Tuesday, May 14, 2013

මතක් වේවිද?




හිතෙනවා දුරකට යන්න
නුඹ ගැන මගේ හිතේ මහ ගොඩක් පිරී ඇති
ආදරෙත් හංගගෙන
යළිත් නොඑන්නට කරදරයක් වන්නට නුඹට

යන්නම් මම මතකයක් පමණක්ම වී නුඹට
කොහොමද තවත් වදයක් වෙන්නේ
ආදරෙත් නෑනේ නුඹ මට
සමහර විට නුඹ මගේ මතයකටවත් ආදරේ කරාවී
මතකයේ හිටියොත් මම
ඒකත් ඇතිනේ මුකුත් නැති මට

ඉතින්
යන්න තරම් හිත හයිය නැති වුනත් යන්න හදන්නේ
ඉන්නවට වඩා යන එක හොදයි මම
මට නෙමේ නුඹට
එළවන එළවන තරමට ආයෙත් ළගටම එන්න
කෙනෙක් නැති වෙයි මින්පස්සේ
හිත සතුටින් නුඹ ඉන්න
පුළුවන්නම් මතකයක් පමණකවත් හිතේ ලියාගන්න
මතකයේ තියාගන්න
මම කවදටත් නුඹට
මහ ගොඩක් ආදරය කරන බව!! 





ගිය දවසට මතක් වේවි ද නුඹට 


කරදරයක් වෙවී ළගට වෙලා කියවපු හැටි මම




යන්න කියලා එළෙව්වමත් ආයේ දුවන් ආපු හැටි


 මොකක් හරි මෝඩ වැඩක් කරලා ඔයාගෙන් බැනුම් ඇහුවාම සමාව ඉල්ලපු හැටි












ඔයා තරහා වුනාම බලෙන්ම යාළු කරගත්තු හැටි





මතක් වේවිද නුඹට,, ළගට වෙලා හිටපු හැටි මම?? 




දවසක ආපහු හැරිලා බැලුවාම ජීවිතේ දිහා,, පාළු හිතේවිද? මම නැතුව?? 







51 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හැම එකටම ඒ අහිංසකයා අල්ලගන්න එපා බොලව් :(

      Delete
    2. හුම්ම් හුම්ම් සොරී :\

      Delete
    3. :O අම්මපා මේකට විහිළුවක් තේරෙන්නෙ ෑනේ.. :/ සෙද්ද

      Delete
  2. මම නම් දන්නවා. හැම දේම කාලයට භාර දෙන්න. සුදුසු දේ වෙයි.

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක ගොඩක් ගැටළු විසදෙනවා. ඔයා හරි අයියේ.

      Delete
    2. ප්‍ර‍දීප් අය්යේ, දැන් ඒවා හරි, :)
      කසුන් - අනේ මන්දා අප්පා, ඔය කාලය කියන එකාව නම් මම විස්වාස කරන්නේම නෑ..

      Delete
  3. ඇත්තටම ලස්සනට හදල තියෙනවා ඔක්කොම.... පට්ටම ලස්සනයි......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ,, තැන්කූ.. ^_^

      Delete
  4. අපූරුයි අපූරුයි.මට නම් අග හරියට යන කොට හිනාගියා..)))

    ReplyDelete
    Replies
    1. ඇ, ඇයි අදෝ නංගි හිනා වුනේ,??

      Delete
    2. සාදිරිස්ගෙ මූණෙ ෆ්ලැට් ගතිය දැකලා..)))

      Delete
  5. මේ කෙල්ලටත් හිතෙන දේවල්.... මරු මරු...

    ReplyDelete
    Replies
    1. :D හික්ස්,, ඒකනේ නලීන් අංකල්.. ;)

      Delete
  6. මොකෑ මේ ...........

    ReplyDelete
  7. කවි ටිකට වඩා රූප ටික මරු... ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්,, ඔව් ඔව්,, අප් ෆිල්ම් එකේ.. :D

      Delete
  8. අනේ හරිම ලස්සනයි පින්තූරටිකත් ෂෝයි කෙල්ලේ

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කෝ.... ^_^

      Delete
  9. නියමයි නියමයි

    පින්තූරත් එක්ක බලද්දි හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සසිනියෝ..... !!

      Delete
  10. පිස්සු ඩබල් වේගෙන එනෝ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඇ? ප්‍ර‍දීප් අය්යේ,.......... මෙන්න මෙතන එකෙක් ඉන්නවා..

      Delete
  11. මම ආසම ලස්සනම කතාවක් තියෙන UP Movie එකෙ පින්තූර එක්ක ඔයාගෙ ලියමනේ ආදරේ අහිංසක කම බේරෙනවා!!!

    ReplyDelete
    Replies
    1. ^_^ මගේ අහිංසක ආදරේ,, මම වගේමයි........ හලේ...... ශම්මි... :*

      Delete
  12. දත නැති එක තමයි අවුල!

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා මේ වෙලාවට තමයි මට හිතෙන්නෙ බොට දත් ඇන්දම බඩට යන්න දෙන්න.. :P

      Delete
  13. පාළු දැනෙයි.... පාළු දැනෙයි..... ;)
    නිර්මානේ ලස්සනයි......

    ReplyDelete
  14. මේක කියවද්දි පුංචි දුකක් හිතට ආව ශම්මියො.. මාත් කාලයක් කෙනෙක්ට වදයක් වුන හැටි මතක් වුනා.. ඒවා නම් දැන් නොමැකෙන මතක වෙලා ඉවරයිනෙ..

    මොනවා වුනත් ලස්සන නිර්මාණයක්.. මේක සිරා සිද්දියක් ගැනද විස්තර කරන්නෙ?? මොන ප්‍රශ්නෙ ආවත් ඒක කාලයට භාර දෙන්න.. කාලය හැමදෙයක්ම විසඳනවා.. අත්දැකීමෙන් කියන්නෙ :)

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි සචින්.. !!

      Delete
  15. හ්ම්ම් හ්ම්ම්... ගති පින්තූර ටික......

    ReplyDelete
  16. ඉන්නකොට මල වදයක්
    නැති කොට හිසරදයක්.................. කවුද ?

    ReplyDelete
    Replies
    1. උයා වෙන්න ඇති .. :D :P

      Delete
  17. ඔබ කියනවානම් ඈතක යන්නම්
    මෙතුවක් නොදැන සිටියෙමි
    මා ඔබේ සැනසීම නැති කල වග
    කෙසේ නමුදු මා ජීවිතේ සැනසීම
    ඔබේ දෑස් තුළ සඟවන්න
    මා පැතූ පැතුම්
    ජීවිතයම නුඹේ නමට සින්න කර
    විඳි වේදනා නුඹ දනී නම්
    දුකක් නෑ... පාළුවක් නෑ...
    මං යන්නම්
    කඳුළු පිරි දෙනෙතින්
    එපා යලිත් මා ජීවිතයට ලංවෙන්න
    මට පුරුදු නෑ සතුට විඳගන්න දුක මිසක
    ඔබේ ලොවේ ඔබ හිනැහෙනු මැන
    මල් කිරුළු දරාගෙන
    මගේ ලොවේ මා තනිවෙන්නම්
    නුඹේ සුවඳ මවාගෙන
    ඉතිං යන්නම්....
    යන්නම යන්නම්......

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා බොලව් ඇස් දෙකටම.. :(

      Delete
  18. ඉහි ඉහි .. හැමදාම එකෙන්ම ගහනව වගේ :P .. කතාවනම් සෝයි

    ReplyDelete
    Replies
    1. ඇ,, මක් කිව්වා??
      හික්, තැන්කූ...!!

      Delete
  19. මොකට මහන්සි උනාද මන්දා..මෙච්චර..?

    ReplyDelete
  20. පින්තූර ටික ලස්සනට ගළපලා තියනවා...

    ReplyDelete
  21. ඔබෙන් තොර ලොවක් නැතැයි සීතුමට
    හිතේ ඉඩක් නෙති බව දැන දැනත්
    තවත් රැදෙන්න , තවත් ඔබ රිදවන්නේ නැ මං
    මට අහිමි වු මුත් , ඔබ සතුටින් නම් හිදින් මා යන්නම්
    දුර ඈතට, නුබට නොදැනෙන්න සිතින් පෙම් කරන්නම්
    මතු බවෙක මා නුබට පෑ ලෙස
    මටත් කෙනෙකු ආදරය කරාවි
    එතෙක් මා තනිවෙන්නම් කිසිවෙකුට නොරිදෙන්න
    සමුගන්නම්

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට වඩා ඔයාගේ කවිය ලස්සනයි වගේ.. :D (Y)

      Delete
  22. මාරයි බන් අක්කේ... සිරා... හරි අමුත්තක් දැනෙනවා මේක දැක්කම..

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?