Saturday, May 11, 2013

අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන්, මගෙන්..




සියල්ලන් සමගම සිනාසෙන්න
කිසිවෙකුටත් වරදක් නොකරන්න
කාහටත් නොරිදවන්න

ධර්මයෙන් ජීවත් වන්න
සෑම විටකම සතුටින් ඉන්න
අනන්‍යයන්ටද සතුට පතුරවන්න
කියා ඔවදන් දුන්නෙ ඔබයි අම්මා මගේ දයාබර..

අප්‍රතිහත ධෛරය හා නොපසුබස්නා උස්සාහය තුළින්
තම ඉලක්ක කරා ළගා විය හැකි බව කියා දුන්නෙ ඔබයි මට..

සතුරාට වුවත් අපව අවශ්‍යය වූ විට සත්කාර කළ යුතු බව පවසා
මා තුළ ගුණධර්ම දියුණු කෙරුවේ ඔබයි..

ගසක් නම් හදුනාගත හැකි වන්නේ
එය ලබා දෙන ඵලයෙනි...
මිනිසෙකු නම් හදුනාගතහැකි වන්නෙ ඔහුගේ ගතිගුණ හා ක්‍රියාවෙනි
යන්න, මා හට වටහා දුන් මගේ ආදරණීය අම්මා ඔබයි..

අම්මයි චූටි ශම්මියි ^_^


68 comments:

  1. සම්මියගේ තෙල් රහිත මූනද මන්දා අම්මට තියෙන්නේ....

    ReplyDelete
  2. තරියා සමඟ එකඟ වෙමි ..... නිර්මානෙ නං පට්ට

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් බොලාලට :P

      Delete
  3. ලස්සනයි කවි පද ටික ශම්මි.
    දැන් අම්මට කොහොමද ශම්මි.
    ගෙදර ආවද ටිකට් කපලා.


    ශම්මිගේ අම්මට ඉක්මන් සුවය පතනවා...!

    ReplyDelete
    Replies
    1. ඔව් සහන්,, පෙරේදා එක්කන් ආවේ,, දැන්නම් ටිකක් හොදයි,, :) ස්තූතියි ඇහුවට..

      Delete
  4. ශම්මි කෙල්ලේ අම්මා උඹටත් වඩා ලස්සනයිනේ ඒ කාලේ.. මෙහෙම කිවුවට තරහා වෙන්න එපා.. ඔබටත් මවටත් පියාටත් වාසනාවන්ත අනාගතයක් වේවා.. නම නොකිවුවට අර එන්න ඉන්න මලයටත් එක්කම තමා.

    ReplyDelete
    Replies
    1. හිකිස්,, අම්මා අදටත් මට වඩා ලස්සනයි අංකල්,, :D ^_^ තැන්කූ,, ම්ම්ම්,, තැන්කූ තැන්කූ... ^_^ ආආ ඔව්.. අර උන්නැහේ වගේ කෙනෙක් හම්බවෙන්න අපිටත් වාසනාවක් තියනෝ..

      Delete
    2. නේද නලින් මේකිත් දැන් කැත උනාට ඉස්සර පොඩිකාලේ ලස්සනට ඉදලා

      Delete
    3. hak :P අදේ ඔව් ඇ. :D තූති කාලේ මම ලස්සනයි.. ^_^

      Delete
  5. චූටි ශම්මීගේ මූන ලොකු ශම්මි පොඩි කාලේ වගේය..

    ReplyDelete
    Replies
    1. මොකෝ ශම්මි අම්මට? කුමක් නමුත් ඉක්මන් සුවය පතනව..

      Delete
    2. පන්හිඳ අදමයි නේද ආවේ?? සාදරයෙන් පිළිගන්නවා ඔයාව,,

      හෙහ් හෙහ්, ඔව්නි,, මම චූටි කාලේ වගේ තමයි චූටි ශම්මියා ^_^

      අම්මට ඔපරේෂන් එක්ක කරලා :) දැන් නම් හොදයි.. ස්තූතියි ඔයාට..

      ජය!!

      Delete
    3. හී හී නෑ නෑ කලිනුත් ආවා.. අදහසක් දැම්මේ ඊයේ.. මුලින්ම.. පන්හිදට අවිත් යන්න එන්න.. :)

      Delete
    4. :D හරී...................................

      Delete
  6. අහ්..අම්මට තියෙන්නේ මේ උන්දැගේ මූණම නොවෙන්නම්!!! අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.. මේ වගෙ ගෝත කරුම දුවෙක් ලැබුණට වඩා කණගාටුවක් ඉතින් අම්මට තියෙන්න විදියක් නෑනේ..)))

    ReplyDelete
    Replies
    1. අනේ පැ යන්න නංගි.. :P
      තැන්කූ ඇ.. :D

      Delete
  7. ශහ්හ්හ්හ්හ්, අම්මා හරිම ලස්සනයිනෙ. :D දූ වගේමයි!! ;)

    කවි පෙලත් අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. හිහිහි,, තැන්කූ තැන්කූ හිතුවෝ......

      Delete
  8. අම්ම දූට වඩා ලස්සනයිද මන්දා..

    :පී

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්,, ඔව් අනේ,, සිරාවටම ඔව්,, අදටත් එයා ලස්සනයි මට වඩා ^_^

      Delete
  9. මටත් හිතුනෙ අම්ම දූට වඩා ලස්සනයි කියලා... :P

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒක ඇත්තනේ බොලව්,, අපේ අම්මා සුදු............යි,, ලස්සනයි.. ^_^

      Delete
  10. අම්ම තරම් අපිට ආදරේ වෙන කිසිම කෙනෙක් නැහැනේ මේ ලෝකේ ,මතක් වෙනකොට හරිම දුකයි ඇත්තටම .

    ReplyDelete
    Replies
    1. :) මට නම් අම්මයි තාත්තයි දෙන්නම.. ^_^

      ම්ම්ම්,, හ්ම්ම්ම්

      Delete
  11. හැම අම්මාම මෙහෙම තමයි අක්කේ. මේක හරියටම මගේ අම්මා ගැන මම කියන්න ඕන කතාවමයි.

    ReplyDelete
  12. ශම්මියට වඩා නම් අම්මා ලස්සනයි වගේ..... ;)
    අම්මට ඉක්මන් සුවය පතනවා....!!

    ReplyDelete
    Replies
    1. හික්ස්,, ඔව් ඔව්,,
      ස්තුතියි සමනළි.. :)

      Delete
  13. අම්මාවරුන් ගැන කථා කිරීමට දිනයක් අවශ්‍ය නැත...බටහිර උන්ට කෙසේ වෙතත් අම්මා ගැන කියන්නට ශ්‍රීලාංකික අපට දවස් 365 ක්ම තිබේ. බොට වඩා අම්මා කෙල්ල කාලයේ ලස්සන යැයි මට සිතේ...එසේ කියූ පමණින් බොලා මා සමග අමනාප වෙන්න කාරි නෑ ඔන්න...

    ReplyDelete
    Replies
    1. මේ ක්මෙන්ටුව කොට තියන විදියට මම කැමතියි යැයි මට සිතේ,, යස්,, අපේ අම්මා මම වගේ නෙවේය,, මම තාත්තාගේ පාටය, අපෙ අම්මා සුදුය, හෙනම ලස්සනයි, මට අමනාප වෙන්නට දෙයක් නැත,, ආඩම්බර විය යුතුය,, මගේ අම්මා ලස්සනය ^_^

      Delete
  14. සිරියාවන්ත අම්ම කෙනෙක්..!
    හරිම අහිංසක මුනක් තියෙන්නෙ.

    අම්මට සුවයි නේද නංගි..!

    ReplyDelete
    Replies
    1. ^_^ තැන්ක්‍යු...............!!!

      ඔව්,, ටිකක් සනීපයි දැන්,, තවම ඒත් හොදටම හොද නෑ,, තව මාස 5,6ක් යයි හොදටම හොද වෙන්න .. :)

      Delete
    2. මොකක්ද නගේ අසනීපය..මා ඒ ගැන දැන සිටියේ නැත...ඉක්මන් සුවය පතමි..එතෙක් කුස්සියේ අධිපතීත්වය ඇත්තේ ඔබ භාරයේද ?

      Delete
    3. ඔපෂෙන් එක්ක කරලා අය්යණ්ඩි, දවස් 10ක් විතර හොස්පිටල් හිටියා,, ඔව් ඔව්,, කුස්සියේ නෙවෙයි මුළු ගෙදරම දැන් මගේ.. :D

      Delete
  15. සිස්.... අම්ම දුවයි මාරු උනානං නියමයි... සිරා කියන්නේ... මම බෝලාගේ අම්මව කවදාහරි හම්බුවෙලා කතා කරනවා.. හැබැයි ඒ වෙලාවට මේක කියන එක කියනවා...

    ReplyDelete
    Replies
    1. ඔච්චර වුමනාවක් තිබ්බා නම් මම එදා සයිබර් ෆෙස්ටිව්ල එක ඉවරවෙලා හිටිය වෙලාවේ බොට අපෙ අම්මව මුණගස්සනවනේ බොලව්.. :P

      Delete
  16. මෙකි ඒ කාලෙත් වලි කෙක්කද දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. සිරාවටම ඔව්ලු ඇ,, මගේ මූණු පොතේ පොටෝ වගයක් දාලා තීනෝ තූති කාලේ වෙලාවක බලන්ටකෝ.. :P :D

      Delete
  17. දිනේකට විතරක් ඔය ආදරේ ඉතිරි කරන්න එපා ....හැමදාම තියාගන්න

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්,, ඔව්,, අනිවාර්යෙන්ම,, දිනේකට සීමා කරන්න බෑ ආදරේ.. :)

      Delete
  18. ලස්සන පද ටික. අම්මා ගැන කියද්දී මට තදින්ම දැනෙන සින්දුවක් මතක් උනා. "මුළු සංසාරේ....මේ ජීවනයේ.."

    මේ ඒක අහන ගමන්.

    ReplyDelete
    Replies
    1. ආ ඔව්,, ලස්සන සිංදුවක් මමත් ආස කරන, ජෝතිපාල මහත්මයාගේ නෙ?

      Delete
  19. ශම්මියව බුකියේ දැකලා තියෙන හන්දා මාත් කියන්නම් අම්මා ශම්මිට වැඩිය ලස්සනයි කියලා..

    ReplyDelete
  20. ලස්සනයි පද ටික ..
    අම්මානම් ශම්මිටත් වඩා ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්,, ඔයා ලස්සනයි මට වඩා.. ^_^

      Delete
    2. ඔයා නෙවෙයි එයා,, :/

      Delete
  21. මොනව කියන්නද... කවි ටික ගොඩාක් ලස්සන්යි.... අනික තමා අම්මල හැමදාම ගොඩාක් ලස්සනට ඉන්නව......

    ReplyDelete
  22. ශම්මි ගෙ අම්මට ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා.

    ලස්සන අදහස් ටිකක් ශම්මි

    ReplyDelete
    Replies
    1. ස්තූතිය සසිනි... !!

      Delete
  23. සියළු අම්මාවරුන්ට මාගේ ප්‍රණාමය........

    කවිපෙල නම් අපූරුයි අම්ම කෙල්ලත් හරිම ලස්සනයි ශම්මියේ.....

    ReplyDelete
    Replies
    1. හිහි, ඔව්නි අපේ අම්මා සස්සනයි .. ^_^ තැන්කූ අක්කෝ...!

      Delete
  24. හා හා පොඩි කාලේ..දාන්න පොස්ට් ගැන කල්පනා කරනවද දන්නේ නෑ.

    සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා

    ReplyDelete
  25. සොරි වෙන්න ඕනෙ පරක්කු වුන එක ගැන.. මට නම් මව්වරුන්ගෙ දිනේ මතක තිබ්බෙ නෑනෙ හලෝ.. මට පුදුම විදිහට අමතක වෙනවා..

    ඉතාම හොඳ නිර්මාණයක්.. හදවතටම දැනුනා මේක.. මටත් මගේ අම්මව මතක් වුනා..

    මේ නිර්මාණය සියලු මව්වරුන්ටත් ඔබලා වැනි දරුවන්ටත් උපහාරයක්ම වේවා..!!!!!!!! :ඩී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සචින්.....!!!! :)

      Delete
  26. අම්මට ඉක්මන් සුව පතනවා
    ඇයි මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. අම්මට ඔපරේෂන් එකක් කරානේ නිශාන් :(
      ස්තූතියි

      Delete
  27. අනේ ශම්මි මල්ලියෝ මම ඔන්න ඔයාගේ බ්ලොග් එකට ඇවිල්ලා ඔයා පල කරලා තියෙන ලිපි කියෙව්වා. හරිම ලස්සනයි. මමත් බ්ලොග් එකක් ලියනවා. මම කියන්නේ නැහැ මම ඔයා වගේ ප්‍රවිණ දක්ෂ කෙනෙක් කියලා. මම හරිම ආධුනිකයි බ්ලොග්කරණයට. මට වැඩිය අත්දැකීම් නැහැ. ඔයාට පුලුවන් නම් මගේ බ්ලොග් එකට ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් කරලා මගේ වැරදි අඩුපාඩු පෙන්වලා දෙන්න..

    ReplyDelete
    Replies
    1. පළවෙනිම වැදගත්ම කාරණේ අක්කෝ මම මල්ලියෙක් නෙවෙයි, :P නංගියෙක්,, ඔයා ආයේ පෝස්ට් එකක් දැම්මාම ඇවිත් යන්න එන්නම්කෝ... :) අනිවාර්යයෙන්ම

      Delete
  28. අම්මාගේ ආදරේ වෙන කිසිම දේකට සමාන කරන්න බෑනේ ශම්මි. ඔයාගෙ අම්මා නම් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. :D ^_^ තැන්කූ සිතූ......!!

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දෙමාපියන්ට ආදරේ නැති දූලා ඉන්න කාලේ.... චුටි ශම්මි වගේ අය ඉන්න එක ආඩම්බරයි.. මෙවන් නිර්මාණ කිරිමට චුටි ශම්මිට ඔවුගේ අශිර්වාදය ලැබෙනවා නිසැකයි..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?