෙද්දි
ඇයගෙන් ඈත් වෙලා ගියපු හිනාව හෙව්වා
ආදරේ හෙව්වා ඇය
කාගෙන්වත් නොලැබුණු තරම්
හැමෝටම වැඩිය තමන්ව වටිනවා කියලා හිතන කෙනෙක්
ඇය වෙනුවෙන්ම විතරක්
තමන්ගෙ ඇස් ඉස්සරහා කඩා වැටුණු 
ඇගේ ලෝකය හදාගන්න ඇය උත්සාහ කරා
හැමදේම කාලෙකදි හරිගියා
හැමදේම
ඒත්....
පුරුදු විදියටම
ටික කාලයක් යද්දි
ජීවිතේ පුරුදු විදියටම
ඇයව සරදමකට ගත්තා
අඩලා හෙම්බත් වුණ ඇය
වේදනාවෙන් මිරිකුනු ඇය
ඉවසීමෙන් මහන්සියට පත්වුණු ඇය
කඩාගෙන වැටුණා
තමන්ගෙම ජීවිතය ඉස්සරහා
තීරණයක් ගත්තා අන්තිමේදි
අවසානයක් දකින්න
හැමදේකම
හ්ම්ම්ම්ම් ඔව්
සියදිවි හානිකරගත්තා...
අන්තිමට ඒකටත් වැරදිකාරි වුනේ ඇයමයි..
ඒත් ඇගේ පැත්තෙනුත් හිතුවා නම්
ඇගේ හිතේ තිබුණු දේ දැනගන්න තිබ්බා
තමන්ගෙ ජීවිතේ බෙදාගන්න,සතුට බෙදාගන්න,දුක කියන්න
තමන්ගෙ මූණට හිනාවක් අරන් ළගින් ඉන්න
ළග ඉදන් සැනසෙන්න, සනසවන්න තරම් 
හැඟීමකින් බැඳුණු බැඳීම් ඔක්කම නැති වුනායින් පස්සෙ
උපාධි අරන්, සල්ලි හොයලා, මැරෙණකම් රස්සාවක් කරලා,
ගෙවල්, වාහන, වතුපිටි අරන් දේපළ තියාගෙන මොකටද?? 
සියදිවි හානිකරගත්තෙ වෙන මොකටවත් නෙවෙයි
දුක්ඛිත භවයක අවසානය
සතුටක් නැතත් අඩුම තරමින් සැනසීමෙන් ඉන්න පුළුවන්
තවත් භවයක ආරම්භයක් වේවි නේද කියලා?
මේ ලෝකෙ හොද අය දෙන්නයි
එක්කෙනෙක් මිය ගිහින්
අනිකා තවමත් ඉපදිලා නෑ
දැන් මමත් ඒ දෙන්නගෙන් කෙනෙක් 



62 comments:

  1. බොළද වැඩි , මගේ නම් ඔය පොස්ටුවට කැමැත්තක් නෑ , අර නාඩිය ඕකට ගැලපෙන පොස්ට් එකක් දාල තිබ්බ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ පොල්ලෙන් ගැහුව වගේ කියලා.

      Delete
    2. හු යේ ... මේක තමයි.. දාන ඕනි කොමෙන්ටුව...

      Delete
    3. ආව්ව්ව්,, කනට රතිඤ්ඤා දැම්මා වගේ නොහික්මුණු අය්යා,, :P (බනින්නමයි ඉන්නේ මෙයා)

      Delete
  2. මොනවා කින්නද ? නොතේරේ ...

    ReplyDelete
    Replies
    1. :D මුනා හරි කියන්ටකෝ..

      Delete
  3. ප්‍රශ්න වලින් මග ඇරලා ජිවිතේ විනාෂකරගන්න එක විසදුමක් නෙමෙයිනේ :( හිත හයිය කරගන්න ඕනේ ""කොහොමහරි""

    //මේ ලෝකෙ හොද අය දෙන්නයි
    එක්කෙනෙක් මිය ගිහින්
    අනිකා තවමත් ඉපදිලා නෑ
    දැන් මමත් ඒ දෙන්නගෙන් කෙනෙක් // ටියුබ් ලයිට් වගේ :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවට නම් එකගයි මමත්, ඒත් හිත හදන්නවත්, සැනසෙන්න වචනයක් කියන්නවත් ළගින් තමන්ගෙ කියලා කෙනෙක් ඇත්තටම නැති වුනාම වැඩක් නෑ කියලා හිතෙන්න ඇති,

      ආආ ඒ මේකනේ, මේ ලෝකේ හොදයි කියලා කියන්න දෙන්නයිලු ඉන්නෙ, එක්කෙනක් මැරිලා, අනිත් කෙනා ඉපදිලා නෑ, හරියටම බැලුවොත් දෙකම එකයි,, ඒ කියන්නෙ උන් දෙන්නම මේ ලෝකේ නෑ :D

      Delete
  4. මෙව්වා මාන්දමික සිතුවිලි

    ReplyDelete
    Replies
    1. හරි මාන්දමිකය් තමයි අප්පා

      Delete
  5. මට මේකේ කියවෙන අර්තය ගැන පුදුමාකාර තරහක් තියෙන්නේ අක්කේ. මොකද මගේ හොදම යාළුවෙක් ඔය විදියටම හිතලා ජිවිතේ නැති කරගත්තා. ඉතිං එකෙන් විදෙව්වේ අපි.

    ReplyDelete
    Replies
    1. බැඳීමක් නැතුව, අර්තයක් නැතුව හුස්ම ගන්න මළමිනියක් වගේ ඉදලා වැඩක් නෑ කියලා හිතෙන්න ඇති මල්ලියා දෙන්නටම,, අනේ මන්දා,, :)

      Delete
  6. කාපිය අද පරිප්පු..

    ReplyDelete
    Replies
    1. පරිප්පුව නම් හැමදාම කනවා අප්පා..

      Delete
  7. මැරෙන්නේ ඇයි අප්පා ප්‍රශ්නවලට බයේ.

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍ශ්නවලට බයේ නෙවෙයිලුනේ සිතුම්, ඕනම කෙනෙක් කඩාවැටෙන වෙලාවක් එනවා,, හැම අතින්ම ප්‍ර‍ශ්න නම් සැනසීමක් ගෙනෙන තැනක් ඇත්තෙම නැතිනම්, අවුරුදු ගාණක් ඉවසලා ඉවසලා කරන්න පුළුවන් හැමදේමත් කරලා බැරිවුනාම සැනසීම හොයන්න තමයි මරණයේ පිහිට පතන්නේතත (Y)

      Delete
    2. ප්‍රශ්න වලට බයේ නෙමෙයි*
      මරණයේ පිහිට *

      ( අඩේ සම්මියෝ.. මට නම් හුකෑස් තමයි ) :D

      Delete
    3. උයා මගේ පොස්ට් එක ස්පෑම් කොර කොර යනවා .. :/

      Delete
  8. හපන්කම කියන්නේ ප්‍රශ්නවලින් පැනලා යන එක නෙවෙයි ඒ ප්‍රශ්නවලට මූණ දීලා ජීවත් වෙන එක.මිනිස් ආත්මය කියන්නෙ කොයි තරම් වටින දෙයක්ද කියන එක නොතේරුම් ගත්තකමේ විපාක තමයි සියදිවිනසාගැනීම් කියන්නෙ.ඒ දේ කරන අයට දොස් කියලා වැඩක් නෑ කළ යුත්තේ වඩා ලස්සන සමාජයක් හදව එක.

    ReplyDelete
    Replies
    1. කාත් කවුරුවත් නැතිව තමන්ගෙ දුක සතුට බෙදාගන්න කෙනෙක් නැතුව, ප්‍ර‍ශ්න වලින් මිරිකිලා ඉන්න බෑ කියලා හිතෙන්න ඇති නංගියා,, අඩන වෙලාවට කඳුලු පිහදාන්න හරි කෙනෙක් නැතිව කෝමද ඇත්තටම කාත් කවුරුත් නැති අසරණයෙක් වගේ ජීවත් වෙන්න කියලා හිතෙන්න ඇති, එහෙම වුනාම ඉතින් මරණය හොදයි, අනික සමාජය හදන්න රටේ ලොක්කටවත් බැරි කොට ඒක නිකම් බොරු කතාවක්, සමාජය හදන්න බැ, තමන්ව හදාගන්න එකයි තමන්ගෙන් පස්සෙ අයයයි පුළු පුළුවන් විදියට තමන්ගෙ අවට අයයි හදන්න නම් උත්සාහයක්වත් ගන්න පුළුවන්..

      Delete
  9. මරණය කියන්නේ හරිම සුන්දර දෙයක් ...හොඳටම අසරණ උන වෙලාවට අපි ලඟට එන සුමිතුරා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්,, ඇත්ත සහන්,, හැබැයි සම්පූර්නෙන්ම පිළිගන්නත් බැ, මොකද දෙයක් වුන ගමන් මම මැරෙනවා කියලා මෝඩ වැඩ කරන සමාජෙක අපි ඉන්නෙ,, මිනිස්සුන්ගෙ ජීවිත ඇතුලට එබිලා බලපුවාම ගොඩක් අයට විසදගන්න බැරි ගොඩාක් ප්‍ර‍ශ්ණ .ියනවා,ඒවගෙන් හුගක්ම ඒ ඒ අය විහින් ඇති කරගත්තු එව්වා,,ඒවාගේ දේකට මැරෙනවා නම් ඒක ඉතින් ඒ මනුස්සයගේ මෝඩකම විතරක් නෙවෙයි පරාදයි එයා ජීවිතෙන්ම, ඒත් අනිත් අය විහින් ඇතිකරගත්තු දේවල් නිසා පැත්තක ඉන්න අය දුක් විදිනවා නම් සමහර විට එයාට මරණය තමයි ලොකුම පිහිට වෙන්නේ.. :)

      Delete
    2. මේකිට උබ යස අගේට ගැලපෙනවා ඔහොම හිතද්දී :D

      Delete

    3. දැන් ඉතින් ගැලපිලා මක්කක් කරන්නැයි බන් ..:(

      Delete
    4. ශම්මි මොකද පේන්න නැත්තේ වැඩිය මේ දවස් වල....?

      Delete
    5. හික් හික්,, කම්මැලි වෙලා සහන්,, පෝස්ට් ලියන්න කම්මැලි.. :D

      Delete
  10. මරණය කියන්නේ හැමදේටම විසඳුම නෙවෙයි ශම්මි. සමහර වෙලාවට ජීවත් වෙන එකම තමයි ලොකුම විසඳුම වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ මම නොවෙයි බොලව්,, මම යස අගේට ඉන්නේ මේ(තවම) අරමුණක් නැති ජීවිතයකයි ආත්මයක් නැති ශරීරයකයි වැඩි වෙනසක් නෑ නේද?

      Delete
  11. ගෑණු දරුවෙක් ලියන තැනක් නේද , මට ඉන්නේ පුතුන් තිදෙනෙක්

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට බුදු අයියේ.. නැත්තම් අයියගේත් හිත අවුල් යනවා මේකිගේ පොස්ට් කියවලා

      Delete
    2. campden house - අය්යණ්ඩියා, මේකා කියන ඒවා වැඩිය හිතන්නන එපා ඇ,, ප්‍ර‍දීප් අය්යා ළගදිම පිස්සන් කොටුවට කුදලන් යන්න ඉන්නේ මෙයාව..

      Delete
  12. අහ්.. මරණයක් නේ?

    ReplyDelete
    Replies
    1. නෑ බොලව්,, දානයක් .. :D

      Delete
  13. shammi mage comment ekak spam wela ..tikak balanna...

    ReplyDelete
  14. කියන්න දෙයක් නෑ වගේ.....

    ReplyDelete
  15. මැරෙන එක පණ යන වැඩක්.. ලේසි නෑ.

    ReplyDelete
  16. අමාරුවෙන් හම්බුන මනුස්ස ජීවිතෙ විහින් නැතිකරගෙන අපාගත වෙන්නෙ මොකටද හෆ්ෆා..,

    ප්‍රශ්න වලදි, ජීවිතෙ නැති කරන් විසදුම් හොයන එකටනම් මම කැමති නෑ.. අමාරු තැන් වලදි ජිවත් වෙලා පෙන්වන එක තමා හපන්කම. කියන්න ලෙසි වෙයි, ඒත් මැරෙන එක විසඳුමක් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. මමත් නම් පොඩ්ඩක්වත් කැමති නෑ,, එහෙම වෙනවා කියන්නෙ ඒක ඒ මනුස්සයගේ දුර්වලකමක් විදියට මම දකින්නෙත්, ඒත් තමන්ගෙ දුක සතුට බෙදාගන්න, කියාගන්නවත් කෙනෙක් නැති වුනොත් සමහර විට ඕනෙම කෙනෙක් ඒ තීරණේට එන්න පුළුවන් කියලා හිතෙනෝ හිතුවෝ.. O.o

      Delete
  17. ඉතින් ඊට පස්සේ මුකෑ වුනේ? එයා සතූ...ටෙන් කුමාරයා එක්ක ජීවත් වුනාද?

    ReplyDelete
    Replies
    1. හිටුකෝ පොතේ ඉතිරි ටිකත් කියවලා කියන්න :P

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. කප්පරක් බලාපොරොත්තු පොඩි බැදන් හිටියනම්
    ඒවා හීනම වෙලා මැකිල යනවනම්
    කියා ගන්න කෙනෙකුත් ළඟ පාතක නැතිනම්
    වෙලාවකට හිතනවා මැරෙන්නම ඕනි කියල
    තුවාලේ තියෙන කෙනාට වේදනාව දැනෙනවා වගේ
    අනිත් අය මොනවා කිව්වත් ප්‍රශ්නවලදී
    අපි හැමෝම ගොඩක් අසරණ වෙනවා

    එත් දුක දරාගෙන, ඕනිම ප්‍රශ්නයකට මූණ දෙන්න පුලුවන්නම් නම්
    ඒක තමයි ලොකුම ජයග්‍රහණය

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා පොඩ්ඩෝ... කියන තරම් හැමදේම ලේසිත් නෑනේ,,

      ආආ ඒක නෙවෙයි,, සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!

      Delete
  20. බැඳුණු බැඳීම් ඔක්කම නැති වුනායින් පස්සෙ
    උපාධි අරන්, සල්ලි හොයලා, මැරෙණකම් රස්සාවක් කරලා,
    ගෙවල්, වාහන, වතුපිටි අරන් දේපළ තියාගෙන මොකටද??


    සහතික ඇත්ත.....

    ReplyDelete
    Replies
    1. හෙක්,, ඇති යන්තම් එක්කෙනක්ටවත් තේරිලා තියනවා.. :D

      Delete
  21. මේ ලෝකේ තනියම ජීවත් වුණ එක ම එක කෙනා එයා නෙමෙයිනේ. ඉතින්, ඒක මැරෙන්න තරම් හේතුවක් ද? මැරෙන්න හේතු දාහක් තියෙන්න පුළුවන්. ඒත් ජීවත් වෙන්න එක ම එක හේතුවක් හරි හොයා ගන්න පුළුවන් නං ඒ කෙනා ඇත්තට ම ජීවත් වෙන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත ධාරා, ඒත් තමන්ට ඉන්න එකම කෙනා තමන් විතරයි කියලා තමන් තනියම කාත් කවුරුත් තමන්ට නෑ කියන දේ හිතට ආවාම ඔය වගේ තීරණේකට එන්න බැරිකමක් නැ නේද?

      අද නේද ඉස්සෙල්ලාම ආවේ?? සාදරයෙන් පිළිගන්නවා ඔයාවත්!! :)

      Delete
  22. මොකක්ද මනුස්සයෝ මේ ?

    ReplyDelete
    Replies
    1. ඇයි බොට අකුරු කියවන්න බැරිද මනුත්තයෝ.. ? :/

      Delete
  23. තේරුනේ නැහැ නේ... තුන් පාරක්ම කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. හප්පොච්චි තාත්තේ,, උයා ආපු පළවෙනිම දවසේ දැකපු පෝස්ට් එක තේරුනේ නැද්ද?? ඒමයි කියලා ආයේ නෑවිත් ඉන්න එපා හොදේ :(

      Delete
  24. Dimuthu: niyamay shammi Oooo

    ReplyDelete
    Replies
    1. :D තැන්කූ දිමුතු.... !!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?