Wednesday, April 17, 2013

දවසක් ඒවී..



උවත් එය මීදුමෙන් පිරි කදු පිරුණු පරිසරයක්
කොළ පාට වට පිටාව සිලි සිලි හඩින් සුළගට සැලෙන
දැනුනත් සීතලක් ඇගම හිරිවට්ටවන...
ගොඩාක් පාළු හිතේවි මට


නුඹ නැතිව මගේ ළග
නුවරඑළි ග්‍රෙගරි වැව රවුමෙ
ඇවිද යන්න ඔය අතේ එල්ලීගෙන
හරි ආසාවක් තියනවා හිත පුරාම
තවමත් මට ඉටු කරගන්නට බැරිව
ඈත පේන කඳු පේළි දිහා බලාගෙන
හවස වෙලාවක උණු උණු තේ එකක් බොන්න
දෙන්නත් එක්ක කවදා නම් පුළුවන් වේවිද
තද මීදුම තියන දවසක
රණ්ඩු කර කර 
තරහා වෙවී යාළු වෙන්න 
දවසක් ඒවි
පොඩි එවුන් දෙන්නෙක් වගේ 
පේරාදෙණි මල්වත්තෙ
සංගිලි පාලමේ හයියෙන් හිනා වෙවී ඇවිදින්න
මහ හඩින් රැල්ළ ගහන මුහුදු වෙරලක
ක්ෂිතිජය දිහා බලාගෙන ඉන්න
දවසක් එනකම් ඉන්නවා මම 
මේ හැමදේම හැබෑ වෙන.. 


කාලෙකට පස්සෙ යන්තම් කවියක් ලියාගත්තා,, හික්, බ්ලොග් එක ලියවෙන්නෙත් නෑනේ.. ඒකත් සුට්ටිත්තක් අප්ඩේට් කොරන්ට එපැයි නේහ්.. :D

ආ කියන්න බැරි වුනානේ... ඒනම් මමත් කැමරාවක් ගත්තා ඇ,, අයිලාෂ් අයියණ්ඩියා,පණු අක්කියා එහෙම තව දන්න අය ඉන්නෝ නම් පොටෝ ටික බලලා  වැරදි ඒම තිය නම් කියන්ට.. 




 මේ ටික නම් සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ගත්තු ඒවා..














මේ තීන්නේ අලුත් කැමරාවෙන් ගත්තුවා... ^_^




















.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අවසාන වශයෙන් 21 එන කස්ටිය අත් උස්සන්ට... ඉක්කනට.. 

79 comments:

  1. ෆොටෝ ටික නම් පස්ට පට පට ලු ඈ...
    මං නම් එන්නේ නෑ ඔන්න..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ???? ඒ මොකෝ ඒ?? :/ ආයේ නම් කතා කරන්නෑ ඔයා එක්ක.. තරාම තරායි.. හහ්

      Delete
    2. ඒකනේ,, බලන්නකෝ.. :(

      Delete
    3. ඔය උඩින් ඉන්න එක්කෙනා මට මං ඉල්ලපු චොකෝ එක දෙන්නේ නෑ කිවුව.. ඒක නිසා නොඑමි.. තවත් කල් තීනවා චොකෝ ඒක ගේනවා නම් එමි

      Delete
    4. හැ,, එර්ර්ර්,, දෙන්නම් දෙන්නම්.. එන්ටකෝ.. :/

      Delete
  2. හෑ අර මක්කද අර ඩයිනෝසරයෙක්? පෝං එකෙං පේන්නෙ ඩයිනෝසරයෙක් වගේ :O

    ReplyDelete
    Replies
    1. ඒ ඉන්නෙ ගෝණෙක් බොලව්.. සැහ්..

      Delete
  3. මෙහෙමයි ළමයා ඔය කියන දවස් ඉතා ඉක්මනින් ඔය දෙන්නට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා එත් හැබැයි අරකා නම් පව්! අපි මෙහම ප්‍රාර්ථනා කරාට ඌ එපෑ කට්ට කන්න!

    ෆොටෝ ගැන කියනවා නම් පට්ට ඈ.සමහර ෆොටෝ වල බොලාගේ යාළුවො එහෙමත් ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. බොට කියන්නෑ මං,, එනවකෝ ඇ,, අල්ලගන්න.. :/

      Delete
    2. අනිවා , උබට තේරෙනවා මචං තත්වේ කොහොමද කියල

      Delete
    3. දුවපිය යන්න.. සැහ්.. ආවා මෙතන..

      Delete
  4. අපරාදේ කියන්න බෑ පොටෝ ටික නම් පස්ට

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ...... තැන්කූ ...... ^_^

      Delete
  5. හිටු මේ බෝට්ටුවේ හුලන් බැහැලා.. ගහගත්තු ගමන් එනවා (හුලන්)

    ReplyDelete
    Replies
    1. ඒ මුන එකකටද එන්නේ?? O.o

      Delete
  6. කවිය ලස්සනයි. ඒකෙන් කියන දේ සැබෑ වුනාම තවත් ලස්සනට තියෙයි :) ෆොටෝ වලින් ටිකක් මං ගත්තා ඈ.. අර රැල්ල ගහන එක ෂෝක්. ගෝනා කාටද :P කියන්නේ. :D

    මොකක් ද කැමරාව ..?

    ReplyDelete
    Replies
    1. හික්,,තැන්කූ අය්යණ්ඩියා,, හිහි හලී........ ඒ රැල්ල ගහන පොටෝ ටික නම් තංගල්ලෙ හරි මාතර හරි,, ගෝණා අනේ.. :P :D

      කැමරාව FujiFilm FineFix S2890

      Delete
  7. 4717 ඉන්නේ මොකෙක්ද ශම්මි ?
    ෆොටෝ නම් හොඳයි නොර්මල් කැමරාවෙන්
    ගත්ත.


    DSLR ගත්ත ටික ගැන කියන්න දේවල් ටිකක් තියේ .
    තමන්ට උපුටා දක්වන්න ඕනේ විශේෂී තැන් වටපිටාවෙන්
    වෙන් කරන්න කැපිලා පෙනෙන විදිහට ..ඒක කරන හැටි
    මේ වෙද්දී ඔයා අල්ලන් ඇත්තේ නේද ..?

    එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ බකස් ගාල ( අනේ
    රත්තරන් හිත නම් රිදවගන්නවා නෙවේ හොඳද ? )
    ගන්න එපා කලාත්මක චායාරූපයක් ගනිද්දී ..
    ඒ ක්‍රමය ගැලපෙන්නේ news flash වලදී ශම්මි ..

    හැම වෙලේම වෙන සුදුසු කෝණයක් තියේද කියල බලන්න .
    නැතිමනම් විතරක් පොලු පාර දෙන්න .හිතන්න ඔයා අර වඳුරාගේ
    පින්තූරේ අරන් තියෙන එක ගැන ..


    i . වඳුරා පැටියා එක්ක හිස් කැලය දිහා බලන් ඉන්න විදිහට
    ගැනීමෙන් පෙන්නන්න පුළුවන් ඒ සත්තු කැලෑ වල ගෙවන
    තනි උන ජීවිතය ගැන .. දරුවෙක් එක්ක මහ කැළේක තනි
    උන අම්මා කෙනෙක්ගේ හැගීමක් ඔතොකොට එන්නේ ..
    නැතුව නිකම්ම නිකන් වඳුරෙක් නෙවේ ..


    ii . වදුරු පැටියගේ ඔලුව අත ගාන වගේ දෙයක closeup එහෙකින්
    පුළුවන් දරු සෙනෙහස ගැන පෙන්නන්න ..

    iii . එක එල්ලේ බලාගෙන ඉන්න ෂොට් එහෙකින් පුළුවන් ඒ සත්තුන්ගේ
    තීක්ෂණ බැල්ම පෙන්නන්න ..

    iv . වේලිච්ච කොළයක් එක අතක , කිහිල්ලේ වඳුරු පැටියා ඉන්න ෂොට්
    එහෙකින් පුළුවන් සමාජයේ තියෙන දුගී ජීවිත ගැන පෙන්නන්න ..

    v . පැටියා එක්ක ඉස්සරහට ලොකු හිස් අවකාශයක් එකතු කිරීමෙන් පුළුවන්
    " මවක් දරුවා සමග ජීවිත ගමන යන හැටි " පෙන්න්නන්න ...

    vi .. වඳුරු අම්මගෙන් ටිකක් ඈතට යමින් ඉන්න පැටියා එක්ක වටපිටාව බොඳ
    කිරීමෙන් පුළුවන් " මවකගෙන් වෙන් වී ජීවිතය අරඹන ඔයා වගේ කෙළි පැටික්කියෝ "
    ගැන පෙන්නන්න ..



    තව ඕන තරම් ක්‍රම වලට ගන්න පුළුවන් ශම්මියෝ.. ඒකයි වෙනස DSLR වල ..
    ඩිංග ඩිංග ඔයා ඉගෙන ගන්නකො .. අයිලෂ් අයියත් ගොඩක් උදව් කරාවි ඔයාට ...

    ReplyDelete
    Replies
    1. :D :D :D :D තැන්කූ සහන්,, හික්,, ඔය පොටෝ ටික ගද්දි මම කැමරාව අරන් දවසයි,, ඔටෝ මූඩ් ගත්තේ,, දැන් නම් ටික ටික අල්ලගෙන යන්නේ,, :D අර ක්ලොස් අප් කරලා ගන්න විදිය ඒම,, ගෙදර ආවම හොයාගත්තෙ,, සූම් කරන්න විතරයි දැනන් හිටියේ,, :D ඊළග සැරේ වැරදි ටික හදන් ආයේ ටික්ක දාන්නම්කෝ.. (Y)

      Delete
    2. @ සහන්

      මල්ලි, Fuji S2890 DSLR එකක් නෙවේ, එක බ්‍රිජ් එකක්.

      Delete
    3. ශම්මි ඒ කමෙන්ට් එක දාද්දි මම කමෙන්ට් එක ගගහ
      හිටියේ අය්යේ ..
      ( ශම්මි at 11:26 PM
      silentsahanApril at 11:33 PM )


      මමත් දැක්කේ පස්සේ මොඩෙල් එක ..

      Delete
    4. මෙතන වලියක්ද?? O.o

      Delete
    5. නෑ නෑ... වලියක් නෙවේ පොඩි ජොලියක්. :D

      Delete
    6. පිස්සුද අනේ ..:P මේ ඒක නෙවේ ශම්මි කමෙන්ට් වල අකුරු
      ලොකු කරන්නකෝ ටිකක් ...

      Delete
    7. O.o සාදිරිසාට කිව යුතුයි.. :D
      කියන්න එපැයි කලින් ඔයාට 40 ඇදිරිය කියලා

      Delete
    8. මට කණ්නාඩි නැතුව අඩි 10 එහා පෙන්නේ නැහැ ..
      දැන් ඉතින් වයසයිනේ අප්පා ...:(

      Delete
    9. හඳ පේනවද?? O.o

      Delete
    10. මට නම් කන්නාඩි නැතිව හිනයක්වත් පෙනෙන්නේ නැත.

      Delete
    11. යකෝ , ෆොන්ට් සයිස් එක වැඩි කරපිය බ්ලොග් පොස්ට් එක ලියද්දි කියල කියන්නේ :/ , එකටත් සෙද්ද මාව අල්ලගන්නේ :/

      Delete

    12. ඇත්තටම මට රෑ අහසේ තරු පේන්නේ නැහැ ..
      මෙච්චර ජීවිත කාලෙටම මම රෑ අහසේ තරු දැක්කේ
      මීට අවුරුදු 3 කට වගේ කලින් ..

      එතකම් දැකලා තිබුණේ නිකන් බොඳ උන බල්බ් වල
      එළි වගේ ...දැන් තමයි හරියටපේන්නේ ...

      @ මං

      මටද කිව්වේ ...? තේරුණේ නම් නැහැ ...ඉන්න කණ්නාඩි දෙක
      දාල බලන්න ...

      Delete
    13. @මං - හරි හරි අනේ.. ^_^

      @සහන් - නෑ නෑ අරයා අර මට කියලා තියෙන්නේ.. ;)

      Delete
  8. හප්පා! මේ සැරේ මේ කැමරාවෙන් බේරෙන්නත් ඕනෙනේ... ;)
    හරි හරි... තේ එකක් බොන දවසට මටත් කියහන්කෝ... මමත් ඒ ළඟ පාත හිටියොත් ( කියන්න බෑනේ... ;) ) "අපිත්" එන්නම් තේ එකට සෙට් වෙන්න! :D

    ReplyDelete
    Replies
    1. හැ,, ඇ කරදරේ,, අපට නිදහසේ ප්ලේන්ටියක්වත් බොන්න දෙන්නැද්ද?? :/ සැහ්,, ඉන්නවකෝ මෙදා සැරේ කැමරාව උස්සන් පස්සෙන්ම එනවා.. :D

      Delete
  9. ෆොටෝ ටික මරු ඈ..

    අපිටනම් අත උස්සන්න වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ මුකෝ,, ආආ,, සට නේද ඉන්නේ නේ..
      අපරාදේ.. :( ඊළග සැරේවත් එන්න බලන්නකෝ..

      Delete
  10. එල එල.. මේ දවස් ටිකේම බ්ලොග් ලියන්නයි එන්නයි බැරි උනා..සමාවෙන්න ඒ ගැන.හැති තරම් ඉක්මනට ආපහු එනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්,, මෙ ටිකේ අපටත් පෝස්ට් දාන්න බැරි වුනා,, ඉක්මනට එන්නකෝ.... පෝස්ට් එකක් එක්ක.. ^_^

      Delete
  11. අමතක උනා.සුබ අළුත් අවුරුද්ක් !

    ReplyDelete
    Replies
    1. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මලයෝ...!!

      Delete
  12. බෑ බෑ අපි 21 එන්නේ නෑ ............. ෆොටෝ ටික මරු ......... කවියත් හොඳයි ...........

    ReplyDelete
    Replies
    1. ආවේ නැතිනම් ඉතින් තරායි ඇ.. :/
      හික්,, තැන්කූ වේවා...!!

      Delete
  13. ශම්මි මේ කැමරාව හොඳයි නේද, ඔයා ගන්න ගිය canon එකට වඩා.

    කැමරා එකට ටිකක් පුරුදු වෙන්න ඕන.

    මමනම් කැමතිම ශම්මි පොඩි එකෙක් වඩාගෙන බැම්ම උඩ ඉඳගෙන ඉන්න ෆොටෝ එකට. :D



    ReplyDelete
    Replies
    1. :O හැ,, :/ මම ළමයි වඩන් නෑ,,
      ඔව් ඔව්,.මේ කැමරාව ෂෝයි... පුරුදු වෙන්න නම් ඕනි තමයි,, ඕය කැමරාව අතට ගත්තු ගමන්ම ඊළග දවසේ ගත්ත පොටෝ ටික.. :D

      Delete
    2. ඇයි නැත්තේ අර පොල් ගහට උඩින් තියෙන ෆොටෝ එකේ පොඩි එකෙක් වඩාගෙන ඉන්නේ ඔයා නේද?

      Delete
    3. නෑ........................ ඒ මම නෙවෙ.. :(

      Delete
    4. මම හිතුවේ ඔයා කියලයි අප්පා.....

      Delete
    5. අදනම් නගාව තරහා ගස්සන්නම්යි හිතෙන්නේ.

      Delete
    6. ඕක මාව දකින කාටත් හිතෙනවා.. :/ හහ්,,

      Delete
    7. ඒ මොකද නගෝ?

      Delete
    8. මට ඉක්කනට තරා යනවනේ ඒකයි :D

      Delete
    9. තරහා ගන්න එපා ඉක්මනට නාකි වෙයි.

      Delete
  14. ෂම්මියෝ කැමරාවේ ෆොටෝ එකකුත් දාන්න.

    ReplyDelete
    Replies
    1. හලී,... මම මේ පෝස්ට් එකේම අන්තිමට දාන්නම්,, ලින්ක් දාන්න දන්නෙ නැහැනේ.. :(

      Delete
    2. http://www.dateks.lv/en/bilde.php?id=54572&prece_id=64091

      http://www.dateks.lv/pic.php?w=1600&h=1200&id=54574

      මේක දෝ.... :)

      Delete
    3. ඔව් ඔව්.... ^_^

      Delete
  15. මම නම් ආසම අර බීච් ෆොටෝස් වලට, අනිත් ඒවත් ලස්සනයි... 21 එන්න වෙන්නෙ නෑලු ඉතින්...

    ReplyDelete
    Replies
    1. අනේ අප්පා,, :/ 21 එන්න බලන්නකෝ...
      හිහි,, ඒ පොටෝ ටිකට මමත් ආසයි.. ^_^

      Delete
  16. පොටෝ ටිකනම් කිරි පැනියි වගේ...

    21 අනිව සෙට් වෙමු....

    ReplyDelete
    Replies
    1. හලී......... ජය වේවා...
      මේ මතක ඇතුව ඇවිත් කතා කරන්න හොදේ.. :D

      Delete
  17. ලොවෙත් ඈ... :)

    ආ එනවකෝ ඔය අටමගල් කැමරාව උස්සන්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හාකෝ හාකෝ....
      බොලාගේ පස්සෙනුත් එනවා කැමරාව උස්සන්..

      Delete
  18. මොකක්ද අර
    "පොඩි උන් දෙන්නෙක් එක්ක
    පේරාදෙණි මල්වත්තෙ
    සන්ගිලි පාලමේ හිනා වෙවී ඇවිදින්න"
    කියලද තියෙන්නෙ?

    4ටෝ ගැන කියන්න මං දන්නෑ,

    21 ගැන ඇහුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇ,, පොඩි එවුන් දෙන්නෙක් එක්ක නෙවෙයි,, පොඩි එවුන් දෙන්නෙක් වගේ.. ^_^

      21 ගැන ඇහෙන්නම ඕනි... ඒ විතරක් නෙවේ එන්නත් ඕනි.. :/

      Delete
  19. එල කිරි පට්ට ඇහැක් තියනවා...අවුරුදු උත්සවේට එන්න බය හිතෙනවා අප්පා දැන් නම්...

    අර තඩි මොනරා ඉපදිලා තියෙන්නේ බිත්තරෙකින්ද අප්පාඅ

    ReplyDelete
    Replies
    1. හක්,, බය නැතුව එන්ටකෝ,, අර රජයි නාඩියා අය්යයි පස්සෙන් යන්න වෙන හින්දා කැමරාව උස්සන්,, බොලා පස්සෙන් එන්ට ඒ තරම්ම වෙලා නැතිවෙයි,, O.o

      ඒක අහපිය මහින්ද මාමගෙන්

      Delete
  20. හීන ඔක්කෝම හැබෑ වේවා...!!!

    ReplyDelete
  21. අර වැඳිරිට මොකක්ද එක අහුඋනා වගේ තියෙයි දැං ඉතිං ?


    කොහොද බොල මේ අපේ ඒරියා එකට ඇවිත්තියෙන්නේ ?

    ඔය තියෙන්නෙ වැලිගම බීච් එකේ දූපතේ පින්තූරයක් නේ ? එච්චර ලඟට ඇවිල්ලත් සීනි කිලෝ දෙකක් අරං අපේ ගෙදරට ආවොත් පවු පිරෙනවද බොට ???

    (21 එන්න කෙනෙක් නෑ... තනියම එන්න පාරවල් දන්නෑ.. ඕනම නම් ඇවිත් එක්කන් යනෝ)

    ReplyDelete
    Replies
    1. හැ,, ඇදෝ මේ ගාල්ල කියන්නෙ තාත්තගෙත් ගම , හහ්,, අපි එන්නෑ ඔයාලා ගෙදර අපිට කන්නවත් දෙන එකක් නෑ,, :/

      මේ පිත්තු කතා කරන්න එපා යසිතයා 21 එනවා හොදද

      Delete
  22. ලස්සන කවියක්... ලස්සන ෆොටෝ ටිකක්...

    ReplyDelete
    Replies
    1. හිහිහි,, තැන්කූ.........!! ^_^

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?